ඉන්දියාවඃ දොට්ට දැමූ මරුති සුසුකි කම්කරුවන් මත සමාගමේ ඉල්ලීම් පැටවීමට ස්ටැලින්වාදී වෘත්තීය සමිතිය වැඩ කරයි

India: Stalinist union works to impose company demands on locked-out Maruti Suzuki workers

By Arun Kumar, 27 September 2011

සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ (ඒඅයිටීයූසී) ස්ටැලින්වාදී නායකත්වය පීඩාකාරී හා සාහසික වැඩ පරිපාලන ක‍්‍රමයක් යලි තහවුරු කරන ‘යහපත් කල්කි‍්‍රයා ගිවිසුමට’ අත්සන් කරන්නැයි සමාගමෙන් කෙරෙන ඉල්ලීමට අවනත වීමට හරියානා ප‍්‍රාන්තයේ මනෙසාර්හි පිහිටි මරුති සුසුකි කාර් පිරිද්දුම් කම්හලෙන් දොට්ටදමා සිටින කම්කරුවන් පොලඹවමින් සිටියි.

සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ (ඒඅයිටීයූසී) ස්ටැලින්වාදී නායකත්වය පීඩාකාරී හා සාහසික වැඩ පරිපාලන ක‍්‍රමයක් යලි තහවුරු කරන හා මොනයම් හෝ අව්‍යාජ කම්කරු නියෝජනයක් ප‍්‍රතික්ෂේප කරන ‘යහපත් කල්කි‍්‍රයා ගිවිසුමට’ අත්සන් කරන්නැයි සමාගමෙන් කෙරෙන ඉල්ලීමට අවනත වීමට හරියානා ප‍්‍රාන්තයේ මනෙසාර්හි පිහිටි මරුති සුසුකි කාර් පිරිද්දුම් කම්හලෙන් දොට්ටදමා සිටින කම්කරුවන් පොලඹවමින් සිටියි.

රටේ ප‍්‍රධාන කාර් නිපදවන්නා වන මරුති සුසුකි ඉන්දියා (එම්එස්අයි) සමාගම එහි මනෙසාර්හි කම්හලේ කම්කරුවන් 3,000 ක් පමන අගෝස්තු 29 දා සිට දොට්ට දමා ඇත. සමාගමේ කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධය බිඳීමේ හා හොරිකඩ සමිතියට එරෙහි ව ඔවුන් මෑත දී ගොඩ නැගූ මරුති සුසුකි සේවක සමිතිය (එම්එස්ඊයූ) පිලි නො ගැනීමේ සමාගමේ උත්සාහයට කොන්ග‍්‍රස් පක්ෂ ප‍්‍රාන්ත ආන්ඩුව, පොලිසිය සහ උසාවිය පූර්න සහාය ලබා දී ඇත.

ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සමග පෙලගැසී සිටින කම්කරු සම්මේලනය (ඒඅයිටීයූසී) හෝ සීපීඅයි සහ එයට අනුබද්ධ මරුති සුසුකි සේවක සමිතිය සමාගම හා ආන්ඩුව ඒකාබද්ධ ව එල්ල කරන මෙම ප‍්‍රහාරයට එරෙහි ව බැරෑරුම් විරෝධයක් ගොනු කර නැත. ඒ වෙනුවට ගුරුගවොන් මනෙසාර් කාර්මික තීරයේ සෙසු සුසුකි කම්හල් හා අනුබද්ධ කම්හල්වල කම්කරුවන්ගේ සහාය පලකරමින් පුපුරා ගිය වැඩ වර්ජන වලක්වා, දක්ෂිනාංශික ප‍්‍රාන්ත ආන්ඩුවේ මැදිහත් වීම කෙරේ විශ්වාසය තැබීමට යොමු කිරීමෙන් දොට්ට දමා සිටින කම්කරුවන් හුදකලා කර ඇත.

මේ වනාහි හුදෙක් ම සමාගම හා ආන්ඩුව දිරි ගැන්වීමකි. සැප්තැම්බර් 29 සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව පොලීසිය බොරු චෝදනා එල්ල කර මරුති සුසුකි සේවක සමිතියේ නායකයන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ ය.

දැන් මරුති සුසුකි ඉන්දියා සමාගමේ ගැටුම තුලින් පලල් කම්කරු නො සන්සුංතාවක් ඇති වීමේ හැකියාව සම්බන්ධව ආන්ඩුව තුල හා ගුර්ගවොන් මනෙසාර් කාර්මික තීරයේ සෙසු හාම්පුතුන් අතර වැඩෙන සැකසංකා වල කොන්දේසි යටතේ ස්ටැලින්වාදී සමස්ථ ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ නායකත්වය මරුති සුසුකි ඉන්දියා සමාගමට අවනත වීමට දොට්ට දැමූ කම්කරුවන් පොලඹවමින් සිටියි. ඔවුහු මරුති සුසුකි සේවක සංගමය පිලිගැනීම සඳහා වන කම්කරු අරගලය අත් හැර දැමීමටත් දොට්ට දැමීම මගින් 30කට වැඩි වඩාත් සටන්කාමී කම්කරුවන් විරේක කිරීම පිලිගැනීමටත් යන්තම් නවීකරනය කරන ලද "යහපත් කල්කි‍්‍රයා ගිවිසුමේ” සංස්කරනයක් අත්සන් කිරීමටත් කම්කරුවන්ට බල කරති.

මෑත දිනවල සමස්ථ ඉන්දීය වෘත්තිය සමිති සම්මේලනය තරමක් අඩු මර්දනකාරී හා ප‍්‍රකෝපකාරී නොවන ආකාරයට "ගිවිසුම” නැවත කෙටුම්පත් කිරීම සඳහා එම්එස්අයි සමාගම සමග හොර සාකච්ඡා පවත්වා ඇති අතර එම්එස්ඊයූ නායකයන් එයට එකඟ වීමට පොලඹවාගෙන ඇත. "සමාගම හා කම්කරුවන් යෝජිත නව යහපත් කල්කි‍්‍රයා ගිවිසුමක් පිලිබඳ එකඟතාවක් ඇති කර ගත් අතර සමාගම පලිගැනීමට ක‍්‍රියා නො කරන බව අපට සහතික කලේ ය” යි එම්එස්ඒයූවේ ප‍්‍රධාන ලේකම් ශිව කුමාර් කියයි.

වාර්තා වන පරිදි, මින් පෙර වූ ගිවිසුම් මෙන් ම නව ගිවිසුම ද "හිමින් වැඩ කිරීම, වරින් වර වැඩ නැවැත්වීම, වැඩ වර්ජනවල යෙදීම, කඩාකප්පල් ක‍්‍රියා හෝ කම්හලේ සාමාන්‍ය නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධා පමුනුවන කුමන හෝ ක‍්‍රියාවකට අනුබල දීම නො කරන” බවට පොරොන්දු වන ලෙස කම්කරුවන්ට බල කරයි.

නමුත් සාමාජිකයන්ගේ අතෘප්තිය හා විරෝධතාවයත් වඩාත් සටන්කාමී කම්කරුවන්ගෙන් බොහෝ දෙනා දොට්ට දැමීමට සමාගම අධිශ්ඨානශීලී වීම හේතුවෙන් වැඩ තහනම තවමත් දිග් ගැසෙමින් පවතී.

"විනය විරෝධී” හා "නො මනා හැසිරීම්වල” යෙදීම මත සේවය තහනම් කර සිටින කම්කරුවන් 62න් අඩක් යලි සේවය පිහිටුවීමට සමාගම එකඟ වන්නේ නම් වහාම වැඩට යාමට කම්කරුවන්ට බල කිරීමට තමා සූදානම් බව සමස්ථ ඉන්දීය වෘත්තී සමිති සම්මේලනය ඇඟවුම් කර ඇත. නමුත් දඩයමට ලක්වූ කම්කරුවන්ගෙන් 18කට වඩා යලි සේවයට නො කැඳවන්නෙමැ යි සමාගම දඩබ්බර ලෙස කියා සිටින අතර ඊට හර්යානා කොන්ග‍්‍රස් පක්ෂ ආන්ඩුවේ සම්පූර්න සහාය ලැබී ඇත.

"සාපරාධී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූ කම්කරුවන් හෝ සාපරාධී චෝදනාවන්ට ලක් ව සිටින කම්කරුවන් නැවත සේවයට ගත නො හැකිය, පරිපාලනය කම්කරුවන්ගෙන් 18ත් 20ත් අතර ප‍්‍රමානයක් යලි සේවයේ පිහිටුවීමට කැමති ය” යි හර්යානා කම්කරු ඇමති සිව් චරන් ලාල් ශර්මා ප‍්‍රකාශ කලේය. වැඩ තහනම ඇරඹුනු දා සිට ශර්මා කම්කරුවන් "යහපත් කල්කි‍්‍රයා ගිවිසුම” අත්සන් කිරීම ඉල්ලමින් එම්එස්ඊයූව "දේශපාලනිකව මෙහෙයවුනු පිටස්තරයන්” ලෙස හෙලා දකිමින් සහ කම්කරු කඩාකප්පල් කාරී හා ප‍්‍රචන්ඩ කි‍්‍රයා පිලිබඳ සමාගමේ බොරු පුනරුච්චාරනය කරමින් සිටියේ ය.

පසුගිය දිනවල මරුති සුසුකි සභාපති ආර්. සී. භාර්ගවා සමාගම පසු නො බසිනු ඇති බවත් ඒ වෙනුවට එය වැඩ වර්ජන බිදින්නන් වන ඊනියා ආදේශක කම්කරුවන් වැඩි වැඩියෙන් කුලියට ගනු ඇති බවත් නැවත නැවතත් සපථ කලේය. "අනාගතයේ දී වැඩ කිරීමට බලපෑම් කිරීමේ නො හැකියාවට වඩා මම දැනටමත් නිෂ්පාදනයේ මහත් පහත වැටීමකට මුහුන පා සිටිමි” යි භාර්ගවා කීවේය.

මරුති සුසුකි ඉන්දියානු සමාගම නිෂ්පාදනයේ දී සෑහෙන අලාභයක් දරා ගැනීමට සූදානම් කෙරී ඇති බැවින් ඒ අනුව එහි කම්කරු බලකායෙන් උපරිම ලාභ මිරිකා ගැනීමට ඉඩ සලසන වැඩ පටිපාටියක් පවත්වා ගෙනයන බව භාර්ගවා ඇගවුම් කලේ ය. "මෙම වැඩ වැරුම අවශ්‍ය තරම් කාලයක් දරා සිටීමට අපට පුලුවන්කම ඇත. අපට රඳා සිටීමේ ශක්තිය තිබේ... දිගු කාලීන දැක්මක් අප ඇති කර ගත යුතුය. අප මෙම ක‍්‍රීඩාවේ යෙදී සිටින්නේ මාස කීපයකට හෝ අවුරුද්දකට නො වේ.”

සමාගම මේ වන විටත් 1,200කට වඩා එනම් දොට්ට දැමූ කම්කරු බලකායෙන් සියයට 40ක් පමන සාමාන්‍ය ආදේශක කම්කරුවන් බඳවා ගෙන ඇති බවත් ඉදිරි දිනවල දී හා සතිවල දී මෙම සංඛ්‍යාව ඉහල දැමීම සඳහා සූදානම් බවත් සඳුදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී භාර්ගවා කියා සිටියේ ය.

වාර්තාවට අනුව පසුගිය මාසයේ අග දොට්ට දැමීම් කි‍්‍රයාවට දැමීමේ සිට රුපියල් බිලියන 7ක් හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 140 කට වැඩි ප‍්‍රමානයක් මරුති සුසුකි සමාගමට අහිමි වී තිබේ. ගුර්ගාඔන් මනෙසාර් කාර්මික තීරයේ කම්කරුවන්ගේ පුලුල් සහයෝගය ගොනුවූ මොහොතේ ම ස්ටැලින්වාදී සමස්ත ඉන්දීය කොන්ග‍්‍රසයේ නියෝගයන්ට අනුව අවසන් කෙරුනු ජූනි දින 13ක වාඩි ලා ගැනීමේ සටන සමාගමට රුපියල් බිලියන 5.5ක (ඇ.ඩො. මිලියන 111ක) පාඩුවක් සිදු කලේ ය.

මරුති සුසුකි ඉන්දියානු සමාගමේ කම්කරුවන්ගේ ධෛර්ය සම්පන්න අරගලය බිඳ දමනු නො ලැබීමට නම් මුලුමනින්ම වගේ එකාකාර සූරා කෑමේ සමාන කොන්දේසිවලට මුහුන පා සිටින යෝධ ගුරුගා ඕන් මනෙසාර් කාර්මික තීරය පුරා කම්කරුවන්ගෙන් පටන් ගෙන සමස්ථ කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ප‍්‍රහාරයක් කුලු ගැන්විය යුතු ය.

අසල්වැසි පන්ජාබ් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන කාර්මික නගරය වන ලූබිආනා හි 100කට වැඩි ඇඟලුම් කම්හල් කම්කරුවෝ වැටුප් වැඩි වීමක් හා යහපත් සේවා කොන්දේසි පිලිබඳ ඔවුන්ගේ ඉල්ලීම් මත සැප්තැම්බර් 21 දා සිට වැඩ වර්ජනය කර සිටිති. වර්ජිත ඇඟලුම් කම්කරුවෝ මනෙසාර් මරුති සුසුකි කම්හලේ කම්කරුවන්ට සහයෝගය ප‍්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කර ඇත. මෙය ලාභ ශ‍්‍රමය, රැකියාවල අනාරක්ෂිතභාවය සහ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි කිරීම යන කොන්දේසිවලට මුහුන දී සිටින කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලය සඳහා ඇති සක්‍යතාවය අවධාරනය කරයි.

එබඳු අරගලයක් දියත් කිරීමේ දී කම්කරුවන් මුහුන දෙන මහත් බාධකය වන්නේ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොන්ග‍්‍රසය හා ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප‍්‍රමුඛ ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂය හෝ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සමග පෙල ගැසුනු වෘත්තීය සමිති ෆෙඩරේෂනය වැනි වෘත්තීය සමිති ය. පන්ති අරගලය මර්දනය කිරීමේ දී වෘත්තීය සමිති ඉටු කරන භූමිකාව ගලා එන්නේ ඒවා මෙහෙයවෙන පක්ෂවල ඉදිරි දර්ශනය නැඹුරුව හා කි‍්‍රයාකාරීත්වය තුලිනි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හා මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ධනේශ්වර දේශපාලන ස්ථාපිතයේ ම නො වෙන්කල හැකි කොටසකි. කොන්ග‍්‍රස් පක්ෂය හා ඉන්දියානු ධනේශ්වරයේ සෙසු පක්ෂ සමග සන්ධානයන්ට කම්කරු පන්තිය යටත් කිරීමේ දිගු ඉතිහාසයක් ඇති අතර බටහිර බෙංගාලය වැනි ප‍්‍රාන්ත වල බලයේ සිටිය දී ඔවුන්ව විවෘතව පිලිගත් ආයෝජන ගැති පිලිවෙත් අනුගමනය කලේ ය.

Share this article: