යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ පලාත් පාලන මැතිවරනය ජයග‍්‍රහනය කිරීමට ශී‍්‍ර ලංකාවේ පාලක පක්ෂය අසමත් වෙයි

Sri Lankan ruling party fails to win local elections in war-torn north

By Subash Somachandran and S. Jayanth , 1 August 2011

මාර්තු මාසයේ පටන් කල් දමමින් පැවැති ලංකාවේ පලාත් පාලන ආයතන 65 ක් සඳහා මැතිවරනය ජුලි 23 දා පැවැත් විනි. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) ප‍්‍රධාන වසයෙන් දකුනු පලාතේ පලාත් පාලන ආයතන 45 ක් ජයග‍්‍රහනය කලේය. කොලඹ මාධ්‍යයන් විසින් ආන්ඩුව "පහසු ජයක්” ලැබීයයි සඳහන් කල අතර මෙම ඡන්ද ප‍්‍රතිපලයට ප‍්‍රධාන හේතුව වූයේ විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුනෙහි (ජවිපෙ) බිඳ වැටීමය.

කෙසේ වෙතත් යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ දෙමල ජනයා මෙම මැතිවරනය ආන්ඩුව කෙරෙහි තම වෛරය ප‍්‍රකාශ කිරීමට නොවලහාම අවස්ථාවක් කර ගත්තේය. උතුරෙහි පලාත් පාලන ආයතන 20 න් 15 ක් ද නැගෙනහිර පලාත් පාලන ආයතන 3 ක් ද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ජයග‍්‍රහනය කලේය. මැතිවරනයේදී ටීඑන්ඒ සමඟ වන්නි ප‍්‍රදේශයේදී මැතිවරනයට හවුලේ තරග කල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන පලාත් ආයතන දෙකක් ජයග‍්‍රහනය කලේය. එක්සත් ජාතික පක්ෂය (එජාප) ට පසුගිය කාලයේ හිමිව තිබූ පලාත් පාලන ආයතන පහම අහිමි වී ගියේය.

දෙමල ජනයා සුලු වශයෙන් ජීවත්වූ උතුරේ දුපත්වල එජනිස බරපතල ඡන්ද උද්ඝෝෂනයක යෙදී සිටියේය. එහි එකම අරමුන වූයේ පලාත් පාලන ආයතන දිනා ගැනීමත් එනයින් දෙමල ජනයාගේ සහාය ආන්ඩුව වෙත තිබෙන බව ප‍්‍රදර්ශනය කිරීම සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටිටීඊ) එරෙහි යුද්ධයේදී ආන්ඩුව සිදුකල යුද අපරාධ පිලිබඳ චෝදනා වලට පිලිතුරු වශයෙන් එම ප‍්‍රතිඵලය හුවා දැක්වීමත් ය.

උතුරේ ජනතාව අතර ආන්ඩුවට එරෙහිව පවතින දැඩි විරුද්ධත්වය පිලිබඳ යහමින් දැනුවත් ආන්ඩුව හදිසියේම "සංවර්ධන ව්‍යාපෘති” ප‍්‍රකාශයට පත්කල අතර ධීවරයන් හට මුහුදුයාම පිලිබඳව පනවා තිබූ තහංචි ලිහිල් කිරීමට කටයුතු කලේය. ඒ අතර ම එය විරුද්ධ පක්ෂවලට එරෙහි ප‍්‍රචන්ඩත්වය දියත් කල අතර මැතිවරන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කායික පහරදීම් දක්වා එය ව්‍යාප්ත කලේය. මෙම ත‍්‍රස්තකිරීම්වලට උතුරේ අනවරතව වාඩි ලා සිටින මිලිටරිය යොදාගැනීම ද අඩංගු විය.

කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ගම්මාන 20 ක පමන ඡන්ද කාඩ්පත් පැහැරගත් බව "නිදහස් සහ සාධාරන මැතිවරනයක් උදෙසා සංවිධානය” වාර්තා කලේය. ඡන්ද මධ්‍යස්ථාන අසල ප‍්‍රචන්ඩත්වයේ නිරත වූ එජනිස මැරයින්ගේ අකටයුතුකම් ගැන පොලිසිය අන්ධව සිටියේය. ආරක්ෂක භටයින් විසින් වටකරන ලද කිලිනොච්චි ප‍්‍රදේශයේ භාරතීපුරම් සහ මලයාලපුරම් වල ගම්වාසීන් ඡන්ද ප‍්‍රකාශ කිරීමෙන් වැලැක්වීමට හවස ඡන්දය නිමවන තෙක් නිවාස අඩස්සියේ තබා ගෙන සිටියේය.

මෙවැනි ක‍්‍රියාකාරකම්වල නිරත වීත්, එජනිසයට අත්කර ගත හැකිවූයේ බටහිර යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, කයිට්ස් සහ වේලනායි යන දූපත්වල යාන්තම් පලාත් පාලන ආයතන තුනක බහුතර බලය පමනි. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ප‍්‍රදේශ පාලනය කරමින් සිටියේ ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) පූර්න සහයෝගය ඇතිව ශී‍්‍ර ලංකාවේ නාවික හමුදාවන්ය. ඊපීඩීපී අතුරු හමුදා ඕනෑම විරුද්ධත්වයකට එරෙහිව එක දිගට ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල නිරතව සිටිති. මෙම දූපත්වල ටීඑන්ඒ පක්ෂයට හෝ වෙනත් කිසිදු විරුද්ධ පක්ෂයකට මැතිවරන උද්ඝෝෂනවල යෙදීමට ඉඩ ලැබුනේ නැත.

ආන්ඩුවේ අන්ඩක් වන ඊපීඩීපීය පාලක එජනිස සමග මැතිවරනයට තරග වැදුනේය. ඊපීඩීපී නායක හා කැබිනට් ඇමැතිවරයෙකුද වන ඩග්ලස් දේවානන්ද උතුරේ දී ආන්ඩුව ලැබූ අන්ත පරාජය පිලිබඳව තම කෝපය පල කලේය. "ටීඑන්ඒ මගින් දෙමල ජනතාවට කිසිදු වාසියක් ලබා ගැනීමට නොහැකිවනු ඇත. ඒ පිලිබඳව මම සතුටට පත්වෙමි,” ඔහු නරුම ලෙස ගිගිරුවේය. දෙමල ජනතාව ආන්ඩුවට හැර වෙනත් පක්ෂයකට ඡන්දය දුන්නොත් කිසිදු වරප‍්‍රසාදයක් ඔවුන් ලබනු නැතයි මැතිවරනයට පෙර ම ඔහු අනතුරු අඟවා තිබින.

කොලඹ ආන්ඩුව සමග ඔවුන්ගේ කේවල් කිරීම උත්සන්න කිරීමට ටීඑන්ඒය වහාම මැතිවරන ජයග‍්‍රහනය ඩැහැ ගත්තේය. මැතිවරන ප‍්‍රතිඵල "දේශපාලන විසඳුමක්” සඳහා ඇති සහයෝගය පෙන්වා දී ඇතැයි ටීඑන්ඒ ප‍්‍රකාශනයකින් කියා පෑවේය. "දෙමල ජනතාවගේ එකම ඉල්ලීම උතුරු නැගෙනහිර එකට ඒකාබද්ධ කල ඔවුන්ගේ මව්බිමෙහි සියලුම බලතල සහිත දේශපාලන ස්වයං පාලනය ලබා ගැනීමය”, එය තවදුරටත් සඳහන් කලේය.

ඇත්ත වශයෙන්ම මෙම මැතිවරන ප‍්‍රතිඵලවලින් ප‍්‍රකාශයට පත් වී ඇත්තේ ටීඑන්ඒ ද ඇතුලුව සමස්ථ දේශපාලන සංස්ථාපිතය කෙරෙන් මහජනයා අඛන්ඩව ම දුරස්ත වීමක්ය. මෙම මැතිවරනයේදී පසුගිය වසරේ පැවති මහ මැතිවරන සහ ජනාධිපතිවරනවලදී පාවිච්චිකල ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද ප‍්‍රමානයක් භාවිත කල ද ඡන්ද දායකයින් සියයට පනහක ප‍්‍රතිශතයක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙය හුදෙක් එජනිස කි‍්‍රයාකාරීකම් නිසා ම නො වේ. බොහෝ අවස්ථාවල දී ටීඑන්ඒ සඳහා ඡන්දය දුන් අය එසේ කලේ එම පක්ෂයට සහය පල කිරීමක් වසයෙන් නොව, රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරි පැලපදියම්වීම්වලට එරෙහිව ඔවුන්ගේ අශමනීය විරෝධතාව පල කිරීමේ ක‍්‍රමයක් වසයෙනි.

ටීඑන්ඒය එල්ටීටීඊය පරාජය වන තෙක්ම බෙදුම්වාදී ධනපති රාජ්‍යයක් ඇටවීම සඳහා වූ එල්ටීටීඊයේ ප‍්‍රතිපත්තියට නොමසුරුව සහයෝගය දුන්නේය. එල්ටීටීඊ මිලිටරි බිඳවැටීමෙන් අනතුරුව ටීඑන්ඒ ජාත්‍යන්තර බලවේගයන්ගේ සහාය යදිමින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි ආන්ඩුව සමග බලය බෙදා ගැනීමේ කේවලයකට මාරු විය. ටීඑන්ඒ ප‍්‍රකාශනය, "දෙමල ජනයාගේ ඡන්ද ප‍්‍රතිඵල පිලිගන්නා ලෙසත්” ජාත්‍යන්තර යුද අපරාධ පිලිබඳ පරීක්ෂයනක් පිලිගන්නා ලෙස හා "දෙමල ජනයා සඳහා දේශපාලන විසඳුමක් ලබා දීමට ශ‍්‍රී ලංකා ආන්ඩුවෙන් අනවරතව ඉල්ලා සිටින්නැයි” ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත කැඳවුම් කලේය.

එක්සත් ජනපදය ඉන්දියාව සහ යුරෝපීය බලවතුන් රාජපක්ෂගේ සාපරාධී යුද්ධයට පූර්න සහයෝගය ලබා දීමෙන් අනතුරුව තමන්ගේ අරමුනු සඳහා දැන් ඔවුන්ම යුද අපරාධ පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා සිටිති. මෙහි ගැබ්ව ඇති පනිවුඩය වන්නේ රාජපක්ෂට තම පාලනය චීනයෙන් ඈත්ව තබා ගන්නා ලෙසයි. යුද්ධය පැවති සමයේ මිලිටරි සහ මුදල් ආධාර ශී‍්‍ර ලංකාවට ලබාදීම තුලින් චීනය ලංකාව තුල තම බලපෑම සීග‍්‍රයෙන් වැඩි දියුනු කර ගත්තේය.

මීට සමාන්තරව, දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ මොනම සැලකිල්ලක් ටීඑන්ඒ වෙත ද නැත. එය දෙමල ධනපති පන්තියේ වරප‍්‍රසාද තහවුරු කර ගැනීම සඳහා උත්සාහයක නිරතවී සිටින අතර උක්ත ප‍්‍රධාන බලවතුන්ගේ ඉත්තෙකු බවට පත් වෙනු ඇත. එය අගෝස්තු 1 වෙනි දින ආන්ඩුව සමග තවත් සාකච්ඡා වටයකට සහභාගි වෙනු ඇත.

මැතිවරන සමයේදී රාජපක්ෂ බටහිර විරෝධී කුරුස යුදකරුවෙකු වශයෙන් පෙනී සිටිමින් කිලිනොච්චියේදී මෙසේ ප‍්‍රකාශ කලේය. "අපි කිසිවිටෙකත් අපේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා යුරෝපීය හෝ වෙනත් බලවතෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට අදහස් නොකරමු. මිත‍්‍රශීලී සහ සාමකාමී පිලිවෙතකින් පිලිතුරු සපයා ගැනීමේ ශක්‍යතාව අපට තිබේ.”

ආන්ඩුවේ ඇමතියන් ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳව එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවට හා "ශ‍්‍රී ලංකාවේ ඝාතක බිම්” නමින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව විකාශනය කල වීඩියෝ පටයට බැට දුන් අතර "මාතෘ භූමිය” බේරා ගැනීමට එන්නැයි මහජනයා උසිගැන්වූහ. ආන්ඩුව වගකිව යුතු වැඩෙන සමාජ අර්බුදයෙන් අවධානය වෙනතක හැරවීම මෙම වාචාලවලින් අරමුනු කරනු ලැබීය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් මාසවලදී කරන ලද සැහසිකම් සම්බන්ධයෙන් රාජපක්ෂ ඇතුලු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා මිලිටරි අනදෙන්නන් වගකිව යුතුබව එක්සත් ජාතීන්ගේ වාර්තාව ඇඟවුම් කලේය. ආරක්ෂක හමුදා සාමාජිකයන් දෙමල සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කරන අන්දම ද ශ‍්‍රී ලංකා මිලිටරිය නිරත වූ අනෙකුත් ක‍්‍රෑර ක‍්‍රියාවන්ද චැනල් 4 වීඩියෝවෙන් විකාශනය කලේය.

යුද්ධයට ආවැඩීම හැර වෙනත් කිසිදු විකල්ප පිලිවෙතක් එජාපයට හෝ ජවිපෙට නොවීය. එම පක්ෂවල පක්ෂාඝාතවීමේ වාසිය එජනිස ලබා ගත්තේය. මහජනතාව අතර අහස උසට නගින බඩු මිල පිලිබඳව වැඩෙමින් තිබෙන අසතුට නොතකාම එජාපය සහ ජවිපෙ ආන්ඩුවේ වෙලඳපොල හිතැති ප‍්‍රතිපත්තිවලටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පටිතද කිරීමේ ඉල්ලීම්වලටත් සහාය දුන් අතර ඔවුන්ට මහජනයා වෙත දීමට තිබුනේ නිස්සාර පොරොන්දු පමනකි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් පක්ෂයේ ඉහල තනතුර ලබා ගැනීමට නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පක්ෂ අභ්‍යන්තරයේ කලහයක නිරත වෙමින් සිටී. අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහල යාම, නිලධාරීන්ගේ දූෂන කි‍්‍රයාවන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහරදීම් පිලිබඳව පුරාජේරු විවේචන ඉදිරිපත් කරන අතරම යූඇන්පිය ආන්ඩුවත් සමග සහයෝගයෙන් වැඩ කිරීමට එහි ඇති සූදානම පිලිබඳව ඇඟවුම් කර තිබේ.

එජාප නායක වික‍්‍රමසිංහ පසුගිය මස නිව්යෝක් සංචාරයෙන් පසුව හෙලිකලේ, ඔහු එජා ලේකම් බැන්කි මූන් හමුවී එජා මන්ඩලයේ විද්වත් කමිටු වාර්තාව ගැන කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර ඒ සඳහා ආන්ඩුවට කාලයක් ලබාදෙන ලෙස තමන් ඉල්ලීමක් කර ඇති බවය. ආන්ඩුව ටීඑන්ඒ සමග දිගටම සාකච්ඡා පවත්වන්නේ නම් යුද අපරාධ චෝදනා වලට එරෙහිව පෙනීසිටිමින් එය ආරක්ෂා කිරීමටත් ආන්ඩුවට පූර්න සහයෝගය ලබා දීමටත් ඔහු පොරොන්දුවීය.

මෙවර පලාත් පාලන මැතිවරනයේදී සිංහල අන්තවාදී පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආසන 13 දිනාගෙන ඇති අතර 48 ක් පරාජයට පත්වෙමින් තම ගම්බද පදනම් සෝදා පාලුවට ගොස් ඇති බව පෙන්නුම් කර තිබේ. ඔවුන්ගේ පශ්චාත් ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශනයක ජවිපෙහි පරාජයන් පිලිබඳ කිසිදු සඳහනක් නොකර, ප‍්‍රකටව පෙනෙන්නට තිබෙන කරුනක් වන උතුරු නැගෙනහිර ජනතාව විසින් ආන්ඩුව ප‍්‍රතික්ෂේප කල බව සඳහන් කලේය.

උතුරේ පලාත් පාලන ආයතන ගනනාවක මැතිවරනය සඳහා තරග කිරීමේදී ජවිපෙ ඡන්ද දායකයින් දෙමල ජනතාව කෙරෙහි සානුකම්පිතව බලන්නන් වසයෙන් වශයෙන් පෙනීසිටියේය. දකුනේදී ඔවුහු බටහිර අතපෙවීම්වලට එරෙහි වෙන්නන් වසයෙන් පෙනීසිටිමින් සමාජවාදී හමක් පොරවා ගැනීමේ උත්සාහයක යෙදී සිටියේය. කෙසේවෙතත්, යුද්ධයට සහය දීම නිසාවෙන් ද ධනපති ආන්ඩුවට හවුල්වීම හා සිංහල වර්ගවාදී පිලිවෙත්මත පදනම් වීම නිසා අවමංගතව සිටින ජවිපෙට උතුරෙන් ලබාගත හැකිවූයේ ඡන්ද අතලොස්සක් පමනි.

එජනිස ලේකම් හා ඇමතිවරයෙක් වූ සුසිල් පේ‍්‍රමජයන්ත ප‍්‍රතිඵල ගැන සඳහන් කරමින් පාලක පක්ෂය වෙත ඡන්දය දීමෙන් මහජනයා "මෙවරත් මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති කෙරේ විශ්වාසය තබා ඇත,”යි සඳහන් කලේය. මෙයින් ඇඟවුම් කරන්නේ ආන්ඩුව, ජාමූ අරමුදල මගින් පනවා ඇති පටිතද කිරීමේ වැඩ පිලිවෙල දිගටම ක‍්‍රියාත්මක කරනු ඇති බවයි.

සිංහල අන්තවාදී පක්ෂයක්වූ ජාතික හෙල උරුමයෙහි නායකයා සහ කැබිනට් ඇමතිවරයෙකු වූ චම්පික රනවක ටීඑන්ඒ වෙත තර්ජනය කරමින් "මහජනතාව සමස්තයක් වසයෙන් අනුමැතිය දී ඇත්තේ ආන්ඩුවට බැව් සිහියේ තබා ගත යුතු” යැයි බිරුසන් දුන්නේය. රනවකගේ මොට්ට ඉල්ලීම නම් දෙමල ජනතාව සිංහල පාලක ප‍්‍රභූවේ ආධිපත්‍යය පිලිගත යුතුය නැතහොත් එහි විපාකවලට මුහුන දිය යුතුය යන්නයි.

ආන්ඩුව පලාත් පාලන මැතිවරනය පවත්වන ආකාරයෙන්ම මනාව පැහැදිලි වන්නේ රට තුල වැඩෙමින් පවතින්නාවූ සමාජ සහ දේශපාලන අර්බුදය පිලිබද ආන්ඩුවේ සලිතවීමයි. මාර්තු මාසයේදී පලාත් පාලන ආයතන 335 න් 234 ක ඡන්දය පැවත් වූ අතර සෙසු ඒවා බලාත්කාරයෙන්ම කල් දැමුවේය. ලබන සැප්තැම්බර් මාසයේදී තවත් පලාත් පාලන ආයතන 23 ක මැතිවරන පැවැත්වීමට නියමිත ය. පැල්පත්වාසීන් 70,000 ක් ඉවත් කිරීමට යෝජිත කොලඹ නගර සභාව ද මෙයට ඇතුලත් වන්නේය. දැනටමත් මෙම ඉවත් කිරීම් වලදී විරෝධතාවන් ඇවිලී ඇති අතර ඒවා පොලීසිය සහ මිලිටරිය සමග ගැටුම් වලට ද මුහුන දී තිබේ.