ඇෆ්ගනිස්ථානයේ තවත් සිවිල් ජන ඝාතනයක්

Another massacre of civilians in Afghanistan

By James Cogan ,13 December 2010

විශේෂ හමුදා බලකායක් සෙනසුරාදා හිමිදිරි උදෑසන මෙහෙයුමක් හමාර කරමින් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්තියා පලාතේ රොහානි බාබා ගමෙහි මිනිසුන් හත්දෙනෙකු වෙඩිතබා මරා දැමී ය. මෙම ප‍්‍රහාරයට ලක් වූ යේ මාර්ග ඉදිකිරීම් කම්කරුවන් බව පක්තියාහි නියෝජ්‍ය ආන්ඩුකාර අබ්දුල් රහමන් මන්ගල් සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවයට කී ය: එක්සත් ජනපදයෙන් මෙහෙයවෙන ජාත්‍යන්තර ආරක්ෂක සහායක බලකාය අයිඑස්ඒඑෆ් විසින් නිකුත් කෙරුනු මාධ්‍ය ප‍්‍රකාශයක මේ මිනිසුන් පුද්ගලික ආරක්ෂක සමාගමක සේවකයන් බව කියයි.

සිද්ධිය පිලිබඳ තොරතුරු පැහැදිලි නැතත් අයිඑස්ඒඑෆ් ප‍්‍රකාශය තම හමුදාවන් චූදිත අවි ගනුදෙනුකරුවකු රඳවාගෙන සිටි අතර රොහානී බාබාහි නිවාස සංකීර්නයක "සැක කටයුතු ත‍්‍රස්ත ක‍්‍රියා" සම්බන්ධයෙන් පරීක්ෂනයකට ගොස් සිටියේ යැයි කියා සිටියි. අවිගත් කිහිපදෙනකු සමග මිනිස්සු හත්දෙනෙක් එස්යූවී රථයක් වටා වාඩි වී සිටියහ. සංකීර්නයෙන් පිට වන ලෙස පෂ්තුන් බසින් ඔවුනට අන කෙරුනු පසු එක් අයෙක් ඒකේ-47 අවියක් ගෙන එහි සිටි හමුදා කන්ඩායම් වෙතට ගමන් කිරීමට පටන් ගත්තේ ය. ඔහු වෙඩි කා මලේ ය. අනිත් අයගෙන් සමහරෙක් පෙරලා වෙඩි තැබීමෙන් සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔවුහු සත්දෙන ම මරා දැමිනි.

ඇෆ්ගනිස්ථානයේ විශේෂ හමුදා කන්ඩායම් විසින් මෙහෙය වෙන ක‍්‍රියාන්විතයන්ගේ මිනීමරු ස්වභාවය නැවතත් මෙම ඝාතනයන් මගින් පෙන්වා දෙයි. පලමුව වෙඩි තබනු පසුව ප‍්‍රශ්න කරනු යන්න මෙම ක‍්‍රියාන්විතයන්ගේ පාදක දෘෂ්ටිය යි. අයිඑස්ඒඑෆ් තමන් කැරලිකාර "නායකයන්" 368කට වඩා මරා දමා හෝ යටත් කරගෙන ඇතැයි කියා සිටියි. පසුගිය මාසයේ දී සෑම පැය 24කදී ම කැරලිකරුවන් හා ඔවුන්ගේ නායකයන් 24 දෙනෙක් විශේෂ බලකාය විසින් ඝාතනයට හෝ යටත් කරගැනුනු බවට ඇමෙරිකානු හමුදාපතියෝ පුරසාරම් දෙඩූහ. මෙහි දී සැබෑ "තාලිබාන්වරු" කොපමනක් ද සහ වැරදි තැනක වැරදි වෙලාවක රොහානි බාබාවල සිටි මිනිසුන් සත්දෙනා වැනි සාමාන්‍ය මිනිසුන් කොපමනක් ද යන්න කිසිවෙක් නො දනිති.

අයිඑස්ඒඑෆ් මෙම ඝාතන සම්බන්ධයෙන් "පරීක්ෂන" පවත්වන බව පවසන නමුදු ඝාතක කල්ලි ලෙස පමනක් නම් කල හැකි මේවායේ ක‍්‍රියාකාරකම් එල්ල කෙරී ඇත්තේ ඇෆ්ගනිස්ථානු ජනතාව ත‍්‍රාසයට හා භීතියට පත් කර ආක‍්‍රමනිකයාට යටත් කිරීම ය.

ඝාතනය පිලිබද ප‍්‍රවෘත්තිය පක්තියා හි අගනුවර ගාදෙස් තුල පෙලපාලියක් පැන නැංවී ය සිය ගනනක් මිනිස්සු ගිනි දැල්වෙන ටයර්වලින් බාධක තනා "ඇමෙරිකාවට මරනය" සහ ඇෆ්ගනිස්ථානු ආන්ඩු විරෝධී සටන් පාඨ හඬනැගූ අතර බැරක් ඔබාමා ලෙස තැනූ පඹයෙක් ගිනි තැබූහ. ඇෆ්ගනිස්ථානු පොලීසිය සහ සන්නද්ධ විරෝධතාකරුවන් අතර වෙඩි හුවමාරු විය. සිවිල් වැසියන් හයදෙනෙකු සහ පොලිස් භටයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව ප‍්‍රාදේශීය වෛද්‍යවරයෙක් අල් ජසීරා ප‍්‍රවෘත්ති සේවයට කීහ.

පක්තියා හි මෙම සිද්ධිය දුසිම් ගනනක් ඇෆ්ගනිස්ථානු සිවිල්වැසියන් මෙන් ම කැරලිකරුවන් සහ එක්සත් ජනපද යුද භටයන්ගේ ජීවිත බිලිගත් පසුගිය පැය 72ක කාලයේ සිදුවීම් වැලකින් එකක් පමනි.

එක්සත් ජනපද හමුදා මෙහෙයුම් සිදුකෙරුන කූනර් නැගෙනහිර පලාතේ පකිස්ථානු දේශ සීමාවේදී සෙනසුරාදා කල ගුවන් ප‍්‍රහාරයකින් කැරලිකරුවන් ලෙස නම් කෙරුනු 25 දෙනෙක් මරා දැමූහ. වාර්තා වන පරිදි පලාතේ වෙනත් දිස්ත‍්‍රික්කයක දී සෙසු "තාලිබාන්වරු" මරා දමන ලදී.

රටේ නැගෙනහිර වර්ඩග් පලාතේ දී එක්සත් ජනපද හමුදාව තාලිබාන් නායකයකු සොයමින් නිවාස සංකීර්නයක් තුලට කඩා වැදුන අවස්ථාවේදී තමන්ට තර්ජනය කලා යැයි කියන මිනිසුන් දෙදෙනකුට වෙඩි තැබීය. මරනයට පත් එක් අයෙක් කැරලිකාර නායකයකු බවට අයිඑස්ඒඑෆ් ප‍්‍රකාශයක් හැර වෙනත් කරුනු ඇත්තේ සුලු ප‍්‍රමානයකි.

සෙනසුරාදා කුන්දුස් උතුරු නගරයේ දී පුපුරන ද්‍රව්‍ය පුරවාගත් රථයකින් පැමිනි මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඇෆ්ගනිස්ථානු හමුදා මුරපොලක් අසල දී බෝම්බ පුපුරුවාගෙන සිවිල්වැසියන් 9දෙනෙකුට හා ඇෆ්ගන් භටයන් 5දෙනෙකුට තුවාල සිදු කරමින් තෙමේ ද මිය ගියේය.

සිකුරාදා හෙල්මන් ප‍්‍රදේශයේ දකුනු පලාතේ දී ප‍්‍රධාන ක‍්‍රියාන්විතයන්හි නියැලී සිටි ආක‍්‍රමනික හමුදාවන්ට පහර දීම සදහා කැරලිකරුවන් විසින් මහ මග අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පිකප් ට‍්‍රක් රථයක ගමන් කරමින් සිටි මිනිසුන් 15දෙනෙක් මරනයට පත් වූහ.

දකුනේ ප‍්‍රධාන පලාත හා තාලිබාන්වරුන්ගේ කලින් බලකොටුවක් වූ කන්දහාර් හී දී කැරලිකරුවෝ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට හා එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු කරමින් පොලිස් මූලස්ථානයක් අසල කාර් බෝම්බයක් පුපුරුවා හැරියහ. පසුගිය සතියේ ආන්ඩුවේ නිලධාරීන් දෙදෙනෙක් නගරයේදී මරා දැමූහ.

වාර්තා වන පරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉරිදා පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,000 පිරවූ මිනි වෑන් රථයක් කන්දහාර් පලාතේ ෂහාරි දිස්ති‍්‍රක්කයේ සන්ග්සාර් නගරයේ ඇමරිකානු කදවුරක් තුලට පදවා ගෙන ගියේ ය. වාර්තාවන් ගෙන් පෙනීයන පරිදි දරුනු පිපිරීමෙන් ගොඩනැගිල්ල බිඳ වැටුනි. ඇමරිකානු සහ ඇෆ්ගනිස්ථානු ආන්ඩුවේ භටයන් හයදෙනෙක් මිය ගිය අතර අවම වශයෙන් තව දුසිමකට තුවාල සිදුවිය.

ඊයේ සිදු වූ මරනත් සමග මෙම වසරේ එක්සත් ජනපද සහ අයිඑස්ඒඑෆ් හමුදාවන් තුල සමස්ත මාරක විපත් ප‍්‍රමානය 692 කි. ඉන් 479ක් ඇමරිකානුවෝය. සෑම මාසයකම ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු භටයන් 500ත් 600ත් අතර ප‍්‍රමානයක් තුවාල ලබමින් සිටින අතර බොහෝ දෙනෙක් මාර්ග බෝම්බවලින් මාරක තුවාල ලැබුවෝ වෙති.

තවමත් තාලිබාන්වරුන්ට සෑහෙන මහජන සහයෝගයක් ලැබෙන පෂ්තූන් වාර්ගික පලාත් වන හෙල්මන්ඞ් සහ කන්දහාර් ප‍්‍රදේශ රට තුලට30,000 වැඩියෙන් අලුතෙන් හමුදා භටයන් යවමින් ඇෆ්ගනිස්ථානය තුල යුද මෙහෙයුම් තීව‍්‍ර කල ඔබාමා පරිපාලනයේ ඉලක්ක බවට පත්ව තිබේ. මේ වන විට අයිඑස්ඒඑෆ් මුලු භට සංඛ්‍යාව 150,000කට ආසන්න ය.

බි‍්‍රතාන්‍ය පැරිෂුට් භටයෝ සහ ඇෆ්ගනිස්ථාන් ආන්ඩුවේ හමුදා පසු ගිය සතිය පුරා ජාත්‍යන්තර ආරක්ෂක බලකාය තාලිබාන්වරුන්ගේ ප‍්‍රබල පාලනය යටතේ පැවතුන හෙල්මන්ඩ්හි නාහ්-ඊ-සරාජ් අත්පත් කර ගත් බව වාර්තා කර ඇත. ඇමරිකානු නාවික භටයෝ හෙල්මන්ඩ් හි සැන්ජින් දිස්ත‍්‍රික්කය තුල දරුනු සටන්ව යෙදී සිටිති. වාර්තාවන ආකාරයට දහස් ගනනක් සෙසු එක්සත් ජනපද හමුදා කැරලිකාර සටන්කරුවන්ට ප‍්‍රදේශය හැර යාමට බලකරමින් කන්දහාරයේ ප‍්‍රධාන දිස්ති‍්‍රක්කය අත්පත් කරගෙන ඇත.

විශේෂ හමුදා බලඇනි විසින් සිදු කරනු ලබන මිනීමරු කල්ලිවල කි‍්‍රයාන්විතයන්ගේ බලවත් වර්ධනයන් සමග එක පෙලට කැරලිකරුවන් ලෙස සැක කෙරුනු ඉලක්කවලට එල්ල කරන ගුවන් ප‍්‍රහාර ගනන තියුනු ලෙස වර්ධනය කිරීමක් සිදු වී ඇත .

හෙල්මන්ඩ් සහ කන්දහාර් තුල කැරලි විරෝධී කි‍්‍රයාන්විතයන්ගේ අපේක්ෂිත "සාර්ථකත්වයට" ඔබාමා හා ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් යන දෙදෙනා විසින් ම මේ මාසයේ ඇෆ්ගනිස්ථානයට කල ගමන්වලින් අනතුරුව හමුදා සංඛ්‍යාව වැඩි කිරීම නිසා "ප‍්‍රගතියක්" ඇතිවූ පනට කල ප‍්‍රකාශයන්ගෙන් මුක්කුවක් ලැබුනි. ඔබාමා දෙසැම්බර් 3දා සහ ගේට්ස් දෙසැම්බර් 8දා ඇෆ්ගනිස්ථානයට කෙටි සංචාරවල යෙදුනහ.

ප‍්‍රගතිය ගැන ප‍්‍රකාශන තිබියදී ම ඔබාමාගේ ධවල මන්දිරය 2011 ජූලි සිට ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාවන්ගේ සැලකියයුතු ඉවත් කිරීමක් පිලිබද සියලු කතා අතහැර දමා ඇත. ඒ වෙනුවට ඇෆ්ගනිස්ථානු හමුදාව සහ පොලීසිය බොහෝ ආරක්ෂක කි‍්‍රයාන්විතයන් මෙහෙය වීමේ හැකියාවෙන් යුක්ත බව පෙනීයන විටෙක දී එනම් 2014 අවසානය නව දිනය ලෙස අවධාරනය කෙරී ඇත.

අයිඑස්ඒඑෆ් හි අන දෙන නිලධාරී ජෙනරාල් ඩේවිඩ් පෙට්ට‍්‍රාවුස් විසින් මෙම සතියේ දී යුද්ධය පිලිබඳ සමාලෝචනයක් ධවල මන්දිරයට බාර දෙනු ලබයි. ගිය සතියේ එහි අන්තර්ගතය පුලුල් ලෙස එලිදරව් කරමින් මාධ්‍යවේදීන්ට පෙට්ට‍්‍රාවුස් මෙසේ කී ය. "ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප‍්‍රදේශවලින් සියලු දෙනාම නොවුනත් තාලිබාන්වරුන්ගේ බලවත් කොටසක් අත්අඩංගුවට ගෙන ඇති බව අපි විශ්වාස කරමු."

කෙසේ වෙතත් පෙට්ට‍්‍රාවුස් සිදුවෙමින් පවතිනා සටන සිදුවීම යුද්ධයේ ඉතාම තීව්ර බවට අනතුරු ඇගවී ය. බි‍්‍රතාන්‍ය හමුදාවෙන් සැන්ජින් වැනි ප‍්‍රධාන දිස්ති‍්‍රක්කවල කටයුතු බාරගැනීමෙන් පසු සැප්තැම්බර් 20දා හෙල්මන්ඩ්වල දී එක්සත් ජනපද නාවික හමුදාවේ 42ක් මියගියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මීට වෙනස් ව තලිබාන්වරුන්ට එරෙහිව එවැනි ආක‍්‍රමනශීලී ප‍්‍රහාරයන් ගෙනයාමට හමුදා භටයන් නොසිටි බි‍්‍රතාන්‍යයට පසු ගිය අවුරුදු තුනහමාර තුල ම අහිමි වූයේ මිය ගිය 76ක් පමනි.

"ඔබ ප‍්‍රදේශයන් අත් හැරීමට උත්සාහ කරන විට ඔබේ සතුරා ඔබට විරුද්ධව සටන් වදින්නේ ය" යි පෙට්ට‍්‍රාවුස් කීවේ ය. "ඔබ හෙල්මන්ඩ් හි ජනාකීර්න ප‍්‍රදේශ දෙස බැලුවහොත් සැන්ජින් යනු තවමත් තාලිබාන්වරුන්ගේ පරිපාලනයේ පවතින ඉතිරි ප‍්‍රධාන ප‍්‍රදේශයන්ගෙන් එකකි. ඇමරිකානු හමුදාවන්ට හානි පැමිනවූ මාර්ග බෝම්බ වලින් සිදුවන විශාල ප‍්‍රමානයක් විපත් නතර කිරීමට උත්සාහ කිරීම සඳහා බර යුදටැංකි සමූහයක් හෙල්මන්ඩ් වෙත යැවෙමින් පවතී.

කැරලිකාරිත්වය 2015දී විශාල වශයෙන් ලෙයෙහි ගිල්වනු ලැබුවත් ඉරාකයේ සිදුකර ඇති පරිදි ඉත්ිරි වී ඇති විශාල හමුදාවක් ඇෆ්ගනිස්ථානය තුල අසීමිතව රඳවා තැබීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ අපේක්ෂාව ය. තෙල් සහ ගෑස් නිධි සූරා කෑම සඳහා විවෘත කරනු ලබන සම්පත් බහුල මධ්‍යම ආසියානු කලාපය තුල මෙම රට එක්සත් ජනපද හමුදාවට මූලෝපායික ඉදිරි පදනමක් සම්පාදනය කරයි.

මෙම රටෙහි එක්සත් ජනපද රූකඩ අගමැති හමිඩ් කර්සායි බොහෝ කල් පමා වූ ටර්ක්මෙනිස්ථානය -ඇප්ගනිස්ථාන්- පකිස්ථාන - ඉන්දියා (ටීඒපීඅයි) නල පද්ධතියේ වැඩ යලි ඇරඹීමේ ගිවිසුමක් සෙනසුරාදා අත්සන්කල විට මධ්‍යම ආසියාවේ තෙල් සහ ගෑස් සම්බන්ධයෙන් එක්සත් ජනපද උත්සුකතාවයන්ට ඇෆ්ගනිස්ථානයේ දිගුකාලීන වැදගත්කම ඉස්මතු කලේය. වසර 15කටත් වඩා පෙර යෝජිත මෙම නල පද්ධතිය එක්සත් ජනපදයට හතුරුව සිටින ඉරානය හෝ රුසියාව හරහා පවතින ප‍්‍රවාහන මාවත්වලට විකල්පයක් සම්පාදනය කරමින් අතිවිශාල ටර්ක්මෙනිස්ථාන් ක්ෂේත‍්‍රවලින් ඇෆ්ගනිස්ථානය හරහා පකිස්ථානයේ නගරවලට හා උතුරු ඉන්දියාවට ගෑස් ප‍්‍රවාහනය කිරීම අදහස් කෙරුනි.

නල පද්ධතිය ගොඩ නැගීමට ඩොලර් බිලියන 7.6 වඩා වැය වූ අතර එයට කන්දහාර් පලාත හා හමුදා වාඩිලා ගැනීමට බරපතල ප‍්‍රතිරෝධයක් දක්වන සෙසු ප‍්‍රදේශ මැදින් යායුතුය. මෙම කරුන වෙනත් ඕනෑම දෙයකට වඩා කැරලිකාරීත්වය කුඩු කිරීමට ප‍්‍රයත්න දරමින් සිටින එක්සත් ජනපද මිලිටරියේ කෲරත්වය හා සිවිල් ජීවිත කෙරෙහි ඇති නොතැකීම පැහැදිලි කරයි.

the WSWS | Contact Us | Privacy Statement |