ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය පිරිනැමන්නේ... පුද්ගලයන් දඩයම් කිරීමට යි!

And the Golden Globe award goes to … Witch hunting!

ෙට්‍රවොන් ඔස්ටින් හා ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2018 ජනවාරි 9

මී ටූ(මමත්) ව්‍යාපාරයට දුන් අනභියෝගී සහාය ඇතිව මේ වසරේ පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙල, හොලිවුඩය හා එහි අනන්‍යතා දේශපාලනයේ නරකම තත්වයන් යටතේ පැවති කාලකන්නි දර්ශනයකි. මිලියනපතියන්ගේ, ඕප‍්‍රා වින්ෆ්‍රී සම්බන්ධයෙන් ගත් විට, බිලියනපතියන්ගේ මෙම ආත්ම තෘප්ත රංචුව අපේක්ෂා කලේ, මී ටූ ව්‍යාපාරය මානව විමුක්තිය සඳහා අරගලයේ මහාකාව්‍ය කාලපරිච්ෙඡ්දයක් සංස්ථාපනය කර ඇති බව ප්‍රේක්ෂකයින් විසින් විශ්වාස කල යුතු බව යි.

මෙම පුද්ගලයන්ගේ ස්වයං ධ්‍යානය, ස්වයං ග‍්‍රස්තිය හා අවසානයක් නැති ස්වයං අනුකම්පාව, හාස්‍යජනක, ශෝඛ ජනක මෙන් ම මුලුමනින් ම අනුචිත ය. සැල්වඩෝර ජාතිකයන් 200,000ක් පිටමං කිරීම, ලෝකය පුරා එක්සත් ජනපද මිලිටරිවාදය හා ආක‍්‍රමන මගින් නිර්මිත විනාසය, මත්ද්‍රව්‍ය අධිමාත‍්‍රාවලින් ඇමරිකානුවන් දහස් ගනනක් මියයාම හා වෙනත් සමාජ දාමරිකකම් සියගනනක් ඇතුලු ව ලෝකයේ සියලු ම කාලකන්නිකම් මධ්‍යයේ, හොලිවුඩ් ප‍්‍රභූන් බහුතර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිනිය ඉදිරියේ මුලු සන්ධ්‍යා භාගයම කැපකලේ තමන් ගැන ම සන්තාප වීම සඳහා ය.

දුර්ලභ විශේෂ නිර්මාන හැරුනු විට, ශෝභන නිර්මානයක් කිරීමට ඇමරිකානු සිනමා කර්මාන්තය අපොහොසත් යැයි දක්නට ලැබීම පුදුමයක් නො වේ. එහි උත්සුකයෝ නොවැදගත් මෙන් ම නොමග යවා ඇත, නැතිනම් නරකිනුත් නරක ය.

සුදුසු හා නොසුදුසු, තත්වාකාර සම්මාන පිරිනැමීම, ලිංගික අපචාර දඩයම හා ඉරිදා රාත්‍රියේ සිනමා හා රූපවාහිනී කර්මාන්තය එයට දුන් අතිමහත් අනුමැතිය මගින් අඳුරු කෙරුනි.

මෙම වසරේ ගෝල්ඩන් ග්ලෝබ්ස් උලෙලේ පොදු ස්වභාවය හා හඬ ප‍්‍රතිෂ්ඨාපිත කෙරුනේ දින ගනනකට හෝ සමහර විට සති ගනනකට පෙර දී ය. බලාපොරොත්තු විය හැකි ලෙස ලිංගික හිරහැර කිරීම්වලට එරෙහිව අරගලයට සහයෝගය දැක්වීම් වස් කාන්තාවන්ට කලු ඇඳීම සඳහා කෙරුනු ආයාචනයට සෑම දෙනා විසින් ම මුලුමනින් ම වාගේ ඇහුම් කන්දී තිබුනි. බිය ගැන්වීම් හා අනුකූලතාව හොලිවුඩයේ දවසේ පිලිවෙල විය. අනුමැතිය නොලත් වර්නයෙන් පෙනී සිටීමට නිර්භීත වූයේ කුමන තරුව ද?

මූලික නිසි ක්‍රියාවලිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ නොඉවසන සුලු උල්ලංඝනය කිරීම් මගින් කිසිවෙකු කරදරයට පත් වූ බවක් නො පෙනුනි. ඔප්පු නො කෙරුනා වූ පමනක් නො ව නිර්නාමික චෝදනාවල පදනම මත පවා එක රැයක දී වෘත්තීන් විනාස කෙරෙමින් පවතී යන කාරනයට එක් විරෝධතාවක් හෝ ඉස්මතු වූයේ නැත. එය හරියට ම, ප්‍රේක්ෂකාගාරයේ කිසිවෙකු මැකාතිවාදී කාලපරිච්ෙඡ්දය ගැන අසා හෝ කියවා නැතිවාක් මෙනි. එය “අධම කාලයට” ඇද වැටීමකි.

ලිංගක අඩන්තේට්ටම් උද්ඝෝෂනයේ නායිකාවක් වන ඈෂ්ලි ජූඩ් නම් නිලිය “ඉන්ස්ටග‍්‍රෑම්” හි මෙසේ සඳහන් කලා ය, “අද අපි කලු අඳිමු. ඇයි? ආසන්න වසයෙන් පිරිමින්ගෙන් අඩක් සිතන්නේ නායකත්වය තුල කාන්තාවන් හොඳින් නියෝජනය වන බව යි, එමෙන් ම කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සිතන්නේ නායකත්ව භූමිකාව තුල කාන්තාව හොදින් නියෝජනය වන බව යි.” “-යතාර්ථය- නම් ජ්‍යේෂ්ට නායකයින් අතර කාන්තාවන් දහයට එකකි; වෙලාව හරි; ඒක යි අප කලු අඳින්නේ” ඇය වැඩි දුරටත් සඳහන් කලා ය.

වෙනත් වචනවලින් පවසතොත්, මෙම මුලු “අරගලයම” ප‍්‍රභූත්වය හා මුදල් පොදි ගැන ය.

ගෝල්ඩන් ග්ලෝබ් වැඩසටහනේ සත්කාරක, එන්බීසී රූපවහිනී චැනලයේ “සෙත් මේයර්ස් සමග මහ රෑ” වැඩසටහනේ සෙත් මේයර් මේ වන විටත් අවස්ථා ගනනාවක දී තම ප‍්‍රතිගාමී පාට පෙන්වා ඇත. පසු ගිය වසරේ දී ඔහු ඩෙමොක‍්‍රටික් පක්ෂයේ රුසියානු විරෝධී මෙන් ම මුලුමනින් ම කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂනය සමග ආශාවෙන් පෙල ගැසුනි. ඉරිදා මේයර්ස් එම අවස්ථාව මත තම සලකුන තැබුවේ, හොලිවුඩයේ ලිංගික අඩන්තේට්ටම් ගැන චෝදනා ලැබූවන් ගැන කුරිරු විහුලුවන් විදහා දැක්වුනු ආරම්භක ආත්මගත භාෂනයකිනි. ඔහු ඔහුගේ හැඳින්වීම සමග සන්ධ්‍යා ප‍්‍රහර්ෂය ඇරඹුවේ “නෝනාවරුනි, ඉතුරු වී සිටින මහත්වරුනි, ඔබට ශුභ සන්ධ්‍යාවක්” යැයි පවසමිනි.

මේයර්ස් විසින් කෙවින් ස්පේසි වෙත විශේෂයෙන් බියකරු මුෂ්ටි ප‍්‍රහාරයක් එල්ල කලේ ය, විශිෂ්ට නලුවෙකු වන ස්පේසි වසර තිහකට පෙර සිදුවීමක් ගැන චෝදනා මත ජනප්‍රිය හවුස් ඔෆ් කාර්ඩ්ස් නම් නෙට්ෆික්ස් රූපවාහිනී කතා මාලාවේ ඔහුගේ භූමිකාවෙන් එලවා දමන ලදී.

“හොඳ යි, මේ වසරේ සිදු වූ සියලු දේ නො තකා, ප‍්‍රදර්ශනය ඉදිරියට යනවා. උදාහරනයකන් හැටියට, ඔවුන් තවත් ‘හවුස් ඔෆ් කාඩ්ස්’ වාරයක් පටන් ගැනීමට යාම ගැන මට අසන්නට ලැබීම සතුටු යි” මේයර්ස් පැවසී ය. “ක්‍රිස්ටෝපර් ප්ලමර් ඒකටත් ඉන්නවා ද?” ( ඕල් ද මනී ඉන් ද වර්ල්ඞ් සිනමා පටයේ ස්පේසි වෙනුවට රඟන ප්ලමර් ගැන සඳහනකි) මං හිතන්නේ ඔහුට දකුනේ (බස) උච්චාරනය කරන්න පුලුවන් වෙයි කියලා, මන් ද කෙවින්ට බෑ කියලා ස්ථීර යි. ඔහ්, එහි අර්ථය, කෙවින් ස්පේසි ද? අවමානයට පත් කෙරුනු හා බැහැර කෙරුනු අයට මේ අයුරින් පයින් ගසමින් “බොරු දෙසා බෑම” තුච්ඡ ය. අවමන් කෙරුනු නාට්‍ය රචකයා හිරගෙදර ලත වෙමින් සිටි අවස්ථාවේ ඔහු ඒ අසල වූයේ නම්, මේයර්ස් ඔස්කාර් වයිල්ඩ් ගැන කියන්නට ඉඩ ඇත්තේ කුමක් දැ යි යමෙකුට අනුමාන කල හැකිවා පමනි.

අති පොහොසත් හා අතිශය-නොවැදගත් ඕප‍්‍රා වින්ෆ්‍රී වාර්ගික හා ලිංගික අසමානතාව ගැන ප්‍රේක්ෂකයින්ට දේශනා කලේ, “ඔබගේ සත්‍ය කතා කිරීම” ඔබට තිබුන බලගතුම මෙවලම යයි ප්‍රේක්ෂකයින්ට පවසමිනි. “ ඕනෑවට වඩා දිගු කලක්, ඒ පිරිමින්ගේ බලයට එරෙහිව සත්‍ය කතා කිරීමට තමන් නිර්භීත දැ යි (ඇසීමට) කාන්තාවන්ට සවන් දුන්නේ හෝ විශ්වාස කලේ හෝ නැත. නමුත් දැන් ඔවුන්ගේ කාලය පැමින ඇත. ඔවුන්ගේ කාලය පැමින ඇත” යි ඇගේ ත්‍යාගය ලබා ගැනීමෙන් පසු ඇය පැවසුවා ය. ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ.

අති භක්තිමත්, කුහක ප‍්‍රලාප කිසිසේත් නතර නොවුනි.

ඇමරිකානු සමාජයට හිරහැර කරමින් තිබෙන බොහෝ සමාජ ආපදාවන් ගැන වචනයක් හෝ එදින නො පැවසුන බව කීම පවා අවශ්‍ය නො වේ.

එක්සත් ජනපදය තුල පරිහානියට පත් වෙමින් තිබෙන සමාජ තත්වයන් හෝ යුද්ධයේ අනතුරු ගැන සාකච්ඡා කොයිබ ද? මරියා චන්ඩ මාරුතයේ විනාසයෙන් තවමත් ගොඩඒමට තතනන ප්‍යූටෝරිකානුවන්ට ආධාර ඉල්ලා සිටින්නේ කොයිබ ද? පසු ගිය වසරේ ගෝල්ඩන් ග්ලෝබ් උලෙලේ උනුසුම් මාතෘකාව වුයේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ය. මෙම වසරේ දී ඔහු සඳහන් නොකෙරුනු තරම් ය. මෙම වසරේ “සහයෝගිත්වය” වෙනුවෙන් කතා කිරීම පටු, අතිශයින් ම උදාසීන මෙන් ම තමන්ටම ශුභපතා ගැනීමක් විය.

ගෝල්ඩන් ග්ලෝබ්ස් උලෙල ගඳ ගැස්සුවේ ප‍්‍රතිගාමිත්වය හා ස්වයං-තෘප්තිය යි. එය සෝදිසි කිරීම් හා ඔප්පු නොකල චෝදනාවල සැමරුමක් විය. නය නො වී ජීවත්වීමට අරගලය කරමින් සිටින කම්කරු පන්තික ජනයාගේ බහුතරය, කන්තාවන් හා පිරිමින්, වැඩි වැඩියෙන්, මෙය ඔස්සේ (සත්‍ය) දකිනු ඇත.

Share this article: