සුසාන් ජී. කොමන් පදනමේ ඛේදවාචකය සහ එක්සත් ජනපද සංස්ථාපිතය

The Susan G. Komen Foundation debacle and the US establishment

4 February 2012

සැලසුම්ගත මාතෘත්වය ආයතනයට ලබා දෙන සිය මූල්‍ය සම්පාදන කපා හරින බවට සුසාන් ජී. කොමන් පදනම මේ සතියේ කල නිවේදනය පෙරලා මහජන ප‍්‍රතිරෝධයක් අවුලූවා ඇත්තේ, ලක්ෂ සංඛ්‍යාත ජනයා සමාජ ජාල වෙබ් අඩවි හරහා සිය කෝපය ප‍්‍රකාශ කරමිනි. කොමන් සිකුරාදා සිය තීන්දුව හිටි අඩියේ ම අවලංගු කර ඇතත්, ඒ වන විට, එහි පියවර මගින් මෙම අනුග‍්‍රහ කන්ඩායම අන්ත-දක්ෂිනාංශික, ආගමික බලවේගවලට සිය යටත් වීම එලිදරව් කොට හමාරය.

වසර බොහෝ ගනනාවක් තිස්සේ කොමන් පදනම සැලසුම්ගත මාතෘත්වය ආයතනයට අරමුදල් සපයා ඇත. 2011 දී ඩොලර් 700,000ක මුදලක් ලබා දුනි. අරමුදල් කප්පාදුව සැලසුම්ගත මාතෘත්වය ආයතනයේ දහස් සංඛ්‍යාත රෝගීන්ට, බොහෝ සෙයින් අඩු ආදායම්ලාභී හා දුගී රෝගීන්ට, පියයුරු පිලිකා පරීක්ෂන පහසුකම් අහිමි කල හැකිව තිබුනි. මෙම සංවිධානය එක්සත් ජනපදයේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට එවන් පරීක්ෂන පහසුකම් හා ප‍්‍රජනන සෙෘඛ්‍ය සේවා සම්පාදනය කරයි. කොමන් පදනමේ අරමුදල් නතර කිරීම රෝග විනිශ්ච්‍යය පහසුකම් අහිමි වීම, රෝගවලින් පීඩා විදීම හා මරනය කරා අනිවාර්්‍යයෙන් ම තුඩු දිය හැකිව තිබුනි.

අරමුදල් කප්පාදු කිරීමට පදනම ගත් තීන්දුව දේශපාලනිකව පේ‍්‍රරනය වූවක් ය යන කරුන මෙමගින් වඩාත් එලිමහනට පැමින තිබේ. මහජන වෛරයේ හා අභ්‍යන්තර විරුද්ධත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස සිය තීන්දුව ආපසු හැරවීම තිබිය දී ම, නව-ෆැසිස්ට්වාදී ඔල්මාදකාරයන්ට හා ගබ්සා-විරෝධී උන්මන්තකයන්ට මෙම සංවිධානයේ යටත් වීම, මෙම සංඛ්‍යාත්මකව කුඩා බලවේගවලට ඇමරිකානු සමාජ හා දේශපාලනික ජීවිතය තුල අස්වාභාවිකව පමන ඉක්ම වූ ආනුභාවයක් පවතින බව පෙන්නුම් කරයි.

සුසාන් ජී. පදනම මෙහෙයවනු ලබන්නේ, ඩිමොක‍්‍රැටික් පක්ෂයට සම්බන්ධිත ලිබරල්වාදීන් විසින් නොව, වත්මන් දේශපාලන වර්නාවලියේ සන්දර්භය තුල ”මධ්‍යස්ථ මතධාරීන්” ලෙස සැලකෙනු ඇති රිපබ්ලිකන්වරු විසිනි. එහෙත් එහි අපකීර්තිමත් කි‍්‍රයාව දේශපාලන, මාධ්‍ය හා සංස්කෘතික සංස්ථාපිතය තුල පවත්නා අන්ත දක්ෂිනාංශය ඉදිරියේ බියෙන් හැකිලීමේ පොදු ප‍්‍රවනතාවක් සංලක්ෂිත කරයි.

මේ පිලිබඳ ප‍්‍රවෘත්තිය බදාදා ප‍්‍රථම වතාවට එලිමහනට පැමිනීමෙන් පසුව, කොමන් පදනමේ නිර්මාතෘ නැන්සි බි‍්‍රන්කර්, අරමුදල් කප්පාදුව කිසිදු ආකාරයක දේශපාලනික පේ‍්‍රරනය වූ තීන්දුවක් නොවන බවට, කොහෙත්ම විශ්වාස කල නොහැකි, කියාපෑමක් කලාය. කොමන් පදනමේ සභාපති එලිසෙබත් තොම්ප්සන් බ‍්‍රහස්පතින්දා වාර්තාකරුවන්ට පැවසුවේ, පදනමේ කි‍්‍රයා, කොංග‍්‍රස් මන්ඩලය තුල දැන් සිදු වන සැලසුම්ගත මාතෘත්වය පිලිබඳ විමර්ශනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවයි. ගබ්සා-විරෝධී උන්මන්තකයකු වන ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ රිපබ්ලිකන් මන්තී‍්‍ර ක්ලිෆ් ස්ටියර්න්ස්, සැලසුම්ගත මාතෘත්වය ආයතනයට එරෙහිව දඩයමක් දියත් කර තිබේ. එය වනාහි, ප‍්‍රතිගාමී හයිඞ් සංශෝධනය යටතේ තහනම් කර ඇති, ගබ්සා සඳහා ගෙවීම් කරනු පිනිස සැලසුම්ගත මාතෘත්වය ෆෙඩරල් අරමුදල් යොදා ගන්නා බව ඔප්පු කිරීමෙන් එම ආයතනයට ලැබෙන අරමුදල් අහිමි කිරීමේ ප‍්‍රයත්නයකි.

පදනමේ කි‍්‍රයා ස්ටියර්න්ස් විමර්ශනයට සෘජු සම්බන්ධයක් පවතිනවා පමනක් නොව, රජයේ ආයතනයක නිල විමර්ශනයකට යටත්ව පවතින මොන යම් හෝ සංවිධානයකට අරමුදල් ලබා දීම තහනම් කරමින් කොමන් පදනමේ අධ්‍යක්ෂ මන්ඩලය සිය ප‍්‍රතිපාදන නීති රීති යලි ලියා ඇති බව ද දැන් පැහැදිලිය. කොමන් පදනමේ කලමනාකරනය සමග සම්බන්ධ මූලාශ‍්‍රයක් ඇට්ලැන්ටික් පත‍්‍රයේ ජෙෆ්රි ගෝල්ඞ්බර්ග් සමග මෙසේ පැවසීය: ”එය මුලූමනින්ම අත්තනෝමතික කි‍්‍රයාවකි. ඔවුන් මෙම සුවිශේෂී නීතිය ගෙන ආවේ නැතිනම්, ඔවුන් සැලසුම්ගත මාතෘත්වය සංවිධානයෙන් තමන් වෙන් වී ගැනීම පිනිස වෙනත් යමක් ගෙන එනු ඇත.”

කොමන් අධ්‍යක්ෂ මන්ඩලයේ දක්ෂිනාංශික මාරුවට යතුර වූයේ 2011 අපේ‍්‍රල් මස එහි මහජන පිලිවෙත පිලිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කරෙන් හැන්ඩෙල් බදවා ගැනීමයි. හැන්ඩෙල්, රේගන් පාලනාධිකාරය දක්වා අතීතයට දිවෙන සබදතා සහිත, දිගුකාලීන රිපබ්ලිකන් පක්ෂ කි‍්‍රයාකාරිකයෙක් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්හි විරුද්ධවාදියෙකි. 2006 සිට 2009 දක්වා ජෝර්ජියා ප‍්‍රාන්ත ලේකම් ලෙස, ඇය, ඡන්දය දීමට පෙර ඡන්දදායකයන් ප‍්‍රාන්ත රාජ්‍යය මගින් නිකුත් කරන ලද ඡායාරූප සහිත හැඳුනුම්පත් ඉදිරිපත් කිරීම ද ඡුන්දය දීමට ලියාපදිංචි වන විට පුරවැසිකම සහතික කිරීම ද අනිවාර්්‍ය කරන නීති කි‍්‍රයාවට දමමින්, ඡුන්ද අයිතියට ප‍්‍රහාර එල්ල කලාය.

හැන්ඩෙල්, 2010 දී සාරා පලින්ගේ සහයෝගය ඇතිව, ජෝර්ජියා ආන්ඩුකාර තනතුරට කරට කර මැතිවරන තරඟයක යෙදී පරාජයට පත්වූවාය. එවක දී ඇය සිය මැතිවරන බ්ලොග් අඩවියේ මෙසේ ලිවීය: ”මා ජීවිතයට හිතැති බැවින්, . . . නොඉපදුනු සෑම දරුවෙකුට ම ආවේනික ගරුත්වයක් ඇති බවත් සෑම ගබ්සාවක් ම ඛේදවාචකයක් බවත්, ආගමික ප‍්‍රජාව සමග එක්ව, අතිශයින්ම අසීරු කොන්දේසි යටතේ පවා ජීවත් කරවීම තෝරාගැනීමට කාන්තාවන් දිරිගැන්වීමෙහි ලා, ආන්ඩුවට කාර්යභාරයක් ඇති බවත් මම විශ්වාස කරමි, මම සැලසුම්ගත මාතෘත්වය සංවිධානයේ පරමාර්ථයන්ට සහයෝගය නොදෙමි.”

හැන්ඩෙල් සුසාන් ජී. කොමන් පදනමේ තනතුර භාර ගත්තේ සැලසුම්ගත මාතෘත්වය සංවිධානය සමග පදනමට පවතින සම්බන්ධය බිඳදැමීමේ එල්ලය සහිතව බවටත්, තමන්ට ලැබෙන්නේ කුමක්ද යන වග කොමන් අධ්‍යක්ෂ මන්ඩලය නිසැකවම දැන සිටි බවටත් කිසිදු ගැටලූවක් නැත. කාන්තාවන්ගේ සෞඛ්‍යය නගා සිටුවීමට ප‍්‍රතිඥා දී ඇති සංවිධානයක මහජන පිලිවෙත පිලිබඳ කටයුතු මෙහෙයවීමට තෝරා ගෙන ඇත්තේ මොන තරම් කැපී පෙනෙන අයෙක්ද !

ගබ්සා-විරෝධී ධර්ම යුදවාදීන් සමග කොමන් පදනමේ සන්ධානය හැන්ඩෙල්ගෙන් නතර නොවුනි. ජීවිතය සඳහා එක්සත් ඇමරිකානුවෝ නම් සංවිධානය, සැලසුම්ගත මාතෘත්වය ආයතනයට ලබා දෙන ෆෙඩරල් අරමුදල් නතර කරන ලෙස කොංග‍්‍රස් මන්ඩලයට ආක‍්‍රමනිකශීලී ලෙස බල කර තිබේ. ”සැලසුම්ගත මාතෘත්වය විමර්ශනය සඳහා නඩුකරය” යන මැයෙන් යුක්ත එම සංවිධානයේ වාර්තාව, මෙම සෞඛ්‍ය සේවා සම්පාදක ආයතනය පිලිබඳව නියෝජිත මන්තී‍්‍ර මන්ඩලයේ බල ශක්ති හා වානිජ කමිටුවේ පරීක්ෂනයකට ද ස්ටියර්න්ස්ගේ විමර්ශනයට ද තුඩු දුනි. සැලසුම්ගත මාතෘත්වය ආයතනයට ලබා දෙන අරමුදල් නතර කිරීමේ යාන්ත‍්‍රනයක් ලෙස කොමන් පදනම එම විමර්ශනය ඩැහැගත්තේය.

කොමන් පදනමේ ඛේදවාචකය වනාහි, මෙම අන්ත-දක්ෂිනාංශික බලවේගවලට යටත් වීම පිලිබඳ, විශේෂයෙන් ම කාන්තා සෞඛ්‍යය සම්බන්ධ ක්ෂේත‍්‍රය තුල එසේ යටත් වීම පිලිබඳ, මෑතම සිද්ධිය පමනි. තරුන කාන්තාවන්ගේ සෞඛ්‍යයට පැහැදිලි ප‍්‍රහාරයක් එල්ල කරමින්, ඔබාමා පාලනාධිකාරය පසුගිය දෙසැම්බරයේ දී, කිසිදු වයස් සීමාවකින් තොරව හදිසි ගැබ්ගැනීම් වලක්වන ඖෂධ කෙලින්ම කවුන්ටරවලින් අලෙවි කිරීමට අවසර දෙමින් ආහාර සහ ඖෂධ පාලනාධිකාරය (එෆ්ඞීඒ) කල නිර්දේශයක් නිෂ්ප‍්‍රභා කලේය. එෆ්ඞීඒ නිර්දේශය බල රහිත කිරීමේ තීන්දුවට කිසිදු විද්‍යාත්මක පදනමක් නොතිබුනු අතර කාන්තා සෞඛ්‍යයේ පක්ෂවාදීන් හා වෛද්‍ය වෘත්තිකයන් විසින් එය හෙලා දකින ලදි. එය වනාහි ජනාධිපති ලෙස යලි තේරී පත්වීමේ ඔබාමාගේ ප‍්‍රයත්නය සඳහා ආගමික දක්ෂිනාංශය හා කතෝලික පල්ලිය තුල සහයෝගය ගොඩනගා ගනු පිනිස ගනන් බලා ගත් පියවරකි.

මෙම තීන්දුව ද සැලසුම්ගත මාතෘත්වය ආයතනයට ලබා දෙන අරමුදල් නතර කිරීමේ කොමන් පදනමේ තීන්දුව ද තුල, කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම්, සෞඛ්‍ය සේවාවන් ලබා දිය යුත්තේ කෙසේද හා කාහටද යන්න පිලිබඳ සාකච්ඡුාවක් තුල කිසිදු යුක්තියුක්ත තැනක් නැති විවෘත ආගමික අගතීන්ට හා අන්තවාදයන්ට යටත් කෙරෙයි. එහෙත් මෙහි ඇඟවුම් කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම්වලට හා සෞඛ්‍යයට එහා යයි. සමාජ පිලිවෙත පිලිබඳ මූලික ප‍්‍රශ්න ආගමික අගතීන් මගින් නියම කෙරෙයි නම්, සමාජයේ සියලූම ස්ථරයන්ගේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් අවදානමේ පවතී.

සැලසුම්ගත මාතෘත්වය ආයතනයට දෙන අරමුදල් කප්පාදු කිරීමේ කොමන් පදනමේ තීන්දුවට එරෙහි පුලූල්ව පැතිරුනු විරුද්ධත්වය පැහැදිලිවම එම සංවිධානය බලාපොරොත්තු නොවූ තත්වයකි. දින කිහිපයක් තුල, සැලසුම්ගත මාතෘත්වය ආයතනය, පුද්ගලයන් 6,000ක පමන ප‍්‍රමානයකින් මෙන්ම දේශපාලනඥයන් හා භාරකාර මන්ඩල ගනනාවකින් ඩොලර් 400,000කට වැඩි ප‍්‍රමානයක් එකතු කරගැනීමට සමත් විය.

විශේෂයෙන් ම දුප්පත් කාන්තාවන් මත ව්‍යසනකාරී බලපෑමක් ඇති කල හැකිව තිබුනු, අරමුදල් කප්පාදුව, බොහෝ දෙනා අතර මෙවන් මනෝගතියක් අවුලූවාලීය: දැන් හොදටම ඇති ! එම ප‍්‍රතිකි‍්‍රයාව වනාහි, මෙම දක්ෂිනාංශික කොටස් ඉදිරියේ දේශපාලන සංස්ථාපිතයේ දනින් වැටීම තිබිය දී ම, ඔවුන්ගේ දේශපාලනයට පවතින මහජන සහයෝගය ඉතා අවම බවත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධ වීමේ වැඩෙන අධිෂ්ඨානයක් ඇති බවත් පිලිබඳ දර්ශකයකි.

කොමන් පදනම මෙම ප‍්‍රතිකි‍්‍රයාව හමුවේ පසුබැස තිබේ. ඒ, පුලූල්ව පැතිරුනු ප‍්‍රතිරෝධය තමන්ට විශාල වසයෙන් මුදල් සපයන සමහර කොටස් සමග වන සිය සබදතාවට බලපානු ඇති බවට පවතින භීතිය නිසා බවට සැකයක් නැත. කෙසේවෙතත්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි එවන් ප‍්‍රහාර නතර වනු ඇති බවට කිසිදු මිථ්‍යාවක් නොතිබිය යුතු ය. සැලසුම්ගත මාතෘත්වය ආයතනයට එරෙහි ප‍්‍රහාරය පිටුපස සිටින බලවේග සිය ප‍්‍රයත්නයන් දෙගුන කරනු ඇත.

ලිබරල් ඩිමොක‍්‍රැටික් පක්ෂ සංස්ථාපිතය මෙම බලවේගවලට එරෙහිව නැගී සිට ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සප‍්‍රතිපත්තික ආස්ථානයක් ගනු ඇති බවට කිසිදු මිථ්‍යාවක් ද නොපැවතිය යුතු ය. ඔබාමා පාලනාධිකාරය, යුද්ධය, වධබන්ධන, දින නියමයක් නැතිව පුද්ගලයන් රඳවා ගැනීම සහ ත‍්‍රස්තවාදීන් යයි කියනු ලබන අය රාජ්‍ය විසින් ඝාතනය කිරීම පිලිබඳ බුෂ් පාලනාධිකාරයේ පිලිවෙත් අඛන්ඩව ඉදිරියට ගෙනයමින් හා පුලූල් කරමින් සිටීමේ වාර්තාව අවධාරනය කරන පරිදි, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් බැරෑරුම් ලෙස ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තිය තුල කිසිදු සහයෝගී පදනමක් නැත.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගය වන්නේ, සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත සමස්ත දේශපාලන හා මූල්‍ය සංස්ථාපිතයට විරුද්ධව බලමුලූගැන්වෙන කම්කරු පන්තියයි.

කේට් රැන්ඩල්

Share this article: