බර්ලිනයේ පැවති මහාචාර්ය රබිනොවිච්ගේ දේශනයට දැඩි උද්යෝගයක් පලවෙයි

Great interest in lecture by Professor Rabinowitch in Berlin

By our correspondent, October 16, 2010

Lecturnමහාචාර්ය රබිනොවිච්

2010 ඔක්තෝබර් 14 දින සවස බර්ලින් නුවර හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමේදී ඇමරිකානු ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, ඔහුගේ බොල්ශෙවිකයෝ බලයට පත්වෙති: පීට්‍රොග‍්‍රෑඞ් බොල්ශෙවික් පාලනයේ පලමු වසර නමැති සිය කෘතිය හඳුන්වා දුන්නේය.

පොතෙහි ජර්මානු ප‍්‍රකාශකයන් වන මේරිං වර්ලැග් හා හතරවන ජාත්‍යන්තරයේ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයේ අනුග‍්‍රහය යටතේ රැස්වීම පවත්වන ලදී.

300කට අසුන්ගත හැකි ශ‍්‍රවනාගාරයේ ඉඩකඩ මඳිවූයෙන් සමහරු ජනෙල් පඩි හා තරප්පු මත වාඩිවෙමින් ද සමහරු සිටගෙන ද රැස්වීමට සවන් දුන්හ.

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති උලී රිපට් රුසියානු විප්ලවයේ ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙකු වන මෙම ඉතිහාසඥයා පිලිගත්තේය. ''මහාචාර්ය රබිනොවිච් ලේඛනගත ඉතිහාස අධ්‍යයනයේ පාර්ශවකරුවෙකු වන අතර ඔහුගේ කෘතිය තුල අඩංගු සෑම විස්තරයක්ම විමර්ෂනය කල හැකි ලේඛන මඟින් සනාථ කලහැකිවේ” යයි රිපට් පැවසීය.

රබිනොවිච්ගේ කෘතියේ විද්‍යාත්මක පදනම, වර්තමානයේ පුලුල්ව දක්නට ලැබෙන රුසියානු විප්ලවය හා සෝවියට් සංගමය පිලිබඳ දෘෂ්ටිමය වශයෙන් විකෘති අර්ථ කථනයන්ට එරෙහිව සෘජුලෙස පෙනී සිටින්නේ යයි රිපට් පැවසීය. ඉතිහාසය තනිකරම ආත්මීය සංකල්පයන් හා පෞද්ගලික අර්ථ කථනයන් ලෙස ඉදිරිපත් කරමින්, වෛෂයික සත්‍යය කියා දෙයක් හෝ හේතුව හා ඵලය අතර සම්බන්ධයක් නැතැයි බොහෝ ඉතිහාසඥයන් පවසන කල ''රබිනොවිච් පෙනී සිටින්නේ ඉතිහාසය පිලිබඳව සහමුලින්ම වෙනස් ප‍්‍රවිෂ්ටයක් වෙනුවෙන්” යයි රිපට් සභාවට පැවසීය.

Hallහම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ දේශනාගාරය

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඬලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් අමරිකානු ඉතිහාසඥයාගේ වැදගත්කම පිලිබඳව කථා කලේය. 1968 සමාජ වර්ධනයන්ගෙන් ආවේෂය ලැබ ඒ ආවේෂය මතම තවදුරටත් රැඳී සිටින්නාවූ පරම්පරාවට අයත් කෙනෙක් ලෙස ඩේවිඩ් නොර්ත් තමාව හඳුන්වා ගත්තේය. ''එවකට ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ රුසියානු විප්ලවයයි. අප ස්ටැලින්වාදයට විරුද්ධවූ අතර අපට ඒ ආකාරයේ සමාජවාදී ක‍්‍රමයක් අවශ්‍ය වූයේ නැත. එසේ නම් රුසියානු විප්ලවය කුමක් වී ද?

ඇමරිකා එක්සත් ජනපදය තුලින් පිලිතුරක් සොයා ගැනීමට නොහැකි තරම්ය. සීතල යුද්ධය අවධියේ ඉතිහාසඥයින් විප්ලවය හැඳින්වූයේ, මහජනතාව අතර සහයෝගයක් නොතිබූ බොල්ශෙවිකයන්ගේ කුමන්ත‍්‍රනයක් ලෙසය.

''මහාචාර්ය රබිනොවිච් ඇමරිකානු නව ඉතිහාසඥයන්ගේ පරම්පරාවක නියෝජිතයා වන්නේය. 1968 පලවූ රුසියානු විප්ලවය පිලිබඳ ඔහුගේ ප‍්‍රථම කෘතියෙන් රබිනොවිච්, බොල්ශෙවිකයන්ට ලැබුනු මහජන සහයෝගය පෙන්වා දුන්නේයයි.” නොර්ත් පැවසීය. ස්ටැලින්වාදීන් ට්‍රොට්ස්කිගේ නම ඉතිහාස පොත්වලින් ඉවත් කිරීම සඳහා සෑම දෙයක්ම කරද්දී රබිනොවිච්, බොල්ශෙවිකයින් බලයට පත්වීමේදී ට්‍රොට්ස්කි ඉටුකල ප‍්‍රමුඛ භූමිකාව ද පෙන්වා දුන්නේය.

වසර හතලිහකට පසුව දැන් රබිනොවිච්, බොල්ශෙවිකයෝ බලයට පත්වෙති: පීට්‍රොග‍්‍රෑඩ් බොල්ශෙවික් පාලනයේ පලමු වසර නමැති කෘතිය ඉදිරිපත්කොට තිබේ. ''බොහෝ අය තමන්ගේ මූලධර්ම ඉවත දමා තිබුනු අවධියක ඔහු, තමාට සත්‍ය ගරුකවූ අතර තමන්ගේ පූර්ව කෘතීන් තුල අඬංඟුව ඇති කර්තව්‍යය ඉදිරියටම ගෙන ගියේය. ඔහු, ඓතිහාසික සත්‍යය නිරාවරනය කිරීමට කැපවූ ගුරුකුලයේ සුවිශේෂී නියෝජිතයෙකි. ඔහුගේ කෘතිය අප සියල්ලන්ටම අතිශයින් වැදගත් වන්නේ යයි කියමින් නෝර්ත් සිය කථාව අවසන් කලේය.

Rabinowitchමහාචාර්ය රබිනොවිච්

තමා රුසියානු විප්ලවය හැදෑරීමට යොමුවූයේ කෙසේ දැයි විස්තර කරමින් රබිනොවිච් සිය කථාව ආරම්භ කලේය.

ඔහුගේ පියා වූ ප‍්‍රකට භෞතචිකිත්සක ඉයුජින් රබිනොවිච්, 1918 අගෝස්තුවේ ශාන්ත පීටර්ස්බර්ග් අතහැර පලාගිය අතර, 1921-26 අතර කාලයේ බර්ලින් විශ්ව විද්‍යාලයේ (දැන් හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ) අධ්‍යාපනය ලැබීය. ඔහු කෝපන්හේගන් හරහා බොස්ටන් වෙත පැමින එහි පදිංචිවූ අතර අනෙකුත් රුසියානු සංක‍්‍රමනිකයන් සමඟ කිට්ටු සම්බන්ධතා ගොඩනඟා ගත්හ. තරුනයෙක් ලෙස ඇලෙක්සැන්ඩර් රබිනොවිච්ට ''ප‍්‍රකට දේශපාලන සංක‍්‍රමනිකයන්වූ කෙරන්ස්කි, නිකොලෙව්ස්කි, සෙරටෙලි හා තවත් බොහෝ අය සමඟ ඉතිහාසය, සාහිත්‍යය හා එවක සෝවියට් සංඟමය තුල සිදුවූ වර්ධනයන් පිලිබඳව ගෙනගිය නිමක් නැති සාකච්ඡාවන් ගැන පැහැදිලි මතකයන්” තිබුන බව පැවසීය.

ඔවුන් අතර පැවති වෙනස්කම් මධ්‍යයේම එක් දෙයක් පිලිබඳව සියල්ලෝම එකඟවූහ. එනම්, රුසියානු විප්ලවය යනු ලෙනින්ගේ නායකත්වයෙන් යුත් කුමන්ත‍්‍රනකාරයින් විසින් සංවිධානය කල, ජර්මනිය මුදල් සැපයූ, හමුදා කුමන්ත‍්‍රනයක් වීය යන්න පිලිබඳවය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව හා 1950-53 අතර කොරියානු යුද්ධය අවධියේ මැකාති පාලන සමය තුල දේශපාලන වාතාවරනය, රුසියානු විප්ලවය පිලිබඳ මෙම නිෂේධනීය සංකල්ප වලට නව ජීවයක් ලබා දුන්නේය. ඔහු වැඩුනේ මෙම වාතාවරනය තුලයි. ඔහු ශිෂ්‍යයෙකුව සිටිමින් අතිරේක හමුදා සේවයේ නිරතවන අවධියේ සෝවියට් සංඟමය විස්තර කරනු ලැබුවේ ''යක්ෂයාගේ අවතාරය” ලෙසය.

ඉතිහාසඥ ලියෝපෝල්ඩ් එම්, හේම්සන් යටතේ රබිනොවිච්, රුසියානු ඉතිහාසය පිලිබඳව පාර්ශවීයව අධ්‍යාපනය ආරම්භ කලේය. ''එහෙත් උපාධිධාරී ශිෂ්‍යයෙකු වශයෙන් ඒ වන විට වුවත් ඔක්තෝබර් විප්ලවය පිලිබඳ මගේ ඉදිරිදර්ශනය වෙනස්කර නොගත්තෙමි” ඔහු පැවසීය.

ඔහු පලමුව සිතුවේ, තමා තරුන කාලයේ දැන සිටි ජෝර්ජියානු ජාතික ක්ෂමා විරහිත බොල්ශෙවික් විරෝධියෙකු මෙන්ම මෙන්ෂෙවිකයෙකු වූ ඉරක්ලි සෙරටෙලිගේ චරිතාපදානය නිබන්ධයක් ලෙස ලිවීමටය. විස්තීර්න චරිතාපදානයක් ලිවීම සඳහා තමාට ජෝර්ජියානු භාෂාව පිලිබඳව හසල දැනුමක් තිබිය යුතුබව වටහා ගැනීමෙන් පසුව ඔහු, ඒ වෙනුවට, 1917 පෙබරවාරියේ සිට ඒ වසරේ ගිම්හානය තෙක් වූ කාලය හැදෑරීමට තීරනය කලේය.

කෙසේ නමුත්, මෙම කටයුත්ත කරගෙන යාමේදී ඔහුගේ උනන්දුව බොල්ශෙවිකයන්ගේ ක‍්‍රියාකලාපය වෙත හැරුනි. ඒ මන් ද? රබිනොවිච් ප‍්‍රශ්න කලේය. එයට සරල පිලිතුරක් තිබුනි. ''හේම්සන් යටතේ මා කරුනු හැදෑරීමටත් හැකිතාක් දුරට ඒවා වෛෂයිකව අර්ථ දැක්වීමටත් ඉගෙනගෙන තිබුනි. 1960 ගනන්වල මෙන්ම ඒ වනවිටත් සීමාසහිතවූ මූලාශ‍්‍ර අධ්‍යයනය තුලින් මාහට, 1917 විප්ලවය පිලිබඳව වෙනස්වූ ඉදිරිදර්ශනයක් වෙත යෙමුවීමට පෙලඹීමක් ඇතිවිය.”

ඒ වනවිට ලබාගත හැකිව තිබූ මුල් ලේඛන එනම්, බොල්ශෙවික් ප‍්‍රවෘතිපත‍්‍ර හා ශාන්ත පීටර්ස්බර්ග් බොල්ශෙවික් කමිටුවේ සටහන් තුලින්, ලෙනින් ඉටුකල ප‍්‍රමුඛ භූමිකාව හා බොල්ශෙවික් පක්ෂය තුල පැවති ගැඹුරු මතභේද යන කාරනා දෙකම සොයාගත් හැටි ඔහු පැහැදිලි කලේය.

පසුව රබිනොවිච්, 1917 පෙබරවාරි විප්ලවය හා ජූලි නැඟටීම දක්වා වූ කාලයේ බොල්ශෙවික් වර්ධනය අලලා සිය පශ්චාත් උපාධියේ නිබන්ධය ලිවීය. මෙය, විප්ලවයේ ප‍්‍රස්ථාවනාව- පීට්‍රෝග‍්‍රෑඞ් බොල්ශෙවිකයන් හා 1917 ජූලි නැගිටීම යන ඔහුගේ පොත සඳහා පදනම දැමීය. ඔහු එය තුල, ප‍්‍රධාන වශයෙන්ම රහසිගතව වැඩකල කුඩා කන්ඩායමක්ව සිටි බොල්ශෙවිකයන්, පෙබරවාරි විප්ලවයෙන් පසුව සබෑ මහජන පක්ෂයක් බවට පරිවර්තනය වූයේ කෙසේදැයි පැහැදිලි කලේය. පක්ෂය කම්කරුවන්ගේ හා නාවිකයන්ගේ සෝවියට් සභා තුල ගැඹුරින්ම මුල්බැස තිබුනු අතර, වෙනස් ප‍්‍රවනතා අතර සාකච්ඡාවලදී ඉහල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් ඒ තුල පැවතුනි.

රබිනොවිච්ට අනුව, පෙබරවාරි විප්ලවයේ ප‍්‍රතිපල සමඟ ජනතාවට පැවති දැඩි නොසතුටේ ප‍්‍රකාශනය වූයේ ජූලි නැඟිටීමයි. පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියමයට පටහැනිව රැඩිකල් බොල්ශෙවිකයෝ, විශේෂයෙන්ම හමුදා සංවිධානවල, එයට සහාය දුන්හ.

එවකට රබිනොවිච් තවමත් විශ්වාස කලේ, ජූලි නැඟිටීමේ අසාර්ථකත්වයෙන් පසුව, යන්තම් මාස කිහිපයකට පසුව බලය ගනු ලබන පක්ෂය, සමකාලීන ඉතිහාසඥයින් අතර ආධිපත්‍ය දැරූ දෘෂ්ටිය එනම්, ''ඒකාධිපති ලෙනින්වාදී ආකෘතිය” ඔස්සේ යලි ප‍්‍රතිව්‍යුහගතකර තිබුනු බවය. ''මෙම දෘෂ්ටිය වැරදි බව පෙනෙන්නට පටන්ගත්තේ” යයි රබිනොවිච් පැවසීය. ''කාරනය එහි අනෙක් පැත්තය.” පක්ෂය ''මහජනතාවට සමීපවී ඇතැයි” ඇඟවුම් කරමින්, බොල්ශෙවික් පසුපෙල තුල ප‍්‍රචන්ඩ මතභේද හා බොහෝ වෙනස් දෘෂ්ටීන් පැවතුනි.

ඉන් පසුව ඔහු මෙම ගැටුම් පිලිබඳව නිදසුන් ගනනාවක් ඉදිරිපත් කලේය.

”සියලු බලය සෝවියට් සභාවලට” යන සටන් පාඨය අතහැර දැමීමේ ලෙනින්ගේ යෝජනාව පක්ෂය ප‍්‍රතික්ෂේප කලේය. බහුතරය මධ්‍යස්ත සමාජවාදීන් වූ සෝවියට් සභා තුලින් විප්ලවය ජයගැනීමේ හැකියාව ලෙනින් තවදුරටත් විශ්වාස නොකල අතර, ''සියලලු බලය බොල්ශෙවිකයන් මෙහෙයවූ කම්කරු පන්තියට” යන සටන් පාඨය යෝජනා කලේය. පක්ෂය තම වැඩ කටයුතු කර්මාන්තශාලා හා සොල්දාදුවන් වෙත යොමුකල යුතුයයි ඔහු අවධාරනය කලේය. කෙසේ වෙතත් භාවිතයේදී, ''සියලු බලය සෝවියට් සභාවලට” යන සටන් පාඨයෙන් ඉවත්වීමක් සිදු නොවීය. මෙය කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ ආකල්පවලට අනුරූප විය.

1917 අගෝස්තු අවසානයේ අසාර්ථකවූ කොර්නිලොව් කුමන්ත‍්‍රනයෙන් පසුව, කුමන්ත‍්‍රන උත්සාහය පරාජය කිරීමේ දී ඔවුන් ඉටුකල තීරනාත්මක භූමිකාව නිසා බොල්ශෙවිකයෝ පීට්‍රෝග‍්‍රෑඩ් සෝවියට් සභාවේ බහුතරය බවට පත්වූහ. ඉන් පසුව ලෙනින් වහාම බලය අල්ලාගැනීම කරා යාමට පක්ෂයට බල කලේය. එහෙත් සෘජුවම ඔහුගේ යෝජනාව ක‍්‍රියාත්මක කල නොහැකි විය. ''සැප්තැම්බරයේදී බලය ගැනීමට හැකියාවක් නොතිබිනි දැයි මම නොයෙක් වර ප‍්‍රශ්න කර ඇත්තෙමි. එහෙත් මෙය ජූලියේ අත්විඳි පසුබෑම පරයා යන පරාජයකට තුඩුදිය හැකිව තිබුනේය යන නිගමනයට මම එලඹුනෙමි.” රබිනොවිච් එසේ පැවසීය.

ශාන්ත පීටර්ස්බර්ග් අසල ඔහු සැඟවී සිටි ස්ථානයේ සිට ලෙනින් විසින් එවන ලද ලිපි ඔහුගේ අපේ‍්‍රල් ප‍්‍රවාද තරම්ම වැදගත් වෙයි. ලෙනින් බොල්ශෙවිකයන් වමට නැඹුරු කිරීමටත්, තාවකාලික ආන්ඩුව ඉවත් කිරීමට හා ස්වාධීනව බලය අල්ලා ගැනීම දෙසටත් යොමු කලේය. ඔක්තෝබර් 10 දින මධ්‍යම කාරක සභා රැස්වීමේදී සන්නද්ධ බලය ඇල්ලීම පිලිබඳව පැවැත්වූ ඡන්ද විමසීමේදී සිනෙවියෙව් හා කමනෙව් විරුද්ධවත් බහුතරය පක්ෂවත් ඡන්දය දුන්හ.

කෙසේ වෙතත් මෙම තීරනය සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මක කිරීමට ගෙන තිබුනේ සුලු උත්සාහයකි. මෙය කල හැකි වූයේ ඊනියා ආරක්ෂක මූලෝපාය සමඟ පමනි. විප්ලවය හා සෝවියට් සභා ආරක්ෂා කිරීමේ ආරක්ෂක මූලෝපායක ප‍්‍රතිවිපාක වශයෙන් පමනකි. ඔක්තෝබර් 25 දින පැවැත්වීමට නියමිතව තිබූ දෙවන ජාතික සෝවියට් සමුලුව ආන්ඩුව ඉවත් කිරීමට අනුමැතිය දිය යුතුව තිබුනි.

ඔක්තෝබර් 21 හා 24 අතර මෙම සැලැස්ම බලගතු ලෙස ක‍්‍රියාවට නැඟුනි. ''ඒ සියල්ලටත් වඩා ලියොන් ට්‍රොට්ස්කි නිසාය. සෑම තැනකදීම දීප්තිමත් කථිකයෙකු වශයෙන් ඔහුගේ හඬට සවන් දිය හැකිව තිබුනි. ඔහු දැකිය හැකිව තිබුනි. අවසානයේදී එකදු වෙඩිමුරයක් හෝ නොතබාම තාවකාලික ආන්ඩුව නෙරපා හැරුනේ, යුද විප්ලවවාදී කමිටුවේ ප‍්‍රධානියා වශයෙන් ද පීටර්ස්බර්ග් සෝවියට් සභාවේ සභාපති ද වශයෙන් කටයුතු කරමින් ප‍්‍රමුඛත්වය දැරූ ට්‍රොට්ස්කිගේ සහභාගිත්වයෙනි. මාසයකට පසුව ලෙනින්ගේ ඉල්ලීම සැබෑ වූයේ ඉන් පසුව පමනි.”

''ජූලි නැඟිටීම ලෙනින්ගේ අසාර්ථක කුමන්ත‍්‍රනයක් වූවාක් මෙන්ම, 1917 ඔක්තෝබරයේ බොල්ශෙවිකයන් බලය ගැනීම, ලෙනින් විසින් කරන ලද සාර්ථක කුමන්ත‍්‍රනයක් යයි විස්තර කිරීමට ඇත්තේ හුදෙක් අල්පවූ යුක්තිසහගත භාවයක් පමනි. එනමුත් අවස්ථා දෙකෙහිදීම, ඒවා සම්භාව්‍ය මහජන නැඟිටීම් ඇතිකලේ නැති වුව ද ඓතිහාසික මූලාශ‍්‍ර පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, පෙබරවාරි විප්ලවයේ ප‍්‍රතිවිපාක වශයෙන් පීට්‍රොග‍්‍රෑඩ් කම්කරු පන්තිය පැත්තෙන් පුලුල් ලෙස පැතිර තිබූ මුලාවෙන් බිඳීමක් හා බොල්ශෙවික් ක‍්‍රියාමාර්ගය විසින් පුලුල් ජනතාව වෙත කරන ලද බලගතු අයාචනයේ ප‍්‍රතිපලය එයවූ බවයි.'' රබිනොවිච් අවසානයේදී පැවසීය.

''එසේනම් බොල්ශෙවික් පක්ෂය හා සෝවියට් සංගමය ඒ ආකාරයට අවසන් වූයේ මන්දැයි” ඔහු විමසීය. මෙය හුදෙක් ඔක්තෝබර් විප්ලවයට පෙර අවධියත්, එවක පක්ෂයේ පැවති ව්‍යුහයත් විමසීමෙන් පමනක් කල නොහැකි යයි ඔහු පැවසීය. ඔහුගේ බොල්ශෙවිකයෝ බලයට පත්වෙති කෘතියෙහි නියාමක මූලධර්මය නම්, සාකච්ඡාව පිලිබඳ මුල් විවෘත ක‍්‍රියාවලිය හා සෝවියට් සභාවල ද පක්ෂයේ ද ප‍්‍රජාතන්තීය ව්‍යුහය හා පසුකාලීනව ඇතිවූ ඒවායේ මධ්‍යගත හා ඒකාධිපති ස්වභාවය අතර පරස්පර විරෝධය විස්තර කරන්නේ කෙසේ ද යන්න බව ඔහු පැවසීය.

''මෙම පලමු වසරක කාලය තුල බොල්ශෙවික් පක්ෂයේ හා පීට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවල ප‍්‍රතිපත්ති හා ව්‍යුහයේ ඇතිවූ වෙනස්කම් තීරනය වූයේ, දෘෂ්ටිවාදයට වඩා, බොල්ශෙවිකයන්ගේ හුදු පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රධාන කර්තව්‍යයෙහිදී මතුවූ ස්ථිර හා හදිසි භාවය විසින් යයි” ඔහු පිලිතුර සාරාංශගත කලේය. ඔහු පලමුවෙන් අවධානය යොමුකර තිබුනේ සිය කෘතිය, ''ප‍්‍රවර්තනයේ මිල” :ඔයැ චරසජැ දෙ ිමරඩසඩ්ක* යනුවෙන් නම් කිරීමටය.

Audienceශ‍්‍රාවකත්වය අතර සාකච්චාව

මහාචාර්ය රබිනොවිච්, 1919 හා 1920 අතර කාලය අලලා නව කෘතියක් ලියා අවසන් කිරීමේ සැලැස්ම අවසානයේදී නිවේදනය කලේය.

දීර්ග අත්පොලසන් නාදයකින් පිලිගත් දේශනය අවසානයේදී රබිනොවිච්, ශ‍්‍රවනාගාරයෙන් නැඟූ ප‍්‍රශ්න රාශියකට පිලිතුරු දුන්නේය. මේවා අතර, සෝවියට් සභාවල නීතියුක්තභාවය, කෙරන්ස්කිගේ භූමිකාව, අවසානයේදී සැබෑ සමාජවාදය පිහිටුවීමට විප්ලවය අසමත්වූයේ මන් ද? හා 20 සියවසේ අනෙකුත් විප්ලව හා සසඳන කල රුසියානු විප්ලවයේ වැදගත්කම, ආදී ප‍්‍රශ්න විය.

සිය පිලිතුරු තුලදී රබිනොවිච්, රුසියානු විප්ලවය ලෝක පරිමාන විප්ලවයේ ප‍්‍රථම වෙඩි මුරය ලෙස සැලකූ ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනය අවධාරනය කලේය. ජර්මනියේ හා ෆින්ලන්තයේ විප්ලව අසාර්ථකවීම වඩ වඩාත් හුදෙකලාවූ රුසියාව මත පීඩනය උග‍්‍ර කලේ යයි ඔහු පැවසීය.

රැස්වීම නියමිත පරිදි අවසන් වීමෙන් පසුව ද බොහෝ වේලාවක් යනතුරු ශ‍්‍රාවකයන් අතර සාකච්ඡා පැවැත්වුනි. ඇතැමෙක් බොල්ශෙවිකයෝ බලයට පත්වෙති කෘතියේ නව ජර්මානු සංස්කරනය මිලට ගැනීමට එය අවස්ථාව කර ගත්තේය.