යුරෝපා සම්මේලනය දැඩි පටිතද කිරීමේ වැඩ පිලිවෙලක් සඳහා වන ජර්මානු සැලසුමට එකඟතාව පල කරයි

EU summit agrees to German plan for austerity straitjacket

By Stefan Steinberg, 1 February 2012

උග්‍ර කප්පාදු කිරීමේ පිලිවෙත් පියවර ගනනාවක් ක්‍රියාවට දැමීමට මහද්වීපය පුරා ආන්ඩුවලට බල කරනන්නා‍වූ නිර්දේශ මාලාවක් සඳහා ජර්මානු ආන්ඩුව ඉදිරිපත් කල සැලසුමකට පසුගිය 30 වෙනි දින සවස බ්‍රසල්ස්හි දී නිමාවට පත් වූ යුරෝපියානු සංගම් සමුලුව එකඟ විය.

සැලස්මට අනුව, යුරෝ කලාපයේ රටවල් 17ක් ම ආන්ඩුවල නය වෙත දැඩි සීමා පනවමින් ඔවුන්ගේ ව්‍යවස්ථාවන් තුලට ඊනියා "නය පාලනය කිරීමක්” අන්තර්ගත කිරීමට ඉල්ලා සිටිනු ඇත. පොදු යුරෝපීය මුදල් ඒකකය භාවිතා නො කරන සාමාජික රටවල් 10ට නය විරාමය සම්මත කරගැනීමේ විකල්පය පවතී.

ගැඹුරු වන සමාජ අර්බුදය මූල්‍යමය පියවරයන් ඔස්සේ ලිහිල් කිරීමේ ශක්‍යතාව ආන්ඩුවලට අවශ්‍යයෙන්ම අහිමි ‍ෙක‍ෙරනු ඇත. ඒ වෙනුවට සිදු වනු ඇත්තේ බැංකු වෙත ඇති ඔවුන්ගේ නය යලි පියවීම සහතික කිරීම පිනිස අයවැය හිඟයන් අඩු කිරීමේ දරුනු පියවරයන් ගැනීමට ඔවුන්ට බල කිරීම යි. සුභසාධනවලට වෙන් කරන ප්‍රතිපාදන, අධ්‍යාපනය, නිවාස, යටිතල පහසුකම්, රාජ්‍යය සේවයේ සේවා නියුක්තිය, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍යාරක්ෂනය යනාදිය මත කෙරෙන වියදම් කපා හැරීම මූලික වසයෙන්ම මෙම පියවරවලට අයත් වෙනු ඇත.

සැලස්මේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය අවධාරනය කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සඳහන් කලේ, “නය, බැංකු බැඳ දමා සදහට ම සප්‍රමාන කරනු ඇති” බව හා “ඒවා පාර්ලිමේන්තු බහුතරයක් හරහා කිසිදා වෙනස් කල නො හැකි වනු ඇති” බව යි.

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (සීඩීයූ) හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) යන දෙපක්ෂයෙන් සමන්විත ජර්මානු මහා සන්ධාන ආන්ඩුව විසින් නය අවහිර කිරීම ප්‍රථමවරට 2009 වසරේදී ජාතික මට්ටමෙන් හඳුන්වා දුන්නේ ය. එය එකල ජර්මානු බුන්ඩෙස් බැංකුව උත්කර්ෂයට නැංවුයේ “අතිශයින්ම කාලෝචිත වර්ධනයක්” ලෙසින් ය.

නය සීමා කිරීමට අතිරේකව, නිසි කාල සීමාවේ දී තමන්ගේ නය ගෙවීමට අසමත් වන රටවල් යුරෝපියානු නීති උසාවිය මඟින් පනවනු ඇති දන්ඩනකාරී සම්බාධකවලට යටත් කල යුතුය යන ජර්මානු යෝජනාවකට යුරෝපීය සම්මේලනය එකඟ විය. එවැනි යාන්ත්‍රනයක් ජාත්‍යන්තර බැංකු හා මූල්‍යමය ආයතනවල ඉල්ලීම් අතර ප්‍රමුඛ වේ.

තමන් ගිවිසුමට අත්සන් නොකරනු ඇති බවට එක්සත් රාජධානිය හා චෙක් සමූහාන්ඩුව යන රටවල් දෙක සඳහන් කලේය. එසේම, පොදු පටිතද කිරීම් වැඩ සටහනක ප්‍රතිපත්තියට ඔවුන් නො එකඟ නො වන බව දෙරටේ ම නායකයෝ පැහැදිලි කලහ.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, තමන්ගේ නය ගෙවා ගත නොහැකි රටවලට දඬුවම් කිරීමට යුරෝපියානු නීති උසාවිය යොදා ගැනීම කෙරෙහි පසුගිය දෙසැම්බරයේ දී ඔහු මුලින් දැක්වූ විරුද්ධත්වය අත් හැර දැමීය. එම පියවරට එරෙහිව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව චෙක් අගමැතිවරයා සඳහන් කලේ ය. සමස්ත යුරෝපීය සාමාජිකයන් 27 දෙනා වෙනුවට වඩ වඩාත් වේගයෙන් යුරෝ කලාපයේ ප්‍රධාන රටවල් 17 කන්ඩායම විසින් යුරෝපියානු පිලිවෙත තීන්දු කරනු ඇත යන්න ඔහුගේ බිය හේතුව වී තිබේ.

මූල්‍යමය උත්තේජන වැඩ පිලිවෙලවල් හා රැකියා නිර්මානය සඳහා සැලකිය යුතු මුදල් යෙදවීමක් පොරොන්දු වූ යුරෝපියානු නායකයින් විසින් ප්‍රචාරක මෙහෙයුමක් සම්මේලනයට පෙරාතුව සිදු කර තිබින. මහද්වීපය පුරා විරැකියාව යුරෝව හඳුන්වා දුන් තැන් පටන් එහි ඉහලම අගය වෙත ප්‍රවේශ වී ඇතැයි එය සඳුදා නිවේදනය කරනු ලැබීය.

පූර්වයෙන් වියදම් නොකල අරමුදල්වලින් යුරෝ බිලියන 82ක් පමනක් බෙදා හැරීමේ නොපැහැදිලි යෝජනාවකට සම්මේලනයට සහාභාගි වූවන් එකඟ විය. ඒ, තම ශ්‍රම වෙලඳපොලවල්වල පරිපාලන නීති රීති ඉවත් කිරීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ජාතික ආන්ඩු සඳහා හිලව්වක් වසයෙනි.

ග්‍රීසිය සඳහා අයවැය පිලිවෙත් හා රටේ මුල්‍ය කටයුතු පිලිබඳ කොන්දේසි පරිපාලනය කිරීමට බලය සහිත පිටස්තර “අයවැය කොමසාරිස්වරයෙක්” පත් කිරීම පිලිබඳ ජර්මානු යෝජනාවක් පසුගිය සිකුරාදා මාධ්‍යයට කාන්දු වීමත් සමඟ ම ඒ ගැන උනුසුම් වාද විවාදවලින් සම්මේලනයට පූර්ව කාලය සමන්විත වී පැවැතුනි. දෙවන ලෝක යුද සමයේ නාසි ආක්‍රමනය පිලිබඳ සිහි කැඳවමින් ද ග්‍රීසියේ පිලිවෙත් පාලනය කිරීමට ජර්මානු ගෝලියත් කෙනෙක් ස්ථාපනය කිරීමට යෝජනාව සමාන කරමින් ද ග්‍රීක පුවත්පත් හා දේශපාලනඥයෝ එම යෝජනාව හෙලා දුටුවෝ ය.

අඟහරුවාදා ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවැකියක් ජර්මානු යෝජනාවේ වැදගත්කම නොසලකා හැරියේ, පිලිවෙත් පාලනය කිරීමේ බලතල දැනටමත් යුරෝපියානු සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) හා යුරෝපියානු මධ්‍යම බැංකුව (ඊසීබී) වෙත ඇතැයි යන්න අවධාරනය කරමිනි. “ඇතැන්ස්හි බදු හා රාජ්‍ය වියදම් පිලිබඳ තීන්දු අධිතීරනය කිරීමට බලය සහිත යුරෝපීය බලධරයෙකු පත් කිරීමේ” බර්ලින් පිලිවෙත “ග්‍රීසියේ නිල නය සම්පාදකයන් වසයෙන්” “තුන් බෑයන් දැනටමත් බුක්ති විඳින බලයට වඩා බෙහෙවින් ම වෙනස් වනු ඇතැයි යන්න පැහැදිලි නැත,” එය ලියුවේ ය.

සම්මේලනයේ දී මෙම යෝජනාව ඉදිරිපත් කෙ‍රුනේ නැත. කෙසේවෙතත්, බාහිර අයවැය බලධරයෙකු පිලිබඳ ප්‍රතික්ෂේප කිරීමේ අර්ථය ග්‍රීසිය කොක්කෙන් ගලවා ඇරීම යන්න නොවෙන බව යුරෝපියානු නායකයෝ පැහැදිලි කලහ. සම්මේලනය පැවැති දිනයේදී ම වෝල්ස්ට්‍රීට් ජනලය ජර්මානු මුදල් ඇමැති වුල්ෆ්ගැන්ග් ෂොයිබ්ලගේ සම්මුඛ සාකච්ඡාවක් පල කලේ ය. එහි දී ඔහු අනතුරු ඇඟවුයේ, ග්‍රීසිය නය යලි ගෙවීම සඳහා බැංකු සමඟ ඇති ගිවිසුම් සම්පූර්න නොකරන්නේ නම් හා කප්පාදු පියවරයන් උත්සන්න නො කරන්නේ නම් ග්‍රීසිය සඳහා නව ඇප බැඳීම් පැකේජකයක් යුරෝපානු සංගමය විසින් අත් හිටවනු ඇති බවයි.

බ්‍රසල්ස්හි නිල රැස්වීම් කටයුතුවලින් අනතුරුව පැවැති වෙනත් රැස්වීමක දී මෙම පනිවුඩය ම යුරෝපියානු සංගමය හා ඊසීබී නිලධාරීන් කන්ඩායමක් විසින් ග්‍රීක අගමැති ලුකාස් පැපඩමොස් වෙත නිකුත් කලේ ය.

යුරෝපියානු සම්මේලනයෙන් අනතුරුව, බැංකු හා මූල්‍යමය ආයතන යුරෝපය මත ඔවුන්ගේ පීඩනය වැඩි කලේ, මූල්‍යමය ආයතන වෙතට අඩු පොලී නය පොම්ප කරන ලෙසත් ඔවුන්ගේ රාජ්‍ය නය භාරයන්වලට ඇප වීමට තවත් මුදල් බෙදා හරින ලෙසත් බල කරමිනි. පසුගිය දෙසැම්බරයේ දී බැංකුවලට අඩු-වියදම් නය යුරෝ ට්‍රිලියන භාගයක් බෙදා හැරි යුරෝපා මහ බැංකුව එලැඹෙන මාසයේ දී අමතර නයවලින් අවම වසයෙන් යුරෝ ට්‍රිලියනයක අහඹු ලාභයක් වැඩි කර ගනු ඇතැයි අපේක්ෂිත ය.

Share this article: