ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව චැනල් 4 යුද අපරාධ වාර්තාව හෙලා දකියි

Sri Lankan government condemns Channel 4 war crimes documentary

By K. Ratnayake ,21 June 2011

ශ‍්‍රී ලංකාවේ ඝාතන පිටි නමින් වාර්තාගත කල වීඩියෝ පටය ප‍්‍රදර්ශනය කිරීම කෙරෙහි ආන්ඩුවේ ප‍්‍රතිචාරය පලවූයේ ආන්ඩුව හා එහි නම්දැරූ හමුදාවන්ගේ කීර්තියට හානි පැමිනවීමේ "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ගොදුරක් බවට රට පත්කර ඇති බවට උද්දීපනය කල දේශපේ‍්‍රමී උද්ඝෝෂනයක් මගිනි. යුද්ධයේ අවසන් මාසවල දී බෙදුම්වාදී එල්ටීටීඊයට එල්ල කල ප‍්‍රහාරයන්හි දී මිලිටරිය යුද අපරාධ සිදුකර ඇති බවට ඉදිරිපත්වූ සෑම සාක්ෂියක දී ම කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සම්මත ප‍්‍රතිචාරය බවට පත්ව ඇත්තේ මෙම මහා බොරුවයි.

බි‍්‍රතාන්‍යයේ චැනල් 4 මගින් පටිගත කර තිබෙන මෙම පැයක වීඩියෝ පටය ජූනි 14දා ජිනීවාහි දී පෙන්වන ලද අතර එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජයට පත්කල 2008 සැප්තැම්බර් හා 2009 මැයි අතරතුර කාලයේ දී එල්ටීටීඊ භූමිභාගයන් තුල සිදු කෙරුනු වෙඩිතැබීම්වල බිහිසුනු දර්ශන ඊට ඇතුලත් විය. මිලිටරිය විසින් ප‍්‍රකාශයට පත්කර තිබුනු වෙඩි නතර කිරීමේ කලාප තුල සිවිල් වැසියන්ට මෙන්ම රෝහල් වෙත ද යලි යලිත් එල්ල කරන ලද කාලතුවක්කු ප‍්‍රහාර මෙහි දර්ශනය විය. ආන්ඩුවේ හෙලාදැකීමට ලක්වූ මෑතක නිකුත් කල එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ද දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලින් මරාදමා ඇත.

යටත්වන එල්ටීටීඊ සෙබලුන් හා නායකයින් නීති විරෝධී ලෙස ඝාතනය කිරීමේ මෙන්ම හමුදාවේ රැකවරනය පැතූ දෙමල කාන්තාවන් දූෂනය කිරීමේ සාක්ෂි ද එහි තවදුරටත් ඇතුලත් විය. ආහාර නවාතැන් හා වෛද්‍ය ප‍්‍රතිකාර හිඟයට මුහුනපා සිටි සිවිල් වැසියන්ගේ බිහිසුනු තත්වය දැක්වෙන දර්ශන ද ඊට ඇතුලත් විය. ආන්ඩුව විසින් සියලු මාධ්‍යවලට සටන් පෙරමුනු තහනම්කර තිබූ බැවින් ද අතලොස්සක් සහන සේවකයින්ට හැර අන් අයට යුද මුක්ත කලාපවලට සීමිත ආධාර බෙදාහැරීම පවා වලක්වා තිබීම නිසා ද වීඩියෝ පටිගත කිරීම දුෂ්කරවී තිබුනි.

එක්සත් ජාතීන්ගේ වාර්තාව පිලිබඳ කාරනයේදී ආන්ඩුව වෙත වගකීම පැවරෙන අපරාධ පිලිබඳ පැහැදිලි සාක්ෂි බිඳ දැමීමෙහි ලා කිසිදු උත්සාහයක් දරනු නොලැබුනි. ඒ වෙනුවට විරුද්ධ පක්ෂ හෝ මාධ්‍ය විසින් සිය ප‍්‍රචාර අභියෝගයට ලක් නොකරන බව දන්නා ආන්ඩුව හමුදාව සිවිල් වැසියන් මරා නොදැමූ බවත් ගෙනගියේ "මානුෂික ක‍්‍රියාන්විතයක්” බව හා වීඩියෝ පටය තනිකරම "එල්ටීටීඊ ප‍්‍රචාරයක්” බවට සිය සුපුරුදු ඝෝෂාව යලි අලුත් කලේය.

වාර්තාව තිරගතකල දිනට පසුදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එය නිෂ්පාදනය කිරීම සඳහා චැනල් 4ට එල්ටීටීඊ හිතවතුන් අල්ලස් දුන් බව කියා සිටිමින් එයට එරෙහිව ප‍්‍රචාරයක් දියත් කලේය. "යලි වතාවක් සමහර එල්ටීටීඊ හිතවතුන් ශ‍්‍රී ලංකා ආන්ඩුවේ මෙන්ම හමුදාවේ ද කීර්තිය පලුදු කිරීම සඳහා චැනල් 4 ප‍්‍රවෘත්ති ආයතනයට මුදල් ගෙවා එය ප‍්‍රයෝජනයට ගෙන තිබේ” යයි ඔහු පැවසීය. එම චෝදනාව සනාථ කරන කිසිදු සාක්ෂියක් ඔහු ඉදිරිපත් කලේ නැත.

තම සෙහොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ද මිලිටරිය විසින් ගෙන ගිය යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමට සෘජුව ම සම්බන්ධය.

ජූනි 17 දින ගෝඨාභය රාජපක්ෂ මෙසේ පැවසීය: "මාතෘභූමියට එරෙහිව එල්ල කෙරී ඇති ජාත්‍යන්තර අභියෝගවලට මුහුනදීම පිනිස දේශපේ‍්‍රමී ජනතාව ඒකරාශී වීමට කාලය එලඹ තිබේ. එල්ටීටීඊ හිතවතුන් ද සමඟ ජාත්‍යන්තර කරලිය තුල එල්ටීටීඊයේ ඉතිරිව සිටින කොටස් ඔවුන්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය යලිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ දරමින් සිටිති.”

ප‍්‍රධාන බලවතුන්ගේ කොල්ලකාරී කටයුතු වලට එරෙහිව මෙම කුඩා දිවයිනෙහි ප‍්‍රමුඛයා ලෙස පෙනී සිටීමට ආන්ඩුව දරන උත්සාහය විකාරයකි. සිය සාපරාධී යුද්ධය ගෙනයාමේ දී ජනාධිපති රාජපක්ෂට එක්සත් ජනපදය, චීනය, යුරෝපීය සංඟමය හා ඉන්දියාව ඇතුලු ප‍්‍රධාන හා ප‍්‍රාදේශීය බලවතුන්ගේ උදව් හා පිටුබලය ලැබුනි. ඔවුහු ආන්ඩුව 2002 සටන් විරාමය අමු අමුවේ උල්ලංඝනය කිරීම ද 2006 මැද භාගයේ යලි සටන් ඇවිලී යාමට තුඩුදුන් මිලිටරියේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා ද නොතකා හලහ එක්සත් ජනපදය චීනය හා ඉන්දියාව යන මේ සියල්ලෝම ශී‍්‍ර ලංකාවේ මිලිටරියට ආධාර දුන්හ.

එක්සත් ජනපදය හා යුරෝපීය සංඟමය යුද්ධයේ අවසන් අදියරේදී සිදුකරන ලද භීෂන පිලිබඳව සීමිත විවේචන ඉදිරිපත් කරන්නේ නම් ඒ දෙමල වැසියන්ගේ දුක් ගැහැට පිලිබඳ අනුකම්පාවකින් නම් නොවේ. ඒ වෙනුවට වොෂින්ටනය තමන්ගේ වියදමෙන් කොලඹ තුල බීජිනය අනසක පතුරවා ගනු ඇතැයි බියපත්ව සිටියි. එක්සත් ජනපදය යුද අපරාධ ක‍්‍රියාවලියේ තර්ජනය රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා යොදා ගනියි. වසලයෙක් බවට පත්වී පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා ව්‍යාපාරයක නිමිත්ත බවට පත්වන පලමු ඇමරිකානු හවුල්කරුවා රාජපක්ෂ නොවනු ඇත.

චැනල් 4 වාර්තාව අල්ලාගෙන දකුනු ආසියා කටයුතු පිලිබඳ බි‍්‍රතාන්‍ය විදේශ ඇමති ඇලිස්ටෙයා බර්ට් තර්ජනය අලුත් කරමින් මෙසේ අනතුරු ඇඟවීය. "ශ‍්‍රී ලංකා ආන්ඩුව (මානව අයිතීන් කඩකිරීම පිලිබඳ පරීක්ෂනය සඳහා කෙරෙන ඉල්ලීමට) සහාය නොදෙන්නේ නම් අප (මහා බි‍්‍රතාන්‍ය) ආන්ඩුවට සිය වගකීම් ඉෂ්ට කිරීම පිනිස බලපෑම් කිරීමට පවත්නා සියලු විකල්ප යොදාගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවට සහාය දීමට සිදුවනු ඇත.”

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ මුල්කරගත් එක්සත් ජනපද හා යුරෝපීය නිවේදන තරයේම කුහකය. ශ‍්‍රී ලංකාවේ මිලිටරිය මෙන්ම ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ ලැගුම්ගෙන සිටින එක්සත් ජනපදය විසින් මෙහෙයවන හමුදා ද අත්තනෝමතික රඳවා තැබීම්, වධ බන්ධන, නීතියට පිටින් කෙරෙන මිනීමැරීම් හා ගුවන් ප‍්‍රහාර හා විශේෂ කාර්ය බලකා මෙහෙයුම් මගින් සිවිල් වැසියන් මරාදැමීමට වගකිව යුතුය. ආන්ඩුව සිය අපරාධ කෙරෙන් අවධානය වෙනතකට හැරවීම පිනිස අගුලු ලාගෙන ඇත්තේ මෙම කුහකත්වයයි.

බර්ට්ගේ ප‍්‍රකාශයන්ට පිලිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කැඳවුම් කරන්නේ "මිත‍්‍ර රටවල් තර්ජන කිරීම් නතරකොට දශක තුනක කාලයක් තිස්සේ අහිමි වී ඇති දේ පුනස්ථාපනය කිරීම සඳහා ආධාර හා අවකාශ සැලසිය” යුතුය යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත් යුද අපරාධ වෙනුවෙන් කිසිදු වගකීමක් නොපැවරිය යුතුය. අමාත්‍යාංශය වීඩියෝ පටය රට යලි යුද්ධයට තල්ලු කිරීමේ අරමුන ඇතිව "නිශ්චිත අවශ්‍යතා සහිත නිශ්චිත පාර්ශවයන්ගේ නියමය පරිදි ජාත්‍යන්තර මාධ්‍යයේ කුඩා කොටසක් විසින් ගෙනයනු ලබන ව්‍යායාමයක්” ලෙස හෙලා දැකීය.

බටහිර කුහකත්වය විවේචනය කිරීමේ දී කොලඹ මාධ්‍ය වඩා විවෘත විය. 19 වන ඉරිදා දිවයින පත‍්‍රය "චැනල් 4 පාසානම්” යන සිරස්තලය යටතේ මෙසේ ප‍්‍රකාශ කලේය: "බටහිර රටවල් බින් ලාඩ්න් මරා දැම්මේ කෙසේ දැයි කිසිවෙකුත් ප‍්‍රශ්න නොකරයි. එහෙත් ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදීන් පරාජය කලේ කෙසේ දැයි බටහිර සෑහීමකට පත් නොවෙයි. මෙම පාසානම් වස ගලා එන්නේ කුහකත්වයෙන් හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙනි.”

ජූනි 15දා අයිලන්ඩ් පත‍්‍රය ප‍්‍රකාශ කලේ, වීඩියෝව සංඛ්‍යාක නිරවද්‍යතාවෙන් යුක්ත පටයක් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකල "සංඛ්‍යාක යුගයේ” නිර්මිත මිත්‍යාවක් බවය. එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් හා බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ඔවුන්ගේ ඉරාක ආක‍්‍රමනය යුක්ති සහගත කිරීම පිනිස බොරු කී බව නිවැරදිව සඳහන් කරන පුවත්පත මෙසේ ද පවසයි. "එහි (චැනල් 4) ප‍්‍රචාරක ප‍්‍රහාරයේ අරමුන ප‍්‍රභාකරන්ගේ මෘග ත‍්‍රස්තවාදය පරාජයට පත්කල දේශපාලන හා මිලිටරි නායකයින් ජාත්‍යන්තර යුද අපරාධ විනිශ්චය මන්ඩලයක් වෙත ඇදගෙන යාම පමනක් නොව, ශ‍්‍රී ලංකාවේ නැඟී එන සංචාරක ව්‍යාපාරය ද වනසා දැමීමයි.”

එවන් කතුවැකි තුලින් පෙන්වන පක්ෂග‍්‍රාහී වියරුව අධිරාජ්‍යවාදයට විරුද්ධවීම සමග ගෑවිලාවත් නැත. කොලඹ සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයම ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ නව යටත්විජිත ව්‍යවසායන්ට සහයෝගය දෙයි. ඊට විපරීත ලෙස මෙම ප‍්‍රතිචාරය සාමයෙන් හිඳිමු, අර සියලු ප‍්‍රචන්ඩ ක‍්‍රියා අමතක කරමු යනුවෙන් යුද අපරාධකරුවන්ගේ එක් කල්ලියක් අපරාධයන්ගේ වැඩිමහල් සහෝදරයින් වෙත කරන ආයාචනයකට සමාන වන්නේය.

කොලඹ දී ඉමහත් මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබෙන "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයට” එරෙහි මෙම ව්‍යාජ උද්ඝෝෂනය ආන්ඩුව යුද අපරාධ හෝ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා විභව ඉලක්කයක් වීම පිලිබඳ නොසංසුන් කමෙන් පමනක් හටගන්නවා නොවේ. යුද්ධය ම දශක ගනනාවක ක‍්‍රමානුකූල දෙමල විරෝධී වෙනස්කම් කිරීම ගසාකනු ලැබ කම්කරු පන්තිය බෙදා ධනපති පාලනය නඟා සිටුවීම සඳහා බලයට පත් ආන්ඩු විසින් උසිගන්වන ලද වාර්ගික මනෝභාවයේ නිර්මිතයකි.

එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කල රාජපක්ෂ තන්ත‍්‍රය තමන් අඛන්ඩව සිදුකරන ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමත් වාර්ගික ආතතීන් ඇවිස්සීමත් යුක්තිසහගත කිරීමේ එම ප‍්‍රතිගාමී දේශපාලන අරමුනු සඳහා ම "ජාත්‍යන්තර කුමන්ත‍්‍රන” ප‍්‍රබන්ධ කර තිබේ. මෙම ප‍්‍රචාරක ව්‍යාපාරයේ දුෂ්ඨත්වය ආන්ඩුව මුහුනපා සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයේ ගැඹුර පිලිබඳ දර්ශකයකි. වැඩකරන ජනතාව මත කප්පාදු පියවර පටවන අතර තුර රාජපක්ෂ වසර විසිපහක සිවිල් යුද්ධයේ අවධිය තුල වර්ධනය කර තිබෙන පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් කම්කරු පන්තියට එරෙහිව උපයෝගී කර ගැනීමට නොපසුබට වනු ඇත.