බැංකු දැඩි වැටුප් හා සමාජ ‍සේවා කප්පාදු ඉල්ලන අතර ග්‍රීක පක්ෂ රැස්වෙති

Greek parties in talks as banks demand deep wage, social cuts

By Alex Lantier, 9 February 2012

වැටුප් හා සමාජ වියදම්වල දැඩි කප්පාදු සඳහා වන යුරෝපා මූල්‍ය අධිකාරයන්ගේ නව ඉල්ලීම් සාකච්ඡා කිරීමට ග්‍රීක සභාගයේ දේශපාලන පක්ෂ තුනේ නායකයෝ ඊ‍යේ හමුවූහ.

අගමැති ලූකස් පපඩමෝස් යුරෝපීය මූල්‍ය අධිකාරීන් විසින් ඉල්ලන සමාජ වියදම් කප්පාදු වැඩසටහනක මාවත සකස් කිරීමට උත්සාහ ගත් අතර ග්‍රීක සභාගයේ දේශපාලන පක්ෂ තුනේ නායකයින් අතර සාකච්ඡා එකඟත්වයකින් ‍තොරව අවසන් වුනි.

ත්‍රිත්වය, එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා කොමිසම හා යුරෝපීය මහබැංකුව කම්කරු පන්තිය මත නව ප්‍රහාරයන් ඇරඹීමට ග්‍රීසියට බල කිරීම මධ්‍යයේ රැස්වීම පැවත්වුනි. යුරෝපීය නිලධාරීහු, ගිවිස ගත් යුරෝ බිලියන 130ක ඇපයක යුරෝ බිලියන 89ක කොටස් මුදල ගෙවීමට වූ පොරුන්දු අත්හැර දැමී ය. මාර්තු 20වෙනිදාට නියමිත යුරෝ බිලියන 14ක නය ගෙවීම මත ගෙවීම් පැහැර හැරීම වැලැක්වීමට ග්‍රීසියට ආරම්භක ‍ගෙවීම අවශ්‍ය ය; මෙය යු‍රෝ බිලියන 30කට පමනක් සීමා වනු ඇත.

දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ(එන්ඩී) ඇන්ටෝනිස් සමරාස්, පැසිස්ට්වාදී ලාඕස් පක්ෂයේ ජෝජියස් කරට්සා‍ෆේරිස් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂයේ හිටපු අගමැති ජෝජිඕස් පපන්ඩ්‍රියෝ ප.ව.5.00ට ග්‍රීක අගමැතිගේ නිල නිවස වන මැක්ෂිමෝස් මැන්සන් වෙතට පැමිනියහ. සාකච්ඡා සන්ධ්‍යාවේ අවසානය දක්වා ඇදුනි. බ්‍රසල්ස්හි යුරෝපා සංගම් මුදල් ඇතිවරුන්ගේ සාකච්ඡාවක් අද දවසේ කැඳවීමට ලක්ෂම්බර්ග් මුදල් ඇමති ජීන් ක්‍‍ලෝඩ් ජුන්කර් ඇමතීම සඳහා පපඩමෝස් කෙටි‍ ‍වෙලාවක් රැස්වීම නතර කලේ ය.

දුරකතන ඇමතීම විය හැකි එකඟත්වයක් ඇඟ වී යැයි මූල්‍ය මාධ්‍ය මුලින් ප්‍රකාශ කලේ ය. කෙසේ නමුත්, එන්ඩී හා ලාඕස් පක්ෂයේ විරුද්ධත්වය නිසා එකඟත්වයකට පැමිනි තිබුනේ නැත යන්න වහා ම පැහදිලි විය.

2012 ආන්ඩුවේ වියදම්වලින් යුරෝ බිලියන 3.2ක් කැපීමට අමතරව ඉල්ලීම්වලට මේවා ඇතුලත් ය: එරට යුරෝ 750ක අවම වැටුප සියයට 20කින් කප්පාදු කිරීම; “පරිපූරක” විශ්‍රාම වැටුප්වල සියයට 15 සිට 35 දක්වා කැපීමක් හා රාජ්‍ය අංශයේ රැකියා 15,00ක් කැපීම.

ජාත්‍යන්තර මූල්‍ය බලධාරීන් ඇතන්ස් සමග ඔවුන් ඇති කර ගත් ගිවිසුම සූරා දමමින් සිටියත් ග්‍රීක ආන්ඩුව බැංකුවලට ඇති තම නය පැහර නොහැරිය යුතු ය යන පො‍රොන්දුව ද ගිවිසුමට ඇතුලත් වනු ඇත. එවැනි යෝජනා ග්‍රීසිය එහි ස්වාධිපත්‍යයෙන් ඉවත් කිරීම ද එය යුරෝපීය සංගම‍යේ යටත් විජිතයක තත්වයට පහල දැමීම ද ආධ්‍යහාර කර යි.

සාකච්ඡාවේ වැඩි පංගුව සියයට 15ක කප්පාදුවක් සඳහා පෝලිමේ තිබී ඇති පරිපුරක විශ්‍රාම වැටුප් පිලිබඳ කාරනය මත කේන්‍ද්‍රගත වී තිබිනැ යි පවසමින් රැස්වීමෙන් ඉවත්ව යන විට කරට්සා‍ෆේරිස් සම්මුඛ සාකච්ඡාවකට එකඟ වුනි. “මුලින් ම මම මගේ ස්ථාවරය පැහදිලි කලා...මෙම කාරනය(විශ්‍රාම වැටුප්) උඩ සමරාස්ට සහාය දෙන්න යි මට ඕනෑ” .

ග්‍රීක මහජනතාව මත ඉතාමත් හොඳින් ආර්ථික අර්බුද‍යේ බර පටවන්නේ කෙසේ ද යන්න මත ග්‍රීක ධනේශ්වරයේ බෙදීම් තීව්‍රවීම මධ්‍ය‍ෙය් පලමු දවසේ සාකච්ඡාවල බිඳවැටීම කප්පාදු සඳහා මූල්‍ය වෙලඳපොලේ හා යුරෝපීය බලධාරීන්ගේ වැඩි ඉල්ලීම් කරා මහෙය වනු ඇත. අඟහරුවාදා එක් දින මහා වැඩවර්ජනය හා ග්‍රීසි‍යේ සම්ප්‍රදායානුකූල පක්ෂවල ආන්ඩු‍ව සඳහා සහයෝග‍යේ ඇද වැටීම ද ඇතුලත් මහජන විරෝධ‍යේ ඇඟවීම් මධ්‍යයේ ‍ත්‍රෛ පාක්ෂික සාකච්ඡා බිඳවැටීම සිදුවිය.

ඊ‍යේ ප්‍රසිද්ධ කල කත‍මෙ‍රෙනි-ස්කයි රූපවාහිනී මත විමසීමක් වර්තමාන ආන්ඩු‍වේ ප්‍රධාන පක්ෂය වන පැ‍සොක් පක්ෂය සඳහා සහ‍යෝගය හුදු සියයට 8 දක්වා වැටී ඇති බව අනාවරනය ක‍ලේ ය. එන්ඩී මත විමසුමක් එය හුදු සියයට 31ක් යයි හඳුනා ගත්තේ ය.‍ කෙ‍සේ නමුත්, පැ‍සොක් පක්ෂ‍යේ සහ‍යෝග‍යේ වැටීම විශාල වශ‍යෙන් සුලු ධ‍නේශ්වර “වාම ” පක්ෂවලට වාසි ‍ගෙන දුන්නේ ය. (බලන්න: “Greece: What is behind the right wing-split from SYRIZA?”) මෙයින් ඇඟවුම් කෙරෙන්නේ සමස්ත මැතිවරන ප්‍රදේශවල සහාය දල වශයෙන් සියයට 43ක් බවය.

ස්ටැලින්වාදී ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය සියයට 12.5ක කැමත්ත ද, සිරිසා පක්ෂය සියයට 12ක කැමත්ත ද ලබා ගත්හ. 2010 දී සිරිසා පක්ෂ‍යෙන් කැඩී ගිය පුනරාරම්භ පාර්ශ්ව‍යෙන් පැවත එන හා මෑත දී පිහිට වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 18ක කැමත්ත ලබා ගත්තේ ය.

සත්තකින් ම මෙම සංවිධාන, පැ‍සොක් පක්ෂයට හා එහි සමාජ වියදම් කැපීමට එ‍රෙහිව ව‍මේ විකල්පයක් ‍සොයන ග්‍රීක මහජනතාව‍‍ගේ ගැඹුරු ‍ ‍ක්‍රෝධ‍යට උරුමකම් කිව ‍නොහැකි ප්‍රතිලාභීහු ‍වෙති. කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී වම, කේ‍කේඊ හා සිරිසා පක්ෂය තුල විකල්පයක් ‍සොයා ‍නොගනු ඇත. ඔවුහු අවුරුදු ගනනාවක් පපන්ඩ්‍රියෝට හා කප්පාදුවලට වූ කම්කරු පන්ති‍ වි‍රෝධ‍යේ හුස්ම හිරකිරීමට යොමුවුන ග්‍රීක වෘත්තීය සමිති නායකත්වය සමග ඔහු‍ගේ සාකච්ඡාවලට සහාය දුන්හ.

මහජන මත‍ය තුල ‍වෙනස්වීම් වෘත්තීය සමිති නිලධර‍යේ පාලන‍යෙන් පිට කම්කරු පන්තිය ආන්ඩුවට එ‍රෙහිව ‍දේශපාලන අරගලයකට තල්ලු කල හැකිය යන විශ්වාසය සමස්ථ ග්‍රීක පාලක ප්‍රභූව සමග ඔවුන් ද බිය වද්‍දනු ඇත.

කෙ‍සේ නමුත්, එවැනි විප්ලවයක් සඳහා වන ‍වෛෂයික තත්වයන් අවුරු තුනක පැ‍සොක් පාලනය අතරතුර දී සූදානම් ‍කෙරී ඇත, ‍ මෙම කාලයේ දී පැ‍සොක් ආන්ඩුව, වෘත්තීය සමිති සහාය ඇතුව බැංකු විසින් බල කල ග්‍රීක කම්කරු පන්තිය සුදුමැලිවීමට තරම් ‍ලේ හලා ඇති සමාජ වියදම් කප්පාදු පැටවී‍මේ දී ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු ක‍ලේ ය.

මැයි මාස‍යේ දී සියයට 6.6 සිට වර්තමානය වන විට සියයට 18.8 දක්වා විරැකියාව ඉහල ‍ගොස් ඇත. තරුන විරැකියාව දැන් සියයට 40ට ඉහල ය.රාජ්‍ය අංශ‍යේ කම්කරුවන් සියයට 40ක වැටුප් කප්පාදු ලබා ඇති අතර අ‍ලෙවි බදු සියයට 23ට නැග ඇත..

ග්‍රීසිය තුල සමාජ තත්ව‍යෝ භයානක පරිහානියක් අත්විඳිති. ඇතන්ස් හා ‍තෙස‍‍ලෝනිකී යන විශාලතම නගර ‍දෙක තුල ‍කේන්ද්‍රගත නිවාස ‍නොමැතිකම අර්බුද‍යේ පිපිරී‍මේ සිට අඩු වශ‍යෙන් සියයට 23කින් ඉහල ‍ගොස් ඇත. ග්‍රීක නිවාස හිමියන්ගෙන් භාගයකට ඔවුන්ගේ නිවාස මත පනවා ඇති නව, ඉහල දැමු ‍දේපල බදු ‍ගෙවා ගත ‍නොහැකි වනු ඇති අතර මහජනයාට වැඩිවැඩියෙන් විදුලිය හා අ‍නෙකුත් මූලික උප‍යෝගයන් දරා ගත ‍නොහැකි වී ඇත.

වෛද්‍ය රැකවරනය මත බලපෑම වි‍ශේෂ‍යෙන් ම කටුක වී ඇත. වෙලුම් පටි හා සිරින්ජර් ඇතුලු මුලික සැපයුම්වල හිඟයක් ඇති කරමින් ‍රෝහල් වියදම් සියයට 40කින් අඩු කර තිබුන ද ‍රෝහල් ගතවීම සියයට 25කින් වැඩි වී ඇත. මීට ‍පෙර ප්‍රධාන වශ‍යෙන් සංක්‍රමනික කම්කරුවන්ට සත්කාර කල වීදි සායන පාවිච්චි කරන සංඛ්‍යාව අර්බුද‍‍යේ පිපිරී‍මේ සිට සියයට 3 සිට සියයට 30 දක්වා ඉහල ‍ගොස් ඇත.මහජනයාට තවදුරටත් ‍පෞද්ගලික සායන දැරිය ‍නොහැකිවීම ‍මෙයට ‍හේතු ය.

අන්තර්ශිරා මත්ද්‍රව්‍ය හා ගනිකා වෘත්තිය පැතිරීමත් සමග එච්අයිවී ආසාදිත අනුපාතය සියයට 50කින් වැඩි වී ඇත.

ලෝක ප‍රෝපාකාර‍‍යේ වෛද්‍යවරු නම් සංවිධාන‍යේ නිකිටාස් ක‍නේකිස්, ඔහු ඇතන්ස‍්හි “මානව හිතවාද‍යේ මහා විනාශයක් ” පිලිබඳ බියකින් පසු‍වෙන බව එම්එස්එන්බීසී සේවයට කීවේ ය: “අපි තුන්වන ‍ලෝක‍යේ විශාල නගරවල දකින සියලු ලක්ෂන අපට ඇත: නිවාස නැති මිනිසුන්, සාගින්නෙන්පෙලෙන මිනිසුන් හා ‍දොස්තරලා හා ‍බෙහෙත් ‍සොයන මිනිසුන් ”

එ‍සේ වුව ද, යු‍රෝපා සංගමය හා බැංකු අලුත් කල ප්‍රහාරයක් සඳහා බලපෑම් කරමින් සිටිති. මීට ‍පෙර කප්පාදු පියවර වටයන්ට වඩා වැඩි‍යෙන් කිසිවක් ග්‍රීසි‍යේ නය බරින් තුරන් ‍නොකර වර්තමාන පියවර ග්‍රීක ආර්ථික‍යේ ඇද වැටීම තීව්‍ර කරනු ඇත.

ත්‍රිත්වය එය දනී, පසුගිය වස‍රේ සියයට 5කින් හැකිලුනාට පසු ග්‍රීක ආර්ථිකය නැවත වතාවක් සියයට 4 සිට 5 දක්වා හැකි‍ලෙනු ඇත. මහජන උප‍යෝගී සමාගම්, වරාය හා ගුවන් ‍තොටුපල සහනයන් ඇතුලු ග්‍රීක රාජ්‍ය සම්පත් විකිනී‍මෙන් අරමුදල් ‍ගොඩ නැගී‍මේ උත්සාහය බලා‍පො‍රොත්තු වූ යු‍රෝ බිලියන 50 ‍වෙනුවට ‍මේ වන විට එකතු කර ගෙන ති‍බෙනු‍යේ යුරෝ බිලියන 1.8ක් පමනි.

ඔවුන් ග්‍රීක නය මත කොතරම් පාඩුවක් පිලිගන්නේ ද යන්න ඇතන්ස් සමග සාකච්ඡා කරමින් සිටින පෞද්ගලික නය ‍දෙන්නන් හා ඇතන්ස් අතර අවසාන සාකච්ඡා පැරීසි‍යේ දී පැවත්වීමට නියමිත ය. ඔවුන් නව තිස් අවුරුදු ග්‍රීක නය මත සියයට 3.6ක සාමාන්‍ය ‍පොලී අනුපාතයක් පිලිගන්නවා ඇත යි වාර්තා ඉඟි ක‍ලේ ය.‍‍ කෙ‍සේ නමුත්, ග්‍රීක නයවලින් සියයට 70ක් අඩු කිරීම සහිතව පවා එහි වගකීම් ඉටු කිරීමට එරටට ‍නොහැකි වනු ඇත යි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් මූල්‍ය ‍ශ්‍රේනි කිරීම් ආයතනය ඊ‍යේ අනතුරු ඇගවී ය.

ග්‍රීක රාජ්‍ය බැඳුම්කරවල තම ‍කොටස් මත යු‍රෝපා මහබැංකුව ප්‍රතිශතයක් ගැනීම සම්බන්ධ‍යෙන් විරුද්ධත්වයක් , විශේෂ‍යෙන් ම ජර්මනි‍යෙන්, තවමත් පවතී. යු‍රෝපා මහබැංකුව එහි ග්‍රීක නය කොටස්වල වටිනාක‍මෙන් අඩු කිරීමක් පිලිගන්නේත් ‍නැතිව ශඛ්‍ය ගන‍දෙනුවක් අපහසු බව මූල්‍ය විශ්‍ලේෂකයෝ කියති. ‍

රොයිටර් පුවත් ‍සේවය ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආතන‍යේ විශ්ලේෂකයකු වන ෆ්‍රෑනක් ගිල් උපුටා දැක් වී ය: “ ආ‍යෝජකයන් කුඩා උපසංරචකයක් පමනක් ඇත්තටම අඩුකිරීමක් කරන අතර නිල අංශය එ‍සේ ‍නොකරති, හෝ පාර්ශ්වීයව කරති...අඩුකිරීම සහති‍කෙන් ම අප්‍රමානවත් ය”.

Share this article: