ඔබාමා පොලිස් රාජ්‍ය නීතිවලට අත්සන තබයි

Obama signs police state legislation

By Patrick Martin , 3 January 2012

ජනාධිපති ඔබාමා නව වසරට පෙරදින ජාතික ආරක්ෂක අධිකාර (NDAA) පනත ට අත්සන් තබා නීතිගත කලේය' මෙම පනත එක්සත් ජනපද යුද යන්ත්‍රයට ඩොලර් මිලියන 662 ක් සම්පාදනය කර දෙන අතර ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පෙර නුවූ විරූ ප්‍රහාරයක් එල්ල කරමින් එක්සත් ජනපද හමුදාවට ලෝකයේ ඕනෑම තැනක පුද්ගලයන් අල්ලා නඩු විභාගයකින් හෝ වෙනත් නීතිමය මාර්ගයකින් තොරව ද කාල සීමාවකින් තොරව ද හමුදා සිර කඳවුරක රැඳවියන් ලෙස තබා ගැනීමට එක්සත් ජනපද හමුදාවට බලය පවරයි.

මිනිසුන් අත්‍අඩංගුවට ගෙන චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට ජනාධිපති වරයාට මෙම පනත මගින් පැවරෙන බලය සීමා කිරීමට ගත වූ දෙමස තුල දැරුනු සියලුම ප්‍රයත්නයන් පරාජය කල ‍ෙසනෙට් සහ මහජන මන්ත්‍රී මන්ඩල ඡන්ද ගනනාවක් මගින්ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරු මෙම විසකුරු පනත සම්මත කලෝ ය. කොන්ග්‍රස් මන්ඩලයේ විවාදය තුල දී රිපබ්ලිකානු ‍ෙසනෙට් මන්ත්‍රී ලින්ඩ්සේ ග්‍රැහැම් අවධාරනය කල පරිදි මෙම පනත ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුලු සකල ලෝකය ම අල්කයිඩාවට එරෙහි යුද පිටියක් බවට පත් කර ගනිමින් සෑම ඇමෙරිකානු පුරවැසියෙකු ම ද ඇතුලු ව ග්‍රහ ලෝකයේ සෑම මනුෂ්‍යයෙක්ම ඇමරිකානු මිලිටරියේ විභව සිරකරුවෙකු බවට පත් කරයි.

කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ දී ආන්ඩුව නඩු කාරයෙකු හෝ උසාවියක් ඉදිරිපිට සාක්ෂ්‍ය ඉදිරිපත් කල යුතුයි නියම කරමින් හිතුවක්කාර හිරේ දැමීම් වලක්වා ලූ පැරනි ම ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම වන හබයාස් කොර්පුස් අයිතිය මෙම පනත මගින් යථා වශයෙන් ම අහෝසි කරනු ලැබේ. මධ්‍ය කාලීන සමයේ එංගලන්තයේ දී ප්‍රථමයෙන් ම ඉස්මතුකරන ලද හබයාස් කොර්පුස් අයිතිය දිනා ගනු ලැබුවේ රාජාන්ඩුවේ අත්තනෝමතික බලය කුඩුකර පාර්ලිමේන්තුවේ බලය ස්ථාපනය කල (1648) මහා ඉංග්‍රීසි විප්ලවය මගින් 17 වන සියවසේ දී ය.

අලුත් නීතියට අනුව, අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිට ඕනෑම පුද්ගලයෙකු ඇමරිකානු පුරවැසියෙකු වේවා, එක්සත් ජනපදයේ පදිංචි විදේශිකයෙකු වේවා, වෙනත් ඕනෑම රටක පුරවැසියෙකු වේවා එක්සත් ජනපද මිලිටරිය ලවා සිර භාරයට ගෙන ජීවිතාන්තය දක්වා සිරභාරයේ තැබීමට බලය ලැබේ. මේ නීතිය ඊට "හසුවන තැනැත්තා" පහත සඳහන් අයුරින් නිර්වචනය කරයි: "අල් කයිඩාවේ හෝ තලිබාන් සංවිධානයේ කොටසක් ව සිටියා වූ ද එසේත් නැතහොත් අල් කයිඩාවට තලිබාන් සංවිධානයට නැතහොත් එක්සත් ජනපදයට සහ එක්සත් ජනපදය හා සන්ධානගත රාජ්‍යයන්ට එරෙහිව සතුරු ක්‍රියාවල නිරත වෙනත් යම් සංවිධානයකට සැලකිය යුතු ආකාරයකට ආධාර කල පුද්ගලයෙක් හෝ එම සංවිධානයන්ට ආධාර වන පරිදි කිසියම් යුද්ධමය ක්‍රියාවක් කල හෝ එවන් විරෝධයන්ට ඍජුව සහයෝගය දුන් ඕනෑම තැනැත්තෙක් අයත් වේ.

"මෙය බුෂ්ගේ ද ඔබාමාගේ ද පලනාධිකාරයන්ගේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" ඉලක්කය යයි සලකන ලද 9/11 ප්‍රහාරයන්ට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් පමනක් නොව ඊට බෙහෙවින් පුලුල් සංඛ්‍යාවක් ද ඇතුලත් කරගනී. "එක්සත් ජනපදයට හෝ එහි මිතුරු සන්ධාන කරුවන්ට එරෙහි ව සතුරු ක්‍රියාවල නිරත ව සිටින්නේ ය"යි ජනාධිපති විසින් නිර්වචනය කරන ලද ඕනෑම තැනැත්තෙකු මෙයට ඇතුලත් කෙරෙනු ඇත. තුර්කිය උතුරු අත්ලාන්තික් (නැටෝ) ගිවිසුමට අයත් එක්සත් ජනපදයේ මිතුරෙකු වන හෙයින් තුර්කියේ ක්‍රියාත්මක වන කුර්ද් ජාතික බෙදුම්වාදීන් ද ඊට අයත් වනු ඇත. ඊස්රායලය තුල හා බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන විරෝධතාකරුවන් මෙන් ම ඇෆ්ඝනිස්ථානයේ පකිස්ථානයේ යේමනයේ සහ සෝමාලියාවේ එක්සත් ජනපද යුද්ධයන්ට් හෝ ඔබාමා හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් දියත් කරනු ලබන අනාගත යුද්ධයන්ට විරුද්ධවන්නවුන් ද මෙයට ඇතුලත් වනු ඇත.

මෙයට (ලෝකයේ ඇමෙරිකානු යුද ආධාර ලබන රටවල් අතුරින් දෙවැනි තැන ගන්නා) ඊජිප්තුවේ තහ්රීර් චතුරශ්‍රයේ සිට එරට මිලිටරි ඒකාධිපතිත්වයට එරෙහිව සටන් කරන තරුනයන් ද ඇතුලත් වනු ඇත. නැටෝ රටවල් වන ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ හෝ ඉතාලියේ ආන්ඩුවලට එරෙහිව වැඩ වර්ජනයේ යෙදෙන කම්කරුවන් ද මීට ඇතුලත් වනු ඇත. එසේම ලෝකයේ ඕනෑම රටක එක්සත් ජනපද යුද හමුදාවන් පැලපදියන් කිරීමට විරුද්ධවන්නන් ද ඔබාමාගේ අලුත්ම හමුදා පියවර වන ඕස්ට්‍රේලියාව තුල මැරයින් (මුහුදුගත) භටයන් 2,500 යෙදවීම ට විරුද්ධවන්නන් ද මීට ඇතුලත් ය.

එක්සත් ජනපද යුද හමුදා ක්‍රියාකාරිත්වයට එරෙහිව සියරට තුල ක්‍රියාත්මක වන්නන් ද සිය රට තුලම හමුදා ඔත්තු සේවයේ මර්දනකාරී ක්‍රියාවන්ට විරුද්ධ වන්නන් ද මිට ඇතුලු වේ. යුද විරෝධී කන්ඩායම් ද වෝල් වීදිය වාඩිලා ගැනීමේ ක්‍රියාකාරීන් ද ත්‍රස්තවාදීන් ගේ සහකරුවන් යයි මඩ ගැසීමට දක්ෂිනාංශික දේශපාලන කථකයන් යලි යලිත් යත්න දරා ඇත. ඔවුහු ද හමුදාව විසින් හිරගත කරනු ලැබිය හැක්කෝ වෙති.

ප්‍රථමයෙන් බුෂ් ද ඉක්බිති ඔබාමා ද යටතේ එක්සත් ජනපද ආන්ඩුව "ද්‍රව්‍යමය සහාය" (මැටීරියල් සපෝර්ට්) යනු කුමක්ද යන්න පිළිබඳව ෆෙඩරල් උසාවි වල පූර්න අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති අර්ථ කථනය වනාහි "ත්‍රස්තවාදීය" යි උපකල්පනය කෙරුනු සංවිධානයක ක්‍රියාවලට මොනම ආකාරයකින් හෝ යොමු වූ ඕනෑම කෙනෙක් හසු කරගත හැකි ඉතා පුලුල් එකකි. අවස්ථා ගනනාවක දී ම, එක්සත් ජනපදයට සහය දෙන ආන්ඩුවලට විරුද්ධව සටන් වැද සිටින ජාතිකවාදී ව්‍යාපාරවලට ගරිල්ලා සටන් ක්‍රමය අත හැර පාර්ලිමේන්තු දේශපාලනයට එන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට උත්සාහ කල මානව හිමිකම් ක්‍රියාකාරීන් ට විරුද්ධව පවා එක්සත් ජනපද ආන්ඩුව මෙවන් "ද්‍රව්‍යමය සහාය" චෝදනා ඉදිරිපත්කර ඇත'

ඔබාමා මෙම පනතට අත්සන් කිරීම හෙලා දුටු ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ (ACLU) විධායක අධ්‍යක්ෂක අන්තෝනි රොමෙරෝ තම ප්‍රකාශයක මෙසේ කීය. "චෝදනා සහ නඩු නැතිව දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීම නීතිගත කල ජනාධිපති වරයා ලෙස ඔබාමා ඉතිහාසගත වනු ඇත." ඔහු තවදුර ටත් මෙසේද කීය. "ඔබාමා පාලනාධිකාරය විසින් ජෝර්ජ බුෂ් ත්‍රස්ත විරෝධී යුද්ධය තුල කලාවූ ව්‍යවස්ථා ඉක්මවීම් අහෝසි කරනු ඇති යයි කිසියම් අපේක්ෂාවක් තිබුනි නම් අද දින එය ඉවර කර දමනු ලැබිණි."

ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල මෙම යෝධ පහරේ විපාක වසන් කිරීමට උත්සාහ දරමින් ඔබාමා කියා සිටියේ තමා අත්සන් කල පනතට තමා ම විරුද්ධ බව ය. ඔහුගේ ධවල මන්දිරය නිකුත් කල හොර-උගුඩු ප්‍රකාශය පෙන්නුම් කරන්නේ රිපබ්ලිකානු බුෂ් ජනාධිපති වරයාටත් වඩා දරුනු ලෙස යුදවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ගමන්ම යලිත්වරක් ජනාධිපති ධුරයට පත්වීමට ඔහු දැන් අරඹා ඇති ඡන්ද ව්‍යාපාරයේ දී තරුනයන්ගේ ද සුලුතර කොට්ඨාසවල ද යුද විරෝධී මහජන මතයේ ද ආධාරය ලබා ගැනීමට ඔබාමා දැන් අඹරමින් සිටින කෙබරවල දෙපිටකාට්ටු ස්වභාවය යි.

මෙම ප්‍රකාශය ට අත්සන් තැබීමේදී ඔහු කියා සිටින්නේ "රැඳවීම සහ සැක ත්‍රස්තවාදීන් ගෙන් ප්‍රශ්න කිරීම පරිපාලනය කරන පනතේ සමහර ප්‍රතිපාදනයන් ගැන නොඑකඟතා තමාට ඇති බව ය." ඔහු තවදුරටත් මෙසේ ද කියයි. "මගේ පාලනාධිකාරය තිබෙන තාක් ඇමරිකානු පුරවැසියන් නඩු විභාගයකින් තොරව අවිනිශ්චිට කාලයක් රඳවා තැබීමක් සිදුනොවන බව පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. එසේ රඳවා තැබීම ජාතියක් ලෙස අපගේ ඉතාම වැදගත් සම්ප්‍රදායයන් සහ සාරධර්මයන්ගෙන් බිඳීමක් වනු ඇති යයි මම විස්වාස කරමි."

මේ පරෙස්සමින් අඹරන ලද වචනය. පනත අමෙරිකානු විප්ලවය සහ සිවිල් යුද්ධය හා බැඳුනු ප්‍රජාතන්ත්‍ර සම්ප්‍රදායයන් පිටුදක්නා බව ඔබාමා පිලිගනී. ඇමරිකානු පුරවැසියෙකු නඩු විභාගයකින් තොරව මිලිටරි‍ෙය් අඩස්සියේ තබන්නේ නැති බවට ඔහු අතිශය සීමිත පොරොන්දුවක් දෙයි. ඔහුගේ අනුප්‍රාප්තිකයාවත් මෙයට බැඳී නැත. ඔබාමා ට වුව මෙම පොරොන්දුව ඕනෑම මොහොතක කැඩිය හැකිය. ගුවන්තනාමෝ සිර කඳවුර වසා දැමීමට දුන් පොරොන්දුව කඩා දැමු පරිද්දෙන්ම ය.

මෙම පොරොන්දුව දෙන්නට මෙන්ම බිඳින්න ට ද පහසු ය. බුෂ් පාලනාධිකාරය පවා "ඇමරිකානු පුරවැසියෙකු නඩු විභාගයකින් තොරව හමුදා අඩස්සියේ තැබීමේ" උත්සාහය ජොසේ පදිල්ලා නම් සිරකරු සම්බන්ධයෙන් ඇත හැර දමා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකට මුහුනදීම මග හැරියේ ය.

එහෙත් ඔබාමා, මෙම පනත කොන්ග්‍රස් මන්ඩලය තුල සම්මත වීමෙන් පසුව එයට අත්සන යොදා නීතිගත කිරීමේ දී ඉදිරියේ දී ඇමරිකානු පුරවැසියෙකු අවිනිශ්චිත කාලයක් සිරේ තබා ගැනීමට තමා ට පමනක් නොව ඕනෑම අනාගත ඇමරිකානු ජනාධිපතියෙකුට ඇති අයිතිය නීතියෙන් තහවුරු කර ගති. මෙය වනාහි ප්‍රජාතන්තර අයිතීන් බිඳීම විධායකයේ හිතුවක්කාර තනිමතයට පවරමින් හබයාස් කොර්පුස් අයිතිය අවලංගු කිරීමට දුන් සංඥාවකි.

වඩාත් නපුරු කාරනය නම්, ඔබාමා දැනට ම මීටත් වඩා දරුනු බලතල - ජනාධිපති විසින් "සතුරු සටන් කරුවෙකු" යයි නම් කෙරුනු ඕනෑම ඇමරිකානු පුරවැසියෙකු නිල චෝදනා හෝ නඩු විභාගයකින් තොරව - ඝාතනය කිරීමේ බලය- අතට ගෙන තිබීම ය. මෙයට මාස හතරකට පෙර ධවල මන්දිරය එක්සත් ජනපදයේ උපන් අන්වර් අල් - අව්ලාකි අරාබි අර්ධද්වීපයේ අල් කයිඩාවේ නායකයෙකු යයි කියමින් ඔහුව ඝාතනය කීරීමට ඩ්‍රෝන් මිසයිලයක් යොදාගැනීම අනුමත කලේ ය. ඊට සති කිහිපයකට පසු සීඅයිඒ සංවිධානය එම අවියම යොදා ගනිමින් ඇමරිකානු පුරවැසියෙකු වූ අව්ලාකි ගේ 16 හැවිරිදි පුත්‍රයා ද මරා දැමීය.

ධවල මන්දිරය අත්සන්කල ප්‍රකාශය විසින් මිලිටරි හෝ සිවිල් රැඳවුම් වැඩ සහ අධිකරන ක්‍රියාවලිය සිද්ධියෙන් සිද්ධියට තීන්දු කිරීමට ඔබාමාට උවමනා යයි සාරභුතව ප්‍රකාශ කරණ ලද අතර ඉන් වැඩි කොටසක් යොදන ලද්දේ පනතේ සිර-රැඳවුම් ප්‍රතිපාදන විසින් විධායක අංශයට පනවා ඇති සීමා වැඩියයි කියා සිටීමට ය. ඔබාමා නිවාඩු ගත කරමින් සිටි හවායි දිවයිනේ දී පුවත්පත් ඇමතු ඔහුගේ සහායක සේවකයෙක් මෙසේ කීය: "මෙම ව්‍යවස්ථා ප්‍රතිපාදන කිසිවකුත් මෙම රට ආරක්ෂිතව තබාගන්නා වූ ප්‍රතිත්‍රස්තයේ ද නීති බල කරනයේ ද යුද අංශයේද වෘත්තිකයන් ට බාධාවක් නොවන බව‍ට ජනාධිපති වග බලාගනු ඇත.

ධවල මන්දිරයේ ප්‍රකාශය මෙම පනතේ අන්තර්ගත වූ "රැඳවියන් පිටරටට මාරු කර" යැවීමට විධායක ශාඛාවකට පවත්නා අධිකාරය නුසුදුසු ආකාරයෙන් සීමා කර දැමීම විශේෂයෙන්ම විවේචනයට ලක් කලේය. ඔබාමා පාලනාධිකාරය එක්සත් ජනපද යුද්ධ හෝ බුද්ධි අංශ මගින් පිටරටවලදී අල්ලා ගත් පුද්ගලයන් වධ දීම සහ ප්‍රශ්න කිරීම සඳහා තුන්වන රටකට බාරදීම නොහොත් "අත්‍යසාමාන්‍ය පැවරීම" දිගින්දිගට ම පවත්වාගෙන යයි.

ඔබාමා ඇෆ්ඝනිස්තානයේ සිරකරුවන් ඇෆ්ඝන් ආන්ඩුවේ භාරයට මාරුකර යැවීම - මෙය සිරකරුවන් ප්‍රශ්න කිරීම ද ඔවුන්ට වධ දීම ද සඳහා රටපැටවීම (extra ordinary rendition) පිලිබඳ තවත් උදාහරණයකි- සම්බන්ධයෙන් එක්සත් ජනපද මිලිටරියට උපාමාරු දැමීමට පවත්නා ඉඩකඩ කිසියම් ආකාරයකට සීමා කිරීමකටද විරුද්ධ විය.

මෙම ජාතික ආරක්ෂක අධිකාර පනතේ ප්‍රධාන අරමුන 2012 වර්ෂයේ පෙන්ටගනයේ වැඩ කටයුතු අනුමත කොට ඊට මූල්‍ය සම්පාදනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිරකරුවන් කොටස් එක්සත් ජනපදය තුලම සහ ඉන් පිටත රඳවා තැබීම අතර ආවේනික සබඳ කමක් පවතී. මෙම පනතට ඇතුලත් තවත් කරුනක් නම් ආර්ථික යුද්ධයේ ක්‍රියාවක් ලෙස ඉරානයේ තෙල් අපනයන හිරකර දැමීම එල්ල කරගත් අලුත් එක්සත් ජනපද තහන්චි ද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාන මෙහෙයුම්වලට මුදල් සැපයීම ද වෙයි. ලෝකයපුරා යුද වාදයද ආක්‍රමන කාරී යුද්ධය ද සිය රට තුල අධිකාරවාදය සහ ඒකාධිපති වාදය ද අත්වැල්බැඳ පවත්නා බව ඉන් විදහා දැක්වෙයි.

Share this article: