ඉතාලි සංගීත රචනාකරු ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ රැඳවුම් කඳවුරුවල රචනා කෙරුනු සංගීතය බේරා ගනියි

[මෙය Italian composer Francesco Lotoro rescues music composed in the concentration camps යන මැයෙන් 2020 ජුලි 21 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

නාසි කඳවුරුවල සිරකරුවන් විසින් රචනය කරන ලද හා ඉදිරිපත් කරන ලද සංගීතය සොයාගෙන පුනස්තාපනය කිරීම සදහා [1964 උපන්] ඉතාලි සංගීත රචනාකරු හා සංගීතඥ ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ විසින් ගෙන යන ලද තිස් වසරක ව්‍යාපාරය නිරූපනය කරන ලද ‘නැති වුණු සංගීතය’ නම් වාර්තා චිත්‍රපටය ඇමරිකන් ටෙලිවිෂන් ප්‍රවෘත්ති සඟරාවේ ‘මිනිත්තු හැට’ නම් වැඩසටහන විසින් මෑත දී ප්‍රචාරය කරනු ලැබීය.

ලොතොරෝගේ ප්‍රයත්නය දැන් චෙක් ජනරජයේ පිහිටා ඇති නාසි රැඳවුම් කඳවුරක් වූ තෙරේසියන්ස්ටාඩ් හි සිරකරුවන් විසින් රචනා කරන ලද සංගීතය ගැන 1988 වසරේ දී දැන ගත් දිනයේ සිට ආරම්භ වුණු අතර, එය ඔහුගේ වැඩිහිටි කාලය පුරාම නොනවත්වා සිදු විය. නාසීන් විසින් ජන සංහාරය සැඟවූමේ උත්සාහය සඳහා පාවිච්චි කරනු ලැබීම හේතුවෙන් තෙරේසියන්ස්ටාඩ් යම් මට්ටමක ඓතිහාසික කුප්‍රකට බවක් ලබා ගත් සිර කඳවුරන් විය. සමහර සිරකරුවන් විසින් හෝ අඩු මට්ටමේ මෘග වධ විඳින ලද ස්ථානය මෙය වූ නමුත් එසේ වූයේ නාසි ප්‍රචාරක අරමුණු වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රසාංගික වේදිකාගත කිරීම්වලට ඔවුන් සහභාගි කරවා ගත හැකි වීමය. තෙරේසියන්ස්ටාඩ් සංහාර කඳවුරක් වශයෙන් නොපැවතුණු නමුත් පසුව දසදහස් ගණන් අවුෂ්විට්ස් කරා ප්‍රවාහනය කරනු ලැබුණි.

ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ (අනුග්‍රහය: ගුසේපේ මාර්කිසෙල්ලා)

නාසින් විසින් සිදු කරන ලද මහා ජන සංහාරය නිසා නැති වුණු සහ අමතක කර දැමුණු සංගීතය පුනස්ථාපනය කිරීමට දරන ලද වෙනත් ප්‍රයත්න තිබෙන නමුත් කඳවුරු වෙත ම අවධානය යොමු කිරීම නිසා ලොතොරෝගේ ප්‍රයත්නය ඉතාමත් අසහාය වේ. ගිනිකොන ඉතාලියේ නගරයක් වූ බර්ලීතාහි සිටිමින්, ඔවුන්ගේ පවුල රැක ගැනීම සදහා තැපැල් හලක සේවය කළ සිය බිරිඳ, ග්රාෂියා සමග ඔහු මහන්සි ගත්තේ කඳවුරුවලින් නොමැරී ඉතිරි වූවන් සොයා ගන්නටය. ලොතොරෝ ඔවුන් සොයා ගන්නා විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 80 වෙනි හා 90 වෙනි වයස්වල සිටියහ. තමන් භාරයේ තිබෙන සංගීත ප්‍රස්ථාරවල වැදගත්කම පවා නොදැන සිටි පවුලේ සාමාජිකයින් බොහෝ දෙනෙකු සමග ඔහු කතා කර ඇත.

දසක ගණනක් තිස්සේ අසංඛ්‍ය සංඛ්‍යාත අටු ගබඩා, ලේඛනාගාර සහ පුස්තකාල පීරූ ලොතොරෝ සංගීත කොටස් 8000ක් එකතු කර පටිගත කර ඇත. 2018 බ්‍රිටිෂ් ගාර්ඩියන් මගින් උපුටා පළ කළ පරිදි, ලොතොරෝට අනුව ‘සමහරක් සංගීත නිර්මාණ සටහන් පොත්වල, ගල්අඟුරු ගෝනි මත, කෑම එතුම්වල සහ ටිකට්වල’ ලියා ඇත. අංක පහක ඔපෙරාවක් ලියා ඇත්තේ ටොයිලට් පේපර්වලය. ‘කියවා තේරුම් ගත යුතුව තිබෙන, මා තවම අත නොගසන ලද දේවල් 10, 000 කට වැඩියැයි' 2018 දී ඔහු පැවසීය.

ඉස්ටිටියුටෝ ඩි ලෙටරටූරා මියුසිකාලේ කොන්සෙන්ට්‍රාසියොනාරියා යන නිල නාමය ඇති ඔහු විසින් ‘බලකොටු මාලිගයක්’ ලෙස හඳුන්වනු ලැබෙන ආයතනයක් ලොතොරෝ ගොඩනංවමින් සිටියි. රෝමයේ ආණ්ඩුවෙන් ලැබූ ආධාර මුදල් පාවිච්චි කිරීමෙන් සහ සෙසු ලෝකයෙන් අතිරේක අරමුදල් අපේක්ෂා කරමින් මෙම සංගීත රචකයා කර තිබෙන සැලසුම්වලට රැඳවුම් කදවුරු සංගීතය’වෙනුවෙන් කැප වුනු පුස්තකාලයක්, කෞතුකාගාරයක් සහ රංග ශාලාවක් ඇතුළත් වෙයි.

මිනිත්තු 60 රූපවාහිනී විකාශනයේ දී, අවුෂ්විට්ස් කාන්තා වාද්‍ය වෘන්දයේ සාමාජිකාවන් අතරින් තවමත් ජීවත්වන අවසන් සාමාජිකාවන්ගෙන් කෙනෙකු වූ, 94 හැවිරිදි ඇනිටා ලැස්කර්-වෝල්ෆිස්ගේ සාක්ෂි කන්ඩයක් ද ඉදිරිපත් කෙරුනේ ය. කීර්තිමත් සංගීතඥ ගුස්ටාව් මේලර්ගේ ලේලිය වූ වොහොසේ එම වාද්‍ය වෘන්දයේ සංගීත මෙහෙයවන්නියක වූ අතර ඇය ඇගේ ම ස්වාධීන සංගීත චර්යා පෞරුෂයකින් හෙබි තැනැත්තියකි. මේ වාද්‍ය වෘන්දයේ විමතිය දනවන හා ඛේදජනක කතාන්දරය සහ එහි සමහර සාමාජිකයින් මහා ජන සංහාරය මධ්‍යයේ නොමැරී ඉතිරි වුනේ කෙසේ ද යන්න, ආතර් මිලර් විසින් ලියනු ලැබ, වැනෙස්සා රෙඩ්ග්‍රේව් රඟපාන, ප්ලේයින් ෆෝ ටයිම් (කල් ගැනීම සඳහා වාදනය) නම් 1980 රූපවාහිනී චිත්‍රපටියෙන් කියවුනි.

ඇනිටා ලැස්කර්-වෝල්ෆිස්, (අනුග්‍රහය: සීබීඑස් නිව්ස්)

8 අවුෂ්විට්ස් වෙතට ඇනිටා ලැස්කර්-වෝල්ෆිස්ගේ පැමිනි වහාම, ‘සිරකාරියක ව සිටි තවත් ගැහැනු ළමයකු වෙතට යොමු කරන ලද අතර සාමාන්‍ය සංවාදයක් ඇති වුනි. “යුද්ධයට පෙර දී මා කරමින් සිටියේ කුමක් දැයි ඇය ඉන් පසුව මගෙන් විමසුවා... මම පැවසුවා ‘මම ෂෙලෝව වාදනය කරන්නට පුරුදු වී සිටියා’ කියා. එවිට ඇය පැවසුවා “ඒක අපූරුයි. ඔබ මරනයෙන් බේරුනා.”... ඇය කියමින් සිටියේ කුමක් දැයි මට වැටහුනේ නැහැ.

මරනයෙන් ගැලවෙන්නට සමහරුන්ට හැකි වූනේ, නාසීන්ට සංගීතය වුවමනා වුනු නිසාමයි.” ජර්මනියේ වියුස්බෝග් සරසවියේ මහාචාර්යවරයකු වූ ගුයිඩෝ ෆැක්ලර් උපුටා ගන්නා, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවක් කියන්නේ ‘(සංගීතය) නාසින් ගේ සිර කඳවුරුවල සාමාන්‍ය ජීවිතයේ දී නිත්‍ය සහ තීරනාත්මක අංගයක්’ වූ බවය. සිරකරුවන් ගමනේ යාමේ දී වාද්‍ය වෘන්දය වාදනය සිදු කරන්නට පුරුදු වී සිටි අතර “වචනයේ පරිසමාප්තියෙන්, දවසට නියමිත වැඩවලට වුවමනා රිද්ම වේග ලතාව සම්පාදනය කල යුතු විය.” අලුත් සිරකරුවන් කඳවුරට පැමිනෙන විට, දිනපතා පිරිමි ගැහැනු හා ලමුන් දසදහස් ගනනක් ගෑස්වලින් මරනයට පත් කරන උච්චාවස්ථාවේ දී ද වාද්‍ය වෘන්දය වාදනයෙහි යෙදිය යුතු විය. “අප රඳවා සිටියේ ආදාහනාගාරයට බොහෝ කිට්ටුවෙනි. සිදු වෙමින් තිබෙන සෑම දෙයක් ම අපට දකින්නට පුළුවන් විය.” ලැස්කර්-වෝල්ෆිස් එලෙස පැහැදිලි කරයි.

තමන්ගේ සහෝදර සිරකරුවන් ශික්ෂනය කිරීම හා සංවිධානය කිරීම සඳහා සංගීතය වාදනය කිරීමේ අප්‍රසන්න හා වේදනාකාරී කටයුත්ත සහ “සිරකරුවන් ඔවුන්ගේ ම හැඟීමෙන් සංගීතයේ නිරත වීම” අතරේ ඇති වෙනස ෆැක්ලර් වෙන් කොට පෙන්වන අතර එලෙස තමන්ගේ ම හැඟීමෙන් සංගීතයෙහි නිරත වීමෙන් “පොදුවේ ඔවුන්ට සැනසීමක්, උදව්වක් හා ආත්ම විශ්වාසයක් ලැබුනි. ඔවුන්ට එය තමන්ගේ පෙර කල් ජීවිත මතක් කර දුන්නේය.”

දශක දෙකකට කිට්ටු කාලයකට කලින් ලොතොරෝ යුදා ධර්මය වැලඳ ගත් අතර තමන්ට යුදෙව් පරම්පරාවක් ද තිබී ඇති බව සොයා ගත්තේය. කෙසේ වෙතත්, ඔහුගේ ‘ගලවා ගැනීමේ හා පුනස්ථාපනයේ කටයුත්ත රොමානි ජනයා, දේශපාලන සිරකරුවන්, යුද සිරකරුවන්ගේ කඳවුරුවල සිටින සොල්දාදුවන් හා ගොදුරු බවට පත් වුනු වෙනත් අයගේ දායකත්වයන් හා වේදනාවන් අන්තර්ගත කිරීම දක්වා වැඩි දියුනු විය. ටයිම්ස් වාර්තාවට අනුව ලොතොරෝ ‘යුදා සංහාරයේ දී නොමැරී ඉතුරු වූවන් හමු වී කතා කිරීම ආරම්භ කල නමුත් පසුව බොහෝ රටවල්වල දේශපාලන හෝ ආගමික වෙනත් සිරකරුවන් ද ඇතුලත් කර ගැනීමෙන්,‘ඕනෑම ජාතියක, සමාජ හා ආගමික පසුබිමක’ සංගීතඥයින් ඇතුලත් කර ගැනීමෙන්, එය තව පුළුල් කර ගත්තේය

“කඳවුරුවල නිර්මානශීලිත්වය පුපුරා විදාරනය වේ” ලොතොරෝ පවසයි. ‘ඔබගේ ජීවිතය අනතුරේ ඇති විට අනාගතය වෙනුවෙන් ලියන ලද කැමැති පත්‍රයක් මෙන් ඔබ නිර්මානකරනයේ නිරත වේ.’

“සමහර විට මුළු මහත් කඳවුරු සමූහයේ ම වඩාත් නිපැයුම්ශීලී හා නිපුන සංගීත රචකයා විය හැකි,’ ජෝශෆ් ක්රොපින්ස්කි, මිනිත්තු 60 මගින් අවධාරනයෙන් මතු කර පෙන්වනු ලබන අතර, තරුන පෝලන්ත ජාතික ඔහු, නාසි විරෝධී ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කරමින් සිටිය දී අල්ලා, අවුෂ්විට්ස් වෙතත්, ඉන් පසුව බූකන්වාල්ඩ් වෙතත් යවන ලදී. ලොතොරෝ විසින් ජර්මනියේ නියුරම්බර්ග්හි වාසය කරන, ක්රොපින්ස්කිගේ පුත්‍රයා වූ වෝල්ඩිමර් සොයා ගනු ලැබේ. සිරගත නේවාසිකයකුව සිටි සිව් අවුරුදු කාලය තුල දී ජෝශෆ් ක්රොපින්ස්කි සංගීත නිර්මාන සිය ගනනක් රචනා කල අතර ඊට ‘ටැංගෝ, වොල්ට්ස්, ප්‍රේම ගායන පමනක් නොව ඔපෙරාවක් පවා ඇතුලත් විය.’ 1945 අප්‍රේල් මාසයේ එම කඳවුර හැරයාමත්, තුන්වෙනි රීකයේ අවසන් සතිවල දී නාසින් විසින් මරන පෙලපාලියක් සංවිධානය කරනු ලබද්දී ක්රොපින්ස්කි ඔහුගේ වයිලීනය සහ සංගීත නිර්මාන සිය ගනනක්, බූකන්වාල්ඩ්වලින් හොරෙන් පිට කලේය.

ඉහත සඳහන් කල පරිදි නාසි භීෂනයේ දී නැති වුනු, අමතක වුනු හෝ මර්දනය කෙරුනු සංගීතය ජීවමය කිරීමට දැරූ තවත් වැදගත් ප්‍රයත්න තිබුනි. ඇමරිකාවේ දී උපත ලද ශාස්ත්‍රීය සංගීත කන්ඩායම් මෙහෙයවන්නකු වූ ජේම්ස් කොන්ලොන්, නාසින් විසින් මර්දනයට ලක් කරන ලද සංගීත නිර්මානයන් ප්‍රාසාංගික ව ඉදිරිපත් කිරීම පුනස්ථාපනය කිරීම සඳහා වාදන වේදිකාව මතින් ක්‍රියාකල ප්‍රමුඛයා බවට පත් වෙමින්, මහා සංහාරයේ දී නැසීගිය අර්වින් ෂෝහෝෆ් සහ වික්ටර් ඕල්මන් හා පලා යන්නට බල කරනු ලැබූ වෝල්ටර් බ්‍රවුන්ෆෙස්, හාන්ස් අයිස්ලර්, මියට්සෙට්සුවා වයින්බර්ග් සහ තව බොහෝ දෙනෙකු පිලිබඳව අවබෝධය වැඩි කිරීමෙහි නිරතව සිටියි. කොන්ලොන් පිහිටුවා ඇති ඔරේල් පදනම, මෙම විෂය සම්බන්ධයෙන් තොරතුරු හා සම්පත් රාශියක් සම්පාදනය කරයි.

ග්‍රාසියා සහ ෆ්‍රැන්සිස්කෝ ලොතොරෝ (අනුග්‍රහය: සීබීඑස් නිව්ස්)

තහනමට ලක් කර තිබුනු සංගීතය පුනස්ථාපනය කිරීම හා අධ්‍යයනය කිරීම සඳහා වසර කිහිපයකට පෙර දී බිහි කල, වියානාවේ සංගීත හා ප්‍රාසාංගික කලා සරසවියේ, exil.arte වෙබ් අඩවියේ වැඩ කටයුතු ගැන ද ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. තහනම් කල සංගීතය: නාසින් විසින් තහනම් කරන ලද යුදෙව් සංගීත රචකයෝ (2013) නම් වැදගත් කෘතියේ කර්තෘ, මයිකල් හාස් ද එම වෙබ් අඩවිය පිහිටුවීමේ සමාරම්භකයෙකි.

ලොතොරෝ, කොන්ලොන්, හාස් සහ සෙසු අය සංගීත ඉතිහාසය, විශේෂයෙන් 20 වෙනි ශතවර්ෂයේ සංගීතය පිලිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ඇති කරන්නට දායක වී සිටිති. ලොතොරෝ සඳහන් කරන පරිදි, මේ සංගීතයෙන් සමහරක්, දශක ගනනාවක් වැලලී නො තිබුනී නම්, ‘යුරෝපයේ සංගීත භාෂාවේ ගමන් මාර්ගය වෙනස් කල හැකිව තිබුනී.’ ජීවිත අහිමි වුනු හෝ ඔවුන්ගේ වෘත්තීය ජීවිත වෙනත් මාර්ගයට යොමු කෙරුනු හෝ සම්පූර්නයෙන් ම පීලි පන්නවන ලද හෝ සංගීත රචකයින්ගේ නිර්මාන මගින් දෙවෙනි ලෝක යුද්ධයට පසු කාලය හා අද දවස දක්වා සංගීතයේ ඉරනම සම්බන්ධයෙන් අතිමහත් බලපෑමක් ද ඇති කරනු ලැබිය හැකිව තිබුනි. මෙම සංගීතය බේරා ගැනීමේ කර්තව්‍යය, හුදෙක් ඒවායේ නිර්මාපකයින්ට උපහාර දැක්වීමක් හා ඔවුන්ගේ ජීවිත අනුස්මරනය කිරීමක් පමනක් නොවේ. එය 21 වෙනි ශතවර්ෂයේ සංගීත රචකයින් හා සංගීතඥයින් දිශානතිගත කරන්නට ද උදව් වීමකි. 20 වෙනි ශතවර්ෂය මතට කඩා වැටුනු ම්ලේච්ඡත්වය පිලිබද පාඩම් ඉගෙන ගැනීමෙන් අද දවසේ එය නැවතත් පැමිනීම වැලැක්වීමක් ද වේ.

Loading