2013 ඇකඩමි සම්මාන: බොහෝ දුරට අවමිතික සහ එයිනුත් නරකම කෘති වලට

The 2013 Academy Awards: Mediocrities by and large, and at their worst

ඬේවිඩ් වොල්ෂ් විසිනි , 2013 පෙබරවාරි 26

පෙබරවාරි 24 වන ඉරිදා ලොස් ඇන්ජලීස්හි පැවති 2013 ඇකඩමි සම්මාන උලෙල වේදනාකර අත්දැකීමක් විය. එය අවසන් වූ යේ "අහිංසක නරඹන්නන්” ද ඇතුලූව එයට සහභාගි වූ සියලුදෙනාම පිරිහෙලා ලූ තවත් එක් පොදු උත්සවයක් බවට පත් වෙමිනි.

අන්තිමේ දී බෙන් ඇෆ්ලෙක්ගේ පුහු, නොවැදගත් සී.අයි.ඒ ගැති Argo (ආර්ගෝ) හොඳම චිත‍්‍රපටය ලෙස තෝරාගත් ඇකඩමි ඡුන්ද ධරය තවත් එබඳුම නිෂ්පාදනයක් වූ කැත්රින් බිගෙලොව්ගේ Zero Dark Thirty (සීරෝ ඩාර්ක් තර්ටි) නොතකා හැරියේ ය. පොදු උනන්දුවක් ජනනය කිරීමට සමත් වූ ප‍්‍රචන්ඩ වර්ගවාදී ෆැන්ටසියක් වන Django Unchained (ජැන්ගෝ අන්චේන්ඩ්) හි අධ්‍යක්ෂක - රචක ක්වෙන්ටින් ටරන්ටිනෝ හොඳම ස්වීය තිර රචනයට හිමි සම්මානය දිනා ගති. ඇන්ග් ලීගේ බහු සංස්කෘතික උපරිතාන වලින් යුතු ව්‍යාකුල Life of Pi (ලයිෆ් ඔෆ් පයි) හොඳම අධ්‍යක්ෂක ඇතුලූව සම්මාන හතරක් දිනාගති.

බලාපොරොත්තු වූ පරිදි ම Lincoln (ලින්කන්) චිත‍්‍රපටය සඳහා හොඳම නලුවා ලෙස ඩැනියෙල් ඬේ - ලූවිස් ද ගතානුගතික තේමාවකින් යුතු චිත‍්‍රපටයක් වන ඬේවිඞ් ඕ රසල්ගේ Silver Linings Play Book (සිල්වර් ලයිනින්ස් ප්ලේ බුක්) සඳහා හොඳම නිලිය ලෙස දක්ෂ නිලි ජෙනිෆර් ලොව්ර්න්ස් ද සම්මාන දිනා ගත්හ.

සරලව කිවහොත් නොදී බැරි නිසා දෝ ඬේ - ලුවිස් හට ලබාදුන් සම්මානය හැර අනෙක් සියල්ල ඉතා දුක්ඛිත සරුව පිත්තල අටෝපවලට ලබාදුන් සම්මාන වේ.

ධවල මන්දිරයේ විශේෂ උත්සව සඳහා වූ වෛවාරන්න නිල ඇඳුම් ලාගත් යුද භට පේලියක් ඉදිරි පසින් සිට ගත් මිෂෙල් ඔබාමා හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනාගත් සලරුව නම් කිරීම කිරට පැනි එක්කලා මෙන් විය. ඩ්‍රෝන් මගින් අමු අමුවේ මිනිමැරීම ට සති පතා "මරන ලැයිස්තු” පිලියෙල කිරීමේ නායකත්වය ගන්නා මිනිහා ගේ බිරිඳ කීවේ ”අපගේ ජීවය ඔසවා තබන, මනස පුලුල් කරන, අප කිසි දා පරිකල්පනය නොකල” කලා කෘති වගයක් අගය කිරීමට තමා එතැනට පැමිනි බවකි.

1980 දී තෙහෙරානයෙන් රාජ්‍යතාන්ත‍්‍රිකයන් සය දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුමක් ගැන කියවෙන "ආර්ගෝ” ඊට පෙර දින ජනාධිපති ලේකම් ජෝන් කෙරී විසින් ප‍්‍රසිද්ධියේ අගය කරනු ලැබීය.

ඉරිදා පැවති උත්සවය සම්බන්ධ සිද්ධීන් සමග සලකා බලන කල්හි නිල හොලිවුඩ් ලිබරල්වාදය යනු යුද්ධ බුද්ධි අංශය හා බද්ධ වූ නිස්සාර ඝෝෂකාරී අවමිතිය යි. විශේෂයෙන්ම ඇමරිකානු රාජ්‍යය - අප‍්‍රිකානු-ඇමරිකානු ජනාධිපති වරයෙකු ධවල මන්දිරයේ තබාගෙන - මුලූ ලෝකයම යටත් කර ගැනීමේ තම වැඩ කටයුතුවල නිරතව සිටින සමයක වස්තුවෙන් සහ ආත්ම තෘප්තියෙන් ඉහවහගිය මෙවන් සමාජ කන්ඩායම් ඇමරිකානු රාජ්‍යයෙහි සම්මානය ලැබීම ට වැඩි කාර්ය සිද්ධියක් අපේක්ෂා නොකරති.

එක්සත් ජනපද විශේෂ බලකායේ භටයන් ඇෆ්ඝනිස්ථානයේ පලාත් දෙකක කොතරම් දරුනු මිනී මැරුම් සහ වද හිංසා සිදු කර ඇත්දැයි පෙර සෙනසුරාදා හෙලි වීමෙන් පසු ඇෆ්ගන් රූකඩ තන්ත‍්‍රයට පවා ඔවුන් ඉවත් කල යුතු යයි කියා සිටීම වුවද හොලිවුඞ් හි උද්දාම වූවන්ට සී.අයි.ඒ. හා මිලිටරිය සමග සිය සෙනෙහස පලූදු කරගැනීමට හේතුවක් වුයේ නැත.

නිමන්ත‍්‍රක සෙත් මැක්ෆාර්ලෙන්ගේ බුද්ධි හීන, නීරස අභිනයේ පටන් සෝමාරි සංගීතාංක සහ ඔහු ද ඇතුලත් වූ ප‍්‍රතිග‍්‍රහන දේශන කිහිපය දක්වා ම පැවතියේ වේතාල වාතාවරනයකි.

සමකාලීන ජීවිතයේ එකදු ප‍්‍රශ්නයක්වත් යන්තමින් හෝ සඳහන් නොකිරීම එම ඉරිදා හැන්දෑවෙහි රජැයූ මූලධර්මය යි. උත්සව ශාලාවේ බලවත් යථාර්ත වාරක පද්ධතියක් එතැන සවිකර ඇතැයි නියත වශයෙන්ම හැඟී ගියේ ය. යුද්ධය, ආර්ථික අවපාතය, දරිද්‍රතාවය යනාදිය ගැන වචනයක් හෝ සඳහන් වුයේ නැත. චිත‍්‍රපට නිෂ්පාදන කර්මාන්තය හා උත්සව ශාලාවෙන් පිට කිසිවක් ගැන සඳහන් වූයේ නැත. මෙහි බොහෝ දෙනා විනයගත කරනු ලැබ ද තමන්ම විනය ගතවී ගෙන ද සිටියෝය.

"අර්ගෝ” චිත‍්‍රපටය, ඊට වඩා බෙහෙවින් කලාත්මක වූ ද ඓතිහාසික වශයෙන් වැදගත් වූ ද ස්ටීවන් ස්පිල්බර්ග්ගේ "ලින්කන්” පරදා සම්මාන ලද්දේ මන්ද යන්න පිලිබඳව මාධ්‍යවල හේතු දැක්වීම නිරාවරනිය ය. ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත් පතට අෆ්ලෙක්ගේ චිත‍්‍රපටය පිලිබඳව කියන්නට තිබුනේ මෙයයි: "මෙය සිත් සතුටු කරවන චිත‍්‍රපටයකි. ඉරාන උන්මන්තකයන් පරදවා ඇමෙරිකානු විජයග‍්‍රහනය මැනවින් පෙන්වන චිත‍්‍රපටයක් වන එය එමගිින් එක්සත් ජනපදය නින්දා සහගත බෙලහීනතාවයකට පත්ව සිටින බවක් පෙනීගිය සමයක රට සුලු හෝ දිනුමක් අත්පත් කර ගන්නා අයුරු දක්වන හෙයිනි.” ඇකඩමි විනිශ්චය මඩුල්ල තුමුල ප‍්‍රශ්න ගනනකට නොගත් බව පැහැදිලි ය.

තවත් එක් මාධ්‍ය වෙබ් අඩවියක් ප‍්‍රකාශ කලේ "ලින්කන්” ඔස්කාර් දිනන මට්ටමේ නිර්මානයක් වුවද මුදුනට නැගගැනීමට තරම් විනෝද දායක නොවන බවයි. ද ගාර්ඩියන් වෙබ් අඩවිය මෙසේ පවසයි: "ලින්කන් චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන් අගය කරන නමුදු ඔවුන් විසින් වැලඳ ගනු නැති චිත‍්‍රපටයකැයි යන සැකය 2012 වර්ෂය අග භාගය වන විටත් පැවතින. කල් යත්ම මෙය නියත කාරනාවක් බවට පත් විය. තමන් ඉතා කැමති වූ ඇෆ්ලෙක්ගේ නම හොඳම අධ්‍යක්ෂක ප‍්‍රවර්ගය සඳහා යෝජනා නොවීම ඔවුන්ගේ තෝරා ගැනීම කෙරෙහි බලපාන්නට ඇත.”

වෙනත් වචනයකින් කිවහොත් "ලින්කන්” ඇකඩමි විනිසුරු මඩුල්ලට දරා ගත හා තේරුම් ගත නොහැකි තරම් බරපතල කලා කෘතියකි. එම කලා කෘතිය සෑම ආකාරයකම සංකීර්න හා දුෂ්කර ප‍්‍රශ්න ඉස්මතු කරයි, අඩු තරමින් ඇඟවුම් කරයි. එය කෙනෙකු සිතීමට පොලඹවන අතර ඉතිහාසය හැදෑරීමට දිරිය දෙයි. එක්තරා දුරකට පැරනි පන්නයේ ලිබරල්වාදය නියෝජනය කරනන් වන ස්පිල්බර්ග් තමාටම ආවේනික සීමිත අයුරකින් සැබෑ ඓතිහාසික ප‍්‍රශ්න සලකාබැලීමට උත්සාහ දරා ඇත.

අනෙක් අතින් "තෙහෙරානයේ සැඟවී සිටි එක්සත් ජනපද රාජ්‍යතාන්ත‍්‍රිකයන් සය දෙනෙකුට ව්‍යාජ චිත‍්‍රපට රූගත කිරීමක චිත‍්‍රපට කන්ඩායම ලෙස පෙනී සිට රටින් පැනගැනීමට සී.අයි.ඒ. සංවිධානය කල සැලසුමක් වටා ගෙතුන "ආර්ගෝ” රජය සහ හොලිවුඞ් හි සහයෝගය ද අලලා ගනී. ආර්ගෝ චිත‍්‍රපටයට සම්මාන පිදූ ඡන්ද ධරය මිලිටරි ඔත්තු සේවා ජාලයට සහ එහි ප‍්‍රධාන පාලක මෙහෙයුම්කරුට තමන්ගේ ම පක්ෂපාතී බව පෙන්නුම් කල අතර. එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මෘග යුද්ධයකට සැරසෙන තතු තුල, එය ට දායක වන මෙවන් චිත‍්‍රපටයක බිහිවීම වෙසෙසින්ම ලජ්ජා ජනක ය.

තම චිත‍්‍රපටයට පෙර වදනක් අමුනන ඇෆ්ලෙක් 1953 දී ඉරානයට එරෙහිව එක්සත් ජනපද කුමන්ත‍්‍රන සහ ෂා තන්ත‍්‍රය කෙරෙහි වොෂින්ටනයේ වගකීම පිලිබඳ යමක් ප‍්‍රකාශ කරයි. මේ විස්තරයත් සමග නාටකයේ සන්දර්භය ඉදිරිපත් කිරීමේ වගකීමෙන් තමා නිදහස්ව ඇති බවත් එම ඉතිහාසයේ තවදුර වැදගත් කමක් නොතිබුනාක් මෙන් චිත‍්‍රපටයට ගලා යා හැකි බවත් ඔහු විශ්වාස කරන සෙයක් පෙනීයයි.

ඉරානය අවුරුදු 25ක් පුරා පීඩනයේ, වධ බන්ධනයේ හා ඝාතනයේ සිර කඳවුරක් බවට පත්කිරීමට ඇමරිකානු ආන්ඩුව හා සී.අයි.ඒ. සංවිධානය හවුල් වූ හ. "ආර්ගෝ” තුල නිරූපිත ඉරාන ජන කන්ඩායම්වලට කුපිත වීමට සෑම අයිතියක්ම ඇත. රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සයදෙනා වෙත පේ‍්‍රක්ෂකයන්ගේ අනුකම්පාව ස්වභාවිකව ම ලැබේ යැයි උපකල්පනය කරන චිත‍්‍රපටය එහෙයින් එවන් නාටකීය හැඟීමක් ජනනය කිරීමේ අවශ්‍යතාවයක් නො දකියි. ඇත්ත වශයෙන්ම ඔවුන් පිලිබඳව යමෙකුට සානුකම්පික හැඟීමක් ඇතිවෙයි නම් ඒ ඉතා අල්ප වශයෙනි, දිගුකාලීන සී.අයි.ඒ මෙහෙයුම් කරු මෙන්ඬේස් ගැන හැඟීම ඊටත් අඩු ය.

සම්මාන උලෙලට පැමින සිටි සියලුදෙනාම කිසි සේත්ම, මෝඩයෝ නොවුහ. 2005 දී "සිරියනා” චිත‍්‍රපටයෙහි ජෝර්ජ් ක්ලූනි මෙන්ඩෙස් ට නො වෙනස් සී.අයි.ඒ. නියෝජිතයෙකු ඉරානය ඇතුලුව මැද පෙරදිගට විරුද්ධව සැලසුම් දියත් කරන චරිතයක් රඟපෑවේ ය. ක්ලූනි ද සම - නිෂ්පාදකයෙකු වූ ස්ටෙෆන් ගොගන් ගේ නිර්මානයක් වන "සිරියනා” ගැන අපි මෙසේ කීමු. "යෝධ ඇමෙරිකානු සංගත ද ඔවුන්ගේ සී.අයි.ඒ. අනුග‍්‍රාහකයන් ද විසින් ලෝක තෙල් සැපයුම ගල ග‍්‍රහනයට ගැනීම සඳහා ගෙන යමින් පවත්නා ප‍්‍රහාරය පිලිබඳ භයංකර චිත‍්‍රයකි.”

මෙයට අට වසරකට පෙර "සිරියනා” චිත‍්‍රපටයේ එම කුමන්ත‍්‍රනකරුවන් ම නිර්දයව නිරූපනය කල ක්ලූනි එම චිත‍්‍රපටයේ නිරූපිත කුමන්ත‍්‍රනයන්ට ම සුදු හුනු ගාන කමකට නැති "ආර්ගෝ” හි සම - නිෂ්පාදකයෙකු ලෙස හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ලබා ගැනීම සඳහා වේදිකාව ට නැග ගති.

ධනය පොදි බැඳ ගෙන, අගාධයක් මගින් මහජනයාගෙන් වෙන්වී ගත් මෙම සුවිශේෂ ස්ථරය වනාහි එක්සත් ජනපදය තුල "වම” යයි පිලිගනු ලබන ප‍්‍රවනතාවේ තීව‍්‍රතම ප‍්‍රකාශනය යි. මොවුන් පවත්නා තත්වයට යටත් වීමේ එක් අංගයක් නම් අනුගත වාදයයි. එහෙත් ඔවුන්, පෙර කවර කලෙක හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය එහි දවටනයන්ගෙන් ඔබ්බට බැරෑරුම්ව සොයා බැලීමට පුරුදුව සිටියෝ නම් දැන් එ ද නතර කර සිටිති.

ඔවුන්ගේ සංස්කෘතික හා ජීවන ශෛලීන් පිලිබඳව බුෂ් පාලනය සමග පැවැති ඝට්ටනයන් විසඳී ඇති හෙයින් ඔවුහු ඔබාමා පාලනයේ ඊටත් වැඩි නින්දිත අපරාධවලට අනුගතව සිටිති. යටත් බව පිලිගෙන සිටින මොවුහු ඔබාමා යුගය සමග පෑහී, සමහන්ව සිටිති.

චිත‍්‍රපට ලෝකයේ වෙනසක්, ඔව් වෙනසක්, ඇත්තෙන්ම සිදුවනු ඇත. එහෙත් එය මතු වනු ඇත්තේ මෙම සමාජ හෝ සංස්කෘතික ස්තරය තුලින් නො වේ. එම ඉරිදා හැන්දෑවේ ශාලාව තුල වුව මෙය පිලිකුල් කල අය සිටින්නට ඇත. එපමනක් නොව මෙය බලවත් ලෙස පිලිකුල් කරන ඊටත් වඩා බෙහෙවින් වැඩි පිරිසක් මෙයට සහභාගී නොවවුවන් අතර සිටිනු සහතික ය.

Share this article: