දොට්ට දැමූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා වතු කම්කරු ක්‍රියාකාරී කමිටු ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

[මෙය Sri Lankan plantation action committees hold public meeting to demand reinstatement of sacked workers යන මැයෙන් 2022 මාර්තු 21 වැනි දින පල වූ දැන්වීමේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මධ්‍යම තේ වතු දිස්ත්‍රික්කයේ ඕල්ටන්, ග්ලෙනුයිජ් සහ ඇබොට්ස්ලි වතුවල වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, එම වතු තුනේ කලමනාකරුවන් විසින් කුරිරු ලෙස දොට්ට දමන ලද වතු කම්කරුවන් 54 දෙනෙකු නැවත සේවයේ පිහිටුවන ලෙස බල කිරීම සඳහා මාර්තු 27 ඉරිදා සවස 3 ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

ලියාපදිංචිය මෙතැනින්.

https://us06web.zoom.us/meeting/register/tZYscuiqqjMqGtPxAycMxRkQXV9vsWiolFpl

(වැඩි විස්තර සඳහා පහලට කියවන්න.)

පසුගිය වසරේ මාර්තු 22 වැනිදා හොරන වැවිලි සමාගම, මස්කෙලිය ඕල්ටන් වතුයායේ කලමනාකරුවෙකුට සහ සහකාර කලමනාකාරවරයෙකුට පහරදුන් බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් දොට්ට දැමුවේ ය. මෙම කම්කරුවන් 24 දෙනාට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර උසාවියේ නඩු පවරා ඇත.

සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී, වැඩිවන වැඩ බරට සහ වැටුප් කප්පාදුවලට එරෙහිව දින හයක වැඩ වර්ජනයකින් පසුව තලවාකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 11 දෙනෙකුගේ වැඩ තහනම් කරන ලද අතර, ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

හැටන් අසල වෙල්ලඔය වත්තේ තවත් කම්කරුවන් පස් දෙනෙකු ද එලෙසම සේවයෙන් දොට්ට දමා ඇත. ඔවුන් නැවත සේවයේ පිහිටුවීම සඳහා වැඩ වේගවත් කිරීමේ කොන්දේසි ඇතුලත් මර්දනකාරී වැඩ ගිවිසුමක් අත්සන් කිරීමට ඔවුන්ට බල කෙරුනි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මුලපිරීම මත පිහිටුවන ලද ඕල්ටන්, ග්ලෙනුයිජ් සහ ඇබොස්ට්ලිහි වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු මෙම සියලු චෝදනා ඉවත් කිරීම, එම ගොතන ලද චෝදනා මත පදනම් වූ නඩු විභාග අවසන් කිරීම සහ සේවයෙන් නෙරපා හරින ලද සියල්ලන්ම කොන්දේසි විරහිතව යලි සෙවයේ පිහිටුවීම බල කර සිටී.

ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය යන වතු වෘත්තීය සමිතිවල පූර්න පිටුබලය ඇතිව මෙම ප්‍රහාරයන් මුදා හරින ලදී. මෙම වෘත්තීය සමිති කිසිවක් වින්දිත වතු කම්කරුවන් ආරක්ෂා කර නැත. ඒ වෙනුවට ඔවුහු හිතාමතාම කම්කරුවන් හුදකලා කර වතු කලමනාකාරීත්වය සමග කුමන්ත්‍රනය කරති.

මෙම වතු කම්කරුවන් දඩයම වනාහි ශ්‍රී ලංකා ආන්ඩුව හා මහා ව්‍යාපාර විසින් සමස්ත කම්කරු පන්තියේ වැටුප්, ජීවන කොන්දේසි සහ රැකියා මත උත්සන්න කරනු ලබන ප්‍රහාරයේ කොටසකි. කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ ආර්ථික ව්‍යසනය සහ ජීවන වියදමේ පෙර නොවූ විරූ ලෙස ඉහල යාම විසින් සියලුම කම්කරුවෝ සහ පීඩිත ජනතාව මහත් දුෂ්කරතාවයකට තල්ලු කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත කොටස් අතර සිටින වතු කම්කරුවෝ වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වතු සමාගම් විසින් පනවා ඇති කටුක ජීවන සහ සේවා කොන්දේසි වලට මුහුන දෙති.

මෙම රැස්වීම සමාගමේ සහ ආන්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාර පරාජය කිරීමට කම්කරුවන් බලමුලු ගැන්වීමට අවශ්‍ය ස්වාධීන, ධනපති-විරෝධී වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කරනු ඇත. මෙම රැස්වීමට සහභාගී වන ලෙසත් වතු ක්‍රියාකාරී කමිටු සහ සසප විසින් ගෙන යන අරගලයට සම්බන්ධ වන ලෙසත් අපි කම්කරුවන්, තරුනයින් සහ ලෝසවෙඅ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

https://us06web.zoom.us/meeting/register/tZYscuiqqjMqGtPxAycMxRkQXV9vsWiolFpl

Loading