ධනවාදය හා දේශගුනික විපර්යාස පිලිබඳ අර්බුදය

Capitalism and the climate change crisis

By Patrick O’Connor , 11 June 2011

පසුගිය වසරේදී පෘතුවියේ වායු ගෝලයට අංඟාරිකාම්ල වායුව ගිගා ටොන් 30-6ක් නිකුත්වූ බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය (අයිඊඒ) වාර්තා කර තිබේ. සාමාන්‍ය ගෝලීය උෂ්නත්වය සෙල්සියස් අංශක 2ට වඩා ඉහල යන බව බෙහෙවින්ම නිශ්චිත යයි යාවත් කල දත්ත ඇඟවුම් කරයි. බොහෝ දේශගුනික විද්‍යාඥයින් මෙය සලකන්නේ පාලනය කරගත නොහැකි බිහිසුනු දේශගුනික විපර්යාසයක ප‍්‍රවේශ ලක්ෂය ලෙසය. අයිඊඒ ප‍්‍රධාන අර්ථ ශාස්ත‍්‍රඥ ෆේත් බිරෝල් නිගමනය කර ඇත්තේ මෙම මට්ටමේ උනුසුම් වීමක් වලක්වා ගැනීම දැන් හුදෙක් ”හොඳ මනෝරාජ්‍යයක්” පමනක් බවටය.

මෙම තත්වය ධනවාදයේ ව්‍යසනකාරී දුර්ගුනය නියෝජනය කරයි. ව්‍යසනය වැලැක්වීමට අවශ්‍ය කෙරෙන හරිතාගාර වායු විමෝචනය තියුනු ලෙස පහත හෙලීමේ ඇස්තමේන්තු සමග ගෝලීය උනුසුම් වීමේ බරපතල අන්තරාය ගැන දේශගුන විද්‍යාඥයෝ නොකඩවා අනතුරු අඟවා ඇත. 2007 ඉන්දුනීසියාවේ බාලි දූපත්- 2009 ඩෙන්මාර්කයේ කෝපන් හේගන් 2010 මෙක්සිකෝවේ කැන්කුන් ඇතුලු මේ දක්වා නොකඩවා පැවති ලෝක නායකයින්ගේ සමුලූ නිෂ්පල ලෙස අවසන්වී ඇත. භූ මූලෝපායික වාසි අත්කර ගැනීමේ හා තමන්ගේ මහා ව්‍යාපාරයන්ගේ ලාභ ඉහල දැමීම කෙරෙහි නැඹුරුවී සිටින සෑම ආන්ඩුවක්ම අතර පවත්නා තරගය සමග විමෝචනය පහත හෙලීම මත බැඳෙන ගිවිසුමක හැකියාව ඔප්පුවී නැත.

2011 දෙසැම්බරයේදී දකුනු අප‍්‍රිකාවේ ඩර්බන්හිදී මෙම නායකයින් හමුවන අවස්ථාවේදී ද මෙම කි‍්‍රයාවලිය ම සිදුවනු ඇත. මේ සඳහා සූදානම් වීමේ සාකච්ඡා ජර්මනියේ බොන් නගරයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ. එහෙත් සමුලූවට සහභාගී වීමට නියමිත නියෝජිතයින් අතර නීත්‍යානුකූලව බැඳුනු විමෝචන ගිවිසුමක් පිලිබඳව සාකච්ඡා කිරීමේ හැකියාව පවා එක්සත් ජනපද හා යුරෝපීය ජ්‍යෙෂ්ඨ නිධාරීන් මේ වන විටත් බැහැරකර ඇත.

මූල්‍ය කඩාවැටීමේ පසු විපාක වශයෙන් අඩු බලශක්ති පාරිභෝජනය පෙන්නුම් කරමින් අයිඊඒ මෑතම දත්ත සලකුනු කරන්නේ කාබන් විමෝචනය 2008 වසරට වඩා 2009 වසරේදී පහත වැටී ඇති බවයි. එහෙත් 2010 වසර සඳහා 2008 දී පිලියෙල කල මුල් වාර්තාවට වඩා 2010 වායු දූෂනය නැවතත් සියයට 5න් ඉහල ගියේය. ගෝලීය ආර්ථික අර්බුදය විමෝචනය සැලකිය යුතු කාලයකට මර්දනය කරමින් විසඳුමක් සම්පාදනය කිරීම සඳහා ලෝක ආන්ඩු වලට ”හුස්ම ගැනීමේ අවකාශයක්” ලබාදෙනු ඇති බවට සමහර දේශගුන විද්‍යාඥයින් පලකල බලාපොරොත්තු මේ මඟින් ලොප්වී ගියේය.

විමෝචන පිලිබඳ විමර්ෂනයක් දේශගුනික අර්බුදයේ බරපතලකම හෙලිදරව් කරනවා ඇත. අංඟාරිකාම්ල වායු මිලියනයකට සමානවූ කොටසක පාරිසරික හරිතාගාර වායු සාන්ද්‍රතාවය 450ක මට්ටමේ ස්ථාවර කිරීමට එනම්, විද්‍යාඥයින් ගනන් බලන ආකාරයට සෙල්සියස් අංශක දෙකක උෂ්නත්වය වැඩිවීම යාන්තමින් මඟහැරීමේ 50ට 50 ශක්‍යතාවක් තිබෙන මට්ටමට ගෙන ඒමට නම් 2020 වන විට වාර්ෂික වායු විමෝචනය ගිගා ටොන් 32කට නොවැඩි විය යුතුය. පසුගිය වසරේ ගිගා ටොන් 30.6ක්වූ විමෝචනය අනුව අයිඊඒ පැහැදිලි කරන්නේ ”මෙහි අර්ථය ඊලඟ දස වසර තුල විමෝචනය 2009-10 අතර පැවතියාට වඩා අඩු ප‍්‍රමානයකින් වැඩිවනු ඇති බවයි” තව ද එය නිගමනය කලේ ඊලඟ දශකයේ බලශක්ති අංශයේ ප‍්‍රක්ෂේපිත විමෝචනයෙන් සියයට 80ක් පමන දැනටමත් ”ඇවිරී ඇත” මක්නිසා ද යත් ඒවා නිකුත්වනු ඇත්තේ දැනට පවත්නා හෝ ඉදි කෙරෙමින් තිබෙන බලාගාර වලින් වන නිසාය.

පෘතුවියේ සෙල්සියස් අංශක දෙකක සාමාන්‍ය උනුසුම වැඩිවීමේ නියත ප‍්‍රතිවිපාක පෙරදැකිය නොහැක. දේශගුනික විපර්යාස රේඛීය ප‍්‍රපංචයක් නොවන අතර උෂ්නත්වයේ කාල වර්ධක ඉහල යාම ආක්ටික් අයිස් වැස්ම දියවී යාම වැනි පෘතුවියේ තියුනු පාරිසරික වෙනස්කම් හදිසියේම ඇතිකල හැක. අනෙක් අතට එය උෂ්නත්වය වේගවත් ලෙස අවුලුවනු ඇත.

එනමුදු විද්‍යාඥයෝ සමූහ වශයෙන් වඳවී යාම වන විනාශය හා කාන්තාර පැතිරයාම පහත් මට්ටමේ පිහිටි සමහර රටවල පැවැත්මම තර්ජනයට ලක්කරමින් මුහුදු මට්ටම ඉහල යාම සාගතය හා වෙරලබඩ ප‍්‍රදේශ යටවීම නියඟය කුනාටු හා ජලගැලීම් ද ඇතුලූ අතිශය කටුක හා ආන්තික කාලගුනික සිද්ධීන් හේතුකොටගෙන මහා ජන සංක‍්‍රමනය ඇතිවීමේ තත්වය අපේක්ෂා කරයි.

වැදගත් මුහුදු මාර්ග වෙනස් කරන සූරාකෑම සඳහා සම්පත් වලින් ආඪ්‍ය නව භූමි භාගයන් විවෘත කරන හා සාරවත් ආහාර නිෂ්පාදන ප‍්‍රදේශවල මූලෝපායික වැදගත්කම ඉහල නංවන වෙනස්වූ කාලගුන රටා සමඟ සිදුවන දේශගුනික විපර්යාස අධිරාජ්‍යවාදී බලවතුන් අතර ආතතිය ද තියුනු කරනු ඇත. ආක්ටික් ප‍්‍රදේශයේ තත්වය මෙහි ඇඟවුමකි. අයිස් තට්ටු අතුරුදහන් වීමත් සමග එක්සත් ජනපදය කැනඩාව ඩෙන්මාර්කය හා රුසියාව අලූතින් විවෘතවූ තෙල්බිම් හා පූර්වයෙන් හිම මිදී තිබුනු නාවුක මාර්ගවල අයිතිය සඳහා පොරවැදී සිටිති. විකිලීක්ස් විසින් මෑතකදී මුදාහල ඇමරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පනිවිඩ තුල රුසියාව යුද්ධයට සූදානම් වන අතර ඩෙන්මාර්ක් ආන්ඩුව ආක්ටික් ප‍්‍රදේශ ”කැබලිකර ගැනීම” ගැන විවෘතව සාකච්ඡා කෙරෙන බව සඳහන් කරයි.

ලංඩන් ආර්ථික විද්‍යාලයේ නිකොලස් ස්ටර්න් වත්මන් අනුපාතය යටතේ සියවස අවසන් වන විට සෙල්සියස් අංශක 4න් උනුසුම වැඩි වීමේ සියයට 50ක ඉඩක් පවත්නේ යයි 2010 විමෝචන සංඛ්‍යාවන්ට ප‍්‍රතිචාර වශයෙන් කියා සිටියේය. ”එවන් උනුසුම් වීමක් පුලුල්ව පැතිරුනු මහා ජන සංක‍්‍රමනයන්ට හා ගැටුම් වලට තුඩු දෙමින් ග‍්‍රහ ලෝකය පුරා දශ ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත හා ජීවනෝපායන් අවුල් කරනු ඇතැයි” ඔහු ගාඩියන් පත‍්‍රයට ප‍්‍රකාශ කලේය

ගෝලීය උනුසුම්වීම ”ලෝකය දැක ඇති මහත්ම වෙලඳපොල කඩාවැටීම නියෝජනය කලේ යයි” ස්ටර්න් 2006දී එවකට පැවති ලේබර් ආන්ඩුවට දැනුම් දුන්නේය. එතැන් පටන් අර්බුදයට ”නිදහස් වෙලඳපොල” විසඳුමක් සම්පාදනය කිරීමට දරන ලද උත්සාහය මුලූමනින්ම අසාර්ථකවී තිබේ. කාබන් වෙලඳ යෝජනාක‍්‍රම හරහා හරිතාගාර වායු දූෂනය වෙලඳ භාන්ඩයක් බටවට පරිවර්තනය කිරීම අවශ්‍ය මට්ටම් වලට වායු විමෝචනය පහත හෙලීමට කිසිවක් සිදු නොකලත් විවිධාකාර මූල්‍ය සමපේක්ෂක ජාවාරම් කරුවන් පොහොසත් කර වැඩකරන ජනතාවගේ ජීවන වියදම ඉහල නංවා තිබේ. මෑත අධ්‍යයනයන් නිගමනය කර ඇත්තේ යුරෝපයේ හා අනෙකුත් දියුනු ආර්ථිකයන්හි වායු දූෂනයේ ආන්තික පහල යාම බොහෝ කොටම සිදුව ඇත්තේ අති විශාල නිෂ්පාදන ක‍්‍රියාවලීන් හා අනෙකුත් නිෂ්පාදන පහසුකම් චීනය ඇතුලු අඩු වැටුප් කලාපවලට මාරු කිරීම නිසා සිදුවූවක් බවටය.

ධනවාදය රඳා පවතින ජාතික රාජ්‍ය පද්ධතියත් ගෝලීයව ඒකාග‍්‍රිත ලෝක ආර්ථිකයත් අතර අති මූලික ප‍්‍රතිඝතිතාවේ තවත් එක් විනාශකාරී ප‍්‍රකාශනයකි දේශගුනික විපර්යාස. පාරිසරික අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍යය. එහෙත් වේගයෙන් ඛාදනය වන එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයත් චීනය හා අනෙකුත් උන්නතිකාමී බලවතුනුත් අතර මහා බල අරගල උත්සන්න වීමත් සමග තාර්කික සැලැස්මක් වර්ධනය කල නොහැක.

ඒ අතරම නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය ගෝලීය උනුසුම් වීමට පිලියම් යෙදීම සඳහා පවත්නා තාක්ෂනය තාර්කිකව යොදා ගැනීමට එරෙහි බාධකයක් වී ඇත. ප‍්‍රධාන අන්තර් ජාතික සංගත හා අනෙකුත් සමාගම් දූෂකයෝ ඕනෑම පරිසර හිතකාමී පියවරක් ඔවුන්ගේ ලාභයට තර්ජනයක් සේ සලකන අතර ඒවා ක‍්‍රියාත්මක කිරීම කඩාකප්පල් කරති.

ගැටලූව පවත්නා සම්පත්වල හිඟකම නොවේ. වාර්ෂිකව ඩොලර් බිලියන 10-100 අතර වියදමක් අතිරේක බලශක්ති පරියේෂන හා සංවර්ධනයට යොදවන්නේ නම් 2050 වසරේදී ගෝලීය විමෝචනය අඩකින් පහත හෙලිය හැකි යයි අයිඊඒ විසින් ඇස්තමේන්තු කර තිබේ. මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වන ඉහල අගය මෙම වර්ෂයේදී ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට වැය කරන මුදලට වඩා අඩුය. එමෙන්ම මෙම මුදල එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ ඒකාබද්ධ ධනයෙන් තුනෙන් එකකටත් වඩා අඩුය.

දේශගුනික විපර්යාස පිලිබඳ අර්බුදය විසඳීමේ එකම යථාර්තවත් ඉදිරිදර්ශනය ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූවක් පමනි. ලාභ උපරිම කිරීම හා පෞද්ගලික ධන සමුච්ඡයට වඩා සමාජ අවශ්‍යතා සන්තෘප්ත කිරීමට නැඹුරුවූ ප‍්‍රජතන්ත‍්‍රවාදී ලෙස සැලසුම්ගත ලෝක ආර්ථිකයක් තුල ලෝක විද්‍යාත්මක හා තාක්ෂනික සම්පත් තාර්කික ආකාරයකට හැසිරවිය හැකිය. ලෝක ජනතාවගේ ජීවන තත්වයන්ගේ සැලකිය යුතු වර්ධනයක් සහතික කරන අතරම කාබන් විමෝචනය ප‍්‍රමානවත් පරිදි අඩු කිරීමට නම් බලශක්ති උත්පාදනය කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනය සමග නාගරික හා ජාත්‍යන්තර ප‍්‍රවාහන සේවාවන්ගේ පෘතුල ප‍්‍රතිව්‍යුහකරනයක් අවශ්‍යය. එබැවින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ පලමු අත්‍යවශ්‍ය පියවර වනුයේ ලාභ පද්ධතියට එරෙහි අරගලය තුල තමන්ගේම විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමයි.