ඔන්ලයින් දේශනයසමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
සති තුනකට පෙර ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද රූකඩ තන්ත්‍රය ක්ෂනික ව ඇද වැටීම සහ සඳුදා වොෂින්ටනය එහි අවසන් භටයන් ඉවත් කරගැනීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නින්දා සහගත පරාජයක් සනිටුහන් කලේ ය.
මධ්‍යම ආසියාව සහ යුරේසියාවේ “ලෝක දූපත” පාලනය කිරීමෙහි වොෂින්ටනයේ මූලෝපායේ කොටසක් වූ දශක දෙකක් තිස්සේ ඇදුනු ඇෆ්ගනිස්තාන යුද්ධයේ ඉලක්කය වූයේ, චීනය හා රුසියාව යන වොෂින්ටනයේ ප්‍රධාන ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව පමනක් නො ව, එහි උපකල්පිත සගයන් වන යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන්ට එරෙහි වත්, වොෂින්ටනයේ ස්ථානය ශක්තිමත් කරගැනීම යි.
මෙම යුද්ධයේ මානව හා සමාජීය පිරිවැය ව්‍යසනකාරී විය. සුවිශාල ලෙස අවතක්සේරු කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, ඇෆ්ගන් වැසියන් 170,000ක හා එක්සත් ජනපද සොල්දාදුවන් කිහිප දහසකගේ ජීවිත යුද්ධය විසින් බිලිගත්තේ ය. සාපරාධී ආක්‍රමනය හා වාඩිලා ගැනීම හරහා පනවන ලද එක්සත් ජනපද පිටුබලය ලත් ඇෆ්ගන් පාලන තන්ත්‍රය, බොරු මතින් දිරිමත් කරන ලද අතර, ඝාතන, වධබන්ධන පැමිනවීම් හා සිවිල් වැසියන් මත බෝම්බ හෙලීම් හරහා නඩත්තු කරන ලදී.තලිබාන් කැරැල්ලේ ජයග්‍රහනය, ඇෆ්ගනිස්තානය තුල වොෂින්ටනයේ පිලිවෙත්වල අසමර්ථතාව පමනක් නො ව, දේශීය ව හා විදේශයන්හි දශක ගනනක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාවන්ට මග පෙන්වා ඇති සමස්ත මූලෝපායේ අසමර්ථතාව හෙලිදරව් කරයි.
අධිරාජ්‍යවාදී යුද්ධයේ අන්තරාය පරාජය කල හැකි එක ම මාවත වන්නේ, සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි. මෙම සසජාතශි රැස්වීමේ දී මෙම ක්‍රියා මාර්ගය සවිස්තර ව විමර්ශනයට ගැනෙනු ඇත.
මෙම රැස්වීමට සහභාගි වී සාකච්ඡාවට එක් වන ලෙස ශිෂ්‍යයන්, තරුනයන්, කම්කරුවන්, බුද්ධිමතුන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.
Join the Socialist Equality Party
දේශනය සඳහා නිර්දේශිත කියවීම්