සිදු විය හැකි ආක්‍රමනයකට සිරියාව සූදානම් වෙයි

Syria prepares for possible invasion

By Chris Marsden , 9 July 2012

සෙනසුරාදා ඇරඹුනු විශාල පරිමානයේ අභ්‍යාසය බාහිර ආක්‍රමනයකට දැක්වෙන ප්‍රතිචාරයක් පාදක කර ගනියි. පාබල හා ගුවන් හමුදාවන් ද ජීව මිසයිල් ප්‍රහාර ද එයට ඇතුලත් ය.

"ඉහල මට්ටමක සටන් පුහුනුවක් හා සිදුවිය හැකි ඕනෑ ම ආක්‍රමනයකට එරෙහිව සිරියානු වෙරල ආරක්ෂා කිරීමේ හැකියාව” නාවික හමුදා විසින් පෙන්වා ඇතැ යි ආරක්ෂක අමාත්‍ය ඩාවූඩ් රජිහා ප්‍රකාශ කලේ ය.

සිරියාව ජූනි 22දා පැන්ටම්-4 වර්ගයේ ඔත්තු බලන ජෙට් යානය බිම දැමීමෙන් පසු තුර්කිය, දේශ සීමාවට නැවත නැවතත් ප්‍රහාරක යානා පිටත්කර හැරි අතර අතිරේක හමුදා ද බලමුලු ගැන්වීය. තුර්කිය පදනම් කරගත් සිරියාව නිදහස් කරනු හමුදාව එල්ල කෙරෙන දේශ සීමා ප්‍රහාර කවදාවත් නැති තරම් සුලභව සිදුවන අතර ලෙබනනයේ දේශසීමාව ඔස්සේ ද දැන් සටන් ඇරඹී තිබේ.

06දා තුර්කියේ හා ලෙබනනයේ සන්නද්ධ පුද්ගලයන් රටට අතුලුවීමට ගත් උත්සාහන් හමුදාව විසින් වලක්වාගත් බව සිරියාවේ සානා ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ ය. මෙහි දී ඇති වූ එක් ගැටුමක ප්‍රතිඵලය වූයේ "රටට අතුලුවූ තුවක්කරුවන්ගෙන් දුසිමක් පමන ඝාතනය වීම හා තුවාල ලැබීම යි.”

තුර්කියේ හාරෙම් කලාපයෙන් ඇතුලුවී සිටි සන්නද්ධ කන්ඩායමක් පලවාහැරීමේ දී ඉඩ්ලිබ් පලාත තුල ජීවිත හානි ඇතිවූ බව සානා තවදුරටත් සඳහන් කලේය.

07දා, උතුරු ලෙබනනයේ ගමකට සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් සිදුවූ ජීවිත හානි පිලිබඳව පරස්පර විරෝධී වාර්තා පල විය. උතුරු ලෙබනනය, බෂාර් අල් අසාද්ගේ ආන්ඩුවට විරුද්ධ හමුදාවන් සඳහා ස්ථාපිත කඳවුරක් වන අතර, සිරියාව තුල ම නිකායික බෙදීම් දෝංකාර නංවමින් එරට ද කඳවුරු දෙකකට වේගයෙන් බෙදී යමින් තිබේ.

එක්සත් ජනපදය, සෞදි අරාබිය, කටාර් හා තුර්කිය, ලෙබනනය තුල සන්නද්ධ සුන්නි මුස්ලිම් මිලිෂියාව නගා සිටුවමින් පෝෂනය කරන අතර, සිරියාවේ අසාද්ට මෙන්ම ඉරානය හා සිරියාව සමග මිතුරු, හිස්බුල්ලා සංවිධානයේ සහාය ලබන, අගමැති නජීබ් මිකාති ආන්ඩුවට ද එරෙහිව මෙහෙයවයි.

"ආරම්භයේ පටන් ම එවැනි අපරාධයන්ට පහසුකම් සැපයීමට පත් කරනු ලැබ ඇති ” ආන්ඩුවක් බව පවසමින් හිටපු අගමැති සාද් හරීරී මිකාති ආන්ඩුව හෙලා දුටුවේ ය.

අනාගත ව්‍යපාරය නම් පාර්ලිමේන්තු කන්ඩායමේ නායක ෆෝඅඩ් සිනිඕරා, ආන්ඩුව "අපරාධ හා ඝාතනයන්හි යෙදෙන කව්රු සමගත් හවුල් ය... ප්‍රමාද වීමට පෙර ගලවා ගැනීමේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා මාවත විවෘත ය” යනුවෙන් පැවසීය.

06දා සිරියාවේ මිතුරෝ රැස්වීමක සත්කාරකත්වය පැරීසිය භාරගත් අතර නැවත වතාවක්, රුසියාව හා චීනය එය වර්ජනය කලහ.

ඊට පෙර සති අන්තයේ ජිනීවාහි පැවති රැස්වීමක දී, සිරියාව සඳහා සංක්‍රමනීය ආන්ඩුවක් වෙනුවෙන් එකඟත්වය පලවූ අතර, අසාද් ඉවත්වීම සංක්‍රමනීය ආන්ඩුවක් සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ය යන ඉල්ලීම ඉන් ඉවත්කර තිබුනි. වොෂින්ටනය එම කාරනය අවධාරනය කල නමුත් මොස්කව් හා බීජනය එයට විරුද්ධ වූහ.

පැරීසියේ දී ඇරඹුනු උනුසුම් රාජ්‍යතාන්ත්‍රික විරසකයන් මධ්‍යයේ එක්සත් ජනපදය හා එහි අනුචරයෝ, අසාද් ඉවත් ව යමේ අවශ්‍යතාවය රුසියාව විසින් පිලිගෙන ඇතැ යි ප්‍රකාශ කලහ.

ජනාධිපති බෂාර් අල් අසාද් පිටුවහල් වීමෙන් පසුව ඔහුට තම රට තුල රැකවරන සපයන්නැ යි සමහර බටහිර රටවල් ඉල්ලා සිටින බව රුසියානු විදේශ ඇමති ලැව් රෝව් ඊට පසුව පැවසී ය. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ජූනි 01දා පැවති සාකච්ඡා අතරතුර දී ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් පලමුව මෙම යෝජනාව කර තිබුනි.

"අපේ පාර්ශවය එය විහිළුවක් යැයි සිතා විහිළුවකින් ම ප්‍රතිචාර දැක්වූවා. ජර්මානුවෙනි ඒ වෙනුවට, ඔබ අසාද් බාරගන්න” යයි ලැව් රෝව් ජර්මානු විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වේල් සමග පැවති මාධ්‍ය සමුළුවක දී පැවසී ය.

මෙම අදහස නැවතත් ජිනීවාහි දී මතුකල විට ඔහු "බෙහෙවින් පුදුමයට” පත් විය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැරීසියේ දී අසාද්ට උදව් කිරීම වෙනුවෙන් රුසියාව හා චීනය වෙත "වගකීම පවරන්න” යයි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා ය.

"රුසියාවට හා චීනයට එරෙහිව පෙරට එන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටින්නෙමි. පසෙකට වී සිටීම නතර කර, සිරියානු ජනතාවගේ නීත්‍යානුකූල අපේක්ෂාවන්ට සහාය දෙන ලෙස ඉල්ලීම පමනක් නොව එයට බල කල යුතුව තිබෙන” බව ද ඇය පැවසුවා ය. "අසාද් තන්ත්‍රය වෙනුවෙන් පෙනීසිටීම සඳහා රුසියාව හා චීනය වගකීමට බැඳී ඇතැයි ඔවුන් කොහෙත් ම සිතන්නේ නැත. කොහෙත් ම නැත. මෙහි නියෝජනය වන සෑම ජාතියක් ම රුසියාවට හා චීනයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැ යි ඍජුව හා වහා ම පැහැදිලිව කියා සිටින්නේ නම් පමනක් ම එය වෙනස් වනු ඇතැ ” යි ඇය තවදුරටත් පැවසුවා ය.

කටාර් අගමැති ෂීක් හමාඩ් බින් ජාසිම් අල් තානි විකල්පය ලෙස ඉදිරිපත් වන්නැ යි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයෙන් ඉල්ලී ය. "මෙම ඛේදාන්තයෙන් සිරියානු ජනතාව නිදහස් කිරීමට ගන්නා ඕනෑ ම උත්සාහයක කොටස්කරුවන් වීමට අප සූදානම් යයි ” ඔහු කීවේ ය.

සෙනසුරාදා, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනාන් ල මොන්ඩේ පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර, සිරියාව තුල තීව්‍ර වන ප්‍රචන්ඩත්වයට දේශපාලන විසඳුමක් සෙවීමේ උත්සාහයන් අසාර්ථක වී ඇති බව පැවසී ය. ඔහුගේ ප්‍රකාශය සිය ප්‍රහාරය ඉදිරියට ගෙනයාම සඳහා අවස්ථාවක් ලෙස හිලරි ක්ලින්ටන් විසින් වැලඳ ගත්තාය. සිය සාම සැලැස්ම අසාර්ථක වෙමින් පවතින බව අනාන් ජපානයේ දී කතා කරමින් පිලිගැනීම “හැම කෙනෙකුට ම නින්දෙන් නැගිටීමේ සංඥාවක් විය යුතු ය” යි ඇය පැසුවා ය.

අසාද් සඳහා "දින නියම කර ඇත” යි ඈ පැවසුවා ය. "ප්‍රචන්ඩත්වයට අවසානයත් දේශපාලන සංක්‍රමනීය ක්‍රියාවලියේ ආරම්භයත් ඉක්මනින් ඇති විය හැක. මිනිසුන් ඝාතනය කිරීම මෙන්ම සිරියාවට පමනක් නොව කලාපයට ම ඉතා අනතුරුදායක විය හැකි විනාශයකින් සිරියානු ජනතාව නිදහස් කර ගැනීමේ අවස්ථාවක් ද ඇත”.

විරුද්ධ පාර්ශ්වයේ ප්‍රහාරයන්ට සම්බන්ධ "විනාශකාරී ප්‍රතිවිපාක” පිලිගැනීම සියළු ම මාධ්‍ය ප්‍රභවයන්ට වේදනා ගෙන දුන්නත් යටින් පවතින තර්ජනය පැහදිලි ය.

එක්සත් ජනපදය ද එහි තුර්කි හා ගල්ෆ් ආන්ඩු මිතුරන් ද විසින් මේ වන විටත් සිරියාව තුල ගෙන යනු ලබන ඍජු මැදිහත්වීම් කෙරෙහි ඔහුගේ පැත්තේ වන කලකිරීමේ හා ක්‍රෝධයේ මාත්‍රයක් සැබවින් ම අනාන්ගේ සම්මුඛ සාකච්ඡාව තුලින් ප්‍රකාශ කෙරෙයි. රුසියාව හා ඉරානය සාමය කඩාකප්පල් කරමින් සිටින බව ඇතැමුන් සඳහන් කරනු ලැබුවත් "ආයුධ, මුදල් සපයන හා සිරියානු භූමියට ඇතුල්වී සිටින අනෙකුත් රටවල් ගැන පවසන්නේ නැතැ” යි ඔහු චෝදනා කලේ ය.

" තමන්ට අවශ්‍ය සාමකාමී විසඳුමක් බව මෙම රටවල් සියල්ල ම කියා සිටින නමුත් ඔවුන් ආරක්ෂක මන්ඩලයේ යෝජනාවේ අර්ථයටම හානි කෙරෙන තනි හා ඒකාබද්ධ ක්‍රියා පිලිගන්නේ” යයි ඔහු පැවසී ය.

ඔහු "විනාශකාරී තරගයක් ” ලෙස මෙය හැඳින් වූයේ ය.

ජූලි 3දා, කයිරෝවේ පැවති සිරියානු විරුද්ධ පාර්ශ්වයේ ඒකාබද්ධ රැස්වීම, බටහිර බලවතුන් අසාද් ගේ බාත්වාදී තන්ත්‍රය වෙනුවට ඇටවීමට යන තන්ත්‍රයේ ආකෘතිය තුලට තියුනු අභිනිවේෂයක් සැපයුවේ ය.

ඊට පෙර ලිබියානු සිදුවීමේ දී මෙන් මෙහිදී ද විරුද්ධ පාර්ශ්වය, ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ලෙස ප්‍රශංසාවට ලක්කෙරුනි. එහෙත් යතාර්ථය නම්, ඉස්ලාම්වාදීන්, පැරනි තන්ත්‍රයේ මූලිකයන් හා බටහිර ඔත්තු සේවා වන්ට තොරතුරු සපයන්නන් එහි ආධිපත්‍යය පිහිටුවාගෙන සිටීමයි. පශ්චාත් අසාද් සිරියාව "රිපබ්ලිකානු, ප්‍රජාතන්ත්‍රවාදී, සිවිල්, බහුපාක්ෂික” ක්‍රමයක ආන්ඩුවක් වනු ඇතැයි යන ප්‍රතිපත්ති ප්‍රකාශන, පොරෙන්දු මත අවධානය යොමුකරන නිල වාර්තා සමග කයිරෝවේ ද එවන් ප්‍රතිරූපයක් ගොඩනැගීමේ ව්‍යායාමයක් ආධිපත්‍ය දරනු ලබයි.

අධිරාජ්‍යවාදී හමුදා මැදිහත්වීමට සහාය දීම, ප්‍රධාන බටහිර පක්ෂ පෙරමුනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය, සිරියානු ජාතික සභාව, මුස්ලිම් සහෝදරත්වයේ බලපෑම හා සිරියානු කුර්දි ජනතාවට සහන සැලැසීම ප්‍රතික්ෂේප කිරීම යන කාරනා මත පැනනැ‍ඟෙන ගැඹුරු වෙනස්කම් නිසා 250ක සහභාගිත්වය ඇතිව පැවති සම්මේලනය කලහකාරී ව්‍යාපාරයක් විය.

හොම්ස්වලින් පැමිනි ප්‍රමුඛ ගෝත්‍රික නායකයෙකු වන අබ්දෙල් - ඉලා අල්-මුල්හම්, සිරියාව ඉස්ලාම් රාජ්‍යයක් විය යුතු යයි දැඩිව කියා සිටියේ ය. "විප්ලවය එලියට පැමිනියේ පල්ලියෙනි, එනිසා සුළුතරයට මාගේ ගෞරවය තිබිය දීම, අපට අවශ්‍ය මහජන ආන්ඩුවක් නමුත් සිරියාවෙන් සියයට 80ට වඩා මුස්ලිම් බව ද අප මතක තබා ගත යුතු ය” යි ඔහු කීවේ ය. ඉස්ලාම් නීතියට පටහැනිව පිරිමින් හා කාන්තාවන් සම තැන තබන නීතිවලට ඔහු විරුද්ධ විය.

විරුද්ධ පාර්ශ්වයේ නායකත්වය අධිරාජ්‍යවාදීන් විසින් පත් කෙරී ඇති තත්වය හමුවේ හා සිරියාව තුල යථා පදනමක් නොමැතිව, පිටුවහල් කල අයගෙන් සමන්විත වීම හා තරමක් දුරට එහි දේශපාලන වර්නය නිසා, සිරියානු ජාතික සභාවේ භූමිකාව විරෝධයට ලක්වුනි.

මුස්ලිම් සහෝදරත්වය සඳහා පෙරමුනක් බවට පත්වීම සම්බන්ධයෙන් සිරියානු ජාතික සම්බන්ධීකරන මන්ඩලය සිරියානු ජාතික සභාවට චෝදනා නැඟීය. අනෙක් අතට සිරියානු ජාතික සභාව, තමන්ගේ බහුතරයක හමුදා මැදිහත්වීමට විරුද්ධ වීම මගින් සිරියානු තන්ත්‍රයට වඩා සමීප වී ඇතැයි සම්බන්ධීකරන මන්ඩලය හෙලා දැකීය.

කුර්දිවරුන් ගෞරවනීය සුළුතරයක් ලෙස පිලිනොගැනීම හේතුවෙන් කුර්දි ක්‍රියාකාරීහු විරෝධය පාමින් රැස්වීමෙන් පිට වී ගියහ. ඊට පසු ගැටුම් හට ගැනුනු අතර නොයෙක් දේ එකිනෙකා වෙත දමා ගැසුනි.

සිරියානු කුර්දි ජාතික සභාවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන මෝර්ෂෙඩ් මෂූක් මෙසේ පැවසී ය, "අපි ආපසු සමුළුවට සහභාගි නොවෙමු. එය අපේ අවසාන අදහස. අපි මිනිසුන් කොටසක් වගේ ම අපට භාෂාවක් හා ආගමක් තියෙනවා, මහජනයා යන්න නිර්වචනය වන්නේ එයිනි”.

සිරියාව තුල පදනම්ව සිටින 44 "විප්ලව කන්ඩායම්වල” විෂම කොටසක් නියෝජනය කරන සිරියානු විප්ලවවාදී පොදු කොමිසම, රැස්වීම කැඳවීමට පෙරම ඉවත්ව ගියේය.

Share this article: