ශී‍්‍ර ලංකාවේ හිටපු වම්මු දක්ෂිනාංශික එජාපයට මුක්කු ගසති

Sri Lankan ex-lefts boost rightwing UNP

By K.Ratnayaka, 3 January 2012

කලින් වමේ පක්ෂයක් ලෙස පෙනී සිටි නව සමසමාජ පක්ෂය (නසසප) දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සිය සන්ධානය අලුත් කර ඇත්තේ, එහි නායකයා මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කරන්නෙකු ලෙස ඔජ වඩවමිනි. මෑත සති කිහිපය තුල දී, නසසප එජාප සමග ඒකාබද්ධ කි‍්‍රයාවන්ට සහහාගි වූ අතර එහි නායක රනිල් වික‍්‍රමසිංහ "ලිබරල් ප‍්‍රජාතන්ති‍්‍රකයකු” හා "සමාජ කි‍්‍රයාකාරිකයකු” ලෙස වර්නනා කර තිබේ.

නසසප එජාප සමග සන්ධානගත වී ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ද එහි කප්පාදු පිලිවෙත්වලට ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනයට ද එරෙහි මහජන විරුද්ධත්වය වැඩෙන තතු යටතේ ය. මහජනතාවගේ වෛරය වාෂ්ප කර දමනු වස් දේශපාලනික ආරක්ෂක කපාටයක අවශ්‍යතාවයෙන් පාලක පන්තිය මංමුලා සහගතව පෙලෙන අතර නසසප මැදිහත්ව ඇත්තේ ව්‍යාපාරික-හිතැති එජාපය ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස හුවා දැක්වීමට ය.

එජාප සමග නසසප අටවා ගෙන ඇති පෙරමුන හැඳින්වෙන්නේ, යුක්තිය හා සාධාරනත්වය සඳහා ව්‍යාපාරය (එම්ජේඑෆ්) යනුවෙනි. කොලඹ දෙමල ජනයා මත පදනම් වූ ධනපති පක්ෂයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන ද ආන්තික සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන නව සිහල උරුමය ද එයට ඇතුලත් වේ.

නොවැම්බර් 29 දා කොලඹ දී එම්ජේඑෆ් පැවැත්වූ ප‍්‍රථම ප‍්‍රසිද්ධ රැස්වීම ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කලේය. පලමු වැන්න නම්, බඩු මිල තව දුරටත් ඉහල දැමීම මගින් සාමාන්‍ය වැඩ කරන ජනතාව මුහුන දෙන දුෂ්කරතා උත්සන්න කර ඇති ආන්ඩුවේ අයවැයට විරුද්ධ වීමයි. දෙවැන්න නම්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම යි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරනයට ඔහු තරග කිරීමෙන් පසුව ගෙතූ බොරු චෝදනා මත ෆොන්සේකා අත් අඩංගුවට ගෙන සිරගත කරන ලදි.

ෆොන්සේකාට සැලකූ ආකාරය නිසැකව ම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමක් වන අතර එය ආන්ඩුවේ සියලු විරුද්ධවාදීන්ට එරෙහිව ඊට සමාන පියවර ගැනීම සඳහා භයානක පූර්වාදර්ශයක් තහවුරු කරයි. එහෙත් නසසප-එජාප පෙරමුන සිය අවධානය ෆොන්සේකා සිරගත කිරීම දෙසට කේන්ද්‍රගත කරන්නේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් යයි සැක පිට නඩු විභාග නොමැතිව රඳවා ගෙන සිටින දහස් සංඛ්‍යාත දෙමල රැඳවියන් පිලිබඳ ප‍්‍රශ්නය නොතකා හැරීමට ය.

එපමනක් නොව, ෆොන්සේකා බොරු චෝදනා මත නඩු විභාගයට ලක් කෙරී ඇති අතර ම, ඔහු රාජපක්ෂ සහ ආන්ඩුවේ හා මිලිටරිය සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග එක්ව, 2009 මැයි මස එල්ටීටීඊයේ පරාජය දක්වා වූ කි‍්‍රයාදාමය තුල දහස් සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ඝාතනය ඇතුලු යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා සටන් වැදීමේ හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ කිසිදු වාර්තාවක් එජාපයට නැත. 1970 ගනන් අග දී වෙලඳ පොල-හිතැති ප‍්‍රතිව්‍යුහගතකරන න්‍යාය පත‍්‍රයට මුල පිරීම, 1983 දී රටේ ලේ වැකි වාර්ගික යුද්ධය දියත් කිරීම සහ 1980 ගනන් අග දී සිංහල ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කිරීම සම්බන්ධයෙන් එය වගකිව යුතුය. එය රාජපක්ෂගේ යලි ඇරඹූ යුද්ධයට සහයෝගය දුන් අතර ආන්ඩුවේ අපරාධ ආරක්ෂා කොට දෙමල දේශපාලන සිරකරුවන් රඳවා ගැනීමට ද පිටුබලය සැපයීය.

එජාපය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයකු හා දුගී ජනයාගේ ආධාරකරුවකු ලෙස හුවා දැක්වීම දේශපාලනිකව සාපරාධි කි‍්‍රයාවකි. එය තුඩු දෙන්නේ, කම්කරු පන්තිය රවටා ශී‍්‍ර ලංකාවේ ධනේශ්වරයේ කොටසකට ඔවුන් ගැටගැසීමට යි. එහෙත් නසසප දැන් යෙදී සිටින්නේ හරියට ම එම කි‍්‍රයාවේ ය.

නොවැම්බර් විරෝධතා රැස්වීමේ දී, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ෆොන්සේකා සිරගත කිරීම හෙලා දකිමින් මෙසේ ප‍්‍රකාශ කලේය: "රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගෙල හිර කරනවා. ඇමරිකාවේ දශ ලක්ෂයක් ජනයා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට වීදිවලට ඇවිත්. එම අරගලය දැන් අරාබිය දක්වා පැතිරිලා. අපි ශී‍්‍ර ලංකාව තුල මෙම අරගලය පටන් ගන්න ඕන.” ඔහු දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිලිබඳ කිසිදු ඉල්ලීමක් කලේ නැත.

ඊලඟට කතා කල නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා සටන් කරන්නෙකු ලෙස වර්නනා කරමින්, ඔහු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නකු බවට සාවද්‍ය ප‍්‍රකාශයක් ද කලේය. "අපි මහින්දගේ ත‍්‍රස්ත තන්ත‍්‍රයට විරුද්ධව ඒකාබද්ධව සටන් කිරීමට සූදානම්” යයි කරුනාරත්න පැවසීය. "ඒකාධිපති තන්ත‍්‍රය පෙරලා දමන්න හැමෝම වීදිවලට ආ යුතුයි.”

අරාබි වසන්තයට සමාන මහජන ව්‍යාපාරයක් සඳහා කල මෙම ඉල්ලීම් කෙසේවෙතත්, එජාපයට වත් එහි නසසප ක්ෂමාලාපකයන්ට වත් රාජපක්ෂ තන්ත‍්‍රය විප්ලවවාදී ලෙස පෙරලා දැමීමක් අවශ්‍ය නැත. එජාපය දශ ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක ස්වරූපයෙන් "ෆොන්සේකා නිදහස් කර ගැනීමේ අරගලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම” වෙත ගෙන යන බව ද වික‍්‍රමසිංහ පැවසී ය.

පෙත්සම් ව්‍යාපාරය දෙසැම්බර් 1 දා වික‍්‍රමසිංහ විසින් නිල වසයෙන් ආරම්භ කරන ලදි. එහි දී ද කරුනාරත්න ඔහු සමග සිටියේ ය. එක්සත් ජාතීන් වෙත කරන මෙම ආයාචනය යථා වසයෙන් ගත් කල, චීනය දෙසට වන රාජපක්ෂ ආන්ඩුවේ යොමුව අවසන් කරන ලෙස එයට පීඩනය යොදනු පිනිස ශී‍්‍ර ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ කාරනය ගසා කන එක්සත් ජනපදය හා සෙසු බටහිර බලවතුන් වෙත කරන අයැදුමකි. මෙම උද්ඝෝෂනය නසසපයේ අධිරාජ්‍ය-ගැති පෙලගැසීම සමග ගැලපෙයි. යුද්ධය තුල දී, නසසප විවිධ දෙමල පක්ෂ සමග එක්ව, යුද්ධය නතර කිරීමටත් දෙමල ජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීමටත් මැදිහත් වන ලෙස "ජාත්‍යන්තර ප‍්‍රජාව”, එනම් මහ බලවතුන්, වෙත නිරර්ථක ආයාචනා යොමු කලහ.

කොලඹ දී නව සිහල උරුමය වැනි විවෘතව ම ස්වෝත්තමවාදී පක්ෂ සමග සන්ධානගත වන අතර ම, නසසප, දිවයිනේ උතුරේ හා නැගෙනහිර දෙමල සුලුතරයේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ ආරක්ෂකයකු ලෙස ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඔජ වැඩවීමේ ද යෙදී ගනී. බැලූ බැල්මට ප‍්‍රතිවිරෝධී ලෙස පෙනෙන මෙම දේශපාලන පිලිවෙතට යටින් පවතින්නේ, ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ස්වාධීනව කම්කරු පන්තිය ඒකාබද්ධව බලමුලු ගැන්වීමේ යම් අරගලයක් සම්බන්ධයෙන් නසසපට පවතින ඓන්ද්‍රීය වෛරය යි.

දෙසැම්බර් 25 ඉරිදා ලක්බිම පත‍්‍රයට ලියූ තීරු ලිපියක් තුල කරුනාරත්න, එජාප නායකයාට පුදන සිය ප‍්‍රශංසාවේ දී වඩාත් උද්යෝගිමත් විය. ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: "ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනපති නායකයෙක් හැටියටයි ඔහු තම ප‍්‍රතිරූපය ගොඩනගා ගත්තේ. මෑත දී ඇති වූ ධනපති අර්බුදය තුල ඔබාමා වැනි ලෝක ධනපති පාලකයන්ගේ සමාජීය වැඩපිලිවෙලට ඔහුත් නැඹුරු වෙලා තියෙනවා. අද ප‍්‍රතිගාමීන් (ඔහුගේ පිලිවෙත් නිසා) ඔබාමාට කියන්නේ එයා සමාජවාදියෙක් කියලයි.”

කරුනාරත්නට අනුව, ජනාධිපති ඔබාමා වැනි "ලෝක ධනපති පාලකයන්” අනුගමනය කිරීම ගෞරවයට කාරනාවකි. මෙම ප‍්‍රකාශය, නසසපයේ එක්සත් ජනපද-ගැති යොමුව පිලිබඳ සංඥාවක් පමනක් නොවේ. ඇමරිකානු කම්කරුවන් මතට ගෝලීය අර්බුදයේ බර පැටවීමට ඔබාමා පාලනාධිකාරය විසින් ගෙන යනු ලබන වෙලඳ පොල-හිතැති කප්පාදු පිලිවෙත්වලට නසසප සහාය දෙන බව ද එයින් පෙන්නුම් කෙරෙයි.

එජාප සමග තම පෙරමුන පිටුපසින් පවතින "න්‍යාය” විස්තාරනය කරමින් කරුනාරත්න පැවසුවේ, එය එජාපය රැඩිකලීකරනයට උදව් දී "අද පවතින ජාතිවාදී යුදවාදී බලයට විරුද්ධව ජනතා සටනක් සඳහා යූඇන්පියේ පහල කොටස් ඇද ගැන්මට වමට” හැකියාව ලබා දෙනු ඇති බවයි. තථ්‍ය කාරනාව නම්, වික‍්‍රමසිංහට හා එජාපයට "ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්” ලෙස හුරේ දැමීම උදව් කරන්නේ, ඔවුන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම පිලිබඳ කිසිදු අභිප‍්‍රායක් නැත්තා වූ ද වර්ධනය වන මොන යම් හෝ මහජන ව්‍යාපාරයකට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස ම හැරෙනු ඇත්තා වූ ද ධනේශ්වර පක්ෂයක් පිටුපස කම්කරුවන්, තරුනයන් හා දුගී ජනයා හිර කිරීමට යි.

එජාපය සමග නසසපයේ සන්ධානය එහි පන්ති සහයෝගිතාවාදයේ දීර්ඝ ඉතිහාසයේ ප‍්‍රතිඵලයකි. 1980 ගනන්වල හා 1990 ගනන්වල, නසසප, "දක්ෂිනාංශික එජාපයට” ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට (ශී‍්‍රලනිප), එනම් රාජපක්ෂගේ පක්ෂයට, මුක්කුව සැපයී ය. නසසප මෑත දී තමන් කම්කරු පන්තියේ විප්ලවවාදී කි‍්‍රයාකලාපය ප‍්‍රතික්ෂේප කරන බව පැහැදිලිව ම ප‍්‍රකාශ කලේ ය. පක්ෂය සමාජවාදය සඳහා අරගලය ද ඔක්තෝබර් විප්ලවය ද විවෘතව ම ප‍්‍රතික්ෂේප කරමින්, ජාතික ධනේශ්වරයේ කොටස් සමග සන්ධානගත වීම අවශ්‍ය බව අවධාරනය කලේය. (බලන්න: නව සමසමාජ පක්ෂය සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය ප‍්‍රතික්ෂේප කරයි)

නසසපයේ තව දුර දකුනට පැදීම ලොව වටා ව්‍යාජ රැඩිකල් සංවිධානවල දේශපාලන දිශාවනතිය සමග ගැලපෙයි. එක්සත් ජනපදයේ දී, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය ඔබාමා පාලනාධිකාරයේ, ඩිමොක‍්‍රැටික් පක්ෂයේ හා වෘත්තීය සමිතිවල කම්කරු පන්ති විරෝධී පිලිවෙත්වලට ආවරනය සපයයි. නසසප මෙන්ම පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයට අනුබද්ධිතව සිටින ප‍්‍රන්සයේ නව ධනවාදී විරෝධී පක්ෂය මහ ව්‍යාපාරික සමාජවාදී පක්ෂයට සහයෝගය දෙයි.

කම්කරු පන්තිය සඳහා දේශපාලන ව්‍යසනයකින් පමනක් කෙලවර විය හැකි නසසපයේ ද්‍රෝහී පිලිවෙත් ප‍්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. විකල්පය වන්නේ, ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටන තුල නාගරික හා ගම්බද ජනතාව රැලි කරගන්නා කම්කරු පන්තියේ දේශපාලනිකව ස්වාධීන හා ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීම යි. සසප සටන් වදින්නේ එම ඉදිරිදර්ශනය සඳහා ය.

Share this article: