මහජන විරෝධතා රුමේනියාවේ ආන්ඩුව බලයෙන් පහකරයි

Mass protests bring down Romanian government

By Peter Schwarz, 7 February 2012

පසුගිය සති තුන පුරා කප්පාදු පියවරයන්ට එරෙහිව පැවති මහජන විරෝධතා මධ්‍යයේ රුමේනියාවේ ආන්ඩුව සඳුදා ඉල්ලා අස්විය.

රූපවාහිනියෙන් විකාශය කල කැබිනට් රැස්වීමක දී අගමැති එමිල් බොක් තමන්ට ජනප්‍රිය නො වන කප්පාදු පියවරයන් අනතුරේ නො හෙලා සමාජ ආතතීන් නිස්සරනය කිරීමට අවශ්‍ය වූයේ යයි කියමින් තම ඉල්ලා අස්වීම පිලිබඳව විස්තර කලේ ය. “රටේ දේශපාලන හා සමාජ තත්ත්වයේ ආතතිය සැහැල්ලු කිරීම සඳහා මෙන් ම රුමේනියා‍නුවන් දිනාගෙන ඇති දේවල් අහිමි කර නො ගැනීමට මා මේ තීරනය ගත්තා.”

ජනාධිපති ට්රැයන් බැසෙස්කු වහාම හිටපු අධිකරන ඇමති කැටලින් ‍ප්රිඩෝයු වැඩබලන අගමැති ලෙස පත් කලේ ය. ජාතික ලිබරල් පක්ෂයේ (පීඑන්එල්) සාමාජිකයෙකු ලෙස 2008 දී ප්‍රථම වරට තේරී පත්වූ 43 හැවිරිදි ප්රිඩෝයු නිර්පාක්ෂික දේශපාලනඥයෙකි. 2008 දෙසැම්බරයේ දී ලිබරල් ඩිමොක%ටික් පක්ෂයේ එමිල් බොක් තේරී පත්වීමෙන් පසු නව ආන්ඩුවක් තනන ලද අතර ජාතික ලිබරල්ලු විපක්ෂයට ගියහ. අධිකරන ඇමති තනතුරේ දිගට ම රැඳී සිටි ප්රිඩෝයු සිය පක්ෂයෙන් ඉල්ලා අස්විය. රුමේනියාව 2007 දී සම්බන්ධ වූ යුරෝපා සංගමය සමග සබඳතාවල දී ඔහු මූලික භූමිකාවක් ඉටු කලේ ය.

නොවැම්බරයේ දී පැවැත්වීම‍ට නියමිත මහා මැතිවරනය තෙක් ප්රිඩෝයු ආන්ඩුවට නායකත්වය දෙයි ද නැතහොත් නියමිත කලට කලින් මැතිවරනයක් පවත්වනු ලැබේ දැ යි යන්න පැහැදිලි නැත. ග්‍රීසියේ හා ඉතාලියේ දැනට මත් ස්ථාපිත කොට ඇති පන්නයේ “තාක්ෂන විශේෂඥයන්ගේ” තන්ත්‍රයක් තැනීමට ද සාකච්ඡා පවතී.

වසර තුනහමාරක නිල කාලය තුල බොක් ආන්ඩුව යුරෝපයේ දරුනු ම කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කොට තිබේ. රුමේනියාවේ සාමාන්‍ය මාසික වැටුප යුරෝ 350ක් පමනක් වුවත් රාජ්‍ය අංශයේ වැටුප් සියයට 25කින් කැපූ ආන්ඩුව වටිනාකම් එකතු කල බද්ද සියයට 19 සිට 24 දක්වා ඉහල දැමීය. 2009 සිට රාජ්‍ය අංශ සේවකයන් 200,000ක් රැකියා අහිමි කරගෙන ඇත.

2009 දී අවශ්‍ය කප්පාදු පටවමින් බොක් යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග සමීපව ක්‍රියා කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයට ඔරොත්තු දීමට රටට අවශ්‍ය කරන යුරෝ බිලියන 20 නය ප්‍රදානය කරනු ලැබීමට අනවන ලද කොන්දේසි මේවා ය.

බොක්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවත් ඔහුගේ කප්පාදු වැඩපිලිවෙල දිගට ම කරගෙන යනු ඇතැයි ජාමූඅට විශ්වාස ය. ආන්ඩුව වෙනස් වීමෙන් ජාමූඅ එකඟතාවට බලපෑමක් වෙතැයි තමන් අපේක්ෂා නො කරන බව බුකාරෙස්ට්හි ජාමූඅ නියෝජිත ජෙප්රි ප්රෑන්ක්ස් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කලේ ය. “ආධාර එකඟතාව මත වැදගත් බලපෑමක් ඇතිකිරීමට හේතුවක් මා දකින්නේ නැහැ” යයි ප්රෑන්ක්ස් කීවේ ය. “එකඟතාව දිගට ම පවතිනු ඇතැයි අපට සෑම බලාපොරොත්තුවක් ම තිබෙනවා.”

ප්රෑන්ක්ස්ගේ විශ්වාසයට තීරනාත්මක වන්නේ රටේ සියලු විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති ජාමූඅ සමග ඇතිකර ගන්නා ගනුදෙනුවලට ප්‍රතිපත්තිමය වසයෙන් සහයෝගය දීම යි. දරුනු කප්පාදු පියවරයන්‍ට එරෙහි මහජන විරෝධය දීර්ඝ කාලයක් අල්ලා නො සිටීමට හේතුව ද මෙය ය. මහජන වි‍රෝධය වාෂ්ප කිරීම ඉලක්ක කරගත් ධෛර්යය හීන විරෝධතා සංවිධානය කරමින් මෑත වසරවල දී වෘත්තීය සමිති සෑම කම්කරු අරගලයක් ම පාවා දී ඇත.

ජනවාරියේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති රැයෙඩ් අරපත්ගේ ඉල්ලා අස්වීමත් සමග තත්ත්වය වෙනස් විය. අරපත් සෞඛ්‍ය පද්ධතිය පුද්ගලීකරනය කිරීමට හා පුලුල් වසයෙන් විනාශ කිරීමට විරුද්ධ වීම නිසා ජනාධිපති බැසෙස්කු ඔහුට “බොරු කාරයෙක්” හා “පුද්ගලික සෞඛ්‍යාරක්ෂනයේ හතුරෙක්” යයි කීවේ ය.

අරපත්ට සහයෝගය දැක්වීමේ පෙලපාලි ක්ෂනිකව සමස්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධතා බවට පත් විය. බොහෝ සෙයින් විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිතිවල පාලනයෙන් පිටස්තරව පැවති විරෝධතා රටපුරා පැතිරුනි. කෲර පොලිස් මෙහෙයුම්, ජල උන්ඩ, කඳුලු ගෑස්, අත්අඩංගුවට ගැනීම් හා දඩගැසීම් යොදාගෙන විරෝධතා කරුවන් බියවැද්දීමට ආන්ඩුව ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. අරපත් යලි පත්කිරීම හා විරෝධතා කරුවන්ව “ප්‍රචන්ඩ හා කෲර කලහකාරී රංචුවක්” ලෙස හෙලා දුටු විදේශ ඇමති තියොඩෝර් බැකොන්චිස්ම් නෙරපීම ද ආතතීන් සමහන් කිරීමට අපොහොසත් විය.

බොක්ගේ ඉල්ලා අස්වීම විශේෂයෙන් පීඑන්එල් පක්ෂයේ සභාපති ක්‍රින් ඇන්ටනෙස්කයු ඇතුලු විරුද්ධ පක්ෂ වෙත යලිත් වරක් අවධානය මාරු කර ඇත. නියමිත කල‍ට පෙර මැතිවරනයක් පවත්වන්නැයි ඉල්ලා ඇති ඇන්ටනෙස්ක‍යු 1989 පැරනි ස්‍ටැලින්වාදී තන්ත්‍රයේ බිඳ වැටීමෙන් පසු පැවති වඩාත් ම “දූෂිත, අදක්ෂ හා බොරුකාර” ආන්ඩුව බොක් ආන්ඩුව යයි චෝදනා කර තිබේ.

සමාජ ලිබරල් සංගමය (යූඑස්එල්) නමැති විපාර්ශ්වික සංධානය තැනීමට පීඑන්එල් හා කොන්සර්වැටිව් පක්ෂය (පීසී) සමග එක් වී ඇති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (පීඑස්ඩී) නායක වික්ටර් පොන්ටාගෙන් ඒ හා සමාන ප්‍රකාශ පැමිනේ. යූඑස්එල් “වගකීම් සහගත විසඳුම් හා නියමිත කලට පෙර පවත්වන මැතිවරනයකින් පසු මෑත වසරවල පැවති ආන්ඩුවලට වෙනස් ආන්ඩුවක්” පවත්වාගෙන යනු ඇතැයි පොන්ටා ප්‍රකාශ කලේ ය.

දැනට මත් බොහෝ කාලයක් ආන්ඩුවල කටයුතු කොට ඇති සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජාතික ලිබරලුන් යන දෙගොල්ලම සංස්ථාපිතයේ පක්ෂ ය. ඔවුන්ගේ පිලිවෙත් තථ්‍ය වසයෙන් ලිබරලුන්ගේ ප්‍රතිපත්තිවලට සමාන වූ අතර යම් කාලයක් සඳහා ඔවුන් සමග සභාග ආන්ඩුවක් තැනීය.

රුමේනියානු පක්ෂ බොහෝ සෙයින් අන්තර්මාරු කල හැකි ඒවා ය. ඒවා නිතර ම බිඳී නැවත ප්‍රතිසංස්කරනය වී වෙනත් නම් යටතේ යලි එකතු වෙති. ඒවා නියෝජනය කරන්නේ පැරනි රාජ්‍ය දේපොල පුද්ගලීකරනය කිරීමෙන් පැහැරගත් දේ පසුගිය විසි වසර පුරා බෙදාගත් තුනී ප්‍රභූ තන්ත්‍රයකි. අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරන හා විශ්‍රාම වැටුප් හා වැටුප් කප්පාදු කරන අතර ම ඔවුන් යුරෝපා සංගම් අරමුදල්වලින් ප්‍රතිලාභ ලබා ඇත.

මෑත සතිවල දී වීදිවලට පැමිනි බොහෝ දෙනාට මෙය පැහැදිලි ය. ඔස්ට්‍රියානු ගුවන් විදුලි සංස්ථාව ඉදිරියේ දී පිලිගත් පරිදි විරෝධතා එල්ල වූයේ “සමස්ත දේශපාලනික පන්තියට හා පද්ධතියට” එරෙහිව ය. “දේශපාලන විශ්වාසනීයත්වයේ අර්බුදයේ ගැඹුර සෑම දේශපාලකයෙකුගේ ම ජනප්‍රියත්වය නාටකාකාර ලෙස වැටී ඇතැයි පෙන්නුම් කරන මත විමසුම්වලින් ප්‍රදර්ශනය කරනවා. කිසිවෙකුට සියයට 25ට වැඩි අනුපාතයක් නැහැ. මෙම අර්බුදයෙන් රුමේනියානු දේශපාලනය ගොඩ එන්නේ කෙසේ දැ යි විශේෂඥයෝ බලා සිටිනවා."

එහෙත් සංස්ථාපිතයේ පක්ෂ කෙරෙහි පවතින මෙම සාමාන්‍ය අවිශ්වාසය කිසිදු පැහැදිලි ඉදිරිදර්ශනයකින් තොර ය. රුමේනියානු කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගත හැක්කේ බැංකු හා ධනවතුන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවට සමාජ අවශ්‍යතාව ඉහලින් තබන සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ඔවුන් මෙන් ම එම ප්‍රහාරවලට ම මුහුන දෙන යුරෝපය පුරා කම්කරුවන් සමග එක්සත් වන්නේ නම් පමනි.

Share this article: