මර්කෙල් හා සර්කෝසි කප්පාදු කල යුරෝපයක් සැලසුම් කරයි

Merkel and Sarkozy plan a Europe of austerity

By Peter Schwarz, 7 December 2011

දෙසැම්බර් 05දා ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සර්කෝසි, යුරෝව පිලිබඳව මූල්‍ය වෙලඳපොලවල විශ්වාසය ගොඩනැඟීමේ ඒකාබද්ධ සැලැස්මක් ඉදිරිපත් කලහ. එය අද දිනය තුල සියලු යුරෝපීය සංගම් සාමාජිකයින් වෙත යවනු ලබන අතර ලබන සිකුරාදා බ්‍රසල්ස්හි දී පැවැත්වෙන රාජ්‍ය හා ආන්ඩු නායකයින්ගේ රැස්වී‍ෙම් දී මේ පිලිබඳව තීරනයකට එලඹීමට නියමිත ය. “මෙම සමුලුවේ දී තීරනයකට එලඹීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටින්නෙමු" යයි අවධාරනය කලේ සර්කෝසි ය.

සැලැස්මට අංග දෙකක් ඇතුලත්ය. පලමුවැන්න, ජාත්‍යන්තර ආයොජකයෝ මින් මත්තට නයගැති යුරෝ කලාපීය බිල්පත් බාර නොගන්නා බව සහතික කිරීම ය. ආයෝජකයින් තම නය හිමිකම් වලින් සියයට 50ක් කපා හල ග්‍රීසියේ මෙන් නය “කප්පාදුවක්" මින් මතු සිදු නොවන බව මර්කෙල් හා සාකෝසි සහතික වූහ.

දෙවැනුව, යුරෝ කලාපීය රටවල් දැඩි අයවැය කප්පාදු පියවර හඳුන්වා දිය යුතු බවට ඒ මගින් බල කරනු ලැබේ. වාර්ෂික අයවැය හිගය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුන ඉක්මවන රටවල් ඉබේම දඬුවම් ලැබීමට නියමිත අතර යුරෝ රටවල් 17, ජර්මානු මොඩලයට අනුකූල හා යුරෝපීය අධිකරනය විසින් අධීක්ෂනය කරන, ව්‍යවස්ථාවෙන් නියම කරගත් තුලනාත්මක අයවැයක් (ස්වර්නමය රෙගුලාසියක්) ක්‍රියාවට නැඟීමට එකඟ විය යුතුය.

ඊට අමතරව, තාවකාලික යුරෝපීය ස්ථාවරකරන පහසුකම්, ස්ථාවර යුරෝපීය ස්ථායිකරන යාන්ත්‍රනයක් මගින් විස්ථාපනය කර බල ගන්වන අතර 2012 අවසානය තෙක් වසරකට එය ක්‍රියාත්මක ය.

මර්කෙල් හා සාකෝසි, අයවැය පිලිබඳව දැඩි විනයක් පවත්වා ගැනීම පිනිස 2012 මාර්තු වන විට යුරෝපීය ගිවිසුම් වෙනස් කිරීමට අදහස් කර ඇත. එසේ වුවහොත් ඔවුහු එය යුරෝපීය සංගමය ආකෘතිය තුල හා එහි සාමාජික රටවල් 27 ඇතුලත සිදු කිරීමට අපේක්ෂා කරති. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වැනි රටවල් එයට හරස් කැපුවහොත් තමන් ස්ව මතය අනුව කටයුතු කිරීම ඔවුහු බැහැර නොකරති. “එසේ නම් අප රටවල් 17 අතර එකඟත්වයක් ඇති කර ගන්නා අතර යමෙකුට පසුව ඊට ඇතුලු වීමට අවශ්‍ය නම් කරුනාකර එසේ කරන්නැයි" සර්කෝසි තර්ජනාත්මකව පැවසී ය.

ෆ්‍රැන්කෝ-ජර්මානු යෝජනා ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල ඉල්ලීම් සපුරාලීම අරමුනු කර ගත්තකි. ඉහල පොලී අනුපාතයන්ගේ වාසිය භුක්තිවිඳ තිබුන ද ඔවුන් අවධාරනය කලේ යුරෝ කලාපීය සියලු නයගැති රටවල්, පෞද්ගලික ආයෝජකයින් සියලු අවදානම් වලින් ඉවත් කර මහජනතාවන්ගේ වියදමින් තම අයවැය හිඟ පියවාගත යුතු බවයි.

ග්‍රීසිය පිලිබඳ ප්‍රශ්නයේ දී මර්කෙල්, පෞද්ගලික ආයෝජකයින් නය “කප්පාදුවක්“ පිලිගත යුතු යයි අවධාරනය කරනු ලැබුවේ, බැංකු කෙරෙහි විරුද්ධත්වයක් නිසා නොව, එය ජර්මනියට වඩා වාසි සහගත වූ බැවිනි. වසරකට පෙර ඩියුවිලී යන ප්‍රන්ස නගරයේ දී යුරෝව බේරාගැනීමේ කලින් කී සැලැස්මට එකඟත්වයක් ඇතිකර ගැනීම පිනිස මර්කෙල් හා සර්කෝසි හමුවූ විට ඇය එම පිලිවෙතෙහි දැඩිව එල්බ සිටියා ය.

මූල්‍ය වෙලඳපොලවල් හුස්ම අල්ලා ගන්නා තරම් ඉහලකට ආන්ඩු බැඳුම්කර පොලිය ඉහල නංවමින් මෙයට ප්‍රතිචාර දැක්වූ කල රටක් රටක් පාසා ආන්ඩු යුරෝව බේරාගැනීමේ පහසුකම් වෙනුවෙන් බල කිරීමට පටන් ගත්තේය. යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) නියෝජිතයෙක් කියා සිටියේ පෞද්ගලික බැංකු නය “කප්පාදුවට සම්බන්ධ වීම බරපතල වැරැද්දක්" බවයි. මක්නිසා ද යත්, යුරෝ කලාපීය රටවලට නයට දුන් මුදල් තමන්ට ආපසු ලැබෙනු ඇති බවට ආයෝජකයින්ට තවදුරටත් විශ්වාසය තැබිය නොහැකිවූ බැවිනි.

මර්කෙල් දැන් අඩියක් පස්සට ගෙන අ‍ෙනකුත් රටවල කප්පාදුවලදී පෞද්ගලික සහභාගිත්වය ඉවත් කිරීමට එකඟ වී ඇත. ඇය තම පියවර යුක්තිසහගත කලේ, “යුරෝ නය ලෝකයේ අනෙකුත් තැන්වල බැඳුම්කරයන්ට වඩා අඩු සුරක්ෂිත භාවයකින් නොතැබිය යුතු බව" කියා සිටිමිනි.

අනෙක් අතට සර්කෝසි, හිඟ සීමාව ඉක්මවන රටවලට ඉබේම දඬුවම් පැමිනවෙන තත්වයට ඉඩ හරිමින් අකුලා ගත්තේ ය. ඩියුවිලීහි දී ඔහු එවන් ප්‍රවිෂ්ටයක් ප්‍රතික්ෂේප කලේ ය. මක්නිසා ද යත්, ආර්ථික වෙනස්කම්වල හා සමාජ බලපෑම කෙරෙහි ප්‍රතිචාර වශයෙන් ආන්ඩුවලට උපාමාරු දැමීමට පැවති මූල්‍ය ඉඩ කඩ එමගින් ඉවත් වන බැවිනි. ඉබේම පැනවෙන දඬුවම් හා “ස්වර්නමය රෙගුලාසිය“ දරුනු අවපාතය හා සමාජ නොසංසුන්තා පැන නැඟීමට හේතු කාරක වුවත් පොදු වියදම් දැවැන්ත ලෙස කපා හැරීමේ පියවර ගැනීමට මේ මගින් ඔවුන්ට බල කෙරෙයි.

මර්කෙල්ගේ යෝජනා කෙරෙහි 06දා මූල්‍ය වෙලඳ පොලවල් ප්‍රතිචාර දැක්වූයේ ශුභවාදී ලෙස යි. ඉතාලි හා ස්පාඤ්ඤ ආන්ඩු බැඳුම්කර පොලිය සැලකිය යුතු තරමින් පහත වැටුනි. කොටස් වෙලඳපොලවල් ඉහල නැගුනි. එහෙත් ඉහල මූල්‍ය නිලධාරීන් කනස්සල්ල පලකල ආකාරය ගත් කල සැලැස්ම ඇති තරම් දුර ගොස් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩි සැලැස්ම ගැන වොෂින්ටනයේ යුරෝපීය ආයතනයේදී කථාකරමින් එය “ඉතා වැදගත්" නමුත් “අප්‍රමානවත්" යයි ද "වෙලඳපොලේ විශ්වාසය යලි ගොඩනැඟීමටත් සමස්ත තත්වයම පාලනය කර ගැනීමටත් තව බොහෝ දේ කල යුතුව ඇතැයි" ද සඳහන් කලා ය.

06දා නය වර්ගීකරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්, එලඹෙන සමුලුවට යෙදෙන පීඩනය දැඩි කරමින් ජර්මනිය ද ඇතුලු සියලු යුරෝ රටවල නය වර්ගීකරන පහත හෙලන බවට තර්ජනය කලේ ය. යුරෝපයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටවලට, දැනට ඒවා සතු ඉහල ම “ඒඒඒ" වර්ගීකරනය අහිමි වුවහොත් යුරෝව ගලවා ගැනීමේ අරමුදලෙහි වියදම ඉහල යන අතර නය අර්බුදය සමග පොර බැදීමේදී පූර්වයෙන් ඇති කරගෙන තිබෙන එකඟත්වයේ සියලු පියවර මත ප්‍රශ්නාර්ථය වැටෙනු ඇත.

යුරෝපීය සංගමය ප්‍රමුඛ නියෝජිතයින් එස්ඇන්පී ප්‍රකාශය කෙරෙහි කෝපයට පත්ව ඇති බව පෙනී යයි. ඔවුන් එය සලකන්නේ එක්සත් ජනපද මූල්‍ය අවශ්‍යතාවන්ගේ හඬ ලෙස ය. යුරෝ කන්ඬායමේ නායක ජීන් ක්ලවුඩේ ජුන්කර් එස්ඇන්පී තීරනය විස්තර කලේ “තම අයවැය හිඟ අවම කර ගැනීමට උත්සාහ කරන සියලු රටවලට මෙය හරහ වැටෙන ලෙස වැදුනු පහරක්“ ලෙස ය. එය “අසාධාරන හා මුලුමනින්ම අනවශ්‍ය දෙයක්" බව ලක්සම්බර්ග් අගමැති පැවසී ය. තීරනාත්මක යුරෝපීය සංගමයේ සමුලුවකට පූර්වයෙන් මෙය සිදුවීමෙන් තමා “මවිතයට" පත්වූ බව ඔහු පැවසී ය.

මූල්‍ය වෙලඳපොලවලට සිය පූර්න හිත පක්ෂපාතීකම පෙන්වමින් වර්ගීකරන ආයතනයේ නිවේදනයට මර්කෙල් හා සර්කෝසි ප්‍රතිචාර දැක්වී ය. “ප්‍රන්සය හා ජර්මනිය පූර්න සහයෝගිතාවය පල කරමින් යුරෝ කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම පිනිස තම හවුල්කරුවන් හා යුරෝපීය ආයතන සමග එක්ව අවශ්‍ය සියලු පියවර ගැනීමට ඇති සිය අධිෂ්ඨානය" ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ය.

එහෙත් මූල්‍ය වෙලඳපොලවල්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපීය කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ සහන වනසා දමන තෙක් පසු නොබලනු ඇත. ඔවුන්ගේ දැක්මට අනුව යුරෝපයේ විශ්‍රාම හා අනෙකුත් සහන ඕනෑවට වඩා වැඩි ය. වැටුප් ඕනෑවට වඩා ඉහල හා සේවා කොන්දේසි ඕනෑවට වඩා නම්‍යශීලීය. සෞඛ්‍ය හා අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය අංශය ඕනෑවට වඩා පුම්බා තිබේ. ලාභය සඳහා වන ඔවුන්ගේ නොසංසිඳෙන පිපාසය තෘප්තිමත් නොකරන ඕනෑම දෙයක් කපා විනාශ කල යුතුය.

බලාපොරොත්තු පිලිබඳ ප්‍රකාශයන්ගෙන් ඔවුන් සෑහීමකට පත් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය ක්‍රියාකාරිත්වය යි. තාක්ෂනවේදීන් මෙහෙයවන ආන්ඩු සහිත ග්‍රීසියේ හා ඉතාලියේ දැන් මෙය ආරම්භ කර තිබේ. මෙම මස මුලදී ග්‍රීක ආන්ඩුව රාජ්‍ය සේවකයින් 16,000කගේ පලමු තොගය දොට්ට දැමී ය. රාජ්‍ය සතු ව්‍යවසායන්හි සේවක වැටුප් බරපතල ලෙස කප්පාදු කලේ ය. එලඹෙන දිනවලදී නව කප්පාදු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිපත් කරනු ඇත. විසි වසරක් පුරා සිය පුර්වගාමීන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර අසාර්ථකවූ විශ්‍රාම වැටුප් කප්පාදුව ඉතාලි ආන්ඩුව විසින් වේගයෙන් ක්‍රියාත්මක කරයි.

යුරෝපය වඩ වඩාත් 1930 ගනන් ප්‍රතිරාවය කරන්ට පටන් ගෙන තිබේ. එවක දී මේ හා සමාන දරුනු කප්පාදු පියවරයන්හි පතිපලය වූයේ දුප්පත්කම, ආඥාදයකත්වය හා යුද්ධය යි. සමහර ධනපති දේශපාලඥයින් හා වාර්තා කරුවන් දැන් එවන් සමාන්තරයන් පවා අඳිමින් සිටියි.

‘‘1930 ගනන්වල දිගු සෙවනැලි“ යන හිසින් ෆිනෑන්ෂල් ටයිම්ස්හි තීරු රචක ගිඩියන් රැක්මාන් නොවැම්බර් 28දා මෙසේ ලිවීය. “යුරෝපයේ දරුනු ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙයි. රාජ්‍ය නය පැහැර හැරීම් හා තනි යුරෝපා මුදල බිඳ වැටීමේ තර්ජන ඉහල යමින් තිබේ. ඒ සමග, බැංකු බිඳ වැටීම, මහජන සන්ත්‍රාසය, ගැඹුරු අවපාතය හා මහා විරැකියාව අත්වැල් බැඳගෙන ඇත. 1930 ගනන්වල පාඩම නම්, ගෝලීය අවපාතය ප්‍රජාතන්ත්‍රය දුබල කරන බවත්, නව රැඩිකල් දේශපාලන බලවේග නැගී ඒමත්, හා එම ක්‍රියාවලිය තුලදී ජාත්‍යන්තර ගැටුම්වල තර්ජනය ඉහල යාමත්ය.“

92හැවිරිදි හිටපු ජර්මන් චාන්සලර් හෙල්මුට් ස්ක්මිඩ්, සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්කරන ලද සමුලුවේ කල කථාවක දී, යුරෝපය අවි ගැටුම් තුලට ඇද වැටීම පිලිබඳව අනතුරු ඇඟවීය. “ගෝලීය කරනයවූ බැංකු බලපෑම් දැමීම් හා එක්සත් ජනපදයේ හා යුරෝපයේ කීප දහසක් වන මූල්‍ය වෙලඳුන් හා එක්ව වර්ගීකරන ආයතන, දේශපාලනිකව වගකිවයුතු යුරෝපීය ආන්ඩු ප්‍රාන ඇපයට ගෙන තිබේ.“

එහෙත් මර්කෙල් හා සර්කෝසි විවේචනය කරන්නවුන් ඉදිරිපත් කරන පිලිතුරු, එනම් මූල්‍ය වෙලඳපොලවල් නියාමනය කිරීම, අසීමිත ඊසීබී නය ආදී දේ, එක්කෝ අර්බුදය උග්‍ර කරයි, එසේ නැත්නම් ආර්ථික හා දේශපාලන යථාර්තය සැලකිල්ලට ගැනීමට අසමත් වෙයි.

බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපද ආන්ඩු මෙන්ම ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා හරිතයින්, ඊසීබීයේ හා යුරෝ බැඳුම්කර නිකුත් කිරීමෙන් අලුත් මුදල් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කිරීම මගින් යුරෝව මත පැටවී ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා කැඳවුම් කරයි.

එහෙත් 2008 මූල්‍ය බිඳවැටීම අවධියේ ආන්ඩු විසින් ගනු ලැබුවේ ද එම මාර්ගය ම ය. එය වත්මන් අර්බුදයට මග විවර කලේ ය. රාජ්‍ය භාන්ඬාගාරවලින් ට්‍රිලියන ගනන් මුදල් බැංකු තුලට හරවා යැවීම වත්මන් නය අර්බුදයට සැලකිය යුතු තරමකින් දායක විය. මෙම මුදල්වලින් බොහෝ ප්‍රමානයක් ඇදී ගියේ දැන් යුරෝවට හා යුරෝපීය සංගමයට එරෙහිව එල්ල වී ඇති සමපේක්ෂන ගනුදෙනුවලට ය.

මූල්‍ය වෙලඳපොලවල් පාලනයකට යටත් නොකර හා සමාජයේ ඉහලින්ම ඒකරාශී වී තිබෙන ඉමහත් වත්කම් අත්පත් කර නොගෙන අර්බුදයට කිසිදු විසඳුමක් සම්පාදනය කල නොහැකි ය. එහෙත් යුරෝපයේ කිසිදු නිල පක්ෂයක් මෙම මාවත ගැනීමට කැමති වන්නේ හෝ සමත් වන්නේ හෝ නැත. ඔවුන් සියලු දෙන ධනේශ්වර දේපල සම්බන්ධතාවන්ට හා ඊට බැඳුනු වරප්‍රසාදයන්ට සමීපව ගැටගැසී සිටිති.

කොන්සවේටිව්, සමාජ ප්‍රජාතන්ත්‍ර, හරිත හා “වාම“ පක්ෂ, කප්පාදුවට කිසිදු විකල්පයක් නැතැයි පිලිගෙන සිටිති. 1930 ගනන්වල එක්සත් ජනපදයේ ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් යටතේ ක්‍රියාත්මක කල වර්ගයේ ආර්ථික උත්තේජක හා පොදු වැඩ පවා තවදුරටත් සාකච්ඡා කරන්නේවත් නැත.

ජාත්‍යන්තර ධනවාදය මුහුනපා සිටින මංමුලා සහගත අර්බුදය, විසඳිය හැක්කේ යුරෝපීය කම්කරු පන්තිය සමාජවාදී ක්‍රියාමාර්ගයකින් බලමුලු ගැන්වීමෙන් පමනි. ප්‍රධාන මූල්‍ය හා කාර්මික සංගත අත්පත් කරගෙන ඒවා ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ තැබිය යුතුය. ඒවායේ දැවැන්ත සම්පත් ජනගහනයේ ඉහල ම සියයට එක පොහොසත් කිරීමට නොව සමාජ අවශ්‍යතා සපුරාලීමට යෙදවිය යුතුය. මේ සඳහා කම්කරුවන්ගේ ආන්ඩු හා යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම අවශ්‍ය කෙරේ.

Share this article: