වීඩියෝව :“සාමාන්‍ය කම්කරුවන්ට බලය! යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලෙහ්මන්!”

ලබන සඳුදා ආරම්භ වීමට නියමිත, එක්සත් ජනපද එක්සත් මෝටර් කම්කරු සමිති (යූඒඩබ්ලිව්) මැතිවරනයේදී, සමිතියේ සාමාන්‍ය සාමාජිකයෙකු වන විල් ලෙහ්මන් සභාපති ධූරයට තරඟ වදී. මැතිවරනයට නාම යෝජනා භාර දීමෙන් පසු, ජූලි 29 වනදා, ලෙහ්මන් සිය යූටියුබ් චැනලය තුල “සාමාන්‍ය කම්කරුවන්ට බලය! යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලෙහ්මන් !” (Power to the rank-and-file workers on the shop floor! Will Lehman for UAW international president!) යන හිසින් පල කල ප්‍රකාශයේ සිංහල උපසිරැසි සහිත වීඩියෝව අපි මෙසේ පල කරන්නෙමු.

මෙම වීඩියෝව තුල ලෙහ්මන් තම උද්ඝෝෂනයේ මූලික කරුනු මෙසේ අවධාරනය කරයි: මගේ උද්ඝෝෂනයේ “ඉලක්කය වන්නේ එක් නිලධරයෙකු තවත් නිලධරයෙකුගෙන් විස්ථාපනය කිරීම නො වේ. අපි ම සංවිධානය වීමෙන් තොර ව, අපට අවශ්‍ය දෑ සඳහා සටන් කල නො හැකි යි.”

ඔහු වෘත්තිය සමිති නිලධරය පෙරලා දැමීම සඳහා කැඳවුම් කරමින් මෙසේ පවසයි. “බලයේ සැබෑ අයිතිකරුවන් වන වැඩබිමෙහි සිටින කම්කරුවන් වෙත බලය මාරු කිරීමට සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු” ගොඩනැගීම අවශ්‍ය ය. එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරුවන් එකමුතු කිරීමටත්, සංගතවලට එරෙහි ව සැබෑ අරගලයක් දියත් කිරීමටත්, කම්කරුවන්ගේ කැරැල්ලක් අවශ්‍ය බව ලෙහ්මන් තව දුරටත් පවසයි. “අපේ අරගලය මර්දනය කිරීමට පමනක් පවතින නිලධර යාන්ත්‍රනය ප්‍රතිසංස්කරනය කරනු ලැබිය නො හැක. එය අතුගා දැමිය යුතු ය.”

මෙම වීඩියෝව, ෆේස්බුක් ඇතුලු සියලු ම සමාජ මාධ්‍ය ජාලයන්හි හැකිතාක් බෙදාහරින (ශෙයා කරන) ලෙසත් හැකි පුලුල්ත ම ශ්‍රාවකත්වයක් මෙයට සහභාගි කරවීමට ක්‍රියාත්මක වන ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading