හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ විසින් පල කරනු ලැබෙයි.

සෝවියට් සංගමයේත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් (තුන් වැනි ජාත්‍යන්තරය) ස්ටැලින්වාදී පරිහානියට එරෙහි ව, මාක්ස්වාදය උදෙසා අරගලය පෙරට ගෙන යාමට 1938 දී, ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිට වනු ලැබූ හතර වැනි ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයයි.

ජාත්‍යන්තර කමිටුව හතර වැනි ජාත්‍යන්තරයේ නායකත්වයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භකයා වන ජේම්ස් පී. කැනන් නායකත්වය දුන් සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් සහ මිෂෙල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් අවස්ථාවාදී කන්ඩායමක් අතර සිදු වූ භේදයෙන් පසු ව 1953 වසරේ නොවැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර කමිටුව පිහිටුවනු ලැබුනි. තම ඉතිහාසය පුරාවට, හජාජාක මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කර ඇති අතර, වර්තමානයේ දී, විප්ලවවාදී සමාජවාදයේ ලෝකයේ එක ම නියෝජිතයා වන්නේ ද එයයි.

හජාජාකත්, සමාජවාදී සමානතා පක්ෂත් ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනවාදයට එරෙහි ව ස්වාධීන දේශපාලන සහ විප්ලවවාදී බලවේගයක් වශයෙන් බලමුලු ගැන්වීමට සටන් වැදී සිටිති.

මූලික ලියවිලි
ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලි
ජාත්‍යන්තර දේශන මාලා