ආර්ථික අර්බුදය පිලිබඳ යුරෝපා සමුලුව ඇරඹෙද්දී මහාද්වීපය පුරා රැකියා විරහිතයන් මිලියන 23ක්

As EU crisis summit opens: 23 million unemployed across continent

By Patrick Martin, 31 January 2012

ආර්ථික අර්බුදය පිලිබඳ සමුලුවට සහභාගි වීමට සඳුදා යුරෝපා සංගම් නායකයන් රැස්වෙද්දී මහාද්වීපික විරැකියාව මිලියන 23කට ලඟාවිය. කොන්සවැටිව් වේවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේවා බෙල්ජියමේ දී මුනගැසෙන ධනපති දේශපාලනඥයන් සතුව මිලියන සිය ගනනක වැඩකරන ජනයාට ඉදිරිපත් කිරීමට කප්පාදු පියවරයන් හැර වෙනත් කිසිවක් නැත.

යුරෝපා සංගම් සමුලුවේ නාමික අරමුන වන්නේ රැකියා, වැටුප්, විශ‍්‍රාම වැටුප් හා සමාජ සේවාවල දරුනු කප්පාදු රටෙහි ආර්ථිකය වැඩිදුර අවපාතයට ඇද දමා රටට බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීමට හා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බලකෙරෙනු ඇතැයි පුරෝකථනය කලහැකි බලපෑමට නතු වී තිබෙන ගී‍්‍රසියේ අර්බුදයට ආමන්ත‍්‍රනය කිරීම යි.

ගී‍්‍රක වානිජ මන්ඩලයට අනුව 2010-2011 සමයේ ගී‍්‍රසියේ සමස්ත ව්‍යාපාරවලින් සියයට 20ක් වැසුනේ තවත් සියයට 15ක් බංකොලොත්භාවය අද්දර තිබිය දී ය. විරැකියා අනුපාතය සියයට 18.8ක මට්ටමේ තිබෙන්නේ තරුන ජනයාගෙන් සියයට 46.6ක් රැකියා විරහිතව සිටිය දී ය.

එහෙත් ගී‍්‍රසියේ සිදුවෙමින් තිබෙන දෙය මහාද්වීපය පුරා ද ගෝලීය පරිමානයෙන් යුතු වූ ද ආර්ථික අර්බුදයක් මගින් පතිත කෙරෙමින් පවතින ව්‍යසනයේ එක් උදාහරනයක් පමනි. ආර්ථික බලාගාරය ලෙස සැලකෙන ජර්මනිය ද ඇතුලුව ප‍්‍රධාන යුරෝපීය රටවල් සියල්ල ම එක්කෝ නිල වසයෙන් අවපාතයක පවතී හෝ ඒ දෙසට ක්ෂනිකව තල්ලු වෙමින් තිබේ.

යුරෝපයේ විශාලතම ආර්ථිකයන් හතරේ සංඛ්‍යා ලේඛන ව්‍යසනීය ය:

බි‍්‍රතාන්‍යය: හතරවන කාර්තුවේ දී දල දේශීය නිෂ්පාදිතය සියයට 0.2කින් වැටුනේ නිෂ්පාදනය සියයට 0.9කින් හැකිලෙද්දී ය.

ඉතාලිය: ඉතාලි බැංකුවට අනුව මේ වසරේ දී රටේ ආර්ථිකය සියයට 1.5කින් හැකිලෙතැයි පුරෝකථනය කරනු ලැබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) එය සියයට 2.2කින් හැකිලෙතැයි පුරෝකථනය කලේ ය.

ප‍්‍රන්සය: විරැකියා අනුපාතය වසර 11කින් ඉහල ම මට්ටම වන සියයට 9.7කට නැගී තිබෙන අතර ප‍්‍රන්සයේ රාජ්‍ය නය යුරෝ බිලියන 630කට නැගී තිබේ. ප‍්‍රන්සයේ නය මට්ටම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් සමගම විසින් ජනවාරි 14දා ඒඒඒ මට්ටමෙන් පහත හෙලීය.

ජර්මනිය: ජර්මානු සංඛ්‍යා ලේඛන කාර්යාලයට අනුව 2011 අවසන් මාස තුනේ දී යුරෝපයේ විශාලතම ආර්ථික සියයට 0.25කින් හැකිලුනේ වෝල් වීදියේ මූල්‍ය අර්බුදයෙන් අනතුරුව 2009 මුල දී හැකිලුනාට පසු ප‍්‍රථම ඇදවැටීම වාර්තා කරමිනි.

ස්පාඤ්ඤය: අවම වසයෙන් කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් මත බලපෑම අතින් හෝ යුරෝපයේ පස්වන ආර්ථිකය නරක ම ස්වභාවයේ පවතී. කම්කරුවන් වාර්තාගත ප‍්‍රමානයක් එනම්, මිලියන පහක් දැන් රැකියා විරහිත යයි ස්පාඤ්ඤය වාර්තා කලේ ය. 2011 හතරවන කාර්තුවේ දී විරැකියා අනුපාතය සියයට 23.9ක ඉහලට ම නැග්ගේ තරුන විරැකියාව සියයට 50ට ලං වෙද්දී ය.

ජාතික සංඛ්‍යා ලේඛන ආයතනයට අනුව විරැකියා අනුපාතය තුන්වන කාර්තුවේ පැවති සියයට 21.5 සිට හතරවන කාර්තුවේ දී සියයට 22.9ට නැගුනේ රැකියා විරහිතයන් ගනන 348,700කින් වැඩි වූ බැවිනි.

අලුතින් පත්කරන ලද අගමැති මරියානෝ රාජෝයිගේ දක්ෂිනාංශික ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ වැටුප් හා ප‍්‍රතිලාභ කප්පාදුව හා නිවාඩු දින ගනන අඩුකිරීම ද රාජෝයි "ශ‍්‍රම වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” යයි විස්තර කරන පිලිවෙතක් වන කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත භාවයෙන් ඉතුරු පහදු වී ඇති අංශු මාත‍්‍රය විනාශ කිරීම ද ඉල්ලා සිටීම යි.

ගුවන් ගමන් 220ක් අවලංගු කරමින් හා මගීන් 22,000ක් අතරමං කරමින් ස්පේන්එයාර් නමැති ප‍්‍රාදේශීය ගුවන් සේවය සිකුරාදා ක්ෂනිකව මෙහෙයුම් නතර කලවිට ස්පාඤ්ඤ ආර්ථිකය වැඩිදුර කම්පනයට බඳුන් විය. "වර්තමාන ආර්ථික වාතාවරනය” සලකා තමන්ට තවදුරටත් මෙහෙයුම්වලට සහනාධාර සැපයිය නො හැකි යයි නිවේදනය කල කැටලෝනියාහි ප‍්‍රාදේශීය ආන්ඩුව බාසිලෝනාහි පදනම් වන එම ගුවන් සේවය පාලනය කරයි. ගුවන් සේවයේ කම්කරුවන් හා උප කොන්ත‍්‍රාත්කරුවන් 3,200කට වැඩි පිරිසක් සේවයෙන් නෙරපන ලදී.

රාජෝයි ආන්ඩුව ප‍්‍රධාන වසයෙන් වියදම් කප්පාදු ඇතුලුව යුරෝ බිලියන 40ක අයවැය ගැලපුම දැනට මත් යෝජනා කොට ඇත්තේ ගාස්තු හා පරිභෝජන බදු ද ඉහල දමමිනි. අයවැය කප්පාදු විශේෂයෙන් ම එල්ල කරනු ලැබ ඇත්තේ සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි සමාජ සේවා පවත්වාගෙන යන රටෙහි ප‍්‍රාදේශීය ආන්ඩු වෙතට ය. දැනට ජාමූඅ විසින් සියයට 1.7කැයි පුරෝකථනය කරනු ලැබ ඇති ආර්ථික පල්ලම් බැසීම මෙම කප්පාදු පියවර මගින් ගැඹුරු වනු ඇත.

රාජෝයිගේ පිලිවෙත් මහජන විරෝධතා අවුලුවා තිබේ. ප‍්‍රාදේශීය ආන්ඩුවේ කප්පාදුවලට විරෝධය පලකිරීමට ජනවාරි 26 දා වැලෙන්සියා, ඇලිකාන්ටේ හා කැස්ටලන්හි වීදිවලට තක්සේරු කරන ලද පරිදි 200,000ක් පැමිනියහ. කැටලාන් කලාපයේ කප්පාදුවලට විරෝධය දැක්වීමට තවත් 100,000ක් බාසිලෝනා වෙත රැස්වූහ.

යුරෝපයේ අනෙකුත් ආර්ථික කලු ලපවලට ස්පාඤ්ඤය හා ගී‍්‍රසියට පමනක් පසුපසින් සිටින විරැකියාව සියයට 14.6ක් වන අයර්ලන්තය, යුරෝපා සංගමය හා යුරෝපීය මහ බැංකුව විසින් ඇප තැබූ පසු නය අගය බංකොලොත් මට්ටමට පහල දමා ඇති පෘතුගාලය හා වසර 19කින් මෙපිට පලමු මහා වැඩවර්ජනයෙන් රට පක්ෂාඝාත කරන ලද බෙල්ජියම අයත් වේ. අයවැය කප්පාදුවලට එරෙහි විරෝධතා කි‍්‍රයාවේ කාල ගනනය බෙල්ජියානු බ‍්‍රසල්ස් අගනුවර යුරෝපා සංගම් සමුලුව සමග සමපාත කරන ලදී.

දුම්රිය, ගුවන් සේවා හා ප‍්‍රාදේශීය රාජ්‍ය ප‍්‍රවාහන සේවා මෙන් ම තැපෑල, බොහෝ ආන්ඩුවේ කාර්යාල හා බොහෝ පාසල් වසා දමන ලදී. ගබඩා වසා දමන ලද අතර කර්මාන්ත ශාලා පවතින දිස්ති‍්‍රක්කවලට ප‍්‍රවේශ වීම වැලැක්වීමට වර්ජකයෝ මාර්ග බාධක ඉදිකලහ.

ගී‍්‍රක නය අර්බුදයට "විසඳුම” නිවේදනය කල දෙසැම්බර් 9දායින් පසුව ගත වූ සති හයේ නකරම සමස්ත පිරිවැටුම වාර්තා කරමින් දවස පුරා යුරෝපීය කොටස් මිල ගනන් ලුහුටා ගියේ ය. මී ලඟ ප‍්‍රධාන නය ගෙවීමේ දිනය වන මාර්තු 20 දින හෝ එදිනෙන් ක්ෂනික ඉක්බිත්තේ ගී‍්‍රසිය නය පැහැර හරිනු ඇතැයි මූල්‍ය වෙලඳපොලවල පුලුල් ව පැතිරුනු අපේක්ෂාවක් පවතින්නේ තක්සේරු කිරීමට දුෂ්කර විපාක ගෙන එමිනි.

ප‍්‍රතිඵල යුරෝපයෙන් බොහෝ ඈතට යනු ඇත. නිව් යෝක් ටයිම්ස් පුවත් පත "ජේපීමෝගන් චේස් හා ගෝල්ඩ්මන් සැක්ස් ඇතුලු ඇමරිකාවේ විශාලතම බැංකු පහක් ඉතාලියේ, ස්පාඤ්ඤයේ, අයර්ලන්තයේ හා ගී‍්‍රසියේ එනම් යුරෝ මුදල් කලාපයේ ආර්ථික වසයෙන් වඩාත් ම ආතති සහගත රටවල ඩොලර් බිලියන 80කට වැඩි හිමිකම් දරා සිටී...” යයි ඉරිදා වාර්තා කලේ ය.

යුරෝපීය රාජ්‍ය නය මත අලාභයන්ට එරෙහිව ආරක්ෂා වීමට බැංකු පහ ම 2008 අවමුඛ උකස් අර්බුදය ධාවනය කලා වූ මූල්‍ය උපක‍්‍රමය වන නය පැහැර හැරීම් හුවමාරු භාවිතා කොට තිබේ යයි ටයිම්ස් සඳහන් කලේ ය. එවැනි ව්‍යුත්පන්නයන්ගේ අස්ථායීකාරක භූමිකාව යලි ඉස්මතු වීම වලක්වන්නේ යයි යලි යලිත් සහතික වී ඇතත් "ජාත්‍යන්තර බේරුම්කාර බැංකුව සඳහන් කරන පරිදි කේන්ද්‍රීය වසයෙන් නය බරින් මුදාහැර ඇත්තේ ඩොලර් ටි‍්‍රලියන 29.6ක නය පැහැර හැරීමේ හුවමාරුවලින් සියයට 9.4ක් පමනක්” යයි ලිපිය අවධානයට ලක් කලේ ය.

වෙනත් වචනවලින් කියතොත් නය පැහැර හැරීමේ හුවමාරු හා අනෙකුත් ව්‍යුත්පන්නයන් තොගයක් කිසිදු මූල්‍ය පරිපාලනයකට ඔබ්බෙන් පිහිටයි. මෙම ගනුදෙනු එලිමහනට එනු ඇත්තේ 2008 දී ඇමරිකන් ඉන්ටර්නැෂනල් ගෲප් නමැති යෝධ රක්ෂන සමාගම කලාක් මෙන් හුවමාරුවේ නිරත එක් හෝ තවත් පාර්ශවයක් එහි වගකීම් හා අතපසුකිරීම් කරා ලඟාවීමට අපොහොසත් වූ විට යි.

Share this article: