International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

සසජාතශි වෙතින් තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට කැඳවුමක්

යුක්‍රේන යුද්ධය සහ ලෝක යුද ධාවනය නතර කිරීමට කම්කරු පන්තික මහජන ව්‍යාපාරයක් ගොඩ නගමු!

යුක්‍රේන යුද්ධයට වසර එකහමාරක් ගත වන තැන තියුනු ලෙස ඉස්මතු කරන්නේ, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලයන් විසින්, රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කෙරෙන විවෘත යුද්ධයක් ආරම්භ කිරීම පිලිබඳ වැඩෙන අන්තරායයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

සසජාතශි, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී ඉහල සහභාගීත්වයකින් යුත් යුද-විරෝධී රැස්වීමක් පවත්වයි

යුද්ධය පැහැදිලි කල හැක්කේ “පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන්ද” යන්නෙන් නොව එහි මූලයන් පිලිබඳ අවබෝධකරගැනීමෙන් පමනක් බව දේශනය පැවැත්වූ විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය.

අපේ වාර්තාකරුවන්

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සසජාතශි යුද විරෝධී රැස්වීමට ශිෂ්‍යයින්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාර

පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද්ධය ගැනත්, ඔවුන්ගේ පුද්ගලික ආර්ථික දුෂ්කරතා ගැනත් උද්‍යෝගිමත් සාකච්ඡාවල නිරත වූ අතර බොහෝ දෙනෙක් මේ සතියේ සසජාතශි රැස්වීමට සහභාගී වීමට එකඟ වූහ.

අපේ වාර්තාකරුවන්

සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: යුක්‍රේන යුද්ධය නතර කරන්නේ කෙසේද?

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය නතර කිරීමට සහ එය විනාශකාරී තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා ඇදීයාම වැලැක්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිලිබඳව මෙම රැස්වීම තුල දී සාකච්ඡා කෙරෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)