"ජූලියන් අසාන්ජ් නිදහස්කරගැනීමට කම්කරුවන් සටන් කල යුතුය!" - යූඒඩබ්ලිව් සභාපති අපේක්ෂක විල් ලේමන්

මෙම ලිපිය ඔක්තෝබර් 12දා පලවූ “Workers must fight to free Julian Assange!”—Will Lehman, candidate for UAW president ඉංග්‍රීසි ලිපියේ පරිවර්ථනයකි

හිතවත් සහෝදර සහෝදරියනි,

සතියකට අඩු කාලයකදී, යූඒඩබ්ලිව් මැතිවරන සඳහා ඔබට තැපෑලෙන් ඡන්ද පත්‍රිකා ඔබ අතට ලැබීමට පටන් ගනු ඇති. ඔබ ඡන්ද පත්‍රිකාවක් ලබා නැති නම්, ඡන්දය දෙන ආකාරය සහ ඡන්දයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මම මගේ වෙබ් අඩවියේ ඇතුලත් කර තිබෙනවා. ඔබ ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, යූඒඩබ්ලිව් (UAW) මැතිවරයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙසත්, යූඒඩබ්ලිව් සභාපති තනතුර සඳහා විල් ලේමන් වන මට ඡන්දය ලබා දෙන ලෙසත් ය. සමස්ත යූඒඩබ්ලිව් යන්ත‍්‍රයට එරෙහිව, සාමාන්‍ය කම්කරුවන්ගේ බලය ගොඩනැගීමට මම උද්ඝෝෂනයේ නිරතව සිටිමි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින සියලුම කම්කරුවන්ගේ උත්සුකතාවන් සඳහා තීරනාත්මක වන තවත් කාරනයක් ගැන මම අද ඔබට ලියමි. ඒ, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ගේ නඩුව ගැනයි. අසාන්ජ් දැනට එක්සත් රාජධානියේ සිරගත කොට සිටින අතර, එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට මුහුන දී සිටියි‍‍. එරටටදී, ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට නඩු පවරා, ඔහුව වසර 175ක සිරදඬුවමකට හෝ මරන දඩුවමට පවා ලක්කල හැකි ය.

ජූලියන් අසාන්ජ [Photo by David G. Silvers, Cancillería del Ecuador / CC BY-SA 2.0] [Photo by David G. Silvers, Cancillería del Ecuador / CC BY-SA 2.0]

අසාන්ජ් දන්ඩනයට පාත්‍රව ඇත්තේ, එක් හේතුවක් සහ එක් හේතුවක් නිසා පමනි: ඔහු ඇමරිකානු ආන්ඩුවේ එතෙර ක්‍රියා පිලිබඳ සත්‍යය හෙලි කලේය. මේ, අපව සූරාකන සංගත නියෝජනය කරන එම එක්සත් ජනපද ආන්ඩුවම ය.

විකිලීක්ස් විසින් සිදු කරන ලද වඩාත්ම වැදගත් ආරම්භක හෙලිදරව් කිරීම් වලින් එකක් වූයේ 2010 දී නිකුත් කරන ලද වීඩියෝවකි. එයින් පෙන්නුම් කලේ, එක්සත් ජනපද හමුදාව, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී නිරායුධ සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන් ඝාතනය කරන ආකාරය යි. මෙම දර්ශන රූගත කරන ලද්දේ මුදා හැර්‍රමට වසර තුනකට පෙර, 2007 දී, එනම්, එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීමේ මුල් වසරවලදී ය. 'සමූහ ඝාතනය' ලෙස නම් කර ඇති මෙම වීඩියෝව නරඹන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

වීඩියෝව- Collateral Murder

මෙම වීඩියෝවෙන් පසුව, 2010 වසරේ ඉරාක සහ ඇෆ්ගන් යුධ සටහන් සහ 2011 වසරේ ගුවන්තනාමෝ ලිපිගොනු ප්‍රසිද්ධ කෙරුනි. ඇමරිකානු හමුදා රහස් තොරතුරු හෙළි කල චෙල්සි මැනිං ගේ වීරෝදාර ක්‍රියාවන්ට ස්තූති වන්නට මහජනතාව අතට පත්කල මෙම ලේඛන, එක්සත් ජනපද ආන්ඩුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකේම උද්ඝෝෂනයේ කේන්ද්‍රයේ පැවැති මූලික බොරුවක්- එනම්, විදේශයන්හි යුද්ධවල අරමුන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීම සදහාය යන පචය- හෙලිදරව් කෙරුනි.

මේ හේතුව නිසා, අසාන්ජ් දශකයකට වැඩි කාලයක් දරුනු සහ අඛන්ඩ පීඩාවන්ට ලක්කොට ඇත. ඔහු දැනට ලන්ඩනයේ බෙල්මාර්ෂ් උපරිමාරක්ෂක බන්ධනාගාරයේ රදවා සිටින අතර එහිදී ඔහුට මෑතකදී කෝවිඩ්-19 වෛරසය වැලඳී ඇත. සීඅයිඒ සංවිධානය ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව නඩු විභාගයේදීම හෙළි වුවද, ඔහුව ඇමරිකාවට පිටුවහල් කල හැකි බවට එක්සත් රාජධානියේ මහාධිකරනය පසුගිය වසරේ අගභාගයේදී තීන්දු කලේ ය.

ඔහුගේ පුද්ගලික ඉරනමෙන් ඔබ්බට, අසාන්ජ් ආරක්ෂා කිරීමේදී කම්කරුවන්ට තීරනාත්මක ගැටලු දෙකකට මුහුන දීමට සිදුවී තිබේ.

පළමුව, අසාන්ජ්ට හිංසා කිරීම, නිදහස් භාෂනයට සහ මාධ්‍ය නිදහසට ඇති ඇමරිකානු ව්‍යවස්තාවෙපලමු සංශෝධන අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයකි. අසාන්ජ් අපට සත්‍යය පැවසීමට ද රජය මහජනයාට හෙලි කිරීමට අකමැති බොරු හෙලි කිරීමට ද වැරදිකරුවෙකි.

එක්සත් ජනපදයේ සංගත සහ ධනවතුන් යැපෙන්නේ රජය කුමක් කීවත් එයම ගිරවුන් සේ පුනරුච්ඡාරනය කරන මුදලට මිලදීගත් මාධ්‍යය මත ය. අපට හා අපේ පවුල් වල සාමාජිකයන්ටත් යහපත් වැටුපක් සහ සුරක්ෂිත අනාගතයක් ඇති කිරීමට කම්කරුවන් ලෙස අප දරන උත්සාහය මාධ්‍ය මගින් හෙලාදකින හැටි අපි දිනපතා අත්විඳිමු. සත්‍ය තොරතුරු හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සිරගත කර නඩු පැවරිය හැකි නම්, එය වෘත්තීය සමිති යන්ත්‍රයෙන් ආධාර සහ අනුබල දෙන සංගතවල ඉල්ලීම්වලට විරුද්ධව කතා කරන හා විරුද්ධ වන ඕනෑම සේවකයෙකුට එරෙහිව භාවිතා කරනු ලබන භයානක පූර්වාදර්ශයක් සපයයි.

දෙවනුව, අසාන්ජ් ඇමරිකානු මිලිටරිවාදයේ යථාර්ථය හෙලිදරව් කිරීමට සහාය වූයේ ය. විදේශයන්හි නිමක් නැති යුද්ධ ගෙනයාමට එක්සත් ජනපද සොල්දාදුවන්ද ඇතුළුව ජීවිත කීයක් අහිමි වී තිබේ ද? කොපමන මුදලක් විදයම් කර ඇත්ද? එමෙන්ම, යුද්ධයකුමක් සඳහා ද? මෙම යුද්ධවල මිල සධාරනීකරනය කර ඒ බව කම්කරුවන්ට ඒත්තු ගැන්වීමට ඔවුන් “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “නිදහස” වැනි වචන නිදහස වැනි වදන් විසි කරන නමුත්, යථාර්ථය වන්නේ, එම වචනවල අරමුන වන්නේ සමස්ත ලෝක ගෝලය පුරා ඇමරිකානු සංගතවල ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමයි. මෙම අරමුන සාක්ෂාත් කර ගැනීම සඳහා ඉරාක සහ ඇෆ්ගන් ජාතිකයන් මිලියනයකට වඩා මරනයට පත් කර ඇත.

මේ යුද්ධවල ප්‍රතිවිපාක අපි සියලු දෙනා අත් විඳින්නෙමු. කම්කරුවන්ට යහපත් ජීවන කොන්දේසි සැපයීමට මුදල් නොමැති බව කියාපාන ඔවුහු, සෑම වසරකම එක්සත් ජනපද මිලිටරිය සඳහා ඩොලර් ට්‍රිලියන 1කට වඩා වියදම් කරති. එක්සත් ජනපදයේ සෑම මිනිත්තු 80 කට වරක් එක් යුද ප්‍රවීනයෙක්, යුද්ධයේදී ඔවුන් දුටු සහ අත්විඳින ලද පශ්චාත් කම්පන ආතති ආබාධයේ ප්‍රතිවිපාක ලෙස සිය දිවි හානි කරගනියි. ඔවුන්ගේ ශරීර තවදුරටත් පාලක පන්තියට ප්‍රයෝජනවත් නොවූ විගස, අත්‍යවශ්‍යයෙන්ම ආන්ඩුව විසින් යුද ප්‍රවීනයන් අත්හරිනු ලැබේ.

දැන්, බයිඩන් පාලනය රුසියාව සමග ගැටුමක් උතසන්න කරමින් සිටින අතර, පසුගිය සතියේ ඔහුවිසින්ම ප්‍රකාශ කරන ලද පරිදි, එය “ආර්මගෙදොන්”, එනම් න්‍යෂ්ටික යුද්ධයෙන් සමස්ත ග්‍රහලෝකයම සමූලඝාතනය විය හැකි තත්වයක් කරා ඇදී යන බව යි. මේ සියල්ල කුමක් ගැන ද? ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුව රුසියාවේ කතිපයාධිකාරීන් නියෝජනය කරන අතර සියලුම කම්කරුවන් යුක්රේන ආක්‍රමනයට විරුද්ධ විය යුතුය. කෙසේ වෙතත්, මෙම ආක්‍රමනය, එක්සත් ජනපදය ප්‍රමුඛත්වයෙන් නේටෝ මිලිටරි සන්ධානය රුසියාවේ දේශසීමා දක්වා ව්‍යාප්ත කිරීමට සහ එක්සත් ජනපදය විසින් යුක්රේනය දැවැන්ත ලෙස ආයුධ සන්නද්ධ කිරීමට ප්‍රතිචාරයකි.

මාධ්‍ය මේ යුද්ධය ගැන අපට කියන හැම දෙයක්ම බොරුය. එය 'ප්‍රජාතන්ත්‍රවාදය' පිලිබඳ යුද්ධයක් නොවේ. යුක්රේනයේ ආන්ඩුව සමන්විත වන්නේ, දෙවන ලෝක සංග්‍රාමයේදී ජනසංහාරය ගෙනයාමට පිටුබලය සැපයූ පුද්ගලයින්ව ප්‍රශංසා කරනු ලබන නව-නාසිවරුන්ගෙනි. යුක්රේනය පාලනය කරන කතිපයාධිකාරීන්, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතිය අහෝසි කරමින් කම්කරු නීතියක් මෑතකදී සම්මත කරන ලදී. රාත්‍රී ප්‍රවෘත්තිවලින් ඔබට එය ඇසෙන්නේ නැත.

ඉරාකයේ යුද්ධය අවුලුවාලූ එම මිලිටරි-කාර්මික සංකීර්නයම (රටක මිලිටරිය සහ එම මිලිටරියට අවිආයුධ නිෂ්පාදනය කරන ආරක්ෂක කර්මාන්තය අතර පවතින සබඳතාව-පරි.) අද රුසියාවට එරෙහි යුද්ධය වඩාත් දැවැන්ත ලෙසත් බිසුනු ලෙසත් උත්සන්න කරයි. එක්සත් ජනපද බැංකු සහ සංගත ඔවුන්ගේ රුසියානු ප්‍රතිවාදීන්ගේ වියදමින් නැගෙනහිර යුරෝපය පාලනය කිරීමට පොරයට වැද සිටියි. ඇමරිකානු සංගතවල ආධිපත්‍යය පුලුල් කිරීම සඳහා කම්කරු පන්තිය විශාල දුක් ගැහැට විඳීමට සැලසීමට සහ එයටත් එහා ගොස් මිලියන ගනනක් ජීවිත පවා බිලි දීමට, එක්සත් ජනපද පාලක ප්‍රභූව සූදානම් ය.

එක්සත් ජනපදයේ හෝ ලොව පුරා කම්කරුවන්ට යුද්ධය කෙරෙහි උත්සුකතාවක් ඇත්තේ නැත. අපට මෙන්ම රුසියාවේ, යුක්රේනයේ සහ සෑම රටකම කම්කරුවන්ට ඇත්තේ සමාන අවශ්‍යතාවන් ය. අපිව සූරා කනු ලබන්නේ එකම සංගත විසිනි. අපි මුහුන දෙන්නේ එකම ගැටළු වලට ය. න්‍යෂ්ටික යුද්ධයේ ව්‍යසනය වැලක්විය නොහැකි වුවහොත්, අප මුහුන දෙනු ඇත්තේ, එකම ප්‍රතිවිපාකයන්ට ය.

කම්කරු ව්‍යාපාරයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ දීර්ඝ හා සාඩම්බර සම්ප්‍රදායක් ඇති බව කම්කරුවන් දැනගත යුතුය, මන්ද මෙම අයිතිවාසිකම් සියලුම කම්කරුවන් සඳහා තීරනාත්මක ය. වියට්නාම් යුද්ධයට එරෙහිව යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය, 1968 දී ඒඑෆ්එල්-සීඅයිඕ වෙතින් ඉවත් වූ බව ද සිහිපත් කළ යුතුය. වෘත්තීය සමිති තවදුරටත් මෙම තීරනාත්මක ප්‍රශ්න මතු කරන්නේවත් නැත යන කාරනය, ඔවුන්ගේ අධිකාරිය සමාගම්වල අවශ්‍යථා සඳහා සේවය කරන වරප්‍රසාදිත උපකරනයක් බවට පරිවර්තනය කර ඇති ක්‍රියාවලියේම කොටසකි.

මෙම හේතූන් නිසා, සියලුම කම්කරුවන් ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ ස්ථාවරයක් ගැනීම තීරනාත්මක ය. ඔහුගේ නිදහස සුරක්ෂිත වනු ඇත්තේ පාලක පැලැන්තියට සහ ඔවුන්ගේ දේශපාලකයන්ට කරන ආයාචනාවලින් නොව අපගේ මැදිහත්වීමෙන් පමනි. අපගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ සටන අසාන්ජ් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සහ යුද්ධයට විරුද්ධ වීම සමග ද අප සම්බන්ධ කල යුතු වන්නේ එහෙයිනි.

විස්වාසී,

විල් ලේමන්

Loading