ක්‍රෙම්ලින් පාලන තන්ත්‍රයට එ‍රෙහිව දහස් ගනන් පෙලපාලි දක්වති

Thousands protest against Kremlin regime

By Andrea Peters, 12 December 2011

‍10දා පැවති පාර්ලි‍මේන්තු මැතිවරනය දූෂිත බවට පුලුල් ලෙස පැතිර තිබුනු චෝදනා කෙරෙහි විරෝධය පල කරමින් මොස්කව්හි බෙලොටොනායියා චතුරස්‍රයට 50,000ක පමන පිරිසක් රැස්ව සිටියහ. තවත් 10,000ක් දෙනා රුසියාවේ ‍ෙදවන විශාල නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් වෙතට රැස්වූ අතර සොචි, මුර්මාන්ස්ක්, චිටා, ව්ලැඩිවොස්ටොක්, නිෂ්නි, නොව්ගො‍රොඩ්, ඔම්ස්ක් හා කාල වේලා හතක් නි‍යෝජනය කරන තවත් නගර දුසිම් ගනනක පෙලපාලි පැවැත්වුනි.

‍10දා සිදුවීම්වලට පෙර පසුගිය සතිය පුරා පැවති කුඩා පෙලපාලි ගනනාවක දී පුද්ගලයින් සිය ගනනක් අත්අඩංගුවට ගනු ලැබිනි. එ‍හෙත් මේ සති අන්ත‍යේ බොලෙටොනායියා චතුරස්‍රයට 50,000ක් පමන රැස් වුවත් ‍පොලිසිය හා පැරා මිලිටරිය කිසි‍වෙකුත් අත්අඬංගුවට ගත්තේ නැත. තව තවත් පුලුල් ජන සහභාගිත්වයකට තුඩු‍දෙනු ඇති බවට බිය පලවීම නිසා ක්‍රෙම්ලිනය, පෙලපාලිකරුවන් වෙත කඩා නොපනින ලෙස පොලිසියට උප‍දෙස් දී තිබුනු බව වාර්තා විය. ශාන්ත පීටර්ස්බර්ග්හි දී කිහිප දෙ‍නෙකු අත්අඩංගුවට පත් විය.

‍පෙලපාලි මෙන්ම, ස්ථාවර හා ජනතාව‍ගේ කීකරු සහාය ලබන බවට දිගු කලක් තිස්සේ පුම්බා තිබුනු පාලන තන්ත්‍රයේ අස්ථාවරත්වය මෑත මැතිවරනයෙන් අනාවරනය වීමෙන් පසුව, ජනාධිපති දිමිත්‍රි මෙඩ්වි‍ඩෙව් හා අගමැති ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුව ගැඹුරු අර්බුදයකට මුහුනපා ඇත.

‍04දා මැතිවරනයෙන් පාලක එක්සත් රුසියානු පක්ෂයේ (යූආර්) සහ‍යෝගිතා පදනම නාටකාකාර ලෙස වැටී ගියේ ය. එහි අ‍පේක්ෂකයින්ට දිනාගත හැකි වූයේ 450න් යුත් පාර්ලිමේන්තු ආසන වලින් 238ක් පමනි. 2007 වස‍රේදී එය 315ක්ව තිබුනි. ඡන්ද මගඩි පැවතියදී පවා, නිදසුනක් ලෙස රොස්ටොව්හි ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව මෙන් සියයට 140ක් ඡන්දය දමා තිබුනි, යූආර් පක්ෂය සිය සහ‍යෝගය සියයට 14ට වඩා වැඩි ප්‍රමානයකින් සියයට 49.5ක් දක්වා පහත වැටීඇති බව අත්දුටුවේ ය.

පුලුල්ව පැතිර ගිය ඡන්ද මගඩි පිලිබඳ වාර්තා පලවීමත් සමග විරෝධතා පැන නැංගේය. වි‍රෝධතාවන්හි මූලිකත්වය ගනු ලැබු‍වේ, ලිබරල් විපක්ෂය යි. කොමියුනිස්ට් පක්ෂය, සාධාරන රුසියාවක් පක්ෂය හා තවත් නොයෙක් බල‍වේග ඊට සිය සහාය පල ක‍ලේ, ජනතාව‍ගේ කෝපයෙහි තරම පෙනෙන්නට පටන් ගත්තාට පසුව ‍පමනි. සති අන්ත මොස්කව් වි‍රෝධතා සංවිධානය කිරී‍මේ දී ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටුකර තිබු‍නේ එක්සත් ජනපද හා වෙලඳ‍පොල ගැති න්‍යාය පත්‍රයක් සහිත ගැරී කැස්ප‍රොව්ගේ සොලිඩානොස්ට් (සහයෝගිතා) පක්ෂය යි.

10දා අගනුවර පැවති පෙලපාලිවල නඟන ලද සටන් පාඨ ඉදිරිපත්කල සංවිධායකයින්, සුවිශේෂිතව දේශපාලන අයිතීන් කෙරෙහි මිස, රටේ බහුතර ජනතාව මුහුනපා සිටින නොඉවසිය හැකි ජීවන තත්වයන්ට හා ‍ක්‍රෙම්ලිනය සුපිරි ධනවතුන් ආරක්ෂා කිරීමට එරෙහිව යොමු නොකිරීමට වග බලා‍ගෙන තිබුනි.

බො‍ලො‍ටොනායියා චතුරස්‍රයේ දී සම්මත කර ගත් යෝජනා අතරට පාර්ලිමේන්තු මැතිවරන ප්‍රතිපල අවලංගු කිරීම, නව මැතිවරනයක් පැවැත්වීම, මධ්‍යම මැතිවරන කොමිස‍මේ සභාපති ව්ලැඩිමීර් චූ‍රෝව් ඉල්ලා අස්විය යුතු බව, විරුද්ධ පක්ෂ නිල වශ‍යෙන් ලියා පදිංචි කිරීම හා සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම ඇතුලත්ව තිබුනි. සිය ඉල්ලීම් ඉටුකිරීමට ආන්ඩුවට ඇත්තේ දෙසතියක කාලයක් පමනක් බව අවධාරනය කරන සංවිධායක‍යින් 24දාට තවත් විරෝධතාවක් කැඳවා ති‍බේ.

10දා මොස්කෝව වෙත රැස්වූවන් ඇමතූ කථිකයින් අතර නිල පාර්ලි‍මේන්තු විපක්ෂ‍යේ නි‍යෝජිතයින්, ප්‍රකට ‍ලේඛකයින් හා මාධ්‍යවේදීන් හා ලිබරල් පක්ෂවල ඉහල මට්ට‍මේ විවිධ ‍දේශපාලඥයින් විය. පෙලපාලි සංවිධානය කල අය ඉදිරිපත් කල දේශපාලන සටන්පාඨවලට සිය සහාය පල කල, අන්ත ජාතිකවාදී ජාතික ‍බොල්ශෙවික් පක්ෂ‍යේ දක්ෂිනාංශික‍යෙක් වන එඩුවාඩ් ලි‍මෝ‍නොව් මෙන්ම “වාමාංශිකයින්" ද ඊට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා ක‍ලේය.

ප්‍රන්ස පැබ්‍ලෝවාදී නව ධ‍නේශ්වර විරෝධී පක්ෂය සමග සම්බන්ධ රුසියානු සමාජවාදී ව්‍යාපාරය, අරගලය තුලට “සමාජවාදී" ඉල්ලීම් ගෙන ඒම පසුවට කල් තබන බව කියා සිටි අතර ලිබරලුන්ගේ ආස්ථානයන් අවි‍වේචනාත්මකව වර්නනා කල ප්‍රකාශයක් එහි වෙබ් අඩවි‍යෙහි පල‍කොට තිබුනි.

(පුටින්ගේ) එක්සත් රුසියාවක් පක්ෂය “වංචනිකයින්ගේ හා හොරුන්ගේ" පක්ෂයක් යයි කියා සිටි ලිබරල් අන්තර්ජාල වාර්තාකරු‍වෙක් වන ඇලෙක්සි නවල්නි‍ගේ සටන් පාඨයට පෙලපාලි තුල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුල ද පුලුල් ප්‍රචාරයක් ලබාදී තිබුනි. එය රුසියානු දේශපාලනය පිලිබඳව බොහෝ දෙනාගේ අත්දැකීම්වල අනුනාදයක් විය.

කෙ‍සේ වෙතත් නවල්නි ක්‍රෙම්ලිනයේ වි‍වේචකයෙක් වන අතර දැඩි‍ සංක්‍රමනික විරෝධී ආස්ථානයක් දරා සිටියි. අන්ත දක්ෂිනාංශයට මුක්කු ගසන ඔහු මෑත ප්‍රසිද්ධ සිදුවීම් තුල නව නාසිවාදීන් හමුවේ පෙනී සිට ඇත. සති අන්තයේ නවාල්නි පිලිබඳ දිගු පැතිකඩක් ඉදිරිපත් කරන නිව්‍‍යෝර්ක් ටයිම්ස් පත්‍රයට අනුව ඔහු, “තද පැහැ‍යෙන් යුත් කොකේසියානු කැරලිකරුවන් කැර‍පොත්තන්ට සමාන කරන වීඩි‍යෝ පටයක වරක් පෙනී සිටි‍යේය."

10දා වි‍රෝධතාවන්ට සම්බන්ධවු බොහෝ දෙනෙක් ඒවා‍යේ මූලිකත්වය ගත් කිසිදු දේශපාලන බල‍වේගයක් සමග සම්බන්ධ නොවන අය බව මාධ්‍ය වාර්තා ඇඟවුම් කර තිබුනි. වි‍රෝධතාවන්ට සහයෝගය ගොනුකර තිබු‍නේ, සමාජ මාධ්‍ය ජාල හරහාය. මොස්කෝවේ හා ශාන්ත පීටර්ස්බර්ග්හි බොහෝ මාධ්‍ය ආයතන වාර්තාකොට තිබුනේ, ක්‍රෙම්ලින් තන්ත්‍රයේ පීඩාකාරී ස්වභාවය පිලිබඳ ගැඹුරු නොසතුට හේතුකොට ගෙන ප්‍රධාන වශයෙන්ම සෙනඟ ඇදී ආවේ මධ්‍යම පන්තිය අතරින් බව පෙනෙන්නට තිබුනු බවය.

ඒ සමග ම, සමස්ත දේශපාලන ක්‍රියාවලියෙන්ම ගැඹුරු වියෝ වීමක සලකුනු ද දක්නට තිබුනි. කොමර්සන්ට් පුවත්පතට අනුව, මොස්කව් පෙලපාලියේ ඉහලින්ම ඔසවා තිබුනු සටන් පාඨයකින් කියවුනේ “අපි මෙම පාදඩයින්ට ඡන්දය නොදුන්නෙමු. අපි ඡන්දය දුන්නේ අනෙක් පාදඩයින්ට ය. ඡන්දය යලි ගනන් කිරීමක් අපි ඉල්ලා සිටිමු" යනුවෙනි.

මේතාක් දුරට පෙලපාලිවලට බෙහෙවින්ම ආකර්ෂනය වුනේ නාගරික මධ්‍යම පන්තියය යන කාරනය තිබිය දී ම, ක්‍රෙම්ලිනයේ දූෂිත පාලනය කෙරෙහි පිලිකුල මෙන්ම පිරිහෙන ජීවන තත්වයන් හා සමාජ අසමානත්වයේ ඉහල මට්ටම් කෙරෙහි ඉමහත් කෝපය කම්කරු පන්තියේ පුලුල් කොටස් අතර ඒ හා සමානම අතෘප්තියකට මුල්වී තිබෙන බව පාලක පන්තියට රහසක් නොවේ.

2010-11 අතර නිල වශයෙන් දුගී භාවයට පත් දශ ලක්ෂ දෙකකට වැඩි ජනකායක් ද සමග ආහාර හා මූලික අවශ්‍යතාවන්ගේ අහස උසට නැඟි මිල ගනන් නිසා පසුගිය දෙවසරෙහි කම්කරු පන්තිය දැඩි පීඩාවකට පත්ව සිටියි. පාර්ලිමේන්තු මැතිවරනයේදී යූආර් පක්ෂයේ සහයෝගය බිඳ වැටීම සමස්තයක් ලෙස සමාජයේම මුලාව දුරු වෙමින් තිබීම පිලිබඳ ඇඟවුමකි.

මුබාරක් තන්ත්‍රය බලයෙන් පහකිරීම කරා පරිවර්තනය කරමින් කම්කරු පන්තිය අරගලයට ප්‍රවිෂ්ටවූ පසුගිය ජනවාරියේ ඊජිප්තුවෙහි දිග හැරුනු ආකාරයේ තත්වයක්, නිල විපක්ෂයේ විරෝධතා මගින් රුසියාව තුල ද වර්ධනය වේ යයි පුටින් තන්ත්‍රය බියපත්ව සිටියි.

විරෝධතාවන්ට තරුනයින්ගේ සහභාගිත්වය මගින් පෙලපාලි තවත් වර්ධනය වීම වැලැක්වීම පිනිස සෙනසුරාදා පාසැල් දිනය සවස් වන තෙක් දීර්ග කිරීම මගින් ක්‍රෙම්ලිනයේ නොසංසුන්තාවය කෙබඳු දැයි ඇඟවුම් කරයි. ඊට අමතරව, විරෝධතා ඇරඹීමට කලින් සැලසුම් කර තිබුනු ස්ථානයෙන් එය බලධාරීන්ට සෙනඟ පිලිබඳ තක්සේරුවක් කර ගැනීම පහසු වන පරිදි පිහිටා තිබෙන, බොලො‍ෙටානායියා චතුරස්‍රය වෙත හැරවා යැවුනි.

11දා ජනාධිපති මෙඩ්විඩෙව්, මැතිවරන දූෂන පිලිබඳ චෝදනා පරීක්ෂා කිරීමට තමන් නියෝග කල බව නිවේදනය කලේ ය. පෙලපාලි තවදුර පැතිර යාම වැලැක්වීමේ උත්සාහයක් ලෙස ජනතාවගේ කෝපය සංසිඳුවීම මෙම පරීක්ෂනයේ අරමුනයි.

ක්‍රෙම්ලිනයේ කනස්සල්ල එයට එරෙහිව පෙලගැසී සිටින සියලු “විපක්ෂයන්" ද බෙදා හදා ගනියි. යෙල්සින් පාලන තන්ත්‍රයේ දක්ෂිනාංශික හා වෙලඳපොල ගැති ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ හා ක්‍රියාවට නැඟීමේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකර තිබෙන ප්‍රධාන ලිබරල්වාදීන් ඇතුලත් රුසියානු ලිබරල් සංස්ථාපිත‍ය, කම්කරු පන්තිය කෙරේ ගැඹුරින්ම සතුරුය. පුටින් පිලිබඳ ඔවුන්ගේ එක් ප්‍රධාන විවේචනයක් වන්නේ, සමාජ වැඩසටහන් කැපීම සඳහා ඔහු ඇති තරම් දුර ගොස් නොතිබීමේ කාරනය යි.

කම්කරු පන්තිය කෙරෙහි අවධානයෙන් යුතුව සිටින බව පෙන්නුම් කරන කොමියුනිස්ට් පක්ෂය ද රුසියානු ධනවාදයට මුලුමනින්ම කැපවී සිටියි. නිලධරය සෝවියට් සංගමය විනාශ කිරීමෙන් පසුව රාජ්‍ය දේපල කොල්ල කෑමේදී අඩු සාර්ථකත්වයක් ලද හිටපු ස්ටැලින්වාදී නිලධරයේ කොටස් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරති. සිය ජාතිකවාදී අයාචනයේදී ඔවුන් බොහෝ දුරට පදනම් වන්නේ, මුස්ලිම් හා යුදෙව් විරෝධී අගතීන් ඇවිස්සීම මත ය.

කොමියුනිස්ට් පක්ෂය එක දිගට ක්‍රෙම්ලිනයේ අයවැය ප්‍රතිපත්තිවලට සහාය දැක්වී ය. එම ප්‍රතිපත්තිවල ප්‍රතිපල වශයෙන් ශුභසාධක රාජ්‍ය තුල තවමත් ඉතිරිව පවතින දේ හා අත්‍යවශ්‍ය පොදු යටිතල පහසුකම් විනාශ වී තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඡන්ද මගඩි පිලිබඳ චෝදනා ගැන පරීක්ෂනයක් ඉල්ලා සිටීමෙන් පසුව අගමැති පුටින්, පෙලපාලිවලට උඩගෙඩි දෙන්නේ යයි එක්සත් ජනපදයට චෝදනා කලේ ය. බොහෝ ලිබරල් පක්ෂ ඇමරිකානු ගැති හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව ද වොෂින්ටනය සිය මූලෝපායික අවශ්‍යතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට පෙලපාලි යොදාගැනීමට උත්සාහ කරන බව ද නොරහසක් වුවත්, විරෝධතා පිලිබිඹු කලේ, රුසියාව තුල පුලුල්ව පැතිර තිබෙන හා අව්‍යාජ සමාජ අතෘප්තිය බව ද නොරහසකි.

ප්‍රජාතන්ත්‍ර විප්ලවය පිලිබඳ සටන් පාඨය, රාජ්‍ය කර්මාන්තය කොල්ලකෑමටත් රැකියා, සමාජ ආරක්ෂනය හා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කල ප්‍රහාර සඳහා ද කඩතුරාව බවට පත්කර ගනිමින්, 1991දී සෝවියට් සංගමය බිඳ දැමීමේ කටුක අත්දැකීම්වල ප්‍රතිපල වශයෙන් බොහෝකොටම මධ්‍යම පන්තියේ විරෝධතාවන්ට ජනගහනයේ පුලුල් කොටස් ක්ෂනිකව ආකර්ශනය නො වී ය. එම ප්‍රතිපත්තිවල ප්‍රතිපලය වූයේ, මාෆියාවක් වැනි මූල්‍ය කතිපයාධිකාරයක් විසින් ප්‍රමුඛත්වය උසුලන දැවැන්ත සමාජ හා ආර්ථික ධ්‍රැවාන්තගත වීමකි.

කෙසේ වෙතත්, දේශපාලන සංස්ථාපිතය තුල කාකොටා ගැනීම් උත්සන්න වත්ම, පුටින් තන්ත්‍රයට එරෙහි අරගලය තුලට කම්කරු පන්තිය ඇදී ඒම නොවැලැක්විය හැකිය. මෙය සිදුවීමත් සමග කම්කරුවන්, රුසියාව තුල බටහිර අධිරාජ්‍යවාදයේ අතකොලු බවට පත්ව සිටින සංවිධාන ද ඇතුලු නිල විපාර්ශවය සමග ද ගැටුමකට මුහුනපා සිටින බව අවබෝධ කර ගනු ඇත.

Share this article: