ඉදිරිදර්ශන

“ඇමරිකානු විප්ලව දෙක දරන තැන: අතීතය, වර්තමානය හා අනාගතය” මැයෙන් ජූලි 4වැනිදා පැවති අන්තර්ජාල සාකච්ඡාවේ වැදගත්කම

මෙම ලිපිය ජූලි 6 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදයේ කිංග්ස් කොලෙජ් මහාචාර්ය ටොම් මැකනන් හා ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෙහෙය වන ලද, ඇමරිකානු විප්ලව දෙක දරන තැන - අතීතය, වර්තමානය හා අනාගතය යන සාකච්ඡාව චිත්තාකර්ෂනීය, සිතිවිලි ජනනය කරන අත්දැකීමක් විය. (සම්පූර්න වීඩියෝව මෙතැනින් නැරඹීමට හැකිය.)

ඇමරිකානු විප්ලව දෙක දරන තැන : අතීතය, වර්තමානය හා අනාගතය

සාකච්ඡාව රටවල් 72ක විශාල ජාත්‍යන්තර ප්‍රේක්ෂක සමූහයක් ආකර්ක්ෂනය කර ගත්තේ ය. එය ආසන්න වසයෙන් පුද්ගලයෝ 3000ක් සජීවි ව ද , සිද්ධිය යූටියුබ් හා අනෙකුත් සමාජ ජාලයන් හි පල කිරීමෙන් පසු, පැය 24 තුල තවත් දහස් ගනනක් ද නැරඹූහ. මෙය සනාත කරන්නේ ‌ඓතිහාසික ප්‍රශ්න හා සමකාලීන ගැටලුවලට ඒ්වායේ ඇති සම්බන්ධතාව පිලිබඳ අතිමහත් උත්සුකය යි

අවංක හා ඍජු ආකාරයකින් මෙම සිදුවීම ආමන්ත්‍රනය කලේ, ඕනෑම වෛෂයික නිරීක්ෂකයෙකු විසින් ඇමරිකානු සහ ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වඩාත් බලගතු මෙන් ම පීඩාකාරී කරුනු කිහිපයකි. ඒ්වාට, නිදහස් ප්‍රකාශනයේ බුද්ධිමය හා සමාජීය බලපෑම, තෝමස් ජෙෆර්සන්, ඒබ්‍රහම් ලින්කන් සහ ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් වැනි පුද්ගලයින් විසින් ඉටු කරන ලද කාර්යභාරය, ඇමරිකානු සිවිල් යුද්ධයේ ජාත්‍යන්තර බලපෑම, වර්තමාන ‌ඓතිහාසික ලේඛනයේ “විප්ලවය” හා “පන්තිය” යන සංකල්ප තිබීම හෝ නො තිබීම, ඇමරිකානු විප්ලව දෙකට එල්ල වෙමින් පවතින ප්‍රහාර සහ බිහිසුනු කොවිඩ් 19 වසංගතයෙන් ගැඹුරු වී නරක අතට හැරී ඇති, වර්තමාන සමාජ අසමානතාවේ උග්‍ර වර්ධනය ඇතුලත් විය.

එය මූලික වශයෙන් එක්සත් ජනපද භූමියේ සිදු වූ සිදුවීම් ආමන්ත්‍රනය කල අතර, සාකච්ඡාවට ඒ පිලිබඳව පටු හෝ ප්‍රාදේශීය කිසිවක් නො තිබුනි. ජාතිකවාදය, වර්ගය හා වාර්ගික වශයෙන් පදනම් වූ දේශපාලනය ඇතුලු සලකා බැලුන  සියලු වැදගත් කරුනු ජාත්‍යන්තර ඒ්වා විය. එපමනක් නො ව, ලෝක සිදුවීම් තුල  ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අතිමහත් භූමිකාව සලකා බැලීමේ දී, මෙම විප්ලවවාදී ඉතිහාසය ගෝලීය ප්‍රේක්ෂකයින්ට විශාල උත්සුකයක් විය යුතු ව තිබුනි. සැබවින් ම එය එසේ විය. ජනාවාස වූ සෑම මහාද්වීපයක ම නරඹන්නෝ කන්ඩායම් සාකච්ඡාවට සවන් දුන්හ.

සාකච්ඡාව හඳුන්වා දුන් ඩේවිඩ් නෝර්ත්, ‌ඓතිහාසික කාරනා වර්තමාන උත්සුකයන්ගෙන් වෙන් කල හැකි හෝ වෙන් කල යුතු යැයි මවා පෑමෙන් කිසිදු ඵලක් නැත යන කාරනය සැලකිල්ලට ගත්තේ ය. එහෙත්, ඔහු මෙසේ තර්ක කලේය:

ඉතිහාසයට, ඉතිහාසය ලෙස, තම හිමිකම් ඇත. කෙසේ වෙතත් යමෙකුට අතීතය අර්ථ නිරූපනය කල හැකි වුව ද, කෙනෙකුගේ තර්කවල සත්‍ය කරුනු පදනම් කර ගනිමින් ප්‍රතිපත්තිමය සැලකිල්ලක් මත අර්ථ නිරූපනයන් පදනම් කර ගැනීමට බැරෑරුම් උත්සාහයක් දැරිය යුතු ය. කරුනු මත පදනම් නො කෙරෙන ඉතිහාසයේ “අනුවාදයක” බුද්ධිමය වටිනාකමක් නැත. දැනුවත්  විකෘති කිරීම හෝ ‌ඓතිහාසික වාර්තාව සම්පූර්නයෙන් මුසාකරනය කිරීම මත පදනම් වූ එකක් ගැන කියනුම‍කවරේ ද.

පලමු හා දෙවන ඇමරිකානු විප්ලවයන්ගේ උරුමයට සහ ඒ්වාට නායකත්වය දුන් අයට එල්ල වන වර්තමාන ප‍්‍රහාර ගැන සඳහන් කරමින් නෝර්ත් මෙසේ පැවසී ය, “ඇමරිකානු විප්ලවය පැරදී තිබුනේ නම් හා ඒබ්‍රහම් ලින්කන් කිසිදා ඉපදී නො සිටියේ නම් ලෝකය වඩා හොඳ තැනක් වනු ඇතැයි යන නිගමනයට එලඹීමේ ඇඟවුම් ගැන මා උත්සුක විය යුතුය.

ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිමය රාමුව තුල තීරනාත්මක ‌ඓතිහාසික කරුනු විමසා බලන ලදී.

විලියම් ට්‍රෙගෝ විසින් සිතුවම් කරන ලද "ද මාර්ච් ටු වැලි ෆෝර්ජ්" (1883) - ෆිලඩෙල්ෆියා හි ඇමරිකානු විප්ලවයේ කෞතුකාගාරයේ එකතුවෙන් එකකි.

බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම්මානනීය මහාචාර්යවරයකු හා සමූහාන්ඩුවේ නිර්මානය (The Creation of the Republic), ඇමරිකානු විප්ලවයේ රැඩිකල්වාදය (The Radicalism of the American Revolution) හා නිදහසේ අධිරාජ්‍යය (Empire of Liberty) ඇතුලු බොහෝ කෘතිවල කතුවරයා වන ගෝර්ඩන් වුඩ් සාකච්ඡාව මුල දී, මානව නිදහසේ ප්‍රකාශයේ සමානාත්මතාව ඉල්ලා සිටීමේ ඇඟවුම් පෙන්වා දුන්නේ ය. 

වැඩි කල් යන්නට මත්තෙන්, මිනිසුන් ඒවා තෝරා ගෙන ඒ්වා, විශේෂයෙන් “සමානාත්මතාව” යන වචනය භාවිතා කල විට, එම වචන කෙතරම් වැදගත් වනු ඇති දැයි  … එහි කතුවරුන් තේරුම් ගත්තේ අල්ප වශයෙන් බව වුඩ් තරයේ කියා සිටියේ ය. සියලුම මිනිස්සු එක හා සමානව නිර්මානය කෙරෙති යි යන  අදහස, ඇමරිකානු ජීවිතයේ හා සමහර විට ලෝකයේ බලවත්ම බලවේගයයි ... බොහෝ අය සිතුවේ මෙය ලෝක ඉතිහාසයේ විශිෂ්ට අවස්ථාවක් බව යි. 

සන්ධානයට (Confederacy) විරුද්ධ වූ ද, එමෙන් ම බොහෝ අවස්ථාවල දී සංගමය (Union)වෙනුවෙන් සටන් කලා වූ ද දකුනු දිග සංගම්වාදීහු, බුද්ධිප්‍රබෝධය හා නිදහසේ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති දිගුකල් පවතින බව නිගමනය කලහ යි ටෙක්සාස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඉතිහාසයේ පිලිබඳ කීර්තිමත් මහාචාරිනී වික්ටෝරියා බයිනම් පැවසුවා ය. 

ජෝන්ස්ගේ නිදහස් රාජ්‍ය (The Free State of Jones), මිසිසිපියේ දීර්ඝ තම සිවිල් යුද්ධය (Mississippi's Longest Civil War) හා සිවිල් යුද්ධයේ දිගු සෙවනැල්ල: දකුනු විසම්මතිය හා එහි උරුමය (The Long Shadow of the Civil War: Southern Dissent and Its Legacies) යන කෘතිවල කතුවරිය ද වන ඇය මෙසේ අදහස් දැක්වූවා ය.

සිවිල් යුද්ධයේ  අවසන්  වසරවල, සැමවිට ම දකුනේ සිත් තුල,  ඇමරිකානු විප්ලවය හැමවිටම ප්‍රමුඛ තැනක් ගෙන තිබූ බව මම සොයා ගත්තා.

තෝමස් ජෙෆර්සන් කෙරෙහි ඒ්බ්‍රහම් ලින්කන්ගේ ආකල්පය ගැන අසන ලදුව, ෂෙෆීල්ඩ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවල වසර ගනනාවක් මහාචාර්යවරයෙකු වන හා ලින්කන්: අරමුනේ හා බලයේ ජීවිතයක් (Lincoln: A Life of Purpose and Power) නම්  ලින්කන් ත්‍යාගලාභී චරිතාපදානයේ කතුවර රිචඩ් කවර්ඩයින් ප්‍රකාශ කලේ, ජෙෆර්සන් ආරක්ෂා කල කෘෂිකාර්මික පිලිවෙත හෝ ඔහු අයිති වූ වහල් හිමියන්ගේ පන්තිය කෙරෙහි ලින්කන්ට ප්‍රසාදයක් නො වූ බව යි. “ජෙෆර්සන්  පිලිබඳ ලින්කන්ගේ දෘෂ්ටිය වූයේ, ගෞරවයට පාත්‍ර වූ නිදහසේ ප්‍රකාශනය පිලිබඳ ඔහුගේ දෘෂ්ටියෙන්, ජෙෆර්සන් නම් මිනිසා වෙන් කල යුතු බව යි.” මෙම ප්‍රකාශය “1854 සිට 1860 දක්වා කාලය තුල ලින්කන්ගේ දේශපාලන ජීවිතයට අතිශයින්ම කේන්ද්‍රීය වූ බව ඔහු අවධාරනය කලේ ය. ඔහු ජනාධිපති වීමෙන් පසු ලින්කන් උත්සාහ කලේ, “මහජන මතය ප්‍රකාශනයේ මූලධර්ම කෙරෙහි යොමු කිරීමටයි. ඇත්ත වශයෙන්ම, ඊට පසු ඔහු 1863 නොවැම්බරයේ ගෙටිස්බර්ග්හි (කෙටි දේශනයේ) දී එය විශිෂ්ට ලෙස ඉටු කලේ ය.”

ඔහුගේ පලමු අදහස් දැක්වීමේ දී, නිව් යෝක් නගර විශ්ව විද්‍යාලයේ උපාධි මධ්‍යස්ථානයේ කීර්තිමත් මහාචාර්යවරයකු හා ලින්කන් ත්‍යාගලාභී,  රැඩිකල් හා රිපබ්ලිකානුවා: ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්, ඒ් බ්‍රහම් ලින්කන්, හා වහල් විරෝධී දේශපාලනයේ ජයග්‍රහනය, (The Radical and the Republican: Frederick Douglass, Abraham Lincoln, and the Triumph of Antislavery Politics) හා නිදහස් ජාතිය: එක්සත් ජනපදය තුල වහල් භාවය විනාස කිරීම,1861-1865 (Freedom National: The Destruction of Slavery in the United States, 1861-1865) නම් පොත්වල කතුවරයා වන, ජේම්ස් ඕක්ස් පෙන්වා දුන්නේ, ඇමරිකානු විප්ලවය එහි දෘශ්‍යමාන වන තුරු වහල් සේවය තුරන් කිරීමේ සංවිධානගත ව්‍යාපරයක් හා එය (විප්ලවය ) සිවිල් යුද්ධයේ දි මුදුන්පත්  වූ වසර 88ක අරගලය ආරම්භ නො වූ බව යි.

මූලික මිනිස් සමානාත්මතාව හා ප්‍රකාශනය පිලිබඳ මූලධර්මය වෙත නිරන්තරයෙන් යොමු නො වී, එම ව්‍යාපාරය සාධාරනීකරනය කිරීමට හැකි වී ඇත්තේ කෙසේ දැයි මට සිතා ගැනීම දුෂ්කරයි, නිසැකව ම ඒබ්‍රහම් ලින්කන් එය සාධාරනීකරනය කිරීම සිතා ගැනීම අපහසුයි.

මහාචාර්ය වුඩ් පසුව, බුද්ධිප්‍රබෝධයේ ප්‍රතිවිපාක පිලිබඳව හා “නූතනත්වයේ ආරම්භය” ගැන අදහස් දැක්වී ය.

ඉතින් මේ සියල්ලම, මෙම විප්ලව දෙක සම්බන්ධ කරන මෙම ශ්‍රේෂ්ඨ කතාවේ කොටසක්. සිවිල් යුද්ධයේ දී  උතුර ලැබූ ජයග්‍රහනය ඇමරිකානු විප්ලවයේ කූඨප්‍රාප්තිය බවට මට කිසිදු සැකයක් නෑ.

ස්ටැන්ෆර්ඩ් සරසවියේ ඇමරිකානු ඉතිහාසය පිලිබඳ මහාචාර්ය සහ කනිෂ්ඨ මාටින් ලූතර් කිං  ලිපිවල    කතෘ මෙන් ම කනිෂ්ඨ මාටින් ලූතර් කිං  පර්යේෂන හා අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ  ක්ලේබෝර්න් කාසන්, ශ්‍රේෂ්ට (වහල් සේවයේ) අහෝසිකිරීම්වාදී (abolitionist) ෆ්‍රෙඩ්රික් ඩග්ලස්  හා 1852 ජූලි 5වැනිදා ඔහු පැවත් වූ “ජුලි හතරවැනිදා වහලුන්ට කෙසේ ද?” නම් ප්‍රසිද්ධ කතාව අවධානයට ලක් කලේ ය.

එම දේශනයේ දී ඩග්ලස් තමන් ද නිදහස් ප්‍රකාශය සැමරූ බව පැහැදිලි කල නමුත්,  බොහෝ දෙනෙකු  සුදු ජාතිකයින්  වූ තම ප්‍රේක්ෂකයින්ගෙන්, කාර්සන්ගේ වචනවලින් ඔහු මෙසේ ඇසුවේ ය, “ඔබ නිර්මානය කල මෙම ලේඛනයේ තේරුම කුමක් ද, ඔබ  නිර්මානය කර ඇති සමානාත්මතාවේ මෙම මූලධර්මය කුමක් ද?” ඉන්පසු ඔහු “මේ ජාතිය එම මූලධර්මයන්ට අනුකූලව ජීවත් වී නැතැ යි යන  යථාර්ථය… ” පිලිබඳ විනාශකාරී සිතුවමක්  ගෙනහැර දැක්වීය.

කාර්සන් තවදුරටත් මෙසේ පැවසී ය,

සමහර විට අපට දින දෙකක නිවාඩුවක් අවශ්‍ය වෙනවා - ඉන් එකක් ප්‍රකාශය සැමරීම සඳහා ජූලි 4 වන දින, පසුව ජූලි 5, එදින සිදු වී ඇති දේ විවේචනය කරමු… අප එම ප්‍රකාශයට එකඟව ජීවත් වූවාද නැද්ද යන්න ගැන.

“නිදහසේ ප්‍රකාශනයේ වචන හා යථාර්ථය අතර ඇති නො ගැලපීම” සම්බන්ධයෙන් මහාචාර්ය ඕක්ස් මෙසේ අදහස් දැක්වීය. ලින්කන් එකී ලේඛනය සැලකුවේ, “යථාර්ථය පිලිබඳ විස්තරයක් ලෙස නො ව (නමුත්) අභිලාෂයක් ලෙස යි, අප දරා සිටින්නේ ද අපගේ ම යහපතට අප ඔසවන්නේ ද එම අදහසයි.” 

මහාචාර්ය කාර්සන් අදහස් දක්වමින් ඕනෑ ම “ශ්‍රේෂ්ට වෙනසක් සිදුවන කාලයක… ප්‍රතිඵල සැමවිටම අවිනිශ්චිත”බව පැවසීය. විමුක්ති ප්‍රකාශනය (Emancipation Proclamation) නිකුත් කිරීමට ටික කලකට පෙර ලින්කන්, දකුනට වහල් සේවය පවත්වා ගැනීමට ඉඩ දීමේ අදහස සලකා බැලූ බවත් “අවසාන වසයෙන් ඔහුගේ ඉලක්කය සංගමය වූ අතර, ඔහුගේ ද්විතීයික ඉලක්කය වුයේ වහල්භාවය අවසන් කිරීම” බවත් ඔහු පැහැදිලි කලේ ය.

සිවිල් යුද්ධයේ ජාත්‍යන්තර බලපෑම පිලිබඳව අදහස් දැක්වීමේ දී මහාචාර්ය කවර්ඩයින් ලින්කන්ගේ ප්‍රකාශය ගැන සඳහන් කලේ, “සෑම තැනකම සිටින සියලු මිනිසුන්ගේ විමුක්තිය දැකීමට ඔහුට අවශ්‍ය වුනා. සිවිල් යුද්ධය යනු සංගමය ආරක්ෂා කිරීම පමනක් නොව, එය එක්තරා ආකාරයක සංගමයක්, සැබවින්ම වහල් විරෝධී  වනු ඇති සංගමයක් ආරක්ෂා කිරීමක් වුනා.”

“ඇමරිකානු සංගමයට ලෝක ඉතිහාසයේ විශේෂ ස්ථානයක් තිබුනා” යැයි ලින්කන් විශ්වාස කල බව කවර්ඩයින් අවධාරනය කලේ ය. බොහෝ රටවල්වලින් පැමිනි සංක්‍රමනිකයන් සංගම් හමුදාව වෙනුවෙන් සටන් කිරීමට අත්සන් තැබුවේ එහි ප්‍රතිඵලය ලෙස ඇමරිකාවට ලැබීමට අපේක්ෂිත දේ හා තමන් පැමිනි රටවලට එයින් ලැබීමට නියමිත දේ නිසා බව කවර්ඩයින්  සිත් කා වදින ලෙස පැහැදිලි කලේ ය.

ලින්කන් මිය යන විට… , තමන්ගෙන් පැහැර ගෙන ඇත්තේ නව ලෝකය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාව (democrat par excellence)  යයි හැඟුනු වැඩිහිටි පුරුෂයන් හා ස්ත්‍රීන්ගේ විස්සෝප වූ වැලපීමක් යුරෝපය පුරා තිබුනා.

විවිධ සහභාගිකරුවෝ සමකාලීන ගැටලු සහ සිදුවීම් පිලිබඳව බර කිරා බැලූහ.

ජේම්ස් ඕක්ස්, ‌“සියලු මානව ඉතිහාසයෙන් විප්ලව මකා දැමීමේ” ඓතිහාසික ලේඛනයේ ප්‍රවනතාව වැදගත් බව පෙන්වා දුන්නේ ය. මෙම ක්‍රියාවලිය දශක ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතින බව ඔහු සඳහන් කලේ ය.

පලමුව… ඉංග්‍රීසි සංශෝධනවාදීහූ ඉංග්‍රීසි විප්ලවයක් නො වූ බව කියා සිටියහ, පසුව ප්‍රංශුවා ෆියුරෙට් (François Furet )  ප්‍රන්ස විප්ලවයක් නො වූ බව පැවසී ය. ස්පාඤ්ඤ - ඇමරිකානු විප්ලව සැබවින්ම යටත් විජිත ප්‍රභූන් අතර සටන් පමනක් සිදුවූ, අතර එය පාලනයෙන් ගිලිහී වහල්භාවය අහෝසි කිරීමට හේතු වූ බව කියන ඉතිහාසඥයෝ  අපට සිටිති.

රුසියානු විප්ලවය ද තුරන්  කෙරෙමින් තිබේ, “එමෙන් ම , ඇමරිකානු විප්ලවයක් නො තිබූ බව අපට පවසන හා සිවිල් යුද්ධය විප්ලවීය පරිවර්තනයක් නො වන බව අපට පවසන, ඉතිහාස ලේඛනයක් අපට තිබේ. එවැනි ප්‍රවනතා “ දේවල් සිදු වූ ආකාරය, දේවල් අහෝසි වූ ආකාරය බැලීමට, අතීතයට පිවිසීමට අපට ඉඩක් නො දෙන අතර එය මා කනස්සල්ලට පත්කරයි” යනුවෙන් ඕක්ස් තර්ක කරයි.

ඇමරිකානු ඉතිහාසයේ වර්ගවාද විරෝධීන් (antiracists) නො සිටි බවත්, කිසි විටෙකත් ප්‍රගතිශීලී ජයග්‍රහන නො ලැබූ බවත් විශ්වාස කිරීමට වර්තමාන පරම්පරාව  මෙහෙය වෙමින් සිටිති යි  ඕක්ස් කනස්සල්ල පල කලේ ය. විප්ලව සැමරීම පමනක් නො ව, “විප්ලවයක් යනු කුමක් ද යන්නත් ඇමරිකානු හා මානව ඉතිහාසයේ විප්ලව එතරම් වැදගත් වන්නේ ඇයි ද යන්නත් වටහා ගැනීම ද” වැදගත් බව ඔහු පැවසී ය.

සාකච්ඡාවේ අවසාන කොටසේ දී වොෂිංටන්, ජෙෆර්සන්, ලින්කන්, යුලිසෙස් එස්. ග්‍රාන්ට් සහ විවිධ අහෝසිකිරීම්වාදීන්ගේ ප්‍රතිමා ඉවත් කිරීමට ගත් උත්සාහයන් පිලිබඳව යම් අවධානයක් යොමු වූ අතර, ඒවා අර්ථ නිරූපනය කිරීමේදී යම් යම් වෙනස්කම් ඇති විය. ඉතිහාසය පිලිබඳ වාර්ගික අර්ථකථනයක පදනම මත එවැනි පුද්ගලයන් බැහැර කිරීම හෝ නින්දා කිරීම වැනි තත්වයක් පිලිබඳව ඔවුන් කනස්සල්ලට පත්ව සිටී දැයි ඩේවිඩ් නෝර්ත් ඉතිහාසඥයින්ගෙන් විමසී ය. "ඇමරිකානු විප්ලවය, ඇමරිකානු සිවිල් යුද්ධය,  පුලුල් ජනතාව කෙරෙහි උනන්දුවක් නොතිබුන වාර්ගික කුමන්ත්‍රන ලෙස සැලකීමට මිනිසුන් පෙලඹුනා  නම් කුමක් සිදුවීමට ඉඩ තිබුනි ද?"

නොර්ත්ට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය කාසන් ප්‍රකාශ කලේ, තමාට ද මෙම උත්සුුකයන් පවතින නමුත් ප්‍රතිමා ඉවත් කිරීම වැනි ක්‍රියා “ ඕනෑ ම විශාල සමාජ ව්‍යාපාරයක් සමඟ ඇති වන කැලඹීම්වල කොටසක්” බව ද “සමහර විට ‌ක්‍රියාවාදයට පසුව ඓතිහාසික අවබෝධය කරා පැමිනෙනු ඇතැ යි මා වඩාත්  බලාපොරොත්තු වෙනවා” යැයි ද පැවසුවේ ය.

කමිටු සාකච්ඡාව නරඹන පුද්ගලයින් ඉතිහාසයේ තවත් විප්ලවීය මොහොතක් කරා ප්‍රගතිශීලී ආකාරයකින් ඉදිරියට යන්නේ කෙසේ ද යන්න පිලිබඳව ඔවුන්ගේ ම තීරන ගනු ඇතැ යි තමා තමා බලාපොරොත්තු වන බව ඔහු පසුව පැවසී ය … “එහි ප්‍රතිපලය පරිපූර්න ලෝකයක් නො ව වඩා හොඳ ලෝකයක් වනු ඇත” 

වික්ටෝරියා බයිනම් ද වර්තමාන මහජන විරෝධතාවන්ට සාපේක්ෂව, “ රාජ්‍ය සමඟ ගත්විට” “ සීමාව ඉක්මවීම්” ගැන සඳහන් කලා ය. ඇය මෙසේ පෙන්වා දුන්නා ය:

වසංගතය නිසැකව ම අපේ සමාජයේ අසමානතාවේ ගැටලු බොහොමයක් හෙලිදරව් කර තිබෙනවා. සමහර අය එයින් බොහෝ පොහොසත් වී තිබෙනවා.  එයින් ඔවුන් මිය යා හැකි තත්වයන්ට සමහර පුද්ගලයින් ඇද දැමීමට  බල කෙරෙමින් තිබෙනවා, එම නිසා සමාජයේ ව්‍යුහය ගැන සෑම කෙනෙකුම වැඩි වැඩියෙන් සිතීමට පෙලඹී තිබෙනවා, ඒ්ක හොඳ දෙයක්. 

පසුව බයිනම්, “ඉතිහාසය තුල පංතිය අවධාරනය කරනු ලබන්නේ අඩුවෙන් හා අඩුවෙන්” බවට ඇගේ උත්සුකය ප්‍රකාශ ක‌ල අතර “ අසමානතාවේ ඇමරිකානු බියකරු සිහිනයක් සමඟ අද අපට සැබවින්ම ඉදිරිපත් කෙ‌රෙන සැබෑ පන්ති විෂමතාවන්” ගැන බලගතු ලෙස සඳහන් කලා ය.

මෙම කෙටි සමාලෝචනයේ දී කල හැක්කේ, සාකච්ඡාවේ ආස්වාදජනක හා සංකීර්න ප්‍රශ්න ගැන, ඉහලම‌ ඓතිහාසික හා සමාජ පර්යාය පිලිබඳ ප්‍රශ්න ගැන, යම් සඳහනක් කිරීම පමනි. සියලුම සහභාගිවන්නන්ගේ ප්‍රවේශය මුලුමනින් ම ප්‍රතිපත්තිගරුක මෙන් ම අවංක විය. පුද්ගල අනන්‍යතාවේ ප්‍රශ්න මත හිර වූ, වර්තමානයේ බහුලව පැවැත්වෙන ශාස්ත්‍රාලික සාකච්ඡාවල නිස්සාරත්වයට පැහදිලි ව අභියෝග කරන අතර, ‌ඓතිහාසික ක්‍රියාදාමයේ සමාජ පන්ති හා විප්ලවයේ කේන්ද්‍රීය බව විවෘතව සාකච්ඡා කෙරෙන මෙවන් රැස්වීම් කොපමන වාරයක් පැවැත්වේද?

මෙම වැදගත් හා කුතුහලය දනවන අදහස් හුවමාරුවේ දී, සෑම ප්‍රශ්නයකට ම එකඟතාවයක් නො තිබුනි, සෑම ප්‍රශ්නයක්ම විසඳී ඇත්තේ ද නැත. මෙය මෙතැන් සිට වර්ධනය හා පුලුල් කල යුතු විවාදයකි.  වැඩි දෙනෙකුගේ කටහඬවල් ඇසිය යුතු ය. ඓතිහාසික විභාගය හා විවේචනය ගැඹුරු වීම පමනක් සිදුවනු ඇත. ඉතිහාසය ගැන සමාව අයැදීමේ හෝ ප්‍රබන්ධ ගෙතීමේ අවම මට්ටමක් හෝ අවශ්‍ය නො වේ. නැවතත්, සියල්ලටත් වඩා, ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සමඟ අවංකභාවය අවශ්‍ය වේ.

සාකච්ඡාව අවසන් කරමින් නෝර්ත් කියා සිටියේ, ජූලි 4 සාකච්ඡාව “විශාල ශුභවාදී බලාපොරොත්තු දල්වන්නක්” බව යි. අලුත් යමක් මතු වෙමින් තිබීම පිලිබඳ අවබෝධයක් හා කන්ඩායම් විවාදය වඩා පලල් ක්‍රියාදාමක පිලිබිඹුවක් වන බව සහභාගී වූවන්ට හා ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කෙරෙනු ඇතැ යි ඔහු අපේක්ෂා කලේ ය. වර්තමාන වසංගතය සහ එහි ප්‍රතිවිපාක වශයෙන් “ජනතාවන් චලනය කරයි.”  ගැඹුරින් වෙනස් වූ තත්වය තුල, “දැවැන්ත  ඓතිහාසික ප්‍රශ්න මතුපිටට කඩාවැදීමට නියමිත අතර, මෙය අප සැමගේ හදවතටම දැනෙන ඉතා ශුභවාදී ආරම්භකත්වයකි. ”  

Loading