දෙමල ජාතික සන්ධානය, ශී‍්‍ර ලංකා යුද අපරාධවලට සුදුහුනු ගෑම කෙරෙහි විරුද්ධත්වය අත්හැර දමයි

TNA drops opposition to Sri Lankan war crimes whitewash

By Wije Dias, 9 January 2012

ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) මුලදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ (එල්එල්ආර්සී) අවසන් වාර්තාව ප‍්‍රතික්ෂේප කලේ ය. ඔවුන් එසේ කලේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි සිවිල් යුද්ධය අතරතුර ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද හා තුවාල සිදු කරන ලද සිවිල් ජනයාගේ "අභිමානය” ආරක්ෂා කිරීම සඳහා බලවත් රටවල මැදිහත්වීම වෙනුවෙන් ආයාචනය කරමිනි.

"අපරාධ කිරීමට අන දීම සඳහා බෙහෙවින් ම වගකිව යුතු අයට ශ‍්‍රී ලංකාව තුල කෙදිනකවත් චෝදනා එල්ල නොකරනු ඇතැයි යන කාරනය එල්එල්ආර්සීය විසින් දැඩි ලෙස අවධාරනය කර ඇතැ”යි වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමෙන් තෙදිනකට පසුව දෙසැම්බර් 19 නිකුත් කල ටීඑන්ඒ ප‍්‍රකාශයක සඳහන් කලේ ය. "වගකීම සඳහා ජාත්‍යන්තර යාන්ත‍්‍රනයක් ස්ථාපිත කිරීමට” පියවර ගන්නා ලෙස ටීඑන්ඒ "ජාත්‍යන්තර ප‍්‍රජාවට” ආයාචනය කලහ.

ටීඑන්ඒ ප‍්‍රකාශය, "අව්‍යාජ ප‍්‍රතිසංධානයක් සඳහා ඇති අවස්ථාවන්ට බෙහෙවින් හානි සිදු කර ඇති, යුද්ධයට ගොදුරු වූවන්ගේ අභිමානයට එල්ල කල බලවත් පහරක්” ලෙස එල්එල්ආර්සී වාර්තාව හංවඩු ගැසුවේ ය. ටීඑන්ඒ යුද්ධයේ ගොදුරු බවට පත්වූ අය වෙනුවෙන් යුක්තිය ඉටු කරලීම පිලිබඳ උනන්දුවක් නො දක්වනවාක් මෙන්ම වාර්ගික ගැටුම උසිගන්වන ලද දෙමල ජනයාට එරෙහිව ක‍්‍රමානකූලව සිදු කරන ලද වෙනස්කම් කිරීම නිමා කරලීමේ අවශ්‍යතාවක් ද එයට නැත. ටීඑන්ඒහි "ප‍්‍රතිසන්ධානයේ” අර්ථය, වැඩකරන ජනතාව අන්‍යොන්‍ය වසයෙන් සූරාකෑම සඳහා කොලඹ ආන්ඩුව හා දෙමල ප‍්‍රභූව අතර බලය-බෙදා ගැනීමේ එකඟතාවකි.

ටීඑන්ඒ ප‍්‍රකාශය, රාජපක්ෂ හා ඔහුගේ යුද්ධයට පිටුබලය සැපයූ එක්සත් ජනපදය, යුරෝපීය බලවතුන් හා ඉන්දියාව වෙත කෙරෙන තවත් නිරර්ථක ආයාචනයකි. "වගකිවයුත්තන් සඳහා ජාත්‍යන්තර යාන්ත‍්‍රනයක්” පිලිබඳ එහි ඉල්ලීමෙහි අරමුන වූයේ, සහන ලබා ගැනීම සඳහා කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම ය.

ටීඑන්ඒහි ආයාචනය අසාර්ථක වීමට නියමිතව තිබුනි. එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේ "මානව හිමිකම්” පිලිබඳ ප‍්‍රශ්නය ගසා කා ඇත්තේ, දෙමල ජනයා කෙරෙහි කිසියම් හෝ අනුකම්පාවක් නිසා නොව, කලාපය තුල එහි මූලෝපායික අවශ්‍යතාවන් තව දුරටත් ඉදිරියට ගැනීමට ය. යුද්ධය පැවැති සමයේ දී කොලඹ ආන්ඩුව චීනය සමග වර්ධනය කරගෙන තිබෙන සමීප සබඳතාවන්ගෙන් එය ඈත් කර තැබීම පිනිස පීඩනය යෙදීමට එක්සත් ජනපදය, යුද අපරාධ නඩු පිලිබඳ තර්ජනය නිසැකව ම පාවිච්චි කර තිබේ. ඉන්දියාව අනුයන්නේ ද මේ සමාන ම පිලිවෙතකි.

ජාත්‍යන්තර පීඩනය බලපෑමක් ඇති කලේ ය. බටහිර බලවතුන් හා ඉන්දියාව සමග සබඳතා අහිමි කර ගැනීමට තමන් අදහස් නොකරන බව රාජපක්ෂ ඇඟවුම් කර තිබේ. ආන්ඩුව ආර්ථික ක්ෂේත‍්‍රයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ විශ්වාස කටයුතු ලෙස අනුයන අතර එහි මිලිටරි වැඩ සටහන් එක්සත් ජනපදය හා ඉන්දියාව සමග අඛන්ඩව පවත්වා ගනියි. රාජපක්ෂ එල්එල්ආර්සීය පිහිටුවන ලද්දේ, 2009 වසරෙහි යුද්ධයේ අවසන් මාසවලදී හමුදාව සිදු කල ක‍්‍රෑර ක‍්‍රියා වෙතින් ජාත්‍යන්තර විවේචනය වෙනතක හැරවීමේ උපායක් වසයෙනි.

එල්එල්ආර්සී වාර්තාව, රාජපක්ෂ ආන්ඩුව හා මිලිටරියේ ආඥාපතියන් වගකිව යුතු, දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මරා දැමීම හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දරුනු ලෙස උල්ලංඝනය කිරීම් වසං කිරීමේ අරමුන ඇතිව ඊට සුදුහුනු ගෑම පිනිස සැලසුම් කරන ලද්දකි. (බලන්නඃ ශ‍්‍රී ලංකා කොමිෂම යුද අපරාධවලට සුදු හුනු ගායි). කෙසේ වෙතත් ප‍්‍රමුඛ හා කලාපීය බලයන්ගේ ප‍්‍රතිචාරය නිහඬ එකකි.

එල්එල්ආර්සී අනාවරනයන් පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කිරීමෙන් තොරව ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා වික්ටෝරියා නියුලැන්ඩ් හුදෙක් ඉල්ලා සිටියේ, "ශ‍්‍රී ලංකා ආන්ඩුව වාර්තාව ඉල්ලා සිටින සියලුම නිර්දේශයන් සම්පූර්න කල යුතු වනවා පමනක් නොව, වාර්තාවෙන් ආවරනය නොවන ගැටලුවලට ද එය විසඳුම් දිය යුතුව ඇත” යනුවෙනි.

ඉන්දියාව ද ඊට නොඅඩු ලෙසින් සහනශීලී විය. දෙසැම්බ්ර් 25දා නිකුත් කල නිල ප‍්‍රකාශයකින් විදෙස් කටයුතු පිලිබඳ ඇමැති, "ගැටුමේ තුවාල සුව කිරීමටත් ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව පවතිනු ඇති සාම ක‍්‍රියාදාමය හා ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලියට සම්බන්ධ ප‍්‍රශ්න විසඳාලීමට විවිධාකාර අර්ථවත් පියවර යෝජනා කිරීම” ගැනත්, එල්එල්ආර්සී වාර්තාව වග වර්නනා කලේ ය.

දිවයිනේ උතරු හා නැගෙනහිර පලාත්වලට සීමිත බලය බෙදීම ඇතුලත් බලය බෙදාගැනීමේ වැඩ පිලිවෙලකට එලැඹීමේ දී ඉන්දියාව, ”මෙම ක‍්‍රියාදාමය මගින් ඔවුන් (ශ‍්‍රී ලංකා ආන්ඩුව) සමග තවදුරටත් කටයුතු කරනු ඇති අතර හවුල්කාරිත්වයේ අභිලාෂයෙන් යුතුව” අපගේ සහාය පිරිනමනු ඇති බව ප‍්‍රකාශය සඳහන් කලේ ය.

"ජාත්‍යන්තර ප‍්‍රජාවගේ” තරවටුවට මුහුන දුන් ටීඑන්ඒ, එක්වරම එහි තානය වෙනස් කලේ ය. දෙසැම්බර් 24දා නේෂන් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡුාවක දී එහි නායක ආර්. සම්බන්ධන් මෙසේ කීවේය: "ශ‍්‍රී ලංකා ආන්ඩුවේ පසුගිය වාර්තාව සැලකූ කල මේවා යථාර්ථයක් වනු ඇතයි යන්න විස්වාස කිරීමට පෙර, එල්එල්ආර්සීය විසින් ඉදිරිපත් කර තිබෙන අනෙකුත් කවර හෝ නිර්දේශයක් ක‍්‍රියාත්මක කරන තෙක් ඉවසා සිටීමට යමෙකුට සිදු වනු ඇත.”

එල්එල්ආර්සී වාර්තාව යුක්ති සහගත එකකැයි පිලිගනිමින් ”දෙමල ප‍්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට” ආන්ඩුව සමග පැවැති ද්වි පාර්ශවීය සාකච්ඡා මාස හතරක් තිස්සේ වර්ජනය කර සිටි ටීඑන්ඒ, වහාම වර්ජනය අවසන් කර සාකච්ඡාවන්ට එලඹියේ ය. දෙමල ප‍්‍රභූ පැලන්තියේ ඉල්ලීම්වලට සීමිත සහන පවා ලබා දීමට ආන්ඩුවට අදහසක් නොතිබීම නිසාවෙන් පසුගිය ජනවාරිවල ඇරඹුනු සාකච්ඡා තුල බලය බෙදාගැනීමක් පිලිබඳ එකඟතාවක සලකුනක් හෝ නොපැවැතිනි.

පසුගිය අගෝස්තුවේ දී ටීඑන්ඒ විසින් තවදුරටත් සාකච්ඡාවලට සහභාගිවීම සඳහා සිය කොන්දේසි ඉදිරිපත් කලේ ය. උතුරු හා නැගෙනහිර පලාත් යලි-ඒකාබද්ධ කිරීම හා උතුරු-නැගෙනහිර පලාත් සභා වෙත ඉඩම් හා පොලිස් බලතල ප‍්‍රදානය කිරීම ඒ අතර විය. ඉඩම් හා පොලිස් බලතල පිලිබඳ මෙම කොන්දේසි දැනටමත් 13 වෙනි ආන්ඩුක‍්‍රම සංශෝධනයෙන් නීති ගත කර ඇති නමුත් කිසි දිනෙක ක‍්‍රියාත්මක කර නැත.

එල්එල්ආර්සී වාර්තාව එලිදැක්වීමෙන් ශ‍්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා සහාය හීන වී යාමත් සමග ටීඑන්ඒ සතුව පැවති කුමන හෝ තුරුම්පුවක සැර බාල වී යනු ඇතැයි ගනන් බලන රාජපක්ෂ ආන්ඩුව, එහි ඉල්ලීම් සරලව ම නොතකා හැරියේ ය.

එල්එල්ආර්සී වෙත එක්සත් ජනපදය හා ඉන්දියාව දැක්වූ හිතකර ප‍්‍රතිචාරවලින් අනතුරුව ආන්ඩුව, ටීඑන්ඒ ඉල්ලීම් කෙරෙහි එහි ස්ථාවරය දැඩි කර ඇත. පසුගිය මාසය මුලදී ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවට එක් වූ ජනාධිපති රාජපක්ෂ, ”ටීඑන්ඒ දෙමල ඩයස්පෝරාව මගින් මෙහෙයවනවාක් මෙන්ම, එල්ටීටීඊයේ එම ආප්තය ම දරන බව ද පෙනී යන” බව සඳහන් කරමින් උතුර හා නැගෙනහිර සඳහා පලාත්බද ස්වාධීනත්වය ලබා දීම එක එල්ලේ ම බැහැර කලේ ය.

ඒ අතර ම රාජපක්ෂ, තම ආන්ඩුව සෑම විටම වෙනත් බලවතුන් කරා හැරීමට පෙර ඉන්දියාව පලමු තැන තබා සලකන බව කියමින් නව දිල්ලියට සහනයක් පිරිනැමුවේ ය. "විශාල හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ද ඇතුලුව චීනයට අප ලබා දුන් සෑම ව්‍යාපෘතියක් ම අපි ප‍්‍රථමයෙන් ඉන්දියාවට පිරි නැමුවෙමු,” රාජපක්ෂ පුවත්පතට කීවේ ය. ජනාධිපති හා විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කිරීමට ජනවාරි මස තෙවන සතියේ දී විදෙස් කටයුතු අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්නා ලංකාවට පැමිනෙනු ඇති බව නිවේදනය කරමින් ඉන්දියාව ඊට ප‍්‍රතිචාර දැක්වී ය.

"ජාත්‍යන්තර ප‍්‍රජාව” වෙත කෙරෙන ටීඑන්ඒ යාදින්නෙහි නිරර්ථකභාවය යලි වතාවක් පෙන්නුම් කර තිබේ. දෙමල කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මූලික අවශ්‍යතාවන් සඳහා සටන් වැදීමේ එකම ක‍්‍රමය වන්නේ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිගාමී ධනපති පාලනයට සමාජවාදී විකල්පයක් සඳහා වන අරගලය තුල පන්ති පදනමක් මත ඔවුන්ගේ සිංහල හා මුස්ලිම් හවුල්කරුවන් සමග කරන ඒකාබද්ධ අරගලයකි. දෙමල ප‍්‍රභූ පැලැන්තය නියෝජනය කරන ටීඑන්ඒ මෙම අරගලයට ඓන්ද්‍රීයව ම සතුරු වන්නේ ය.

Share this article: