ඊජිප්‍තු‍වේ ආන්ඩු විරෝධී උද්ඝෝෂන මැඩීමේදී සිය ගනනක් තුවාල ලබති

Hundreds wounded in crackdown against antigovernment protests in Egypt

By our reporter, 25 July 2011

එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊජිප්තුවේ ජෙනරාල් මොහමඩ් හුසේන් ටන්ටාවිගේ මිලිටරි තන්ත්‍රයට එරෙහිව උද්ඝෝෂනය කල දහස් ගනනක් හා ආන්ඩු ගැති මැරයින් අතර 23දා ඇතිවූ ගැටුම් වලින් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

උද්ඝෝෂන කැඳවා තිබුනේ ෆාරුක් රජු බලයෙන් පහකල 1952 විප්ලවය සැමරීම සඳහා ය. විරෝධතා කරුවන් උත්තරීතර මිලිටරි කවුන්සිලයේ මූලස්ථානය දෙසට ගමන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ මැර‍යෝ පිහියා ගල්මුල් හා ගිනි බෝම්බ වලින් ඔවුන්ට පහර දුන් අතර විරෝධතාකරුවන් බාධක නොතකා ඉදිරියට යාමට උත්සාහ කල විට මිලිටරිය හා පොලිසිය අහසට වෙඩි තබා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලහ.

මුබරාක් බලයෙන් පලවා හැරීමට තුඩු දුන් උද්ඝෝෂන පැවැත්වූ අවස්ථාවලදි ඔහු නිරන්තරයෙන් පාවිච්චි කරන ලද විධි ක්‍රමයන් සහ ප්‍රකෝප කිරීම් දැනට සිදුවෙන මෙම ප්‍රචන්ඩ ක්‍රියාවන්හි ද දැකගත හැකි විය. හිටපු ඒකාධිපතියා පලවා හැරි පසුගිය පෙබරවාරි‍ මාසයෙන් අනතුරුව මුහුන දුන් නරකතම ප්‍රචන්ඩකාරී තත්වයන්ට දැන් රට මුහුන දෙමින් ඇත.

අල් අහ්රාම් ඔන් ලයින් වෙබ් අඩවිය වාර්තා කරනු ලැබුවේ, කයිරෝවේ අබාශියාහි පිහිටි අල්-නුර් පල්ලියෙන් පිටතදී හමුදාව හා පොලිසිය මාර්ග බාධක යොදා ගනිමින් විරෝධතාකරුවන් වට කරනු ලැබූ බවයි. "ආන්ඩු පාක්ෂික කන්ඩායමක් විසින් එහිදී ඔවුන් කොටු කරනු ලැබූ අතර හමුදාව බලාගෙන සිටියේය. විරෝධතා කරුවෝ 'ටන්ටාවි පලවා හරිනු, මිල්ටරි පාලනය අවසන් කරනු' යනුවෙන් හඬ නැගූහ."

"ගිනි දැල්ලක් ඇවිලුනේ ද යන්න මම නොදනිමි. පලමු ගල් පහර වදින තෙක්ම පැවතුනේ අවිශ්වාසයකි. අප දුවයන විට පල්ලියේ ගේට්ටුවට දකුනු ‍ දෙසින් තව තවත් ගල් එල්ල විය. හමුදාව අප නවතා ගත හැකි සුදුසූම ස්ථානයක අප නැවැත්වූහ. එහෙත් අපට තව ටික දුරක් ගමන් කිරීමට ඉඩ සැලසීමේ අවස්ථාව ඔවුන්ට තිබුනි. වෙනත් අයෙකුගේ පිලිකන්නට අප කොටු විය. අල් අහ්රාම් වාර්තාවක එසේ සඳහන් විය. අඩුම වශයෙන් එක් අයෙක් බරපතල තැවාල ලැබූ අතර බොහෝ විරෝධතාකරුවන් රෝහල්ගත කර ඇත. කලින් වාර්තාවක සඳහන් වූයේ බරපතල තුවාල හේතුවෙන් එක් විරෝධතාකරුවකු මිය යන්නට ඇති බවයි.

පසුගිය සිකුරාදා ප්‍රචන්ඩත්වයට එරෙහිව විරුද්ධ පක්ෂ කන්ඩායම් ජනතා උද්ඝෝෂනයක් කැඳවීය. බොහෝ සංවිධාන ප්‍රචන්ඩ ක්‍රියා පිලිබදව පරීක්ෂන පවත්වන ලෙස ආන්ඩුවට බල කලහ. කෙසේ වෙතත් එවන් පරීක්ෂනයක් හමුදාවට සුදුහුනු ගෑමකට වැඩි දෙයක් නොවනු ඇත.

පසුගිය මාස ගනන පුරාම හමුදාව විරෝධතාකරුවන් කෙරෙහි වඩ වඩාත් ආක්‍රමනශීලි පිලිවෙතක් අනුගමනය කල අතර, මුලු නගරය පුරා මිලිටරිය යෙදවූ අතර හිතාමතාම අන්ත දක්ෂිනාංශික බලවේග උසිගැන්වීය.

මිලිටරිය මුබාරාක් පාලන සමයේදී ‍ ගෙන ගිය ඒකාධිපති ක්‍රමෝපායන් හමුදාව විසින් ද දිගටම පවත්වා ගෙනයාම පිලිබඳව හා සිය ගනනකට මරු කැඳවමින් පෙබරවාරි මාසයේදී සිදුකල දරුනු මර්දනයට වගකියුතු කිසිවෙකුටත් දඬුවම් නොකිරීම සම්බන්ධ‍ෙයන් ජනතාව අතර තදබල විරෝධතාවයක් වැඩෙමින් පවතී.

සති ගනනාවක් තිස්සේ කයිරෝ නගර මධ්‍යයේ පිහිටි තාහිර් චතුරශ්‍රය වාඩිලාගත් සිය ගනනක් විරෝධතාකරුවෝ මුබාරාක් පාලන සමයේ වැරදි කල පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පමුනුවන ලෙස බල කලහ.

විරෝධතාරුවන්ට පමනක් නොව වැඩ වර්ජනයන්හි නියැලි කම්කරැවන් වෙත ද ප්‍රචන්ඩත්වය යොදවන ලද්දේය. විරැකියාව වාර්තා ගත මට්ටමකට ඉහල නැග ඇති අතර කම්කරුවන්ගේ මොනම සමාජ සහ ආර්ථික ඉල්ලීමක්වත් ඉටුකිරීමට පාලක කල්ලිය අසමත්ව ඇත. කම්කරුවන්ගේ වැඩවර්ජන ඇතුලු අනෙකුත් විරෝධතා තහනම් කරමින් නව පනතක් ද හඳුන්වා දී ඇත.

එලඹෙන සැප්තැම්බරයේදී මැතිවරනයක් පැවැත්වීමට යෝජිතව තිබුනේ වුව ද ආන්ඩුව පසුගිය සතියේ දී එය අවලංගු කල බව නිවේදනය කලේය.

පසුගිය සිකුරාදා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි දී මිලිටරිය විරෝධතාකරුවන්ට පහර දුන් බව වාර්තා විය. මෙම සිදුවීමේදී මිලිටරිය අත් අඩංගුවට ගත් දොලොස් දෙනෙකුට එරෙහිව පරීක්ෂන පවත්වා චෝදනා ඉදිරිපත්කරන බව නිවේදනය කලේය.

ආන්ඩුවේ නිල ප්‍රතිපත්ති විවේචනය කරන මාධ්‍ය එන්ට එන්ටම මර්දනයට ලක්වන බවට ද සලකුනු ඇත. ආන්ඩුව පිලිබඳ විවේචනාත්මක හා විරෝධතාකරුවන් අවඥාවට ලක්කරමින් මිලිටරිය කරන ලද ප්‍රකාශ පිලිබඳව ප්‍රශ්න මතුකල පුවත්පතක පලවු ලිපියක් සාකච්ඡා වටයකදී උපුටා දැක්වූ එක් මාධ්‍ය ‍ වේදිනියක් පසුගිය ඉරිදා පෞද්ගලික නාලිකාවකින් නෙරපා හරින ලදී.

ඩයනා අබ්දෙල් රහමන් විසින් විකාශනය කල වැඩසටහන සම්බන්ධයෙන් චෝදනා නැගූ මිලිටරි පාලක මඬුල්ලට අයත් මේජර් ජනරාල් හසන් අල් රුවයිනි තරුන සංවිධානවල සාමාජිකයන් විදේශීය බලවේගයන්ගෙන් පඩි ලබන බවට ද දොස් නැගීය. "මාධ්‍ය නිදහස අවධාරනය කල අබ්දෙල් රහ්මාන් ආන්ඩුවේ චෝදනා පිලිබඳව සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මිලිටරි කවුන්සලයෙන් ඉල්ලා සිටි බව" අල්මස්රී අල් යූම් පුවත්පත වාර්තා කලේය. එම විකාශනයේදීම ඇය පසුගිය සෙනසුරාදා සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා උසිගැන්වීම පිලිබඳව මිලිටරියට දොස් නැගූ වාර්තාකරුවෙකු සමග කල සාකච්ඡාවක් ද විකාශනය කර තිබුනි. මෙම වැඩසටහන විකාශනය කිරීමෙන් අනතුරුව නාලිකවේ හිමිකරු අබ්දෙල් රහ්මාන් නෙරපා හැරියේය.