ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ආරම්භක සමුලුව පවත්වයි

Socialist Equality Party (Sri Lanka) holds founding congress

By our correspondents ,21 June 2011,

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 27-29 දිනවල කොලඹ දී සිය ආරම්භක සමුලුව පැවැත්වීය. මෙම සමුලුව ඉන්දියානු උප මහාද්වීපයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීම් සමාලෝචනය කරන ඉදිරි දර්ශන යෝජනාවක් සම්මත කලේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 27-29 දිනවල කොලඹදී සිය ආරම්භක සමුලුව පවත්වමින් 1938දී ලියොන් ට්‍රොට්ස්කි විසින් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරය සඳහා තීරනාත්මක ඉදිරි පියවරක් තැබීය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ජාක) සිය සහෝදර පක්ෂ සිය ආරම්භක සමුලු පැවැත්වීමෙන් පසුව සසප සිය තෙදින සමුලුව පවත්වන්නට යෙදුනි.

එක්සත් ජනපදයේ, ඕස්ටේ‍්‍රලියාවේ, කැනඩාවේ හා ජර්මනියේ ජාත්‍යන්තර කමිටු නියෝජිතයින් මෙන්ම රට පුරා සසප නියෝජිතයින් ද සහභාගී වූ සමුලුව අත්‍යන්තයෙන්ම ජාත්‍යන්තර සිදුවීමක් විය. ඉන්දියාවේ ජාක ආධාර කරුවෙකු හා ජාක සමඟ දේශපාලන එකඟත්වයක් සහිත පකිස්ථානයේ 'මාක්ස්වාදී හඬෙහි' නියෝජිතයෙකු ද එයට සහභාගී විය. සමුලු වැඩ කටයුතු සිංහල දෙමල හා ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වුනි.

සමුලුව සූදානම් කරනු ලැබුවේ ජාක හා සසප දශකයකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය න්‍යායික හා දේශපාලන වැඩ කටයුතුවලින් පසුවය. සමුලුවට පෙරාතුව ද සමුලුව අතරතුර ද ගෙනගිය පුලුල් සකච්ඡා වලින් පසුව නියෝජිතයෝ සසප ආරම්භක ඉදිරි දර්ශන යෝජනාව වූ ඉන්දියානු උප මහාද්වීපයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීම් සමාලෝචනය කල ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලේඛනය ඒකමතිකව සම්මත කලහ.

මාක්ස්වාදයේ මූලාරම්භයේ පටන් වර්තමානය දක්වා විප්ලවවාදී මාක්ස්වාදය සඳහා ගෙනගිය ජාත්‍යන්තර අරගලයේ දේශපාලන පාඩම් ගෙනහැර දැක්වෙන එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලේඛනය ද සමුලුව ඒකමතිකව සම්මත කලේය.

සමුලුව නව මධ්‍යම කාරක සභාවක් තෝරා පත්කරගත් අතර එය විජේ ඩයස් යලිත් සසප ප‍්‍රධාන ලේකම් ලෙස ද කමලසිරි රත්නායක ලෝසවෙඅ ජාතික සංස්කාරක හා දීපාල් ජයසේකර සසප සහකාර ලේකම් ලෙස ද පත්කරනු ලැබුනි.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ශ‍්‍රී ලංකාවේ ද දකුනු ආසියාවේ ද පසුගිය 75 වසර පුරා ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා හතරවන ජාත්‍යන්තරය විසින් ගෙනගිය අරගලයේ තීරනාත්මක පාඩම් උකහා ගනිමින් සසප මූලික දේශපාලන කර්තව්‍යයන් පිහිටුවා ලීය.

ලේඛනයේ ආරම්භක කොටසේ දී එය ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදයේ විප්ලවවාදී ඇඟවුම් ගෙනහැර දක්වයි. සෑම රටකම පාලක පන්තිය උත්සාහ කරන්නේ එක් අතකින් සිය ප‍්‍රතිමල්ලවයන්ගේ වියදමෙන් ද අනෙක් අතට කම්කරු පන්තිය මත නව බර පැටවීමෙන් ද තම තත්වය නංවා ගැනීමටය. මින් පලමුවැන්න ගෝලීය ආතතීන් ගැටුම් හා යුද්ධය කරා තල්ලුව අති මහත් ලෙස උග‍්‍ර කරයි. දෙවැන්න කම්කරු පන්තිය මත බර පැටවීම පන්ති අරගලය උග‍්‍ර කර විප්ලවවාදී නැඟීම්වල නව අවධියක් ආරම්භ කරයි.”

අසියාව දෙසට ලෝක දේශපාලන ගුරුත්වාකර්ෂනයේ මධ්‍යය තුල මාරුව සලකුනු කරන චීනයේ හා ඉන්දියාවේ ආර්ථික නැඟීම වෙත ද මහා බලවතුන් අතර විශේෂයෙන්ම එක්සත් ජනපදය හා චීනය අතර වර්ධනය වන ආතතීන් කෙරෙහි ද යෝජනාව අවධානය යොමු කරයි. ඒ සමග ම එය මෙසේ සඳහන් කරයි: "ආසියාව අන්තර් අධිරාජ්‍යවාදී ඝට්ටනයන්හි පමනක් නොව සමාජ විප්ලවයේ ද දැවැන්ත කරලියක් වීම අනිවාර්යය.” 2008 වසරේ පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුදයේ පටන් ජීවන තත්වයන්හි පිරිහීම ආසියාවේ හා ජාත්‍යන්තර පරිමානව කෝටි ගනන් කම්කරුවන් අරගලයන්ට ඇද දමනු ඇත. "මෙම අරගලයන් බංකොලොත් ලාභ ගරන පද්ධතිය අහෝසි කොට යල් පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක පරිමානව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් පිහිටුවීමට ලෝක කම්කරු පන්තිය විසින් එල්ල කෙරෙන ප‍්‍රති ප‍්‍රහාරයකට ඒකාබද්ධ කල යුතුව ඇත.”

ලේඛනයේ හරි මැදට ගෙන ඇත්තේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායයි. "ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ඒකාග‍්‍රිත සංකල්පයක් වන එය පසුගාමී යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල් මෙන්ම දියුනු රටවල් ද අන්තර්ගතකර ගනියි.” 20වන සියවසේ ගමන් මගේදී දකුනු ආසියාව යලි යලිත් පෙන්නුම් කර ඇත්තේ මහජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මෙන්ම යහපත් ජීවන තත්වයන් ද පිලිබඳ අපේක්ෂා ඉටුකිරීමට ධනේශ්වරයේ කිසිදු කොටසකට නොහැකි බවයි. බලය සඳහා අරගලයේදී පීඩිත ජනතාවන් බලමුලූ ගන්වා ගැනීම තුලින් කම්කරු පන්තියට පමනක් සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස මෙම ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉටුකල හැකිය.

යෝජනාව ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) නැඟීම පරිහානිය හා අවසන් පාවාදීම ද විමර්ෂනය කරයි. 1935 ලසසප පිහිටුවන විට එය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොවූ බව ද ලේඛනයේ සමසමාජවාදය ලෙස අංඟලක්ෂිත කර ඇති විෂමාකාර සමාජවාදී හා යටත් විජිත විරෝධී ක‍්‍රියාමාර්ගයක් වැලඳගත් සංවිධානයක් වූ බව ද එය තහවුරු කරයි. ලසසප බහුතරය හතරවන ජාත්‍යන්තරය වෙත හැරීම සිදුවූයේ 1939 දී එලඹෙමින් තිබුනු ලෝක යුද්ධය හා ඒ වෙත මූලධර්මාත්මක ජාත්‍යන්තරවාදී නිර්ධන පන්තික ආකල්පයක් විස්තාරනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි නිකුත් කරන ලද ලිපියේ ද බලපෑම යටතේය.

ලසසප හා ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදයට නැඹුරු කන්ඩායම් විසින් 1942දී බීඑල්පීඅයි යන ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය පිහිටුවීම හතරවන ජාත්‍යන්තරය සඳහා ආසියාව තුල තැබූ තීරනාත්මක ඉදිරි පියවරක් සලකුනු කලේය. "අද දිනයේ ද කම්කරුවන් හා තරුනයින් සඳහා තීරනාත්මක දේශපාලනික හා න්‍යායික පාඩම් අන්තර්ගතකර ගනිමින් දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද මාක්ස්වාදය සඳහා අරගලයට නොමැකිය හැකි ප‍්‍රතිපදානයක් කිරීමට බීඑල්පීඅයි සමත් වූයේ නිසැකව ම සමසමාජවාදයේ රැඩිකල් ජාතිකවාදී දෘෂ්ටියෙන් බිඳී නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදයේ පදනම මත එහි ප‍්‍රති දිශානුගතවීමෙනි.”

ලෝක ධනවාදයේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ ප‍්‍රතිස්ථාවරත්වය මගින් ජනනය කල ඉමහත් දේශපාලන පීඩනයන් යටතේ බීඑල්පීඅයි නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයෙන් පසුබැසීම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට දැවැන්ත පහරක් විය. යලි පනගැන්වුනු අවස්ථාවාදී ලසසපයට හාත්පසින්ම වෙනස් ලෙස බීඑල්පීඅයි ඉන්දියාව බෙදා වෙන්කිරීම හා බීඑල්පීඅයි විස්තර කල බි‍්‍රතාන්‍ය විසින් ලංකාවට ලබාදුන් "ව්‍යාජ නිදහස” ට එරෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේය. එහෙත් බීඑල්පීඅයි නායකයෝ කල් නොයවාම 1948දී සුලූ ධනපති ඉන්දීය සමාජවාදී පක්ෂයටත් 1950දී ලංකාවේ ලසසපය තුලටත් පක්ෂය දියකර හරිමින් නව පශ්චාත් යටත් විජිත රාජ්‍යයන්ට අනුගත වූහ.

හතරවන ජාත්‍යන්තරය තුල ඉස්මතුවූ පැබ්ලෝවාදය නමින් හඳුන්වන පශ්චාත් යුද්ධ අවස්ථාවාදී ප‍්‍රවනතාවක් විසින් සෑම පියවරක දී ම ලබා දුන් ආධාර හා අනුබලය සහිතව ලසසප වේගයෙන් පරිහානිගත විය. මයිකල් පැබ්ලෝගේ ස්ටැලින්වාදී ගැති දිශානුගතවීම පිලිබඳව විවේචනශීලී වූ නමුත් ලසසප සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම පිනිස 1953දී පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කලේය. ඊලඟ දශකයේ ගමන් මාවතේදී ලසසප වඩ වඩාත් නිර්ලජ්ජිත ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) සිංහල වර්ගවාදයට අනුගතවූ අතර සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුල් වෙමින් 1964දී කල පරිපූර්න පාවාදීමෙන් එය කුලුගැන්වුනි.

නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සඳහා සටන ලසසප විසින් විවෘතව අතහැර දැමීම ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය කෙරෙහි ප‍්‍රගාඪ ප‍්‍රතිවිපාක ගෙන ආවේය. වර්ගවාදය මත පදනම්වූ දකුනේ සිංහල තරුනයින් අතර ජවිපෙ හා උතුරේ එල්ටීටීඊ වැනි සන්නද්ධ දෙමල බෙදුම්වාදී කන්ඩායම් වැනි සුලු ධනපති රැඩිකල් ප‍්‍රවනතාවන්ට එය දොර විවෘත කල අතර දිවයිනේ ව්‍යසනකාරී සිවිල් යුද්ධයට මඟ පෑදීය.

1968දී පිහිටුවන ලද සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලසසපයේ පාවාදීමෙන් අවශ්‍ය පාඩම් උකහා ගනිමින් ජාක සටන් වැදුනු ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගයේ පදනම් මත කම්කරු පන්තිය දේශපාලනිකව යලි සන්නද්ධ කලේය. ලියවිල්ල විස්තර කරන පරිදි විකොස පිහිටුවීම "පැබ්ලෝවාදයට එරෙහිව ජාක ගෙනගිය දේශපාලනික හා න්‍යායික අරගලය ද 1968 සිට 1975 දක්වා ජාත්‍යන්තරව පැන නැඟුනු විප්ලවවාදී නැඟිටීම්වල අවධියක් පෙර සලකුනු කරමින් හටගත් ලංකාවේ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ රැඩිකලී කරනය ද අන්තර්ඡේදනය වීමක නිර්මිතය විය.”

ලංකාව තුල අති දුෂ්කර කොන්දේසි යටතේ ජාතිකවාදයේ හා වර්ගවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව විකොස ගෙන ගිය මූලධර්මාත්මක හා දිරිමත් අරගලයේ පාඩම් ලේඛනය සාරාංශ ගත කරයි. එම දුෂ්කරතා පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ ප‍්‍රමුඛ භූමිකාව ඉටුකලාවූ පසුව කම්කරු විප්ලවවාදී පක්ෂය බවට පත්වූ බි‍්‍රතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ දේශපාලන පරිහානියෙන් උග‍්‍ර කෙරුනි. එය විසින් නොනවතින විප්ලවයේ න්‍යාය අතහැර දැමීම විකොස වැඩකටයුතු විශේෂයෙන්ම සන්නද්ධ දෙමල බෙදුම්වාදී සංවිධානවල ඉස්මතු වීමට සම්බන්ධ එහි කටයුතු කෙරෙහි බලපෑවේය.

1985-86 භේදයේදී කවිප භ‍්‍රෂ්ඨයින් පරාජය කිරීම මගින් ජාතික ප‍්‍රශ්නය කෙරෙහි මාක්ස්වාදීන්ගේ ආකල්පය ද ඇතුලු තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න විමසා බැලීමට මඟ පාදමින් මාක්ස්වාදයේ පුනර්ජීවනයක් හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි නව අවධියක් විවෘත කලේය. 1988 ප‍්‍රකාශයට පත්කරන ලද ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ යන ජාක ඉදිරිදර්ශන ලියවිල්ල නිෂ්පාදනයේ ගෝලීය කරනයෙහි ඇඟවුම් විභාග කරමින් සෝවියට් සංගමයේ බිඳ වැටීමට හා ඉන් පසුව එලඹි දශක දෙකේ ඇතිවූ ප‍්‍රගාඪ වෙනස්කම සඳහා පක්ෂය හා කම්කරු පන්තිය සූදානම් කලේය.

1983 පුපුරා ගිය වර්ගවාදී යුද්ධයට එක දිගට විරුද්ධ වෙමින් දිවයිනේ දෙමල සුලුතරයේ අයිතීන් ආරක්ෂා කිරීමටත්, කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සටන් වදිමින් ශී‍්‍ර ලංකා හා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය තුල කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමටත් ඉදිරිපත්වූ මෙරට එකම පක්ෂය විකොස හා පසුව 1996දී පිහිටුවන ලද සසප පමනි. ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ දී මරා දමන ලද පක්ෂ සාමාජිකයින් හා 1987දී කිරීට ශ්‍යානියකින් වයස 39දී මිය යාමට පෙර පක්ෂයේ දේශපාලන පදනම් ශක්තිමත් කිරීමේ දී මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටුකල විකොස ආරම්භක ප‍්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය වෙත ලියවිල්ල නියමිත උපහාරය පුදකොට ඇත.

සමුලු යෝජනාව මෙසේ නිමා කරයි. "හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් පමනක්ම සමකාලීන මාක්ස්වාදයේ එනම්, ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික උරුමය දරා සිටියි. සසප ද ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ ද කම්කරුවන් හා තරුනයින් අතරින් වඩාත් දුරදක්නා සුලු වූ ද ආත්ම පරිත්‍යාගයට සූදානම් වූ ද කොටස් මෙම ධජයට දිනාගනු ලැබ ලෝක සමාජවාදී විප්ලවය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය බලවේග සම්පාදනය කරනු ඇතැයි යන බරපතල විශ්වාසයෙන් යුතුව ජාත්‍යන්තර කම්කරු පන්තිය උගන්වා බලමුලු ගන්වා ඒකාබද්ධ කිරීමට සටන් වදින්නේ මෙම පදනමේය.”

සමුලුවට ඉදිරිපත් කල ආරම්භක වාර්තාවේදී සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ අවධාරනය කලේය. "ජාත්‍යන්තර පරිමාවකින් විප්ලවවාදී අරගල දිග හැරෙද්දී ශ‍්‍රී ලංකාවේ ද දකුනු ආසියාවේ ද කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ඇතුලු වන්නේ පුපුරන සුලු දේශපාලන තත්වයකටය. බොහෝ පැතිවලින් ශ‍්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් ආසියානු කලාපයේ තීරනාත්මක දේශපාලන වර්ධනයන්ගේ පෙරගමන්කරුවා වී තිබේ.”

එසේම "මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ඉදිරිදර්ශන ලියවිල්ල පුරා දිවයන ප‍්‍රධාන තේමාවක් තිබේ. එය දිවයිනේ ද කලාපයේ ද ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය සඳහා අරගලයෙහි ඓතිහාසික වාර්තාව විමසුමට ලක් කරයි. වර්තමානයේ මෙන්ම අනාගතයේ එලඹෙන අරගල සඳහා අපගේ දේශපාලන සූදානමේ අත්‍යවශ්‍ය මෙහෙයුම් ස්තම්භ වන්නේ එම ඓතිහාසික අත්දැකීම්ය.”

බීඑල්පීඅයි ඉතිහාසය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය. "එය ගුනාත්මක වෙනසක් සලකුනු කලේය. රැඩිකල් සුලු ධනපති ජාතිකවාදී සමසමාජවාදය ප‍්‍රතික්ෂේප කර බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදයෙන් අව්‍යාජ නිදහස ලැබීමේ හා සමාජවාදය සඳහා අරගලයේදී බීඑල්පීඅයි නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගනු ලැබීය. මෙය අපගේ උරුමයේ වැදගත් කොටසකි. එහෙත් බීඑල්පීඅයි නායකයින් 1950දී ලසසප සමඟ යලි එකමුතු වීම ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම කෙරෙන් ඉවතට හැරීමේ දිග්ගැසුනු අවධියක ආරම්භය විය. 1964 ලසසප මහා පාවාදීමෙන් පසුව විකොස නොනවතින විප්ලවයේ න්‍යායික පදනම් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ කර්තව්‍යය සියතට ගත්තේය. මෙය කල හැකි වූයේ ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය ආරක්ෂා කිරීම සඳහා ජාක ජාත්‍යන්තර පරිමාවකින් ගෙනගිය අශමනීය අරගලය තුලින් පමනි.”

න්‍යෂ්ටික යුද්ධය කරා ලෝකය ප‍්‍රවාලනය කරන උග‍්‍රවන අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්වල සුලිය තුලට දකුනු ආසියාව ඇද දමා තිබෙන බව ඩයස් පැහැදිලි කලේය. "මේ තත්වයන් යටතේ අප ජාත්‍යන්තරවාදී පදනමක කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කිරීමට ඉගෙනගත යුතුය. මෙහි අර්ථය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනවලට එරෙහි අරගලයේදී ධනේශ්වර ජාතිකවාදයටත් ධනේශ්වර පාලනය පෙරලා දැමීමේ සටනේ දී ඒ හෝ මේ අධිරාජ්‍යවාදී බලයටත් යටත් නොවීමයි. නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් කල අරගලය තුල ගැබ්වන මෙම වැදගත් පාඩම් මෙම සමුලුව විසින් සම්මත කල යුතුව ඇති ලියවිල්ල තුලින් ඉදිරිපත්කොට තිබේ.”

සමුලුවට ශුභ පැතුම් ඉදිරිපත් කරමින් එජ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් පක්ෂ ඉතිහාසයේ මූලික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කලේය. "කුමන හෝ දේශපාලන පක්ෂයක් කම්කරු පන්තිය වෙතට ගොස් එම පක්ෂය කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටියහොත් කම්කරුවන් ස්වාභාවිකව ම අසන ප‍්‍රශ්න වලට පිලිතුරු දීමට එයට සිදුවෙයි. එනම්, ඔබ කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය බව කියන්නේ කෙසේ හා කුමන පදනමක් මත ද? අප ඔබ කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මන් ද? එක් හෝ තවත් අවස්ථාවක දී තමන් සමාජවාදය නියෝජනය කරන බව පවසා අප නොමඟ යැවූ අනෙක් සියලූ සංවිධාන වලින් මෙම පක්ෂය වෙනස් යයි අප විශ්වාස කල යුත්තේ මන් ද?”

"අපගේ පිලිතුර කම්කරුවන්ට මෙසේ පැවසීම නොවේ. එනම් අපව විශ්වාසයට ගන්න ඔබ අප විශ්වාස කල යුතුය. අප වෙනස්ය. නැත, අපි මෙසේ පවසන්නෙමු. මෙම ලේඛනය තුල සාරාංශ ගතකර ඇත්තේ අපගේ ඉතිහාසයයි. මෙම ලියවිල්ල හදාරන්න එය අඩ සියවසක කාලය පුරා අපගේ පක්ෂයේ වර්ධනය පැහැදිලි කරනු ඇත. මෙම පක්ෂය හා කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම අතර ශ‍්‍රී ලංකාවේ පමනක් නොව 20 සියවසේ ගමන් මගෙහි ජාත්‍යන්තර සම්බන්ධය ද අප ගෙනහැර දක්වා තිබේ.”

"ඉතිහාසය පිලිබඳව කටයුතු කිරීම යනු අතීතය පිලිබඳ කිසියම් වර්ගයක විමර්ෂනයක් නොවේ. වර්තමානය වටහා ගන්නේ අතීතය අධ්‍යයනය කිරීමෙනි. ඒ හරියටම වත්මන් අවධියේ විප්ලවවාදී අරගලයන්ගේ අලුත් වීම, කම්කරු පන්තියේ අතීත අත්දැකීම් විභාග කිරීම අති මූලික තැනක තබන බැවිනි. මෙම ඓතිහාසික ප‍්‍රවිෂ්ටය ඉදිරියට යන්නේ, 1905 විප්ලවය අවධියේ (රුසියාවේ) ට්‍රොට්ස්කි අනුගමනය කල එම මාවත ඔස්සේම ය. 1905 කම්කරු පන්තිය මුහුන දුන් දැවැන්ත විප්ලවවාදී කර්තව්‍යයන් සමග පොර බැදීමේදී ට්‍රොට්ස්කි 19වන සියවසේ පමනක් නොව 18වන සියවසේ අත්දැකීම් ද විමසුමට ලක් කලේය.

නොර්ත් මෙසේ ද පැවසීය: "ශ‍්‍රී ලංකාවේ, ඉන්දියාවේ, පකිස්ථානයේ හා ආසියාව පුරා කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනය එලඹෙන සිදුවීම් තුල දී මෙම ව්‍යාපාරයේ අධිකාරය ඉමහත් ලෙස පරිවර්තනය කරනු ඇත. කලාපය තුල වැඩි දියුනු කම්කරු කොටස් අතර නොනවතින විප්ලවයේ සංකල්ප පුබුදුවාලීමේ දී මෙම පක්ෂය අති මූලික ක‍්‍රියාලාපයක් ඉටුකරනු ඇත. මෙම ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය ම දෙස් දෙන්නේ මෙම ඓතිහාසික කර්තව්‍යයන් පෙරට ගෙනයනු ඇත්තේ මෙම පක්ෂය ම පමනක් බවට ය.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එලඹෙන සතිවලදී සසප ඉදිරිදර්ශන ලියවිල්ල කොටස් වශයෙන් පලකරනු ඇත.