ගී‍්‍රක අර්බුදය යුරෝපය තුල දරුනු ගැටුම් පැනනංවයි

Greek crisis triggers fierce conflicts in Europe

By Peter Schwarz, 11 May 2011

යුරෝ මුදලෙන් ග‍්‍රීසිය ඉවත් වීමේ හැකියාව පිලිබඳ කටකතා ද යුරෝපීය මුදල් ඇමතිවරුන්ගේ රහසිගත රැස්වීමක් ද නිසා යුරෝපීය සංගමය අභ්‍යන්තරයේ දරුනු ගැටුම් පැනනංවා තිබේ.

06 දින ස්පීගල් ඔන්ලයින් වාර්තා කලේ ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වී ඩ‍්‍රැක්මා යන සිය ජාතික මුදල යලි භාවිතයට ගැනීම පිලිබඳව සලකා බලමින් සිටින බවයි. විශාලතම යුරෝ රටවල මුදල් ඇමතිවරු ලක්සම්බර්ග්හි දී ඊසීබී නැතහොත් යුරෝපීය මධ්‍යම බැංකුවේ සභාපති ජීන් ක්ලවුඩේ ටි‍්‍රචෙට් යුරෝ කන්ඩායමේ නායක ජීන් ක්ලවුඩේ ජුන්කර් හා යුරෝ කොමසාරිස් ඔල්ලි රේන් සමග රැස්වූහ.

මෙම ප‍්‍රවෘත්තිය මුදල් වෙලඳපොලවල කලබැගෑනියක් ඇවිලවීය. යුරෝව ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු තරමින් පහත වැටුනි. ජීන් ක්ලවුඩේ ජුන්කර් රැස්වීම සඳහා ආරාධනා පත් යැවූ පුද්ගලයා වුවත් පලමුවෙන් රැස්වීමක් පැවැත්වුන බව ප‍්‍රතික්ෂේප කලේය. "එවන් දසුන් සාපරාධිත්වයේ මායිමෙහි පවතින” බව කෝපාවිෂ්ටව කියා සිටිමින් ග‍්‍රීක අගමැති ජෝර්ජස් පැපැන්ද්‍රියෝ යුරෝවෙන් ඉවත්වීමේ සැලැස්මක් ඇතැයි යන්න ප‍්‍රතික්ෂේප කලේය. අනෙකුත් ආන්ඩු හා ඊසීබීය ද එවන් පිටවීමේ සැලසුම් පවතින්නේය යන්න ප‍්‍රතික්ෂේප කලහ. ඊසීබී විධායක නිලිධාරී අර්කි ලීකනන් පැවසුවේ "කිසිදු යුරෝ කලාපීය සාමාජිකයෙකුට යුරෝව අතරමං කිරීමේ අවශ්‍යතාවක් නැති” බවයි.

කෙසේ වෙතත් යුරෝ කලාපයෙන් ග‍්‍රීසිය ඉවත්වීමේ හැකියාවෙහි ප‍්‍රතිවිපාක පිලිබඳ සමපේක්ෂනය නැගෙමින් තිබේ. අර්ථශාස්ත‍්‍රඥයින් මාධ්‍යකරුවන් හා දේශපාලඥයින් එවන් පියවරක අග මුල පිලිබඳව මහත් ඕනෑකමින් සාකච්ඡා කරති.

අගනුවරවල් අතර කෙරෙන සාකච්ඡාවල ස්වරය එන්ට එන්ටම උනුසුම් වෙමින් තිබේ. ස්පීගල්ට අනුව හිතාමතාම රහස්‍ය තොරතුරු එලියට දමන බවට බර්ලිනයට චෝදනා එල්ල වී තිබේ. "ජර්මනියේ සමහර මිනිස්සු හිතාමතාම කටකතා හා අර්ධ සත්‍යයන් පතුරුවා හරිති.” එක් විවේචකයෙක් උපුටා දැක්වූ සුඩෙඋචෙ සේතුංහි කියා සිටියේය. "ඔවුහු එක්කෝ වගකීම් විරහිතව ක‍්‍රියා කරති. නැත්නම් තමන්ගේම න්‍යාය පත‍්‍රයකට අනුව වැඩ කරති.”

යුරෝ රටවල් පිලිබඳ තවත් ඉහල නියෝජිතයෙකු උපුටා දැක්වූ පුවත්පත "බර්ලිනය විසින් ග‍්‍රීසිය හා යුරෝව සමපේක්ෂකයින්ගේ කටට ඇද දමන්නේ’’ යයි පැවසූ බව සඳහන් කරයි.

ග‍්‍රීක ආන්ඩුව දරුනු කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කල යුතු යයි නිර්දේශ කරමින් වසරකට පෙර යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) එරට සඳහා යුරෝ බිලියන 110ක ගලවා ගැනීමේ වැඩසටහනකට එකඟ විය. මේ වැඩසටහන නිසා ම හෝ එය තිබිය දී ම ග‍්‍රීසිය තව තවත් ගැඹුරට නයගැති භාවය කරා ලූහුටා යන බව දැන් පැහැදිලිව තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 30න් පහතට හෙලන ලද, රාජ්‍ය වියදම් දරුනු ලෙස කප්පාදු කිරීමේ මාවතෙහි පැපැන්ද්‍රියෝ ආන්ඩුව ගමන් කලේය. එහෙත් අනෙක් අතට කප්පාදු පියවර ආර්ථික පසුබෑමක් මුදාහල අතර එය සියලූ ඉතිරි කිරීම් ගිල දමා තිබේ. එරට මුදල් අමාත්‍යාංශයට අනුව මෙම වසරේ පලමු සිව් වසරේ ආන්ඩුවේ ආදායම බිලියන 1.3කි. එය යුරෝ සංගමයේ හා ජාමූඅ අවශ්‍යතාවන් ඉටුකිරීමට අවශ්‍ය ප‍්‍රමානයට වඩා යුරෝ බිලියන 1.3න් අඩු වීමකි.

පසුගිය වසරේ ආර්ථික නිෂ්පාදනය සියයට 4.5න් පහත වැටුනු අතර දල දේශීය නිෂ්පාදිතයට අනුව (දදේනි) සමස්ත නය ප‍්‍රමානය සියයට 142 දක්වා ඉහල ගියේය. බංකොලොත්වීම් 65,000ක් ද රැකියා අහිමි වූවන් සංඛ්‍යාව 200,000 දක්වා ද ඉහල නැඟුනි. ඇතන්ස්හි සෑම සාප්පු පහකින් එකක්ම දැන් ඇත්තේ හිස්ව ය. ගම්බදට වන්නට තත්වය තවත් නරක ය.

සියලු දත්ත ඇඟවුම් කරන්නේ පසුබෑම වඩාත් දරුනු අතට හැරී තිබෙන බවයි. පසුගිය වසරේ එම මාසය හා සසඳන කල නිකුත් කල ගොඩනැඟිලි බලපත‍්‍ර සංඛ්‍යාව මෙම වසරේ ජනවාරියේ දී සියයට 62න් පහත වැටී ඇත. පසුගිය වසරේ එම කාලය හා සසඳන කල මේ වසරේ පලමු මාස හතරේ නව මෝටර් රථ අලෙවිය හරි අඩකින් පහත වැටී ඇත.

යුරෝ සංගමය හා ජාමූඅ සැලසුමෙන් අපේක්ෂා කලේ 2013 වන තෙක් ග‍්‍රීසියේ නය ගැනීමේ අවශ්‍යතාවය යුරෝ බිලියන 110 න් පියවෙනු ඇති බවට යි. ඉන්පසුව ආන්ඩුවේ බැඳුම්කර නිකුතුව මඟින් එයට ප‍්‍රාග්ධන වෙලඳපොලවල දී අනුක‍්‍රමයෙන් අරමුදල් සපයා ගත හැකි බවයි. එහෙත් ගලවා ගැනීමේ අරමුදලින් අඩක් පමන මේ වන විටත් වැයකර හමාර වී ඇති ඉතිරි යුරෝ බිලියන 55, 2012 වසන්තය වනතෙක් පමනක් සෑහෙනු ඇත. ඒ සමග ම මූල්‍ය වෙලඳපොලවල් ග‍්‍රීසියට නය දීම ප‍්‍රතික්ෂේප කරති. නය වර්ගීකරන ආයතන, රට කෙතරම් පහත හෙලා ඇත් ද කිවහොත් තිරසාර නොවන තත්වයක් වන වසර දෙකේ බැඳුම්කර සඳහා පොලිය සියයට 25ක් තරම් ඉහල නංවා ඇත.

කිසිවක් සිදු නොවුන හොත් ඊලඟ වසන්තය වන විට ග‍්‍රීසිය රාජ්‍ය බංකොලොත් භාවය ප‍්‍රකාශ කල යුතුය. මෙහි ප‍්‍රතිපලය වනු ඇත්තේ සැලකිය යුතු වියදමක් අනෙකුත් රටවල් මත පැටවීමයි.

ඇප ප‍්‍රදානයේ අර්ථය වනුයේ ගී‍්‍රක ආන්ඩුවේ නයෙන් වැඩිවන පංගුවක් පුද්ගලික බැංකු විසින් නොව රාජ්‍ය ආයතන විසින් දරා සිටින බවයි. 2009 වසරේ දී ග‍්‍රීක රාජ්‍ය නයෙන් සියයට සියයක් ම දරා සිටියේ පුද්ගලික නය හිමියන් විසිනි. දැන් සියයට 37ක් පමන රැඳී ඇත්තේ යුරෝ සංගමය ජාමූඅ හා ඊසීබී ය අතෙහිය. "නයබර විශාල වශයෙන් පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අතට මාරුවී ඇතැයි” යුනි ක්‍රෙඩිට් බැංකු කරුවෙකු වන ඇන්ඩ්‍රේස් රීස් පැවසීය.

නයෙහි රාජ්‍ය පංගුව 2013 වන විට සියයට 50 දක්වා වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. එවිට පුද්ගලික ආයෝජකයින් 2009 වසරේ දරා සිටි යුරෝ බිලියන 300 හා සසඳන කල දරනු ඇත්තේ බිලියන 180ක් පමනි. ග‍්‍රීසිය සඳහා වූ ප‍්‍රකෘතිමත් කිරීමේ වැඩ සටහන පුද්ගලික බැංකු ගලවා ගැනීමේ වැඩසටහනක් බවට පත්ව තිබේ.

ග‍්‍රීක රාජ්‍ය බංකොලොත්වීමේ තර්ජනය යුරෝ සංගමය ඇතුලත ගැටුම් උත්සන්න වීමට තුඩුදී ඇත. විශේෂයෙන් ම ජර්මනිය තුල, නය ප‍්‍රතිසංවිධානය කිරීම හෝ ග‍්‍රීසිය යුරෝ සංඟමයෙන් නෙරපා හැරීම සඳහා කෙරෙන ඉල්ලීම් වැඩිවී ඇත.

මෑතක පැවති සම්මුඛ සාකච්ඡා ගනනාවක දී අයිඑෆ් ඕ ආයතනයේ ප‍්‍රධානී හෑන්ස් සින් ග‍්‍රීසියට ජාතික මුදල කරා යලි එලඹෙන ලෙස යෝජනා කර ඇත. "ගී‍්‍රසිය ස්ථාවර කිරීමේ හා එය යුරෝ කලාපය තුල රඳවා ගැනීමේ කුමන උත්සාහයක් හෝ පතුලක් නැති වලක් වනු ඇත. ග‍්‍රීසිය රඳවාගතහොත් එය යුරෝව අස්ථාවර කරනු ඇත” ඔහු පැවසීය. ඩ‍්‍රැක්මාව වෙත යලි පිවිසීමෙන් ග‍්‍රීසියට සිය මුදල අවප‍්‍රමානය කර යලිත් තරගකාරී වීමේ හැකියාව ලබාදෙනු ඇත.

වෝර්ම්ස්හි ව්‍යවහාරික විද්‍යා පිලිබඳ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය මැක්ස් ඕටි මේ ආකාරයෙන්ම තර්ක කරයි. "යුරෝවෙන් බැහැරවීම පිටස්තර අවප‍්‍රමානයන් තුලින් යලි වතාවක් ග‍්‍රීසියේ තරගකාරිත්වය තහවුරු කර ගැනීමට එරටට පිටිවහලක් වනු ඇත. කාලයාගේ අවෑමෙන් විදේශයන්ගේ අන පැනවීමේ ප‍්‍රතිපලයක් ලෙස මෙතෙක් දැකගනු ලැබූ දෙයින් තොරව රටට තෙමේම පුනරුත්ථාපනය විය හැකිවෙයි”. ඔහු දිනපතා මූල්‍ය පුවත්පතක් වන හැන්ඩල්ස්බ්ලාට්හි ලිවීය.

ෆ‍්‍රී ඩිමොක‍්‍රටික් පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමෙහි මූල්‍ය විශේෂඥයෙකු වන ෆ‍්‍රෑන්ක් ස්කාෆ්ලර් "ගී‍්‍රක ඇපදීම හා ඉතිරි කිරීමේ පියවර අර්බුදය උත්සන්න කරන බව පැහැදිලිව තිබිය දී ග‍්‍රීසියට යුරෝ කලාපයෙන් පිටවීමට සාධනීය සහයෝගයක්” වෙනුවෙන් කථා කලේය.

කෙසේ වෙතත් අනෙකුත් විශේෂඥයින් එවන් පියවරක පුපුරනසුලු ඇඟවුම් පිලිබඳව අනතුරු අඟවූයේ: බලශක්ති හා වෙනත් ආනයන මිල දැවැන්තව ඉහල යාම ග‍්‍රීක බැංකු බංකොලොත්වීම හා විශාල ප‍්‍රාග්ධන ඉවත ගැලීමක් සිදුවීම පිලිබඳවයි. කෙසේ වෙතත් පෞද්ගලික හා රාජ්‍ය නය කෙරෙහි යුරෝ මුදල අධිකාරය දරනු ඇත. "(නය) සේවා දරාගත නොහැකිව ග‍්‍රීක රජය ක්ෂනිකව ම බංකොලොත් වනු ඇත” ගුස්ටාව් හෝන් ලිවීය. ඔහු සාර්ව ආර්ථිකය හා අර්බුද පරියේෂනය සඳහා වන ආයතනයේ අධ්‍යක්ෂවරයා ය.

යුරෝ බිලියන 75ක් ග‍්‍රීක ආන්ඩුවට නය වශයෙන් දී ඇති ග‍්‍රීක බැංකු හා විශ‍්‍රාමික අරමුදල් ද මේ නිසා බංකොලොත්වනු ඇත. කාර්මිකව දුබල මෙම රාජ්‍යයේ දල දේශීය නිෂ්පාදිතයෙන් අපනයනවල පංඟුව යන්තමින් සියයට 7ක් පමනක් වන බැවින් අවප‍්‍රමානය නිර්යාත ක්ෂේත‍්‍රයට වාසිදායක වනු ඇත්තේ මඳ වශයෙනි.

වෙනත් වචන වලින් කිවහොත් ඩ‍්‍රැක්මා මුදල හඳුන්වාදීමේ ප‍්‍රතිපලය වනු ඇත්තේ රාජ්‍ය බංකොලොත් භාවය හා දැවැන්ත උද්ධමනයයි. එය 1923 හටගත් අති උද්ධමනය යටතේ ජර්මනියේ සිදුවූවාක් මෙන් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ ජීවන කොන්දේසි කබාසීනියා කරනු ඇත.

ආන්ඩු නියෝජිතයින් අනතුරු අඟවන්නේ ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් පිටවුවහොත්, අයර්ලන්තය පෘතුගාලය හා ස්පාඤ්ඤය ඒ පිටුපසින් කලබැගෑනියකට ඇද දමමින් යුරෝ මුදලේ අවසානය ලඟාකරනු ඇති බවයි. "අපට යුරෝ කලාපය තුල අහේතුක පුපුරායාමක් අවශ්‍ය වන්නේ නැත” මෙසේ පැවසුවේ යුරෝ කන්ඩායමේ නායක ජීන් ක්ලවුඩේ ජුන්කර්ය.

එසේ තිබිය දී ජර්මනියේ කුඩා එහෙත් බලගතු කොටසක් ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් පිටකිරීමට බලකල යුතු බව අවධාරනය කරති. ග‍්‍රීක නය ප‍්‍රතිසංවිධානය කිරීමේ ඉල්ලීමට පුලුල් සහායක් හිමිවෙයි. කෙසේ වෙතත් ජර්මනිය මෙම පියවර විවෘතව යෝජනා කරන්නේ නැත්තේ මූල්‍ය වෙලඳපොලවල ප‍්‍රචන්ඩ ප‍්‍රතිචාරයක් මඟින් අයර්ලන්තය පෘතුගාලය හා ස්පාඤ්ඤය වෙලාගනු ඇති බවට පවතින බිය නිසාය.

වෙනත් ආන්ඩුවල බැංකු විසින් ග‍්‍රීසියේ වඩාත් වැඩි නය ප‍්‍රමානයක් ප‍්‍රතිග‍්‍රහනය කර ඇති බැවින් මෙම ප‍්‍රශ්නය මුල්කරගෙන එම රටවල් සමග තියුනු ගැටුමක් ඇතිව තිබේ. හුදෙක් ගී‍්‍රසියට නය සැපයීම දීර්ග කල මීට පෙර ගලවා ගැනීමේ වැඩසටහන්වලට සපුරා වෙනස් ලෙස නය ප‍්‍රතිසංවිධානයකින් බිලියන ගනනක් සදහට ම අහෝසි වී යනු ඇත.

ග‍්‍රීසිය සිය නයෙන් සියයට 50ක් පමන දක්වා කටුගා දැමිය හැකි නය ප‍්‍රතිසංවිධානය කිරීමකට මුහුන දීමට තමන්ට හැකි බවට ජර්මන් බැංකු පැහැදිලි නිගමනයකට පැමින තිබේ. ප‍්‍රන්සයට හා අනෙකුත් රටවලට එවැනි නය ප‍්‍රතිසංවිධානයක් දිරවා ගැනීම වඩා දුෂ්කර කාර්යයක්ව තිබේ. ග‍්‍රීක ජනතාවට එහි ඇඟවුම වත්මන් ගලවා ගැනීමේ පැකේජයේ දී මෙන්ම සිය ජීවන තත්වයන් මත තවත් කප්පාදු හා ප‍්‍රහාරයන් ය.

ස්පීගල් ඔන්ලයින් අනුව සියයට 50ක නය කටුගා දැමීමක් ජර්මානු ආන්ඩුවට බැංකුවලට හා බුන්ඩස්බෑන්ක් නම් මහ බැංකුවට යුරෝ බිලියන 27ක අලාභයක් සිදු කරයි. එහෙත් පුද්ගලික බැංකුවලට සිදුවන්නේ යුරෝ බිලියන 9ක පාඩුවකි. එයින් ද වැඩි පංඟුව දරනු ඇත්තේ රජයට අයත් හයිපො රියල් එස්ටේට් ආයතනයයි.

සාපේක්ෂව මෙම ප‍්‍රමානය ඉහලය, එහෙත් ජර්මානු යලි එක්සත්වීමේ පිරිවැය පසුගිය දශක දෙකක කාලය තුල යුරෝ ටි‍්‍රලියනය ඉක්මවා තිබීම සමඟ සසඳන කල බෙහෙවින් සාධාරන පංඟුවකි. ජර්මනියේ යුරෝ බිලියන් 200 වාර්ෂික වෙලඳ අතිරික්තය එමෙන් කිහිපගුනයකි. ඊට අතිරේකව නය ප‍්‍රතිසංවිධානය ප‍්‍රමාදවන තරමට ජර්මනියට සිදුවන හානිය වැඩිවෙයි.

සමහර විචාරකයෝ ග‍්‍රීසියේ අර්බුදයෙහි අත්‍යවශ්‍ය ගැටලුව මූල්‍යමය නොව දේශපාලනිකය යන නිගමනයට පැමින සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ පීඩනය යුරෝපය තුල ජාතික අවශ්‍යතා එන්ට එන්ටම පෙරමුනට ගෙන එයි.

තීරු රචක වොල්ෆ්ගෑන්ග් මුන්චාවු ෆිනෑන්ෂල් ටයිම්ස්හි මෙසේ ලීවේය: "යුරෝ කලාපීය අර්බුදයේ ප‍්‍රමුඛ ප‍්‍රශ්නය පරියන්තයේ රටවල රාජ්‍ය නයෙහි සමස්ත ප‍්‍රමානය නොවේ. මූල්‍ය සංගමයේ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මෙය සුලු ප‍්‍රමානයකි. කලාපයේ මුලු නය ප‍්‍රමානය දදේනි අනුපාතයක් ලෙස මහා බි‍්‍රතාන්‍ය, එක්සත් ජනපදය හෝ ජපානයට වඩා අඩු ය. සාර්ව ආර්ථික දෘෂ්ටි ආස්ථානයකින් මෙය තේ කෝප්පයේ කුනාටුවකි. ගැටලුව වන්නේ දැවැන්ත ප‍්‍රාසාංඟික හානියක් සිදුකිරීමේ විභවය සහිත හා දැන් වසංගතයක් බවට පත්ව තිබෙන අර්බුදය සමඟ පොර බැදීමේ දී යුරෝ කලාපය දක්වන දේශපාලන අසමර්ථකමයි.”

ඩී සෙයිට්හි ලියමින් ජර්මනියේ හිටපු චාන්සලර් වරයෙක් වන හෙල්මුට් ස්කිමිඩ් ද මෙයට සමාන තර්කයක් ගෙන යයි. චෝදනා එල්ලව ඇති යුරෝ අර්බුදය, "බොහෝ සෙයින් ම යුරෝපීය සංගමය සමස්තයක් ලෙස ගෙන ඒ අනුව ක‍්‍රියාකිරීමට ඇති හැකියාව පිලිබඳ අර්බුදයකි. පොදු ආර්ථික හෝ මූල්‍ය ප‍්‍රතිපත්තියක් හෝ පොදු විදේශ හා ආරක්ෂක පිලිවෙතක් ද (බලන්න ලිබියාව දිහා) ඇත්තේ නැත. පොදු බලශක්ති පිලිවෙතක් ඇත්තේ ද නැත.” ඔහු ලිවීය.

මෑත ආයතන වාර්තාවලට අනුව යුරෝපීය සංගමය, දැන් ග‍්‍රීක ආන්ඩුවට තවදුරටත් කප්පාදු ඉලක්ක නියම කරන යුරෝ බිලියන 30 සිට 60 දක්වා ප‍්‍රමානයකින් ගලවාගැනීමේ ගිවිසුමෙහි ප‍්‍රමානය වැඩිකිරීම සඳහා සූදානම් වෙයි. කෙසේ වෙතත් මෙය ගැටලුව කල්දමාගැනීමක් පමනක් වන අතර එය විසඳනවා වෙනුවට අර්බුදය තවත් උග‍්‍ර කෙරෙනු ඇත.