පොලිස් රාජ්‍යයක දුර්ගන්ධය

The stench of a police state

17 August 2011

පසුගිය දින දොලහේ සිදුවීම් බි‍්‍රතාන්‍යයේත් ජාත්‍යන්තර පරිමානවත් කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ලන්ඩනයේ හා අනෙකුත් නගරවල තරුනයින්ගේ කැරලිවලට ප‍්‍රතිචාර ලෙස ලිහා හැරි රාජ්‍ය මර්දනය හා දක්ෂිනාංශික උන්මත්තකභාවය පාලනයේ පොලිස්-රාජ්‍ය රූපාකාරයන් සඳහා පාලක පන්තියේ සූදානම් වීම් එලිදරව් කලේ ය.

අගෝස්තු 4 වෙනිදින උතුරු ලන්ඩනයේ රොටෙන්හැම්හි 29 වියැති කලුජාතික සිව් දරු පියෙකු වන මාර්ක් ඩගැන් පොලිසිය විසින් ඝාතනය කිරීමත් ඉන් දෙදිනකට පසු මරනය සම්බන්ධව සාමකාමීව විරෝධය පෑමකට පොලිසිය විසින් පහර දීමත් නිසා කැරලි අවුලවනු ලැබීය. සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් මෙම අපරාධ සඳහා කිසිදු නිලධාරියෙකුට චෝදනා ඉදිරිපත් කරනවා තබා එවැන්නෙක් හඳුනා ගෙනවත් නැත.

ඒ වෙනුවට බැංකු හා සුපිරි-ධනවතුන්ට ඇප බැඳීම සඳහා මහජන අරමුදල් කොල්ලකෑමට අනුමැතිය පල කල එමෙන්ම රූපට් මර්ඩොක්ගේ මාධ්‍ය අධිරාජ්‍ය විසින් නීතිවිරෝධීව දුරකථනවලට සවන් දීමේ සිද්දිය වසන් කරමින් සිටි දේශපාලන ප‍්‍රභූව කම්කරු පන්තික තරුනයින්ගේ "සාපරාධිත්වය” හා "නොහික්මුනුකමට” එරෙහිව නඩු නැතිව දඬුවම් පැමිනවීමේ සහාසික වාතාවරනයක් නිර්මානය කිරීමට උත්සාහ කර තිබේ.

ලේබර් පක්ෂය විසින් හුරේ දමනු ලදුව, අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ කොන්සර්වේටිව්-ලිබරල් ඩිමොක‍්‍රටික් ආන්ඩුව ජල විදින හා ප්ලාස්ටික් උන්ඩ පරිහරනයට හා ඉදිරියේ දී ඇති විය හැකි සමාජ නොසන්සුන්තාවල දී මිලිටරිය යොදා ගැනීමට අනුමැතිය පල කරමින් මෘග රාජ්‍ය මර්දනයක් සංවිධානය කර ඇත .

මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කැලේට විසිකර තිබේ. පොලිසිය මිනිසුන් බුරුතු පිටින් අත් අඩංගුවට ගැනීමේ දී චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රථම නිර්දෝෂීය යන පූර්ව කල්පනය වල පල්ලට යවා ඇති අතර බලධාරීන්ගේ නියෝගවලින් කෙලින්ම ක‍්‍රියාත්මක වන උසාවි මගින් රැඳවියන්ට එරෙහි නඩු ඇසීම් කරගෙන යයි.

වැඩිමනත් සුලු ගනයේ ලා සැලකෙන වැරැදිවලට වැරැදිකරුවන් සොයමින් පොලිසිය මිනිස්සුන්ගේ ගෙවල්වලට කඩාවැදීමත් සමග බහුතරයක් වයස 16ත් 24ත් අතර වන පුද්ගලයන් 3,000ක් අගනුවර හා අනෙක් පෙදෙස් පීරා වට ලනු ලැබීය. කිසිදු අපරාධයකට දඬුවම් විඳිනවා තබා චෝදනාවක් නොලැබූවන්ගේ පින්තූර හා නම් මාධ්‍යයන් විසින් දිනපතා ප‍්‍රසිද්ධ කරනු ලබයි. බාල වයස්කාර සැකකරුවන් - ඇතමුන් අවුරුදු 11ක් තරම් බාල වුන්ය - ඔවුන්ගේ නම් හෙලි නොකර සිටීමේ අයිතියට අහිමි කර තිබේ.

ලංඩන් මහේස්ත‍්‍රාත් උසාවිවලින් එකක සභාපතිවරයෙකු විසින් ආන්ඩුවේ "නියෝගයක්” ලෙස තකතිරු ආකාරයෙන් විස්තර කරනු ලැබීමෙන් අනතුරුව දන්ඩන නියාමයන් තමන්ට "නීති පොත නොතකා” ක‍්‍රියාවට දැමිය හැකියයි මහේස්ත‍්‍රාත්වරුන්ට කියනු ලැබ ඇත. ලියකියවිලි නිසි ලෙස සම්පූර්න නොකරන ලද හා නීතිඥවරුන්ගේ හිඟයක් පවතින උසාවිවලට ඇදගෙන ආ 1,500 වැඩි දෙනෙකුට ද්වේශසහගත සහ දැඩි දඬුවම් පමුනුවා ඇත. සමහරුන්ට පැය 24ක් පුරා එක දිගට උසාවියේ රැඳී සිටීමට සිදුවිය.

උසාවිය හමුවේ පෙනී සිටි අයගෙන් බොහෝ දෙනෙකු පූර්ව වැරැදිවලට දඬුවම් ලබා නැති අය වන නමුත් ඔවුන්ගෙන් තුනෙන් දෙකකට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කෙරුනි. සොරකම් කරනු ලැබූ භාන්ඩ පරිහරනය නිසා මව්වරුන් හා ගැබිනි කතුන් සය මාසය බැගින් සිර දඬුවම්වලට නියම කෙරුනි. ඒ අතර සාපරාධි වාර්තා කිසිවක් නැති එහෙත් පවුම් 3.50ක වතුර බෝතල් සොරකම් කිරීමේ වරදට අසුවූ ශිෂ්‍යයෙක්ද සිටී.

ඔවුහු කෙටි යුක්තිය පසිඳලීමට මුහුන දෙන බොහෝ දෙනාගෙන් හුදෙක්ම ප‍්‍රථමයෝ ය. තවත් සිය ගනනක් තරුනයන් කැරලි ගැසීම වෙනුවෙන් වසර දහයක් දක්වා දඬුවම් පැනවීම ඇතුලුව වඩාත් මෘග දඬුවම් පැමිනවියහැකි ඉහල උසාවිවල නඩු අසන තුරු මාස ගනනාවකට බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූවේයැයි චෝදනා ලබා ඇති අයගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහිව කෙරීගෙන යන පලිගැනීම් ද ඇතුලත් සාමූහික දඬුවම් පැනවීම දවසේ න්‍යාය පත‍්‍රය වී තිබේ. වැරැදි පිලිබඳ කිසිදු සාක්ෂියක් නැතිව මව්වරුන් සහ කුඩා දරුවන්ට ඔවුන් පදිංචි වී සිටින නගර සභා නිවෙස්වලින් පලවා හැරෙනු ඇති බවට අනතුරු ඇඟවීම් සහිත ලිපි ලැබී ඇත. ඒ අතර කැරැලිවලට සම්බන්ධ වූවේයැයි චෝදනා ලැබූවන්ට ඔවුන් කිසිදු වරදකට වරදකරුවන් වී නැතත් ඔවුන්ගේ සුභසාධන දීමනාවන් යලි උදුරා ගැනීමට සැලසුම් සකස් කර තිබේ.

නොසන්සුන්තාවන් ලන්ඩනය පුරා ව්‍යාප්ත වෙද්දී සිය ගනනක් මිනිසුන්ගේ ජංගම දුරකතන හා ඒවායේ කෙටි පනිවිඩවලට ප‍්‍රවේශ වීමට නොහැකි අයුරින් පොලිසිය සමාජ තොරතුරු ජාල අවුරා දැමූ බව පසුගිය සතියේ එලිදරව් විය. ඔවුහු බ්ලැක්බෙරි හා ට්විටර් වසා දැමීමට පවා සූදානම්ව සිටියහ. මෙයට සමගාමීව ආන්ඩුව විද්‍යුත් සංනිවේදනවලට ප‍්‍රවේශය ලබා ගැනුමට එම්අයි5 (මිලිටරි බුද්ධි අංශය) සහ පුද්ගලික දුරකථනවලට රහසිගතව ඇහුම්කන් දෙන යෝධ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානය වන ආන්ඩුවේ සන්නිවේදන මධ්‍යස්ථානය ජීසීඑච්කිව් කි‍්‍රයාත්මක කලේය.

එහි විදෙස් පිලිවෙතේ අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන විට සෙසු රටවල ආන්ඩු උවදුරේ හෙලීමහිලා සමාජ මාධ්‍යවල වගවර්නනාවන් ගායනා කරන්නේ ද මෙම පාලක පන්තිය ම ය. ජනාධිපති මොහොමඩ් අහමඩිනිජාඩ් පෙරලා දමා වඩාත්-බටහිර ගැති පාලානාධිකාරියක් ඉරානය තුල ඇටවීමේ එක්සත් ජනපද-පිටුබලැති ප‍්‍රයත්නවල කොටසක් ලෙස ඉරානයේ ඊනියා "ට්විටර්” විප්ලවයට උඩගෙඩි දුන්නේද මෙම පාලක පන්තියයි. කෙසේවෙතත් එය, තමන්ගේ ම භූමියේදී රාජ්‍ය විසින් අපාලිත මොනයම්ම හෝ සන්නිවේදන මාර්ගයන්ට නිර්දය ලෙසින් ප‍්‍රතිචාර දක්වයි.

කම්කරු පන්තික තරුනයින් "නොහික්මුනු මීයන්” ලෙස ද "වන මෘගයින්” ලෙස ද හංවඩු ගසමින් මේ සියල්ල යුක්ති සහගත කර ඇත. සුභසාධන රාජ්‍ය හා "බහු සංස්කෘතිය” විසින් උත්පාදනය කලේයැයි කියනු ලැබූ "සාපරාධී ලුම්පන් පන්තියක්” නිල ධනේශ්වර දේශපාලනයේ "වම” දකුන යන දෙපාර්ශවය විසින් හෙලා දකින හෙයින් ඕනෑම දෙයක් දැන් පිලිගත හැකි අනුශාසනවක් ලෙස අනුමත කරයි. පසුගිය මාසයේදී නෝර්වේහිදී 76දෙනෙකු ප‍්‍රධාන වසයෙන් තරුනයන් සමූල ඝාතනය කිරීමට පෙර මෙයට සමාන ප‍්‍රකාශයන් ඇන්ඩර්ස් බෙහ්රින් බ්‍රෙවික් විසින් පල කල ෆැසිස්ට්වාදී වැඩපිලිවෙලින් ද සොයා ගත හැකිය.

ආගමනය සිවිල් කැලඹිලිවලට මෙහෙයවිය හැකි යැයි ප‍්‍රාථමික ගනයේ-ෆැසිස්ට්වාදී ටෝරි දේශපාලනඥ එනොක් පවෙල් විසින් අනතුරු අඟවන විට ඔහු නිවැරැදි වූ බව ඉතිහාසඥ ඩේවිඩ් ස්ටාර්කි මෑතක දී බීබීසී වැඩසටහනකදී සඳහන් කලේය. පවෙල්ගේ අත්වැරැද්ද වූයේ මෙය අන්තර්-වාර්ගික ප‍්‍රචන්ඩත්වයේ ප‍්‍රතිපලයක් වියහැකි යයි ඔහු කල්පනා කිරීම බව ස්ටාර්කි සහතික කොට කීවේය. ඔහුට අනුව සැබෑවට සිදුව ඇත්තේ, සුදු කම්කරු තරුනයන් "කලු වී තිබීම”ත් "එංගලන්තයේ බලහත්කාරයෙන් ඇතුල්වී තිබෙන” "කලු” සංස්කෘතියක් විසින් යටපත් කර ගෙන තිබේ. ඇත්ත වශයෙන්ම විදෙස් රටක් පිලිබඳව "අප බොහෝ දෙනෙකුට මෙවැනි හැඟීමක් ඇත්තේ ඒ නිසාය.”

ස්ටාර්කි ඔහුගේ වෛරයේ ඉලක්ක වෙත දමා ගැසීමට පොදුවේ වාර්ගික යෙදුම් යොදා ගත්තද, සියලුම කම්කරු පන්තික තරුනයින් හෙලා දැකීමට ඔහු "කලු” යන යෙදුම භාවිතා කරයි.

මෙම බද්ධ වෛරය ලිබරල් සංස්ථාපිතය හා අනන්‍යතා දේශපාලනයේ දූෂිත සම්පාදකයන් විසින් බෙදාහදා ගනියි. එක් කාලයක දී සිවිල් නිදහස පිලිබඳ අද්වකාත්වරුන් ලෙස සැලකුනු පොලිටික්ස්.කො.යූකේ හි සංස්කාරක ඉයන් ඩන්ට් වැනි අය සඳහන් කරන්නේ ඒකාධිපති පිලිවෙත්වලට එරෙහි ඔවුන් විසින් පූර්වයෙන් දැරූ විරෝධතාවන් අත්හැර දැමිය යුතු බවයි. "සමාජ බිඳ වැටීමේ ක්ෂනයකට” අසුවූ ඩන්ට් මෙසේ ලියයි: "ප‍්‍රබල දන්ඩන සඳහා අවශ්‍යතාව අප අවබෝධ කර ගෙන සිටින බව අප විසින් පෙන්නුම් කල යුතුයි.”

ලේබර්වරුන්ගේ ඊනියා "වමේ” ප‍්‍රමුඛ නියෝජිතයින් වන කෙන් ලිවින්ග්ටන් හා ඩියේන් අබොට් විශාල පොලිස් සංඛ්‍යාවක් හා ජලප‍්‍රහාරක යොදා ගැනීමට කැඳවුම් කල අතර වසර ගනනාවක් තිස්සේ තමන්ගේ කූඩුවලට සරසා ගැනීමට වාර්ගික දේශපාලනය යහමින් යොදා ගත් සුලුතර විචාරකයින් දැවැන්ත මර්දනයක් ඉල්ලා සිටී. වෙස්ට් මිඩ්ලෑන්ඩ්ස් ප‍්‍රදේශයේ සැන්ඩ්වෙල්හි වාර්ගික සමානතාවය පිලිබඳ ප‍්‍රධාන විධායකයා වන ඩෙරික් කැම්බෙල් තරුනයින් කෝටු මස් කල යුතුයැයි කියයි.

දේශපාලන ප‍්‍රභූව සිසාරා පැතිරුන උමතුව හුදෙක් පසුගිය සතියේ නොසන්සුන්තාවන්ට ම සීමා කල නොහැකිය. ධනවාදයේ ගෝලීය අර්බුදය එහි දෙවැනි අවධියට ඇතුලත්ව ඇති බවත් යුරෝපය, මැදපෙරදිග හා ජාත්‍යන්තරව දැනටමත් ව්‍යාප්තව ඇති පන්ති බෙදීම් දැවැන්ත කැලඹීම් හා මහජන නැගිටීම් උත්පාදනය කරමින් ව්‍යාප්ත විය හැකි බව ගැන ධනපති පන්තිය යහමින් දැනුවත්ය.

ඔවුහු එංගලන්තයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවන් ඉදිරියේදී එලැඹීමට නියමිත දේවල් පිලිබඳ නිමිත්තක් පමනක් බව දකින අතර ඒවා ඉදිරියේ තමන්ගේ ම දේශපාලන නුසූදානම්භාවය පිලිබඳව භීතියට පත්ව සිටිති. පෞද්ගලිකව ඔවුහු නැවත නැවතත් ඔවුන්ගෙන් අසා ගන්නේ ක‍්‍රමයෙන් පිරිහෙමින් තිබෙන සමාජ කොන්දේසි හා රුදුරු සමාජ වියදම් කප්පාදු කෙරෙහි මහජන වෛරය යටපත් කිරීමට ලේබර් පක්ෂය, වෘත්තීය සමිති හා මෝස්තරකාරී "වමට” කොයිතරම් දුරට හැකිද යන්න ගැනයි. තරුනයින් අතර සමාජ වෛරය පුපුරා යාමෙන් කම්කරු පන්තියේ වඩා පලල් ව්‍යාපාරයක් සඳහා විවරව ඇති බියකරු පූර්ව නිමිත්ත ඔවුහු දකිති.

කැරලිවලට ඔවුන්ගේ ප‍්‍රතිචාරය පැහැදිලි කරන්නේ ධනවාදී පද්ධතියේ අසමර්ථතාව විසින් ඇති කොට තිබෙන ආර්ථික ව්‍යසනයට එරෙහිව පන්ති අරගලය පුපුරා යාමේදී ඔවුන්ගේ ප‍්‍රතිචාරය වනු ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් වලපල්ලට යැවීමේ නිරුවත් රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය මත වාරුවෙනු ඇති බවය.

වඩාත් දුරදිග යන්නා වූ දේශපාලන නිගමන උකහා ගත යුතුය. කම්කරු පන්තියට සහ තරුනයින්ට දරිද්‍රතාව, විරැකියාව, යුද්ධය හා ආඥාදායකත්වයේ අනාගතයෙන් පිටතට ඒමේ මාවතක් සාදා ගත හැක්කේ ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීමෙන් පමනකි.

ජුලී හයිලන්ඩ්