කලා විමර්ශන

කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවයි

ලේඛකයාගේ නිදහස සඳහා රට තුල හා ජාත්‍යන්තරව ගෙන ගිය උද්ඝෝෂනය මධ්‍යයේ ඔහු ඇප මත නිදහස් කෙරුනු නමුදු, ඔහුගේ සහ අන් කලාකරුවන්ගේ භාෂනයේ නිදහස ට එරෙහි තර්ජනය වඩාත් තීව්‍ර වෙමින් පවතී.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 13

ගින්නෙන් උපන් සීතල: ව්‍යාජ චරිතාපදානයක්

අධ්‍යක්ෂවරයාගේ දේශපාලනික අඥානභාවය සහ තම කෘතිය නිර්මානය කිරීමේ දී ඔහු ගෙන ඇති ආත්මීය ප්‍රවිෂ්ටය මෙම ව්‍යාජභාවයේ මූලික පදනමයි.

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 මාර්තු 11

ප්‍රගතිශීලී විප්ලවය: නව ඉන්දියාවක් සඳහා නූතන කලාව

නිව් යෝර්ක්හි ආසියා සමාජය කෞතුකාගාරයේ නූතන ඉන්දියානු කලාව

ප්‍රගතිශීලී කලාකරුවන්ගේ කන්ඩායම බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමත් සමගම දසලක්ෂ ගනනක් තුල වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ අධිරාජ්‍ය විරෝධී හැඟීම් තම කෘතීන් මගින් ප්‍රකාශයට පත් කරන කලාකරුවන් එකට ගෙන ආවේය.

The Progressive Revolution: Modern Art for a New India

ජොෂ් වාලින් සහ ඉවන් කෝහෙන් , 2019 පෙබරවාරි 20,

ප්‍රාස්ඩ්නික් (නිවාඩුව): රුසියාවේ සමාජ අසමනාතාව ගැන චිත්‍රපටය ප්‍රේක්ෂක සමූහයක් ආකර්ෂනය කර ගනී

රුසියාවේ සමාජ අසමානත්වය විදහා දැක්වෙන මෙම චිත්‍රපටය වාරනය කිරීමේ ආන්ඩුවේ උත්සාහයකට තුඩුදී ඇත.

Prazdnik (Holiday): Film about social inequality in Russia attracts mass audience

ක්ලාරා වීස් විසිනි, 2019 පෙබරවාරි 18

යාපනයේ සිනමා උලෙලකදී ලංකාවේ සිවිල් යුද්ධය අලලාගත් චිත්‍රපටයක් වාරනය කෙරෙයි

දකුනේ මෙන්ම උතුරේ පාලක පන්තීහු තමා පදනම්ව සිටින වාර්ගික දේශපාලනය පිලිබඳ කවර හෝ විවේචනාත්මක සාකච්ඡාවකට එරෙහිය. චිත්‍රපටය වාරනය කිරීම පිටුපස පවතින්නේ එයයි.

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ඔක්තෝබර් 17

“බුදුු දහමට අපහාස වෙතැ” යි යන චෝදනාව යටතේ ආන්ඩුව ගුවන් විදුලි නාට්‍ය මාලාවක් වාරනය කරයි

නාට්‍ය මාලාව වාරනය කිරීම කලාවේ නිදහසට සහ භාෂනයේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කරන ලද බලගතු ප්‍රහාරයකි.

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 අගෝස්තු 27

තිත්ත කහට - වතු කම්කරුවන් පිලිබඳ නාටකීය අත්දැකීම:
සීමාසහිතකම් ඇතත් පැසසිය යුතු නිර්මානයක්

වතු කම්කරුවන්ගේ ඉතිහාසය හා වර්තමානය වේදිකාව මත නිරූපනය කරන්නට දරා ඇති උත්සාහය අගනා නමුත් කම්කරු පන්තික විප්ලවවාදී විභවය අභිබවා එම කම්කරුවන් හුදු සමාජ අනුකම්පාවට ලක් විය යුතු කොටසක් බවට ඌනනය කිරීමේ සීමාසහිතකම පවතී.

සමන් ගුනදාස විසිනි, 2018 අගෝස්තු 9

ශ්‍රී ලාංකික සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවානුකථනය පිලිබඳ අදහස් දැක්වීමකට පිලිතුරක්

අපේ මූලික අරමුන වූයේ පීරිස් ශ්‍රී ලංකාවේ සිනමාවට කල පොදු ප්‍රතිපදානය හා ඔහු එහි පීතෘවරයා බවට පත් වූයේ කෙසේ ද විභාග කිරීම යි.

A reply to a comment on the obituary of Sri Lankan filmmaker Lester James Peries

පානි විජේසිරිවර්ධන හා ගාමිනී කරුනාතිලක විසිනි, 2018 ජුලි 24

“දේශපාලනය එපා” යන සටන්පාඨයට නතුවීමෙන් විඳවන සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” චිත්‍රපටිය

ජනාදරීගේ ප්‍රබල රංගනය හා තවත් බලගතු දර්ශන තිබියදීම, චිත්‍රපටි අධ්‍යක්ෂවරයා කතාවට අදාල දේශපාලන යථාර්ථය චිත්‍රපටිය තුලදී දැනුවත්වම වලලා දමා තිබේ.

වසන්ත රූපසිංහ විසිනි, 2018 ජූලි 9

“වැටීමට පෙර”: 1930 ගනන්වල ජර්මානු සහ ඕස්ට්‍රියානු කලාව නිව් යෝර්ක් නුවර ප්‍රදර්ශනයේ

අත්ලාන්තික් සාගරය දෙපසෙහිම පවත්නා සමාජ සහ දේශපාලනික අර්බුදය මධ්‍යයේ මෙම කාර්යයෙහි කාලීනභාවය පුනරුච්චාරනය කිරීම අවශ්‍ය නොවේ.

Before the Fall: German and Austrian Art of the 1930s on view in New York City

ෆ්‍රෙඞ් මසීලිස් , 2018 මැයි 26

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය පිරිනැමන්නේ... පුද්ගලයන් දඩයම් කිරීමට යි!

හොලිවුඩ් විදේශ මාධ්‍ය සංවිධානය විසින් සංවිධාන කෙරුනු මේ වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙල ස්වයං-ධ්‍යානයේ මෙන් ම ස්වයං-ග‍්‍රස්තියේ අපූර්ව දර්ශනයකි.

And the Golden Globe award goes to … Witch hunting!

ෙට්‍රවොන් ඔස්ටින් හා ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2018 ජනවාරි 9

රුසියන් විප්ලවය කලාකරුවකුගේ ඇසින්: 1917: සැබෑ ඔක්තෝබරය

ග‍්‍රීම් සම්මානය දෙවරක් දිනා සිටින රොත්ට 1917 පෙබරවාරි සිට සිට ඔක්තෝබර් දක්වා සිදුවීම් කලාකරුවන් ගනනාවකගේ ආත්මීය දෘෂ්ටිකෝනයෙන් ඉදිරිපත් කිරීමට කලාකරුවන් ප‍්‍රතිචාර දැක් වූයේ කෙසේ දැයි දැන ගැනීමට වුවමනා විය.

An artist’s eye view of the Russian Revolution ,1917: The Real October

සිබිලි ෆූච්, 2017 නොවැම්බර් 17

ස්මරන සමාප්ති : කලාත්මක ප‍්‍රතිභාව සමග දෘෂ්ටිවාදී අගතීන් ද ප‍්‍රකට කෙරෙන කෘතියක්

ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ නොමග යැවීම් වලින් ව්‍යාකූල නොවී, තමා සතු කලාත්මක ප‍්‍රතිභාව වඩාත් සුසංවාදී ලෝකයක් නිර්මානය කිරීමේ කර්තව්‍යයට යොමුකර ගැනීමට නම් කලාකරුවන් සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක ඉදිරිදර්ශනාත්මක මගපෙන්වීම ලබාගත යුතුය.

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 නොවැම්බර් 8

2015 සැල්ස්බර්ග් උලෙලේ දී බීතෝවන්ගේ ෆිඩීලියෝ හඳුනාගත නො හැකි තරමට විකෘති කෙරේ

ප‍්‍රන්ස විප්ලවයෙන් ඉක්බිතිව ලියන ලද ඔපෙරාව, බුද්ධි ප‍්‍රබෝධයේ සිතුම් පරමාදර්ශයන් කෙරේ රචකයාගේ කැපවීම ප‍්‍රකාශ කරයි. අතීත කලාත්මක ජයග‍්‍රහනයන් බාල මට්ටමේ හා ඊනියා න්‍යායික පැහැදිලි කිරීම්වල කලාත්මක නිදසුන් ලෙස ප‍්‍රතිනිෂ්පාදනය කිරීම වර්තමාන දෛනික කලාත්මක හා සංස්කෘතික භාවිතාවන්ගේ හා ප‍්‍රාසාංගික කලාවන්ගේ සාමාන්‍ය අංගයක් බවට පත් වී ඇති අතර, වර්තමාන කලාව බාල කිරීම, නිස්සාර හා දිලිඳු කිරීම සඳහා එය අත්වැලක් ලෙස යොදා ගැනේ. මෙය සම්භාව්‍ය කලා කෘතීන්ට පමනක් නොව ඊනියා ජනතාවාදී කලාවන්ට (මහජනතාවට පහත් මට්ටමේ අවරසික කලා හා සංස්කෘතික සංග‍්‍රහයන් කිරීම) ද අදාල පරිහානියකි. පහත පල වන්නේ බීතෝවන්ගේ ෆිඩීලියෝ ඔපෙරාවේ නවතම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් කලාවේ අර්බුදග‍්‍රස්ත ප‍්‍රවනතාව ජාත්‍යන්තර මට්ටමින් හඳුනා ගෙන එය විවේචනාත්මක විග‍්‍රහයකට ලක් කිරීමකි. - පරිවර්තක)

Beethoven’s Fidelio distorted beyond recognition at 2015 Salzburg Festival

ෆ්‍රෙඩ් මසේලිස් , 2015 නොවැම්බර් 7

රෙවලූත්සියා! දිමොන්ස්ත‍්‍රැත්සියා! සෝවියට් කලාව ඔබගේ විමසුමට - චිකාගෝ කලායතනයේ ප‍්‍රදර්ශනය හඳුන්වා දීම සඳහා අදහස් දැක්වීමක්

රුසියානු විප්ලවවාදී කලා ප‍්‍රදර්ශනය ඔක්තෝබර් 29 දා විවෘත විය

සෝවියට් කලාව ඔබගේ විමසුමට, 1920 ගනන් හා 1930 ගනන්වල නිර්මානාත්මක කටයුතු පිලිබඳ සැලකිය යුතු ඉදිරිපත් කිරීමක් හා විනෝදාශ්වාදයක් මෙයින් ගෙන එයි. එහෙත් එය, කෘතිය හඳුනා ගැනීමට අත්‍යාවශ්‍යම සන්දර්භය පැහැදිලි කිරීමට අසමත්ව ඇත.

Revoliutsiia! Demonstratsiia! Soviet Art Put to the Test at the Art Institute of Chicago—an introductory comment

ජෙෆ් ලූසාන් සහ ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2017 ඔක්තෝබර් 31

“සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයට මධ්‍යම කඳුකරයෙන් බලගතු ප‍්‍රතිචාරයක්

හැටන් නගරය කේන්ද්‍ර කරගත් ස්ථාන තුනක පවත්වන ලද “සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයේ දර්ශනයන්, ගුරුවරුන්, වතු කම්කරුවන්, තරුනයන්, ගෘහනීන් සහ සිසුන්ගෙන් සමන්විත සැලකියයුතු ප්‍රේක්ෂකයක් ආකර්ෂනය කර ගැනීමට සමත් විය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 21

ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
ඩිරෙක්ෂන්ස්, ඩිසපියරන්ස්, එ ඩ‍්‍රවුනින් මෑන්: කටුක කොන්දේසි සම්බන්ධයෙන් යථාර්ථවාදී ය

මෙය මෑතක (සැප්තැම්බර් 7-17) පැවති ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල වෙනුවෙන් කැප කල ලිපි මාලාවකින් එකකි. සමහර චිත‍්‍රපට ඔබගේ අවධානය මුලුමනින් ම ඩැහැ ගනියි. ස්ටීවන් කොමැන්න්ඩරෙව් සමග කල සාකච්ඡාව මීට පසුව පලවේ.

Toronto International Film Festival 2017: Directions, Disappearance, A Drowning Man: Realistic about harsh conditions

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2017 සැප්තැම්බර් 26

ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
ඩිරෙක්ෂන්ස් අධ්‍යක්ෂනය කල ස්ටීවන් කොමැන්ඩරෙව් සමග සම්මුඛ සාකච්ඡාවක්: “පලමු පියවර විය යුත්තේ සිදු වෙන දේ ගැන පැහැදිලි අදහසක් ඇති කර ගැනීම යි. වෙන ක‍්‍රමයක් මට පේන්නේ නැහැ.”

මෑතක පැවති චිත‍්‍රපට උලෙල අතරතුර දී අපි Directions(ඩිරෙක්ෂන්ස් )ලියා අධ්‍යක්ෂනය කල බල්ගේරියානු සිනමාකරු ස්ටීවන් කොමැන්ඩරෙව් සමග කතාබහක යෙදුනෙමු.

Toronto International Film Festival 2017: An interview with Stephan Komandarev, director of Directions

ඩේවිඩ් වොල්ෂ් සහ ජොඈන් ලෝරියර් විසිනි, 2017 සැප්තැම්බර් 26

සාර් ටු ලෙනින් සිනමා දැක්ම හා සාකච්ඡාව

සාර් ටු ලෙනින් වාර්තා චිත‍්‍රපටයේ වීඩියෝ පටය නිකුත් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද හැඳින්වීමේ සටහනමුද්‍රනය කර පිටපත් දහසක් පමන බෙදා හරිමින් , චිත‍්‍රපට දැක්මට පෙර සතියේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇතුලු මහනුවර විවිධ ප‍්‍රදේශ වල, සසප සහ සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂනයේ යෙදුනාහ.

2017 ජූනි

2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද

විට්නි ද්විවාර්ෂිකය, නිව් යෝර්ක් නගරයේ පිහිටි ඇමරිකානු කලාව පිලිබඳ විට්නි කෞතුකාගාරයේ, 2017 මාර්තු 17-ජූනි 11.

The 2017 Whitney Biennial—a survey of contemporary American art: What does it show?

ක්ලෙයාර් හර්ලිී, 2017 මැයි 25

උසාවිය නිහඬයි- ශ්‍රී ලංකාවේ අධිකරනයේ දූෂිතභාවය පිලිබඳ චිත‍්‍රපටයක්

මහේස්ත‍්‍රාත්වරයෙක් විසින් ගම්බඳ කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කර පසුව එය වසන් කල ආකාරය, ප‍්‍රසන්න විතානගේ ගේ වාර්තාමය චිත‍්‍රපටිය මගින් ගෙන හැර පායි.

වසන්ත රූපසිංහ විසිනි.,2017 ජූනි 3

රාහුල් රෝයිගේ ද ෆැක්ටරි: බොරු නඩු අටවා සිරගත කල මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය ඉස්මත්තට ගෙන එන චිත‍්‍රපටියක්

රෝයිගේ චිත‍්‍රපටිය, ඉන්දියාවේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන, ගෝලීයව ඒකාබද්ධ කරගත් මෝටර් රථ කර්මාන්ත ක්ෂේත‍්‍රය තුල කම්කරුවන් මුහුන දෙන ම්ලේච්ඡ කොන්දේසි වෙත ආලෝකයක් විහිදුවයි.

වසන්ත රූපසිංහ විසිනි., 2017 මාර්තු 26

රාවුල් පෙක්ගේ තරුන කාල් මාක්ස්

1843 හා 1847 අතරතුර මාක්ස් හා එංගල්ස් පිලිබඳ චරිතාපදාන නිරූපනයක් වන රාවුල් පෙක්ගේ තරුන කාල් මාක්ස් නම් චිත‍්‍රපටය, නිව් යෝක් හා ලොස් ඇන්ජලීස් සිනමා ශලාවල ප‍්‍රදර්ශනය කිරීම ඇරඹූ අතර, පසුව පුලුල් ලෙස එක්සත් ජනපදය පුරා ප‍්‍රදර්ශනය කිරීමට නියමිත ය. අප මෙහි නැවත පල කරන්නේ, පසු ගිය වසරේ මාර්තු මාසයේ දී ලෝසවෙඅ තුල පල වූ ඒ පිලිබඳ විචාරයකි.

Raoul Peck’s The Young Karl Marx

පීටර් ස්වාස් විසිනි, 2017 මාර්තු 15

වතුකරයේ පැවති සිනමා උලෙලක් පිලිබඳ සටහනක්

තමා ගේ ජීවිත අඳුරු කුටියක සිරකර තබා සිටීම සම්බන්ධයෙන් පාලක පන්තීන් සහ වතුකරයේ වෘත්තීය සමිති ඉටු කරන කාර්ය භාරය පිලිබඳව චිත‍්‍රනය කිරීමට බොහෝ නිර්මානකරුවන් තම නිර්මාන තුලින් උත්සාහ දරා තිබුනි.

පානි විජේසිර්වර්දන සහ ආර්. ශ්‍රී හරන් විසිනි, 2017 ජනවාරි 14

හෝ ගානා පොකුන - සීමා බන්ධන සහිත වුවද ආශ්වාදජනක නිර්මානයක්

දෘෂ්ටිවාදාත්මක සීමාබන්ධනයන් තිබියදී පවා හෝ ගානා පොකුන ආස්වාදජනක නිර්මානයක් බවට පත්ව ඇත්තේ ලමුන් පිලිබඳ වෛෂයික සමාජයීය සත්‍යය සෞන්දර්යාත්මකව පිලිබිඹු වන බැවිනි.

සමන් ගුනදාස විසිනි, 2016 අපේ‍්‍රල් 21

ටර්මිනේටර් ජෙනිසිස් සහ ඇමරිකානු ”ස්වාධීන” සිනමාකරනයේ ගමන් මග

1990 ගනන් සහ 2000 ගනන්වල මුල් භාගයේ ඇලන් ටේලර් වැනි ස්වාධීන සිනමාකරුවන් ගනනාවක්ම ඒ හෝ මේ ආකාරයේ බ්ලොක්බස්ටර් රැල්ල වෙතට තම මාවත සකසා ගෙන තිබේ.

Terminator Genisys and the trajectory of American “independent” filmmaking

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජුලි 8

බ්ලැක් මාස් : මැරයෙකු හා එෆ්බීඅයි ඔත්තුකරුවෙකු වූ වයිටි බල්ජර් පිලිබඳ කතාව

අධිකාරයන් කෙරෙහි සෞඛ්‍යමත් විරුද්ධත්වයක් ප‍්‍රදර්ශනය කල ද 1970 සහ 1980 ගනන්වල බොස්ටන්හි පාතාලය සහ නගරයේ සමාජ සමිබන්ධතා පිලිබදව තෘප්තිකර චිත‍්‍රයක් නිර්මානය කිරීමට චිත‍්‍රපටය අපොහොසත් වෙයි.

Black Mass: The story of Whitey Bulger, gangster and FBI informant

කෙවින් මාටිනස් විසිනි, 2015 ඔක්තෝබර් 10

දහහත්වන ශතවර්ෂයේ ලන්දේසි චිත‍්‍ර බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ

ප‍්‍රදර්ශනය දැවැන්ත එකක් නො වූව ද ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපයේ ආයතන 40කින් ලබා ගත් චිත‍්‍ර 75, ඉතා විචක්ෂනශීලී ලෙස තෝරා ගෙන ඇති අතර, ඉන් තුනෙන් එකක් ඉන් පෙර ඇමරිකාවේ ප‍්‍රදර්ශනය නො වූ ඒවාය.

Hegel: “In their paintings we can study and get to know men and human nature”
Seventeenth-century Dutch paintings at the Museum of Fine Arts in Boston

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ඔක්තෝබර් 29

“ඔබ නැතුව ඔබ එක්ක: සම්භාව්‍ය සිංහලෝත්තමවාදය” : ප‍්‍රසන්න විතානගේ ගේ නවතම චිත‍්‍රපටය පිලිබඳ (අ)විචාරයක්

විතානගේ ගේ කෘතිය කලාවේම නීති අනුව සංයුක්තව විභාග කිරීමට බැරෑරුම් සහ අවංක උත්සාහයක් ගන්නා කවරෙකුට හෝ පෙනී යන්නේ සෙල්වි ගේ කෝපය, අතෘප්තිය සහ ඇගේ ඛේදවාචී අවසානය මෙම වාර්ගික පීඩනයේ ම නිර්මිතයන් බවයි.

පානි විජේසිරිවර්දන විසිනි, 2015 නොවැම්බර් 11

යූඑස්ඒ නෙට්වර්ක් හි Mr. Robot (රොබෝ මහතා): ප‍්‍රකෝපකාරී ඇරඹුමක්, නමුත් ගමන කොහිබටද?

නය බරින් මැඩුන තරුනයන්ට සෘජු ආයාචනයක් කිරීමෙන් හා එය සංගත-විරෝධී ලෙස හංවඩු ගැසීමෙන් රොබට් මහතා බෝහෝ ප‍්‍රශ්න මතු කරයි. එහෙත් එය ඔවුන් සමග සම්බන්ධ කරන්නේ කෙසේ ද?

USA Network’s Mr. Robot: A provocative start, but where will it go?

ක‍්‍රිස්ටීන් ෂොෆෙල්ට් සහ ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජූලි 17

ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටිය පිලිබඳව විචාරයක වේශයෙන් එන ජාතික ප‍්‍රශ්නය පිලිබඳ විකෘතිකරනයන්

ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටියෙන් ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිලිබ`ද වෛෂයික සත්‍යය අනාවරනය කරන බැවින් සිංහල වර්ගවාදයෙන් කැලතී සිටිනවුන් ඊට ද්වේශ කරයි.

වසන්ත රූපසිංහ සහ පානි විජේසිරිවර්ධන විසිනි, 2015 ඔක්තෝබර් 15

“කලාකරුවන්ට යුද්ධයේ යථාර්ථය හෙලිදරව් කිරීමේ ශක්‍යතාව තියෙනවා“
ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කරයි

විතානගේ ඔබ නැතිව, ඔබ එක්ක සහ සමකාලීන සිනමාකරුවන් මුහුන දෙන දේශපාලන දුෂ්කරතා පිලිබඳව සාකච්ඡා කරයි

Sri Lankan filmmaker Prasanna Vithanage speaks with the World Socialist Web Site

වසන්ත රූපසිංහ විසිනි, 2015 ඔක්තෝබර් 13

2015 සාක් සිනමා උලෙල- කලාපයේ සංස්කෘතික සීමා තිර කිරීමක්

සාක් චිත්‍රපට උලෙලේ අරමුන ලෙස දක්වා ඇති සාමාජික රටවල් අතර ඊනියා “සංස්කෘතික ප්‍රවර්ධනය හා ඒකාබද්ධතාව ඇති කිරීම“ යන්න සාක් සංවිධානයේ අරමුන තරම්ම පටු එකකි.

වසන්ත රූපසිංහ විසිනි, 2015 ජූලි 13

අධ්‍යක්ෂ කාර්ලෝස් රේගඩාස් කොලඹ ජාත්‍යන්තර සිනමා උලෙලේ: නමුත් සිනමාත්මක කලාව යනු කුමක්ද?

මෙක්සිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ කෘති කිහිපයක් මෑතදී පැවැත්වුනු කොලඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙලේදී ඉස්මතු කෙරිනි. සිනමාව කෙරෙහි රෙගඩාස් ගේ ප‍්‍රවේශයෙහි පවතින ප‍්‍රාථමික යථාර්තවාදය හා අවිඤ්ඤානකත්වය වන්දනාමාන කිරීම මෙහිදී සැලකිල්ලට භාජනය කෙරේ.

Director Carlos Reygadas at the Colombo film festival: But what is cinematic art?

සමන් ගුනදාස විසිනි, 2014 නොවැම්බර් 18

ශ‍්‍රී ලංකා ආන්ඩුව ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල නවතම චිත‍්‍රපටය වාරනය කරයි

ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටය දරුනු ලෙස කප්පාදු කරන්නැයි ආන්ඩුව කර ඇති ඉල්ලීම මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත එල්ල කෙරුනු බරපතල ප‍්‍රහාරයකි.

Sri Lankan government censors Prasanna Vithanage’s latest film

වසන්ත රූපසිංහ විසිනි, 2014 දෙසැම්බර් 18

තන්හා රතී රඟා : ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය දෙසට හෙලන සානුකම්පික බැල්මක්

2009 වසරේ බෙදුම්වාදී එල්ටීටීඊය මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් අවසන්වූ දීර්ඝ සිවිල් යුද්ධයෙන් අනතුරුව දිවයිනෙහි සිනමා ශාලා අරක්ගත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී යුද වින්දනීය චිත‍්‍රපට ගොන්නෙන් වෙන්වන දේශපි‍්‍රයගේ චිත්‍රපටිය, ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය පිලිබිඹු කිරීමට ගත් සෞන්දර්යාත්මක ප‍්‍රයත්නයක් ලෙස පැසසුමට ලක්විය යුතු ය.

වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි , 2014 නොවැම්බර් 20

“වයලීනයේ හඬ”: ජීවිතය හා කලාව අතර සබඳතාව පිලිබඳ සෞන්දර්යාත්මක විවරනයක්

ජාතික රූපවාහිනිය ඔස්සේ පසුගිය අගෝස්තු 1 දා සිට සෑම සිකුරාදාවකම විකාශය වූ සන්තුෂ ලියනගේ විසින් අධ්‍යක්‍ෂිත “භාව තීර්ථ” ටෙලි චිත‍්‍රපට මාලාව පවත්නා ඒකාකාරී, නීරස හා කලා විහීන ටෙලි නාට්‍ය වලට වෙනස් අයුරකින්, නැවුම් හා යථාර්ථවාදී ලෙස ජීවිතය විවරනය කිරීමට දැරූ ප‍්‍රශංසනීය වෑයමකි. ඒ අතරින් පසුගිය 17දා විකාශය කල “වයලීනයේ හඬ” කතා මාලාවේ අනෙකුත් කතා අතරින් වඩාත් ඉහලට එසැවුනු කෘතියකි.

වසන්ත රූපසිංහ විසිනි , 2014 නොවැම්බර් 06

දෙවන ලෝක සංග්‍රාමය පිලිබඳ විශිෂ්ට සෝවියට් චිත්‍රපටියක්
තවත් නම් යුද්ධ එපා!The Cranes Are Flying"කොක්කු ඉගිලෙති (1957)" චිත්‍රපටියේ යුද විරෝධී පනිවිඩය

චිත්‍රපටියේ එන්නේ, ආදරයෙන් බැඳී විවාහාපේක්ෂාවෙන් පසුවන යෞවනයෞවනියන් දෙදෙනෙකු, එනම්, බෝරිස් හා වෙරෝනිකා පිලිබඳ කථා පුවතයි. 1941 දී ජර්මානු හමුදා සෝවියට් දේශය ආක්‍රමනය කල කල්හි ඔවුන්ගේ විවාහ සැලසුම් කල් දමන්නට සිදු වෙයි.

No more war! The anti-war message of The Cranes Are Flying (1957)

ඩොරොටා නිමිට්ස් විසිනි,2014 ජූනි 19

කොක්කු ඉගිලෙති චිත්‍රපටය පිලිබඳ තවත් අදහසක්

චිත්‍රපටය මුදා හැරුනු එම වසරවලදී The Cranes Are Flying(කොක්කු ඉගිලෙති) සෝවියට් සංගමය තුල මෙන්ම නැඟෙනහිර හා බටහිර ජර්මනිය තුල ද අතිමහත් සාර්ථකත්වයක් අත් කර ගත්තේය.

A further comment on The Cranes Are Flying

වොල්ෆ්ගෑන්ග් වෙබර් විසිනි , 2014 ජූනි 19

ප‍්‍රසන්න විතානගේගේ ඔබ නැතුව, ඔබ එක්ක: ශ‍්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ මානුෂීය ප‍්‍රතිවිපාක

Prasanna Vithanage’s With You, Without You: The human impact of Sri Lanka’s communal war

වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි,2014 ජූලි 14

ගේබ්රියල් ගාර්සියා මාකේස්: ඇමරිකාවන් දෙකේම සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක්

පසුගිය අඩ සියවසේ ප‍්‍රධාන සාහිත්‍ය කරුවන්ගෙන් අයෙක් වන කොලොම්බියානු රචක ගේබ්රියල් ගාර්සියා මාකේස් වයස අවුරුදු 87 දී පසුගිය අපේ‍්‍රල් 17දා මෙක්සිකෝ නගරයේ දී මිය ගියේ ය.

Gabriel García Márquez: A giant in the literature of the Americas

රෆායෙල් අසූල් විසිනි, 2014 මැයි 21

මොස්කව් පාලනය ඓතිහාසික ශුකොව් කුලුනේ ඉරනම මැන බලයි

සෝවියට් සංගමයේ පූර්ව අවධියේ විප්ලවවාදී අභිලාෂයන්ගේ සංකේතයක් සහ තාක්ෂනික විශ්මිතයක් වූ ශුකොව් රේඩියේ කුලුන මධ්‍යම මොස්කව් හි ලාභ‐පිපාසිත දේපොල සමපේක්ෂකයන්ගේ තර්ජනයට ලක්ව ඇත.

Moscow weighs the fate of historic Shukhov radio tower

ටිම් රිවර්ස් විසිනි, 2014 මාර්තු 19

සමනල සංධ්වනිය : මානව පේ‍්‍රමය ගූඪ හැඟුම් සමුදායකට සිඳවන චිත‍්‍රපටයක්

කලාකරුවාගේ කාර්යභාරයමත් මිනිස් සබඳතාවන්හි අඳුරු අහුමුලු වලට තම සෞන්දර්යාත්මක ආලෝක ධාරාවන් පතිත කිරීම හැර පේ‍්‍රමය වැනි සංකීර්න මිනිස් සබඳතා සමස්තයක් ලෙස ගූඪත්වයේ ගිල්වීම නොවේ.

සමන් ගුනදාස විසිනි, 2014 මැයි 12

ඉගිල්ලෙන මාලුවෝ චිත‍්‍රපටියේ තහනම අහෝසි කරනු!

ව්‍යාජ වම්මුන් ගේ දේශපාලනය හා කලාවේ නිදහස ඇතුලු මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීම අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.

ආනන්ද වක්කුඹුර විසිනි, 2013 දෙසැම්බර් 6

The Sky between the Leaves නම් ඩේවිඩ් වොල්ෂ්ගේ කෘතියේ හැඳින්වීම

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රකාශන ආයතනය වන... මේරිං විසින් පල කරන ලද The Sky between the Leaves නම් ඩේවිඩ් වොල්ෂ්ගේ කෘතියේ හැඳින්වීමේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපිය ලෝසවෙඅ ය මෙම කෘතිය වෙනුවෙන් සකසා ඇති වෙබ් අඩවිය වන http://www.skybetweentheleaves.com/introduction.html හි පල කර ඇත. ඩේවිඩ් වොල්ෂ් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සාහිත්‍ය කලා අංශයේ ප‍්‍රධාන සංස්කාරකයා වෙයි. කෘතියේ අඩංඟු වන්නේ 1998 සිට 2012 දක්වා එම වෙබ් අඩවියේ පල වූ ලිපිවලින් තෝරා ගත් සංග‍්‍රහයකි.

The Sky Between the Leaves

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2013 ඔක්තෝබර් 7

ආන්ඩුව " ඉගිල්ලෙන මාලුවෝ” තහනම් කරමින් කලාවේ නිදහසට එරෙහි බරපතල ප්‍රහාරයක් කරයි

ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය තහනම් කිරීම ප්‍රකාශනයේ නිදහස තලා දමමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කරන පලල් ප්‍රහාරයක කොටසකි.

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 ජූලි 17

2013 ඇකඩමි සම්මාන: බොහෝ දුරට අවමිතික සහ එයිනුත් නරකම කෘති වලට

පෙබරවාරි 24 වන ඉරිදා ලොස් ඇන්ජලීස්හි පැවති 2013 ඇකඩමි සම්මාන උලෙල වේදනාකර අත්දැකීමක් විය. එය අවසන් වූ යේ "අහිංසක නරඹන්නන්” ද ඇතුලූව එයට සහභාගි වූ සියලුදෙනාම පිරිහෙලා ලූ තවත් එක් පොදු උත්සවයක් බවට පත් වෙමිනි.

The 2013 Academy Awards: Mediocrities by and large, and at their worst

ඬේවිඩ් වොල්ෂ් විසිනි , 2013 පෙබරවාරි 26

අස්ඝර් ෆර්හාඩිගේ A Separation(වෙන් වීමක්) චිත‍්‍රපටය ආශ‍්‍රිතව ගොඩනැංවෙන ව්‍යාකූලත්වයට පිලිතුරක්
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය

ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ වෙන් වීමක් චිත‍්‍රපටය පිලිබඳව උදේනි ජයවීර විසින් රාවය පත‍්‍රයට ලියන ලද විචාරයේ සිනමා කෘතිය පැසසුමට ලක්ව තිබුනේ වී නමුදු, කලාව පිලිබඳ යම් දුර්මත මෙන් ම කලා විචාරයෙහි ප‍්‍රමිතිය පිලිබඳ ඇතැම් ගැටලු ද එමගින් පැන නැංවී ඇත.

By Darshana Medis, 5 March 2013

සම්මානනීය ඉන්දියානු සංගීතඥ රවි ශංකර් වයස 92දී මියයයි

රවි ශංකර්ගේ විශිෂ්ටත්වය වූයේ ඔහුගේ උත්සුකයන්ගේ පෘථුලතාව, අද්හදා බැලීම්වලට වූ ඔහුගේ ලැදියාව හා සම්භාව්‍ය ඉන්දියානු සංගීතය ලෝකය කරා ගෙනයාම සඳහා වූ ඔහුගේ ලාලසාව යි.

Ravi Shankar, acclaimed Indian musician, dies at 92

By Kapila Fernando and K. Ratnayake and Peter Symonds, 20 December 2012

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් සහ සිවිල් යුද්ධයේ ඓතිහාසික නාටකය

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් චිත්‍රපටය. ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන වසර වූ 1865 දී වහල් ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරවා ගැනීමට ලින්කන් පාලනය විසින් ගෙන ගිය අරගලය නිරූපනය කෙරෙන ප්‍රබල සිනමා නිර්මානයකි.

Steven Spielberg’s Lincoln and the historical drama of the Civil War

By Tom Mackaman, 12 November 2012

තොල්ස්තෝයි: කලාකරුවා සහ කැරලිකරුවා

තොල්ස්තෝයිගේ අභාවයට දෙවසරකට පෙර -ඔහුගේ අසූවෙනි ජන්මෝත්සවය නිමිති කො‍ටගෙන- වියානාහි සිය දෙවෙනි පිටුවහල් සමය ගෙවමින් සිටිය දී ට්‍රොට්ස්කි විසින් ජර්මානු බසින් විරචිත මේ නිබන්ධය, කාල් කෞට්ස්කි කර්තෘත්වය දැරූ Neue Ziet නියූ සෙයිට් (1908 සැප්තැම්බර් 15) පත්‍රයෙහි මුල් වරට පලකෙරුනු අතර 1926 දී රුසියානු භාෂාවට පෙරැලින. ජෝන් ජී. රයිට්ගේ ප්‍රථම ඉංග්‍රීසි පරිවර්තනය Fourth International 1951 මැයි-ජුනි කලා‍පයේ ද පෝල් එන්. සීගල්ගේ ඉංග්‍රීසි සංස්කරනය Leon Trotsky on Literature and Art නිව් යෝක් 1970 ද මෙම සිංහල පරිවර්තනය සඳහා ඇසුරු කො‍ට ගැනින.

By Leon Trotsky

සම්මානනීය වෙන්වීමක් චිත‍්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුෂ්‍යත්වය

එක්සත් ජනපද ආන්ඩුව සහ එහි මිලිටරි ඔත්තු සේවා හස්තය ඉරානයට එරෙහි යුද්ධයක් දෙසට දයා විරහිතව සහ අපාලිතව ගමන් කරමින් සිටී. අස්ගාර් ෆහාඩි ගේ චිත්‍රපටය වෙන්වීමක් ඉරානියානු සමාජයේ ‍යථාර්ථය තුලට දුලබ එබී බැලීමක් සම්පාදනය කරයි.

The award-winning A Separation and the humanity of the Iranian people

By David Walsh, 30 March 2012

නූතන කලා කෞතුකාගාරයෙහි දියේගෝ රිවේරා: එදා සහ අද - විප්ලවවාදී අවධිය සඳහා විප්ලවවාදී කලාව

1931 දී නිව් යොක් නුවර නූතන කලා කෞතුකාගාරය මෙක්සිකානු සිත්තරු දියෝගෝ රිවේරාගේ ඒක-පුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් සංවිධානය කලේය. ඒ සඳහා ඔහු “නිදහසේ සිටුවිය හැකි බිතුසිතුවම්” ගනනාවක් නිර්මානය කර තිබින. මෑත ප්‍රදර්ශනයක් මෙකී බිතු සිතුවම් ගනනාවක් එක් තැන් කර ඉදිරිපත් කරයි.

Diego Rivera at the Museum of Modern Art: Then and now—revolutionary art for revolutionary times

By Clare Hurley , 21 December 2011

මෙක්සිකානු චිත්‍ර ශිල්පී දියේගෝ රිවේරා ගැන ලියොන් ට්‍රොට්ස්කි (1938)

1938 ජූනි මස පල වූ "අපේ යුගය තුල කලාව හා දේශපාලනය" නමැති ලිපියෙහි ලියොන් ට්‍රොට්ස්කි එවක හතරවැනි ජාත්‍යන්තරය සමග දේශපාලන සහමතියකින් පසු වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පී හා බිතුසිතුවම්කරු දියේගෝ රිවේරාගේ කෘති සාකච්ඡාවට ලක් කලේ ය.

Leon Trotsky on Mexican painter Diego Rivera (1938)

21 December 2011

"කලාව සහ ට්‍රොට්ස්කිවාදය” මැයෙන් යාපනය සරසවිය තුල සාර්ථක දේශනයක්

යාපනය සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශ‍්‍රවනාගාරය තුල "කලාව සහ ට්‍රොට්ස්කිවාදය” යන මැයෙන් පැවැත්වුනු දේශනය සිසුන් අතර බැරෑරුම් අවධානයක් ජනිත කර ඇත.

By Panini Wijesiriwardana, 12 October 2011

"බුද්ධිමත් සමලිංගිකයෙකුට ධනවාදය සහ සමාජවාදය පිලිබඳ මාර්ගෝපදේශනයක්”: ටෝනි කුෂ්නර් ‘වම’ ගරාවැටීම වෙත යොමුවෙයි

ටෝනි කුෂ්නර් ගේ මෑත ම නිර්මානය අසාමාන්‍ය වූ විෂය පථයක් සාකච්ඡාවට ගනී, එනම්, වෘත්තීය සමිතිවාදයෙහි අවගමනය සහ ඇමෙරිකානු කොමියුනිස්ටි පක්ෂය යි.

An Intelligent Homosexual’s Guide to Capitalism and Socialism: Tony Kushner looks at the decay of the “left”

By Fred Mazelis, 20 July 2011

ධජය වටා රොක් වීම: ද කිංග්ස් ස්පීච්

ඓතිහාසික සිදුවීම් පිලිබඳ කතා කරන චිත‍්‍රපටකරුවෙක් නිශ්චිත කර්තව්‍යයන්ට මුහුණ දෙයි. සිය කෘතිය සාර්ථක වීමට වචනයක් පාසා කෙරෙන විස්තරයක් හෝ සිදුවීම් ඒ ආකාරයෙන් කීමක් අවශ්‍ය නො වන මුත් යටතින් දිවෙන ඓතිහාසික සත්‍යය හා විචාරශීලී නියුක්තියක අංශුමාත‍්‍රයක් ඊට තිබිය යුතු ම ය.

Rallying round the flag: The King’s Speech

By Paul Bond , 3 February 2011

අදහස් දැක්වීමක්: ජෝර්ජ් ඕවල්ගේ එක්දහස් නවසිය අසූහතර 2010 දී යලි විමර්ශනය කිරීම

"ඕවලියානු” යන පදය මහජන වාග්කෝෂය තුල ප‍්‍රථම වරට පෙනී සිටි තැන් පටන් එම යෙදුමෙන් ජනිත කෙරුනේ මූලාකෘතික "ඒකාධිපති රාජ්‍යයක්” පිලිබඳ චිත‍්‍රයකි.

A comment: Revisiting George Orwell’s Nineteen Eighty-Four in 2010

By Richard Mynick ,12 June 2010

රිඞ්ලි ස්කොට්ගේ රොබින් හුඞ්: ධනවතුන්ට පවා ආදරය කලහැකි නීතිය නොතැකූ වීරයෙක්

Ridley Scott’s Robin Hood: an outlaw hero that even the rich can love

By Kevin Kearney, 9 June 2010

ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයිට එරෙහිව ත‍්‍රස්ත විරෝධී නීතිය යටතේ නඩු පැවරීමේ උත්සාහයක්

Indian writer Arundhati Roy threatened with prosecution under anti-terrorism law

By Kranti Kumara, 26 April 2010

හින්දු දක්ෂිනාංශය විසින් ලූහුබැඳි සුප‍්‍රසිද්ධ ඉන්දීය චිත‍්‍ර ශිල්පියා කටාර් පුරවැසි භාවය ලබාගනී

Hounded by Hindu right, India’s best-known painter takes Qatari citizenship

By Panini Wijesiriwardane and Parwini Zora, 13 March 2010

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය රෝමන් පොලන්ස්කිව බිල්ලට දෙයි

The New York Times throws Roman Polanski to the wolves

By David Walsh and David North, 1 October 2009

2008 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල පලමු කොටස: නවක අධ්‍යක්ෂවරුන්ගෙන් සිත්ගන්නාසුලූ චිත‍්‍රපට කිහිපයක්

San Francisco International Film Festival 2008 Part 1: Some interesting films from newer directors

By David Walsh, 10 May 2008