ශී‍්‍ර ලංකාවේ හිටපු වම්මු හා නිවෙක කම්කරුවෝ

The Sri Lankan ex-lefts and the FTZ workers

By K. Ratnayake, 8 June 2011

පසුගිය දෙසතිය පුරා ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් අතර පුපුරා ගිය වැඩවර්ජන හා විරෝධතාවල දී ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට විවිධාකාර හිටපු වම්මුන් හා ව්‍යාජ රැඩිකල් සංවිධාන ඉටුකරන වංචනික භූමිකාව පැහැදිලිව හෙලිදරවු වී ඇත.

සැලසුම් කරන ලද විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයට එරෙහිව කටුනායක නිවෙක කම්කරුවෝ දසදහස් ගනනක් වැඩවැරුම් හා විරෝධතාවල නිරත වූහ. ආන්ඩුව හා කොලඹ සංස්ථාපිතය සමස්තයක් ලෙස සොලවාලනු ලැබ ඇත්තේ එම වැඩවැරුම් බොහෝ කොට වෘත්තීය සමිතිවලින් පිටස්තරව වැඩී ඛාදනය වන ජීවන තත්ත්වයන්ට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් කැරැල්ලක් අවුලුවාලීමට තර්ජනය කර ඇති නිසා ය.

මැයි 30දා විරෝධතා මැඩලීමට දහස් ගනනක පොලිස් භටයෝ අසමත් වූ නිසා පමනක් නොව ඔවුන්ගේ ප‍්‍රචන්ඩ කි‍්‍රයා කටුනායක නිවෙකයේ 40,000ක සමස්ත ශ‍්‍රම බලකායේ ම වැඩවැරුමක් අවුලුවා ලූ තතු යටතේ ආන්ඩුවට විශ‍්‍රාම වැටුප් පනත හකුලා ගැනීමට බලකෙරුනි. කම්කරුවන් අතර කෝපය නිෂ්කී‍්‍රය කිරීමට වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂවලින් උපදෙස් පැතීමට අසමත් වීම පිලිබඳව පුවත්පත් කතුවැකි ජනාධිපති රාජපක්ෂව විවේචනය කලේ ය.

නිවෙක කම්කරුවන්ගේ ව්‍යාපාරය වැලැක්වීමට දැන් වෘත්තීය සමිති පොරවැදී සිටින තතු තුල නව සම සමාජ පක්ෂයේ (නසසප) හිටපු වම්මු, දැන් සමිති නායකයන් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි මිථ්‍යාවන් කම්කරුවන් අතර යලි පැතිරවීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටිති. පසුගිය ඉරිදා ලක්බිමට ලියූ තම සති අන්ත තීරු ලිපියේ නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, තමන් හා ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ (ජේටීයූඒ) නිලධාරීන්ව විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලයේ ඉදිරියෙන් සිටින "නිර්ධන පන්ති නායකයන්" යයි හුවාදක්වමින් නිර්ලජ්ජිතව මුසාවක් ඇද බෑවේය.

අනෙක් රටවල මෙන් ශී‍්‍ර ලංකාවේ ද දේශපාලන හා සංගත ප‍්‍රභූන් වෙනුවෙන් කාර්මික පොලිස්කාරයන් ලෙස කි‍්‍රයාකරන වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් අතර පවත්නා පුලුල් අවිශ්වාසය හා සතුරුකම පිලිබඳව කරුනාරත්න හොඳින් දනී. "කම්කරුවන්ගේ නැගිටීමක් සිදු නො වනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. බොහෝ කම්කරු නායකයන් ආන්ඩුවට එකතු වී ඇති නිසා කම්කරුවන් එලියට ගෙන ඒම නො කල හැක්කක් යයි බොහෝ ජනයා කල්පනා කලහ... එහෙත් මෑත කාලයේ විශාලතම අරගලය දියත් කිරීමට ජේටීයූඒ සමත් වුනා" යයි ඔහු ලිවීය.

මැයි 24දා නිවෙක කම්කරුවන්ගේ පලමු විරෝධතාවට සහයෝගය දීමට අසමත් වීම පිලිබඳව කරුනාරත්න විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) හා එහි වෘත්තීය සමිතිවලට අතුල් පහරක් ද එල්ල කලේ ය. එයට සහභාගි වූ සියලු වෘත්තීය සමිති ලැයිස්තු ගතකල ඔහු ඒවායේ නායකයන් "කම්කරු පන්තියේ අනාගත සටන්කරුවන්" යයි නම් කලේ ය. නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) නායක ඇන්ටන් මාකස්ව "මෙම අරගලය තුල ඉටුකල සුවිශේෂී කි‍්‍රයාකලාපය" නිසා විශේෂයෙන් සඳහන් කරනු ලැබිනි. නසසප වෘත්තීය සමිති නායකයන්ව "කම්කරු පන්ති නායකයන්" ලෙස ඉදිරිපත් කරන ලදී.

සමස්ත තීරු ලිපිය ම වංචාවකි. ආන්ඩුවේ විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයට කම්කරුවන් අතර පවතින විරුද්ධත්වයට ප‍්‍රතිචාරයක් ලෙස සමිති 26ක සභාගයක් වන ජේටීයූඒ අවසානයේ මැයි 24දා විරෝධතාවක් කැඳවීය. අනෙක් වෘත්තීය සමිති කි‍්‍රයාකාරකම් මෙන් එහි ද අරමුන වූයේ කෝපය සමහන් කිරීම මිස රාජපක්ෂ ආන්ඩුවට අභියෝග කිරීම නො වේ. වැඩවැරුම් නො කර හැකිනම් නිවාඩු ලබාගෙන වැඩපොල රැස්වීම්වලට සහභාගි වන ලෙස කම්කරුවන්ට කියන ලදී. වැඩෙහි යෙදුනවුන්ට තමන්ගේ විරෝධය පලකිරීම සඳහා කලු ඇඳුම් ඇඳීමට හා කලු කොඩි ප‍්‍රදර්ශනය කිරීමට දිරිගන්වන ලදී.

විශ‍්‍රාම වැටුප් යෝජනාක‍්‍රමයට එරෙහිව සංකේත පිකට් කිරීමක් වෙනුවෙන් මෙම සීමිත උද්ඝෝෂනය ද ආපසු කැඳවනු ලැබීය. මෙම "කම්කරු පන්ති නායකයෝ" කොලඹ දී තම ආධාරකරුවන් 300ක් අමතද්දී කොලඹට උතුරින් පිහිටි කටුනායක නිවෙක කම්කරුවෝ ඉරනම තමන්ගේ ම අතට ගත්හ. මැයි 24දා තම කර්මාන්තශාලාවලින් පිටතට පැමිනි 25,000ක් පමන කම්කරුවෝ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට යන මාර්ගය හරස් කොට ජනාධිපති රාජපක්ෂගේ විශාල පෝස්ටරයක් ඉරා දැමූහ.

ඇන්ටන් මාකස් විසින් ඉටුකල "විශිෂ්ට කි‍්‍රයාව” වූයේ මැද කොලඹ සිට හැල්මේ දුව ඇවිත් විරෝධතාවලට නායකත්වය නොදී විසිරී යන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටීම යි. ආන්ඩුව විශ‍්‍රාම වැටුප් පනත හකුලාගෙන ඇති බව හා කම්කරුවන් ජයග‍්‍රහනය කර ඇති බව ඔහු ව්‍යාජ ලෙස කියා සිටියේ ය. කම්කරුවන්ගේ දෝෂාරෝපනයට බඳුන් වූ මාකස්ගෙන් මෙගාෆෝනය උදුරාගෙන ඔහුට එතැනින් ඉවත්ව යාමට බලකරන ලදී. එලෙසින් ම විරෝධතාවට ලඟාවීමට වලි කෑ නසසප සමිති නායකයෝ එය සංවිධානය කිරීමේ දී කිසිදු භූමිකාවක් ඉටු නො කලේය.

නිවෙක කම්කරුවෝ ඒ වනවිට ද ජේටීයූඒ හා එහි "නිර්ධන පන්ති නායකයන්” පිලිබඳ කටුක අත්දැකීම් ලබා සිටියහ. අනෙකුත් වෘත්තීය සමිති සමග 2009 දී ආන්ඩුව හා හාම්පුතුන් සමග මිත‍්‍රශීලීවාදී සාකච්ඡාවලට සහභාගි වූ මාකස් රැකියා 50,000ක් විනාශ කිරීමට සහයෝගය දුන්නේ ය.

රාජපක්ෂ ආන්ඩුව පටවා ඇති වැටුප් කැටිකිරීමට කිසිදු සමිතියක් අභියෝග ‍කොට නැත. පසුගිය වසරේ මුල්භාගයේ මාසික වැටුප රුපියල් 5,000කින් (එක්සත් ජනපද ඩොලර් 45කින්) වැඩිකිරීමේ ඉල්ලීම ක්ෂනිකව අත්හැර දැමූ ඔවුහු ඒ වෙනුවට රාජපක්ෂගේ මැතිවරන පොරොන්දුවක් වූ රුපියල් 2,500කින් වැටුප් වැඩිකිරීම ඉටුකරන ලෙස ආයාචනා කලහ. ජනාධිපතිවරයා ඔහුගේ පොරොන්දුව බිඳ දැමූ විට වෘත්තීය සමිති ද තම ඉල්ලීම අත්හැර දැමූහ.

මැයි 24දා පටන් නිවෙක කම්කරුවන් ආපසු තම පාලනයට යටත් කරගැනීමට සමිති මුලුවැර යොදා කි‍්‍රයාකරමින් සිට ඇත. මැයි 30දා මුනගැටුමෙන් පසු ආන්ඩුව විශ‍්‍රාම වැටුප් පනත තාවකාලිකව හකුලා ගත්විට "ජයග‍්‍රහනයක්" ලබා ඇතැයි ප‍්‍රකාශ කල සමිති එහි වාසිය ඩැහැගැනීමට එකිනෙකා සමග පොරවැදී සිටිති. ඇත්ත වසයෙන් ම නම් ආන්ඩුව කර ඇත්තේ සමිති හා විරුද්ධ පක්ෂවල සහයෝගය ඇතිව එම පනත සංශෝධනය කොට යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අඩියක් පස්සට ගැනීම යි.

කරුනාරත්න තම තීරු ලිපිය තුල ආන්ඩුවේ කොටස් සමග සංධානයක් අටවාගැනීමට ඇති හැකියාව ඉදිරිපත් කලේ ය. "ලංකා සම සමාජ පක්ෂය (ලසසප), කොමියුනිස්ට් පක්ෂය (කොප) හා වාසුදේව (නානායක්කාර)ට සම්බන්ධ වෘත්තීය සමිති එනම් ආන්ඩුවට සහාය දක්වන්නෝ ජේටීයූඒ සමග ඒකාබද්ධව වැඩකිරීමට අරඹා ඇතැ" යි ඔහු උදම් ඇනීය.

ලසසප, කොප හා කරුනාරත්නගේ පැරනි නසසප සහායකයෙක් වන නානායක්කාර, ආන්ඩුවේ වෙලඳපොල හිතවාදී න්‍යාය පත‍්‍රයට විරුද්ධ නො වෙති. ඔවුහු කම්කරු පන්තියේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් හා ජීවන කොන්දේසි මත එල්ල කෙරෙන සෑම ප‍්‍රහාරයකට ම සහයෝගය දී ඇත. මෙම පක්ෂ හා ඒවායේ වෘත්තීය සමිති දැන් ජේටීයූඒ සමග අත්වැල් බැඳගනී නම් ඒ කම්කරුවන්ගේ පැත්තෙන් දැරෙන ඕනෑම ස්වාධීන ආරම්භකත්වයක හුස්ම හොඳින් ම හිරකොට පාවාදීම සඳහා ය. කරුනාරත්න ද ඇතුලු ඒ සියල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග කි‍්‍රයාත්මක කිරීමට එක් හෝ තවත් ක‍්‍රමයකින් විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය සම්මත කරගත යුතු යයි ආන්ඩුව සමග එකඟ වෙති.

නිවෙක විරෝධතා, ඉදිරියේ එලැඹෙන පන්ති අරගලවල ලක්ෂනයක් පමනක් බව කරුනාරත්න හඳුනා ගනී. "නිවෙක නැගිටීම නිසා නවතාලිය නො හැකි පන්ති අරගලයේ තියුනු වීමක් සමගින් රට තුල දැවැන්ත පිබිදීමක් ඇතිව තිබේ... සෑම කෙනෙක් ම මෙයින් පාඩම් ඉගෙනගෙන ඇත” යයි ප‍්‍රකාශ කරමින් ඔහු සමාප්ත කලේ ය.

කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන බලමුලුගැන්වීමක් වැලැක්වීම සඳහා මෙවර ලසසප, කොප හා වෙනත් කැමති කරවා ගතහැකි ඕනෑම පක්ෂයක් සමග අවස්ථාවාදී හවුලක් වාත්තු කිරීමට නසසපයේ සේවාව ලබාදීමට කරුනාරත්න අවස්ථාව ඩැහැගනිමින් සිටී.

1978 ආරම්භ කල තැන් පටන් ප‍්‍රථමයෙන් රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප)ට, ඉන්පසු ජවිපෙට හා වඩාත් ම මෑත දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප)ට වසයෙන් කම්කරුවන් ඒ හෝ මේ ධනපති පක්ෂයට ගැටගැසීමට නසසපය උත්සාහ දරා තිබේ. මැයි 24 විරෝධතාවට යන්තම් දිනකට පෙර විශ‍්‍රාම වැටුප් පනත අරබයා ඒකාබද්ධ උද්ඝෝෂනයක් සංවිධානය කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හමුවීමට කරුනාරත්න නසසප හා ජේටීයූඒ නායකයන්ව යැවීය.

කම්කරුවෝ මුලුමනින් ම විරුද්ධ නිගමන උපුටා ගත යුතු ය. වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ කෙරෙහි ඔවුන්ගේ සහජාශීය සතුරුකම අතිශය සාධාරන වුවත් පවතින සටන සඳහා එය සම්පූර්නයෙන් ම අප‍්‍රමානවත් ය. ඔවුන් දැනුවත් වුවත් නැතත් කම්කරුවන් යෙදීගෙන සිටින්නේ ජාමූඅ නියෝග කි‍්‍රයාවට දමමින් සිටින ආන්ඩුව සමග දේශපාලන මුනගැටුමක ය. එම අරගලය දියත් කිරීම සඳහා කම්කරුවෝ රාජපක්ෂ තන්ත‍්‍රය සමග සම්මුතියක් අපේක්ෂා කරන සියලු පක්ෂ හා පුද්ගලයන්ගෙන් සංවිධානාත්මක හා දේශපාලනික ස්වාධීනත්වය තහවුරු කරගත යුතු ය.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තෝරා පත්කරගත් හා විශ්වාසනීය කම්කරුවන් විසින් නායකත්වය දෙන කි‍්‍රයාකාරී කමිටු වෙනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙනී සිටී. ලසසප, කොප හෝ වෙනත් කිසිදු පැරනි ද්‍රෝහී සංවිධාන කෙරෙහි විශ්වාසය තැබිය නො හැකි කම්කරුවන්ට, ජීවන කොන්දේසි මත තමන් හා සමාන ප‍්‍රහාරයන්ට මුහුන දෙන ශී‍්‍ර ලංකාවේ, ආසියාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අවශේෂ කොටස් වෙත හැරිය යුත්තාහ. කම්කරුවන්ගේ ඒකාබද්ධතාව සඳහා පදනම වන්නේ, පුද්ගලික ලාබය වෙනුවට හදිසි සමාජ අවශ්‍යතා සැපිරීමට සමාජය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා ධනවාදය අහෝසි කිරීම පිනිස ජාත්‍යන්තරවාදී හා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් වෙනුවෙන් කරන අරගලය යි. එවැනි කි‍්‍රයාමාර්ගයක් කි‍්‍රයාවට දැමීම සඳහා දේශපාලන බලය හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට කරන අරගලය අවශ්‍ය ය. ශ‍්‍රී ලංකාව තුල සසප සටන්වදින ඉදිරිදර්ශනය එය යි.