2005 පටන් නිවස්න පනස් ලක්ෂයකට වැඩි ගනනක වත්කම් අතුගෑවී ගොස් ඇත

More than 5 million households had their wealth wiped out since 2005

By Andre Damon, 28 July 2011

"සුදු කලු හා විවිධ භාෂා කථාකරන (හිස්පැනික්) අය අතර වත්පොහොසත්කම් පරතරය වාර්තාගත මට්ටම් කරා ඉහල නගියි” යනුවෙන් පිව් පරියේෂන මධ්‍යස්ථානය සංඛ්‍යාලේඛන බියුරෝවේ මෑතක දත්ත විශ්ලේෂනයක් පදනම්කර ගනිමින් කල අධ්‍යයනයකට අනුව ආර්ථික අර්බුදය අවධියේ එක්සත් ජනපදයේ සම්ප‍්‍රදායික නිවස්නවල වත්පොහොසත්කම සියයට 28න් අහිමිවී ඇති අතර ඉන් තුනෙන් එකක් මුලුමනින්ම අතුගෑවී ගොස් ඇත.

එම අධ්‍යයනය වාර්ගික වෙනස්කම් මුල් තැනට ගෙන ඇතත් වඩාත් කැපී පෙනෙන හෙලිදරව්වන් ජනගහනයේ සියලු කොටස්වල පොදු දුප්පත්කම ගැන කනස්සල්ල පල කරයි. වත්කම් වලට වඩා වගකීම් ඇතැයි යන අදහසින් ඩොලර් බිංදුවකට හෝ ඊටත් අඩු ශුද්ධ වටිනාකමක් ඇති ඇමරිකානු නිවෙස්නවල ප‍්‍රතිශතය 2005දී සියයට 15 සිට 2009 වන විට සියයට 20 දක්වා වැඩිවී ඇත. මෙහි අර්ථය ආර්ථික අවපාතයේ මුල් භාගය තුල නිවෙස්න පනස් හය ලක්ෂයක නැතහොත් 150 ලක්ෂයකට වැඩි මිනිසුන්ගේ වත්පොහොසත්කම් අහෝසිවී ඇති බවයි. මෙම සංඛ්‍යා ලබාගෙන ඇත්තේ 2005-09 කාලය සඳහා සංඛ්‍යාලේඛන බියුරෝව කල සමීක්ෂනයක විශ්ලේෂනයකිනි.

උද්ධමනයට ගැලපීමෙන් පසුව මධ්‍යම තරමේ ඇමරිකානු නිවෙස්න වල වත්පොහොසත්කම 2005දී ඩොලර් 96,894ක සිට 2009දී ඩොලර් 70,000 දක්වා එනම් සියයට 28න් පහත වැටුනු බව අධ්‍යයනයෙන් පෙන්වාදී තිබේ. මෙහි වැඩි පංඟුවකට බලපෑවේ 2006-09 අතර සියයට 30න් පමන ද එතැන් පටන් ඊටත් වඩා ද වේගවත් කඩාවැටීමකට ලක්වූ ඉඩම් වටිනාකම්ය.

නිවාස අගය වැටීම වැටුප්වල පහත වැටීම මඟින් උග‍්‍ර කර තිබේ. කම්කරු දෙපාර්තමේන්තුවට අනුව 2005-09 අතර උද්ධමනයට ගැලපීම් කිරීමේ පදනම මත කම්කරුවෙකුගේ පැයක සාමාන්‍ය ඉපැයීම සියයට 5න් වැටුනි.

වත්පොහාසත්කම වැටීමේ වේගයට සරිලන පරිදි දුප්පත්කම ද වැඩී ගියේය. අධ්‍යයනයට අනුව 2005-09 අතර සමස්තයක් ලෙස ජනගහනයේ අනාරක්ෂිත වගකීම් සියයට 33න් වර්ධනය විය.

මේ අතර පොහොසත්ම නිවෙස්න සියයට දහයකගේ නිවස්න ධනයේ පංඟුව 2005දී සියයට 49ක සිට 2009දී සියයට 56 තෙක් ඉහල නැඟුනි.

නිවාස වටිනාකම් පහත වැටීම ද ඇතුලු වත්පොහොසත්කම් ක්ෂයවීමෙන් විශේෂයෙන්ම පහර වැදී අත්තේ වාර්ගික සුලුතරයටය. හිස්පැනික්වරුන්ගේ ශුද්ධ නිවෙස්න වත්පොහාසත්කම 2005දී ඩොලර් 12,124 සිට 2009දී ඩොලර් 5,677 දක්වා සියයට 66ක් තරම් විශාල ප‍්‍රමානයකින් පහත ගියේය. කලු ජාතිකයින්ගේ ශුද්ධ නිවෙස්න අගය සියයට 53න් වැටුනි. හිස්පැනිකවරුන් අතර අනාරක්ෂිත නය සියයට 47න් වැඩිවිය.

සුදු කලු හා හිස්පැනික්වරුන් අතර අසමානතාවයේ මට්ටම වසර 25කට නිසැකව ම ඊටත් වැඩි කාලයකට පසුව ඉහලම තැනට ලඟාවී ඇත. වාර්ගික පරතරයේ කොටසකට වගකියන්නේ භූගෝලයයි. සුදු අය සිය නිවාස අගය සියයට 18න් වැටෙනු අත්දැකි අතර කලු ජාතිකයින් එය සියයට 23න් ද හිස්පැනික්වරු එය අඩකටත් වැඩි තරමින් ද පහත වැටෙනු අත්දුටුවෝය.

වර්තාව සඳහන් කරන පරිදි "2005දී ජාතියේ හිස්පැනික් හා ආසියාතික නිවැසියන්ගෙන් සියයට හතලිහකටත් වඩා පදිංචිව සිටියේ නිවාස වටිනාකම් දරුනු ලෙස කඩාවැටුනු ඇරිසෝනා, කැලිෆෝර්නියා, ෆ්ලොරිඩා, මිචිගන් හා නෙවාඩා යන ප‍්‍රාන්ත පහ තුලය. මෙම ප‍්‍රාන්තවල ජීවත්වන හිස්පැනික් වරුන්ගේ "මධ්‍යම මට්ටම්වල අයගේ ශුද්ධ අගය 2005දී ඩොලර් 51,464 සිට 2009 වන විට ඩොලර් 6,375 දක්වා කිහිප ගුනයකින් කඩා වැටුනු” බව වාර්තාව සටහන් කරයි.

කෙසේ වෙතත් මෙම වාර්ගික විෂමතාවන් කම්කරු පන්තිය හා සියලු වර්ගයන්ගේ ධනවතුන් අතර අසමානත්වයේ වඩාත් මූලික වර්ධනය වසං කරයි. කලු ජාතිකයින්ගේ ධනවත්ම සියයට දහය දැන් එම සමස්ත වර්ගයේම ධනයෙන් සියයට 67ක් පාලනය කරන බව එහි සඳහන් වෙයි. අවපාතයට පෙර එය තිබුනේ සියයට 59ක් ලෙසය. එසේම හිස්පැනික්වරුන්ගේ ධනවත්ම සියයට දහය 2005දී එම වර්ගයේ මුලු ධනයෙන් සියයට 59ක් පාලනය කල අතර 2009 වන විට එය සියයට 72ක් දක්වා වැඩි විය.

මේ අතර 2005-2009 අතර රැකියා විරහිතයින්ගේ සංඛ්‍යාව 79 ලක්ෂයේ සිට ලක්ෂ 152 දක්වා වැඩී ගියේය. වැඩිවන විරැකියාව ද සුලු ජාතීන් වෙත අසමානුපාතික ලෙස බලපෑවේය දැන් කලු ජතිකයින් අතර විරැකියාව සියයට 16.5ක් වන අතර හිස්පැනික්වරු අතර සියයට 11.6ක් වෙයි.

වත්පොහොසත්කමේ විශාල කඩා වැටීම ඇමරිකානු සමාජය කෙරෙහි ප‍්‍රතිවර්තනීය බලපෑමක් ඇතිකර තිබේ. එහි ප‍්‍රතිපල වශයෙන් දශ ලක්ෂ සංඛ්‍යාත ගනනින් නිවාස අත්පත්කර ගැනීම හා පුද්ගල බංකොලොත්වීම් වාර්තා වෙයි. රියල්ට‍්‍රැක් ඩොට් කොම් ජාලයට අනුව සමීක්ෂනයට පාත‍්‍රවූ 2005 හා 09 වසර අතර කාලයේ නිවාස අත්පත්කර ගැනීම් දශ ලක්ෂ 10කි.