සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි

එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්‍යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.

අපේ වාර්තාකරුවන්

සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: එක්සත් ජනපද හා ශ්‍රී ලංකා මැතිවරනවල දේශපාලන පාඩම්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), "එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ මැතිවරන: කම්කරු පන්තියට දේශපාලන පාඩම්" යන මැයෙන්, දෙසැම්බර් 7 දා ප.ව. 4 ට, කොලඹ මහවැලි කේන්ද්‍රයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.

දීපාල් ජයසේකර

ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ක්‍රියා මාර්ගික වැඩසටහන, ඉතිහාසය සහ මූලධර්ම

කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.

සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.

2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.

ශ්‍රී ලංකාවේ සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල කියවන්න
නායකත්වය
අපගේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය: සසජාතශි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

සසජාතශි ගැන වැඩිදුර