ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාව යුද අපරාධවලට සුදුහුනු තවරයි

Sri Lankan defence report whitewashes war crimes

By Wasantha Rupasinghe , 16 August 2011

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව යලි ඇරඹූ යුද්ධයේදී 2006 වසරේ සිට 2009 වසර දක්වා කාලය අතරතුර මිලිටරිය විසින් සිදු කල යුද අපරාද කෙරෙහි රට තුලත් ජාත්‍යන්තර වසයෙනුත් වැඩෙමින් පවත්නා චෝදනාවන්ට අභියෝග කිරීමේ මංමුලා සහගත වෑයමක් ලෙස ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය "මානුෂීය මෙහෙයුම - සත්‍ය විස්ලේශනයක්” යනුවෙන් නම් කල වාර්තාවක් මෑතකදී එලි දැක්වුවේය.

මෙම වාර්තාව අගෝස්තු පලමුවැනි දින, විදෙස් තානාපතීන්ට ද ආරධනා කර තිබූ රැස්වීමක දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දොරට වැඩැම්මුවේය. "මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ මෙම මුසාවන් සදහටම තුරන් වී යනු ඇති අතර මානුෂීය මෙහෙයුම යුක්ති සහගත එකක් බව ලෝකයට පෙනී යනු ඇත,” ඔහු කීවේය.

කෙසේවෙතත්, ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාව වැඩෙමින් පවත්නා ජාත්‍යන්තර වාර්තා ගනනාවක් ප‍්‍රතික්ෂේප කිරීමට සාක්ෂි සම්පාදනය කරන "සත්‍ය විශ්ලේශනයක් නම් නොවේ. යුද්ධයේ අවසන් මාසවලදී පමනක් ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් මරා දැමූ බව මෙම වාර්තා විසින් නිශ්චය කර තිබිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් විසින් පත් කරන ලද එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවක් ද ඒ හා එක්ව යුද අපරාධ පිලිබඳව වීඩියෝ සාක්ෂි ගෙනහැර පාන බීබීසී චැනල් 4 විසින් විකාශිත වීඞීයෝ වාර්තාවක් හා එක්සත් ජනපදය පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් විසින් සැකසූ සවිස්තරාත්මක වාර්තාවක් ද මෙම සොයා ගැනීම්වලට අයත්ය.

යුද්ධයේ අවසන් මාසවලදී, ප‍්‍රධාන වසයෙන්ම මිලිටරි ෂෙල් ප‍්‍රහාරවල ප‍්‍රතිපලයක් ලෙස 40,000ක සිවිල් ජනයා මියගිය බව එක්සත් ජාතීන්ගේ වාර්තාව තක්සේරු කලේය. එල්ටීටීඊ පාලන කලාපය තුල පිහිටි රෝහල් හා ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට ද ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද යුද-මුක්ත කලාපවලට ද සිතාමතාම ෂෙල් ප‍්‍රහාර එල්ල කල බවත් එය සොයා ගත්තේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ සහ ඉහල නිලධාරීන් හා මිලිටරි අනදෙන්නන් ජාත්‍යන්තර නීතිය "පුලුල් පරිමානයකට බරපතල ලෙස උල්ලංඝනය කිරීමෙහිලා” දායක වී ඇති බවත් ඇතැම් සැහැසිකම් "යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගනනයට ගැනෙන” බවත් මෙම සොයා ගැනීම්වලින් ඇඟවුම් කලේය. එමෙන්ම, ශ‍්‍රී ලංකා හමුදාව විසින් දේශපාලනඥයින්, ආන්ඩුවේ විවේචකයින් හා එල්ටීටීඊ "සැකකරුවන්” අවනීතිමය ලෙස ඝාතනය කර ඇති බවත් අනෙකුත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවටත් සාක්ෂි එක්සත් ජාතීන්ගේ වාර්තාව ගෙනහැර පෑවේය.

ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ කතාවේදී "සිවිල් ජනයා 40,000ක් ප‍්‍රහාරයට ගොදුරු වීම පිලිබඳ චෝදනාව” "දූසමාන” යයි කියා පෑවේය. ඔහු ඉදිරිපත් කල එකම සංඛ්‍යා අවසන් සටන් පැවැති ප‍්‍රදේශයේ ආන්ඩුවේ නියෝජිතයාගේ සංඛ්‍යා ලේඛන වලින් ගෙන තිබින. ආන්ඩුවේ නියෝජිතයාට අනුව ඒ වනවිට යුද කලාපයේ ඉහලම ජන සංඛ්‍යාව 305,000ක් වූ අතර මිලිටරි මෙහෙයුම් අවසන් වනවිට එම සංඛ්‍යාව 294,000ක් විය.

මෙම සංඛ්‍යාවන් ලබා ගත්තේ කෙසේද යන්න හෝ අතුරුදහන් වූ 11,000ක පිරිසට කුමක් සිදුවූයේද යන්න ගැන ආරක්ෂක ලේකම් පැහැදිලි කලේ නැත. අවසන් ගැටුම් පැවැති කාලයේදී ආන්ඩුව සඳහන් කලේ එල්ටීටීඊ පාලන කලාපයේ සිරවී ඇති ජන සංඛ්‍යාව 100,000ක් පමනක් බවයි. එය සිදුවෙමින් පැවැති සමූල ඝාතන වසං කිරීමේ පැහැදිලි වෑයමකින් යුක්තව කෙරුනකි. කිලිනොච්චි හා මුලතිව්වල ආන්ඩුවේ නියෝජිතයන් විසින් නිකුත් කල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කලේ, 348,000ක ප‍්‍රමානයක සිවිල් වැසියන් පිරිසක් එහි රැඳී සිටින බවයි. මෙම සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මගින් තක්සේරු කිරීම් සඳහා උපයෝගි කොට ගෙන තිබූ 330,000ට වැඩි ජන ප‍්‍රමානයකි.

ගෝඨාභය රාජපක්ෂ මොනම තොරතුරක්වත් ඛන්ඩනය කිරීමට වෑයම් නොකරමින්, චැනල් 4 වීඩියෝ පටය ඇතුලු බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තාවන් "පක්ෂග‍්‍රාහී” යැයි කියමින් ගසා බසා දැම්මේය. එමෙන්ම යුද්ධයේ අවසන් පැය කීපයේදී සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිනි නිරායුධ එල්ටීටීඊ නායකයින් මරා දැමීමට ඔහු පෞද්ගලිකව ම අන දී තිබුනේය යන චෝදනාව කිසිදු කරුනු පැහැදිලි කිරීමකින් තොරව ප‍්‍රතික්ෂේප කලේය.

තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ කුහක ලෙස ගසා කන "පරවේනි අවශ්‍යතාවන්”- එනම් බටහිර බලවතුන් යුද අපරාධවලට වග කිව යුතුය යන ආන්ඩුවේ චෝදනාව ආරක්ෂක ලේකම්වරයා විසින් පුනරුච්චාරනය කලේය. රාජපක්ෂ ආන්ඩුව චීනය සමග වැඩෙමින් පවත්නා සබඳතා හේතුවෙන් මෙම බටහිර බලවතුන් ආන්ඩුවට පීඩනය යොදති. යුද ගැටුමේ අවසන් මාස වන තෙක්ම මෙම බලවතුන් එල්ටීටීඊයට එරෙහි යුද්ධයට පිටුබලය දුන් අතර මිලිටරියේ යුද අපරාධ වසන් කලේය.

ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාව එනයින්ම, ශ‍්‍රී ලංකා ආන්ඩුවේ වාර්ගික යුද්ධය අසික්කිත අයුරින් යුක්ති සහගත කිරීමකි. පිටු 161ක වාර්තාවෙන් අඩක්ම වෙන් කර ඇත්තේ 1975 සිට එල්ටීටීඊය විසින් මරා දමන ලද පුද්ගලයින් ලැයිස්තුගත කිරීමටත් එහි ප‍්‍රහාරයන් පිලිබඳ විස්තර කිරීමට හා සොයා ගත් අවි ආයුධ වගු ගත කිරීමටත් ය. ම්ලේච්ඡ යුද්ධය එල්ටීටීඊ සංවිධානයෙන් දෙමල සිවිල් ජනයා විමුක්ත කරගැනීම ඉලක්ක කල "මානුෂීය මෙහෙයුමක්” වූ බව වාර්තාව පුන පුනා සඳහන් කරයි.

එල්ටීටීඊය නිශ්චිත වසයෙන්ම වාර්ගික ප‍්‍රහාරයන් හා ම්ලේච්ඡ ක‍්‍රියාවන් සඳහා වගකිව යුතු වූ අතර යුද්ධය සඳහා ප‍්‍රධාන දේශපාලන වගකීම දරන්නේ කම්කරු පන්තිය බෙදා වෙන් කොට තමන්ගේ පාලනයට මුක්කු ගසා ගැනීමට දෙමල විරෝධී වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් කිරීම් ගසා කනු ලැබූ බලයේ සිටි කොලඹ ආන්ඩුය. 2009 වසරේ සිට ම එල්ටීටීඊයේ ඒකාධිපති පාලනය සමග වඩ වඩාත් එදිරි වූ දෙමල ජනයා ඒ තරමින්ම ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් "විමුක්ත කරගැනීමෙන්” අනතුරුව නියත ලෙසම එලැඹෙනු ඇති වාර්ගික හිරිහැර කිරීම් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම පිලිබඳ භීතියට පත් වූහ.

එක් වැදගත් පිලිගැනීමක් වාර්තාවේ අන්තර්ගතය: එනම් මිලිටරි මෙහෙයුමෙන් සිවිල් ජනයා මියගිය බව එය ප‍්‍රථම වරට ඒත්තු ගෙන තිබීම ය. ආන්ඩුව කලින් කියා පෑවේ මිලිටරි මෙහෙයුමේ ප‍්‍රතිපලයක් ලෙස කිසිදු සිවිල් වැසියෙක් මිය නොගිය බවයි. දැන්, හරියට එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේදී වමාරන්නාක් මෙන්, එල්ටීටීඊය සිවිල් ජනයා පලිහක් ලෙස යොදා ගැනීම පිලිබඳව එයට චෝදනා එල්ල කරමින් මෙසේ කියයි, "සක‍්‍රීය ලෙස සිවිල් ජනයා අනතුරේ හෙලමින් තිබූ නිර්දය සතුරෙකුට එරෙහි මේ සා පරිමානයේ සටනක දී සිවිල් ජනයා මරනයට පත්වීම වැලක්විය නොහැකි විය.”

පෙර පැවැති ආන්ඩු, "සහාසික ක‍්‍රම මගින්. . . . ආන්ඩුව සමග හැප්පීමට අධිෂ්ටාන සහගතව සිටි” එල්ටීටීඊය සමග කිසිදු සාර්ථකත්වයකින් තොරව සාකච්ඡා කිරීමට උත්සහා දරා තිබූ බව කියා පාන වාර්තාව 2006 වසරේ මැදභාගයේ දී යුද්ධය යලි ඇරඹීම පිලිබඳව එල්ටීටීඊයට චෝදනා කරයි.

ඇත්ත වසයෙන් ම, 2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරනය ජයගත්තේ එල්ටීටීඊය මුලුමනින්ම යටත් වීමට බල කිරීමට හෝ රට නැවතත් යුද්ධයට ඇද ගෙන යාම එල්ල කරගත් වැඩ පිලිවෙලක පදනම මතය. ඔහු බලයට පත් වූ තැන් පටන් ජාත්‍යන්තරව පිටුබලයලත් සාම සාකච්ඡාවන් උවමනාවෙන් ම කඩාකප්පල් කලේය. ඒ අතර මිලිටරිය සමග සමීපව වැඩ කරන ආන්ඩුවේ ඝාතක කල්ලි ඉහල මට්මමේ, එල්ටීටීඊ දේශපාලනඥයින් ප‍්‍රකෝපකාරී ලෙස ඝාතනය කලේය.

2006 ජූලි මාසයේදී නැගෙනහිර පලාත තුල වැව් සොරොව්වක් වසා දැමීම මුල් කරගනිමින් දියත් වූ එල්ටීටීඊ-පිටුබලය ලත් විරෝධතාවක් 2002 වසරේ ඇති කර ගත් සටන් විරාම ගිවිසුම විවෘතව ම කඩා දමා පුලූල් පරිමානයේ ප‍්‍රහාරයක් දියත් කිරීමට ආන්ඩුව හා මිලිටරිය විසින් ඩැහැ ගත්තේය. ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාව සාවද්‍ය ලෙස ප‍්‍රකාශ කරන්නේ, මාවිල් ආරු සොරොව්ව වසා දැමීමෙන් අනතුරුව ඇරඹූ "මිලිටරි මැදිහත්වීම” "ගැඹුරුවන මානුෂික අර්බුදය වැලක්වීමේ අවසන් විසඳුමක්” වසයෙන් සිදුකල බවයි.

එල්ටීටීඊය සොරොව්ව වසා දමා තිබුනේ ආන්ඩුව විසින් පෙරාතු කාලයේදී ප‍්‍රදේශයේ ජල ටැන්කියක් නොඑසේනම් වාරිමාර්ග ජලාශයක් ගොඩ නැගීමට අසමත් වීමට විරෝධය දැක්වීමක් වසයෙනි. එකඟතාවකට ඒමට සටන් විරාම නිරීක්ෂකයින් හා එල්ටීටීඊය දැරූ ප‍්‍රයත්නයන් ආන්ඩුව හා මිලිටරිය විසින් නොතකා හලේය. ඒ වෙනුවට 2002 වසරේ සටන් විරාම ගිවිසුම වරක් උල්ලංඝනය කර තිබූ මිලිටරිය එය අවලංගු ලියවිල්ලක් සේ සලකා, ඉතා පැහැදිලිව ම කල් තියා මැනවින් සැලසුම් කරමින් තිබූ, එක් ආක‍්‍රමනයකට පසු තව එකක් ලෙස උතුරේ හා නැගෙනහිර දියත් කර තිබූ මිලිටරි මෙහෙයුම කල්තියාම සැලසුම් කර තිබුන එකක්.

නැගෙනහිර මිලිටරි මෙහෙයුම් පැවැති කාල පරිච්ඡේදයේදී "සිවිල් ජීවිත හා දේපල මුලුමනින්ම සුරක්ෂිතව පැවැති” බව වාර්තාව කියා පායි. සත්‍යය නම්, යුද්ධයේ අවසන් මාසවලදී යොදා ගත් ක‍්‍රියාමාර්ගයන් ම නැගෙනහිරදී ද යොදා ගත් බවයි. සංත‍්‍රාසය හා භීතිය උපද්දවීමට සිවිල් ජනයා වෙසෙන ප‍්‍රදේශ ඉලක්ක කර අනවරත කාලතුවක්කු ප‍්‍රහාර හා රොකට් ප‍්‍රහාර සුලභව එල්ල කලේය. මුතූර්, වාකරේ, සාම්පූර් හා තොප්පිගල ඇතුලු නැගෙනහිර පලාතේ ගම්වල දස දහස් සංඛ්‍යාත ජනයා ප‍්‍රදේශය අත් හැර ගියෝය. අද පවා එම ජනයාට තමන්ගේ ම ගම් බිම්වලට යලි ඒමට අවසර නැත.

මේ සමස්ත කාල පරිච්ඡේදයේදී ම, ඉන්දියාව, එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට පිටුබලය දුන් අතර ප‍්‍රකටව ම පෙනෙන්ට තිබූ යුද අපරාධ ගැන පමනක් නොව සියලුම ක‍්‍රියාවන් කෙරේ මුනිවත රැක්කේය. 2006 අගෝස්තු 4 වෙනි දින ප‍්‍රන්සය පදනම් කරගත් සංවිධානයක් වන ඇක්ෂන් එගේන්ස්ට් හන්ගර් (ඒසීඑෆ්) හි සේවයේ නියුතුව සිටි සහන සේවකයින් 17 දෙනෙකු අමු අමුවේ මරා දැමීම පිලිබඳව සීමිත ජාත්‍යන්තර විරෝධතාවක් ප‍්‍රකාශයට පත් කෙරිනි. මෙම ඝාතන පිලිබඳ ආරක්ෂක බලකායන්ගේ සම්බන්ධතාව හෝ හවුල්වී තිබීම සම්බන්ධව සියලු සාක්ෂි ගොනු වී පැවතුනත්, කිසි දිනෙක කිසිවෙකුට චෝදනා එල්ල නොකෙරුනාක් මෙන්ම දඬුවම් පැවරුනේ ද නැත. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවේ මෙම සිදුවීම පිලිබඳ වචනයක් හෝ සඳහන්ව නැත.

වාර්තාවේ අවසන් කොටසේ දී "ත‍්‍රස්තවාදය” අතුගා දැමුවේයැයි කියනු ලබන දිවයිනේ "නිදහස් කර ගත්” ප‍්‍රදේශවල ජීවිත පිලිබඳ උත්කර්ෂවත් පින්තූරයක් අඳියි. මැතිවරන යලි ස්ථාපිත කිරීම, එල්ටීටීඊ කාඩර්වරුන් පුනරුත්ථාපනය කිරීම හා අවතැන් වූ ජනයා ඔවුන්ගේ නිවාසවලට යලි පදිංචි කිරීම යනාදිය එකී උත්කර්ෂවත් බවේ ලක්ෂන යැයි වාර්තාව කියයි. මෙම තක්සේරුවේ සෑම පාර්ශවයක්ම යථාර්තය මුලුමනින්ම විකෘත කිරීමකි.

එල්ටීටීඊයේ පරාජයෙන් පසු ක්ෂනිකව ම වැඩිහිටියන් තරුන ජනයා ඇතුලුව පිරිමින්, ගැහැනුන් හා ලමයින් ඇතුලු 300,000 සිවිල් ජනයා "සුභ සාධක කඳවුරු” යැයි කියනු ලැබූ මිලිටරිය විසින් පාලිත රැඳවුම් කඳවුරු තුලට ගාල් කලේය. කටු කම්බිවලින් වට කරනු ලැබ මිලිටරි සොල්දාදුවන් විසින් රැකවල් ලා සිටි ඔවුන් කිසිවෙකුට පිටවීමට අවසර නොදුන් අතර ඔවුන් හමුවීමට එන්නවුන්ට සිර කඳවුරුවලට යාමේදී අනුගමනය කරන ආරක්ෂක විධිවිධානයන්ට මුහුන පෑමට සිදු විය. රැඳවියන්ට පාසැල් හා ෞසඛ්‍ය ඇතුලු මූලික පහසුකම් ලැබුනේ නැත. අවම වසයෙන් පුද්ගයින් 10,000ක් තවමත් මෙම කඳවුරුවල සිරගත කොට සිටිති.

තරුන පිරිමින් හා ගැහනුන් මිලිටරි බුද්ධි අංශ විසින් ප‍්‍රශ්න කරනු ලැබීය. 11,000ක් පමන තරුනයින් "එල්ටීටීඊ සැකකරුවන්” "යලි-අධ්‍යාපනගත කිරීමට” යැයි කියා රහසිගත ස්ථානවලට රැගෙන ගොස් තිබේ. මොවුන්ගෙන් ඇතමෙක් "සැකකරුවන්” ලෙස වෙන් කර ගනිමින් වධ බන්ධනයට පත් කර ඇති බවත් මිලිටරි දඩුවම්වලට පාත‍්‍ර කර ඇති බවට සාක්ෂි එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාව විසින් පෙන්වා දුන්නේය. මිලිටරියට අනුව තවත් 3,000ක පිරිසක් යුද්ධය අවසානයේ සිට වසර දෙකකට වැඩි කාලයක් පුරා කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව තවමත් සිරකර ගෙන සිටී. ඊනියා පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයන් බුද්ධි අංශවල සමීප සුපරීක්ෂාකාරීත්වය යටතේ කල් ගෙවති.

අවසානයේදී "සුභ සාධක ගම්මානවලින්” මුදාහල ලක්ෂ සංඛ්‍යාත ජනයා කිසිදු ආධාරයක් නොමැතිව ඔවුන්ගේ ගම් දනව්වල "යලි පදිංචි කර” තිබේ. ඔවුහු එක්කෝ විවිධාකාර රාජ්‍ය-නොවන සංවිධානවලින් බෙදා දුන් කූඩාරම් හෝ තාවකාලික පැල්පත්වල දිවි ගෙවති. දිවයිනේ සමස්ත උතුර හා නැගෙනහිර මිලිටරි ආඥාදායකත්වය යටතට පත් කර තිබේ. කොලඹ සංස්ථාපිතය කෙරේ තමන්ගේ වෛරය ප‍්‍රකාශ කරමින් පසුගිය වසරේ හා මේ වසරේ මැතිවරනවලදී උතුරේ ජනතාවගෙන් බහුතරය ඡන්ද ප‍්‍රකාශ කලේ නැත.

සවිස්තරාත්මක ප‍්‍රතික්ෂේප කිරීමක් වෙනවා වෙනුවට, ආරක්ෂ අමාත්‍යංශයේ වාර්තාවේ දරිද්‍රතාව ප‍්‍රකට කරන්නේ, ගොරතර යුද අපරාධ හා මූලික ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් අනවරතව උල්ලංඝනය කිරීමෙහිලා ශ‍්‍රී ලංකා ආන්ඩුව හා මිලිටරිය සම්බන්ධ බවට ඉදිරිපත්ව ඇති සාක්ෂිවලට කිසිදු පිලිතුරක් නැති බවයි.