යුරෝපා සංගමයේ සමුලුව ආසන්නයේ තියුනු බෙදීම්

Sharp divisions on eve of EU summit

By Stefan Steinberg , 23 May 2012

ගැඹුරුවෙමින් පවත්නා යුරෝපියානු අර්බුදය ගැන සාකච්ඡා කිරීමට යුරෝපියානු නායකයෝ අද දිනයේ (23) මුන ගැසෙති. සමුලුවේ මුවවිට දී ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය ( ඕඊසීඩී) අවපාතමය ප්‍රවනතාවල වැඩිවීම සනාථ කරන වාර්තාවක් නිකුත් කලේ ය.

22 වෙනි දින නිකුත් කල ඕඊසීඩී ආර්ථික වාර්තාව, "බි‍‍‍‍‍‍ඳෙනසුලු, අතිශයින් අසංතුලිත" ජාත්‍යන්තර ප්‍රකෘතිය "යුරෝ කලාපයේ අර්බුදය මගින් පීලි පැන්නවිය හැකියැයි" අනතුරු අඟවයි.

එහි සාමාජික රටවල් 34හි වර්ධනය සඳහා ඕඊසීඩීය පූර්වාපේක්ෂා කර තිබූ වාර්ෂික වර්ධන රේට්ටුව 2011 වසරේ සියයට 1.8 සිට 2012 වර්ෂය සඳහා සියයට1.6 දක්වා පහත හෙලුවේ ය. වාර්තාව පැහැදිලි කරන්නේ ලෝක ආර්ථික වර්ධනය බාල කරන ප්‍රධාන චූදිතයා යුරෝපය බවයි. "ගෝලීය අපේක්ෂාව මුහුන දෙන තනි විශාලතම පහලට ගමන් කරන අවදානම ලෙස පවතින්නේ යුරෝ කලාපයේ අර්බුදය" යැයි ඕඊසීඩීයේ ප්‍රධාන ආර්ථිකඥ පියර් කාලෝ පාඩෝන් 22 වෙනිදා කීවේ ය.

යුරෝපීය සංගමය, යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන "ත්‍රිත්වය" විසින් බලකරන ලද පටිතද කිරීමේ පිලිවෙත්වලට දෝෂාරෝපනය කරන තාක් දුරට මහාද්වීපය පුරා නව බැංකු අර්බුදයක් මතුවීමේ අනතුර වාර්තාව අවධාරනය ක‍රයි. "යුරෝ කලාපයේ දැන් කෙරී ගෙන ‍යන සීරුමාරු කිරීම් සිදු කරන්නේ, මන්දගාමී හෝ රිනාත්මක වර්ධනයක සහ ඉහල හා වැඩෙමින් පවත්නා රාජ්‍ය නය ගැතිභාවය, දුර්වල බැංකු පද්ධති, ආන්තික මූල්‍ය සංස්ථාපනය හා අව වර්ධනය අලලා ගත් විෂම චක්‍රයක නය කපාදමන, අවදානම් උග්‍ර කරන තත්වයක් යටතේ" බැව් එය සඳහන් කරයි.

වාර්තාව, යුරෝපයේ විශාල පෙදෙස් ගැඹුරු වෙමින් පවත්නා අවපාතය කරා වන ප්‍රවනතාවක පසුවන බව මෙම මාසය මුලදී යුරෝස්ටැට් විසින් සටහන් කිරීම තහවුරු කරයි. යුරෝ කලා‍පයේ රටවල් 17න් 7ක් නිල වසයෙන් අවපාතයේ පසුවන බව යුරෝස්ටැට් වාර්තා කලේ ය. සමස්තයක් වසයෙන් අවපාතය වලක්වා ඇති එකම කාරනය වන්නේ ජර්මන් ආර්ථිකයේ ශක්තිමත් වර්ධනය යි. එහි අපනයන ලෝකයේ අනෙකුත් රටවල්වලට, විශේෂයෙන් චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ආසියාව වෙත ව්‍යාප්ත කිරීම මගින් යුරෝපයේ දුර්වල වෙලඳපොලවල්වලට සහන පිරිනැමීමට ජර්මනියට හැකිව තිබේ.

තනි තනි යුරෝපීය රටවල් අතර වැඩෙන ආර්ථික පරතරයට සමගාමීව වේගයෙන් පාලනයෙන් පිටතට පනිමින් තිබෙන ආර්ථික අර්බුදයක් සමග ගනුදෙනු බේරාගන්නේ කෙසේද යන්න මත දේශපාලන වෙනස්කම්ද වැඩෙමින් පවතී.

පසුගිය සති අන්තයේ දී කෑම්ප් ඩේවිඩ්හි පැවැති ජී8 සමුලුවේ සිදුවීම් මධ්‍යයේදී එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ජර්මනියට එරෙහිව ප්‍රන්සය සමග පෙල ගැසුනේ ය. පසුගිය 21 වෙනි දින චිකා‍ගෝවල දී අවසන් වූ නැටෝ සම්මේලන‍ෙය් දී යුරෝපා අර්බුදයේ තේමාව වෙත පෙරලා පැමිනි ඔබාමා, ග්‍රීක ආර්ථික‍ෙය් බිඳවැටීමක් හා ස්පාඤ්ඤය හා ඉතාලිය කරා ව්‍යාප්ත වෙමින් පවත්නා හා බැංකු පද්ධතියේ බිඳවැටීමක් වැලක්වීමට ප්‍රන්සය ඉදිරිපත් කල යෝජනා ගනනාවකයට සහය දීමට පැහැදිලිව ම පෙරට ආවේ ය.

ප්‍රධාන වසයෙන් නව ආකාරයක-යුරෝපීය මූල්‍ය ක්‍රමයක් (ඊනියා යුරෝ බැඳුම්කර) හඳුන්වා දීම, පහල පොලී අනුපාත, යුරෝපීය "වර්ධන මූලෝපායක්," හා බැංකුවලට යෝධ ‍මුදල් පොම්ප කිරීම හරහා යුරෝපා ඇපබැඳීම් අරමුදල් සැලකිය යුතු ආකාරයකින් වැඩි කිරීම ප්‍රන්ස යෝජනාවලට ඇතුලත් ය.

නමින් සඳහන් නොකලත් ඔබාමාගේ සැඳහුම් පලල් වසයෙන් විස්තර කරනු ලැබුවේ යුරෝපයේ විශාලතම ආර්ථිකය ද ලෝකයේ හතරවැනි විශාලතම ආර්ථිකය ද වන එමෙන් ම බැංකුවලට ප්‍රතිප්‍රාග්ධනායනය කිරීමට හා තෝරාගත් යටිතල පහසුකම් වැඩපිලිවෙල් සඳහා ප්‍රමානවත් අයුරින් අරමුදල් යෙදවීමට වඩ ‍වඩාත් මුදල් යෙදවීමට ජර්මනිය මත පීඩනය දැමීමේ වෑයමක් වසයෙනි. එමෙන්ම ප්‍රන්ස සැලැස්මට බ්‍රිතාන්‍ය ආන්ඩුවේ හා ඉතාලියානු අගමැති මාරියෝ මොන්ටිගේ සහය ලැබෙයි.

ඔහුගේ රටේ බැංකු පවත්වා ගෙන යාමට නොහැකි වීමේ තර්ජනය පිලිබඳ කනස්සල්ලට පත්ව යුරෝ බැඳුම්කර ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් ගත වෙනු ඇතැයි මැසිවිලි නැගූ ස්පාඤ්ඤ අගමැති මාරියානෝ රාජෝයි ඉතා කඩිනම් මූල්‍යමය ආධාර බලාපොරොත්තුවෙන් සිටින බව පැහැදිලි කලේ ය.

23 දා පැවැත්වෙන සමුලුවේ න්‍යාය පත්‍රයට තවත් ක්‍රියාමාර්ග ගනනාවක් සමග යුරෝ බැඳුම්කර ස්ථාපනය කිරීම ඇතුලත්කිරීමට ප්‍රන්ස ආන්ඩුව අදහස් කරගෙන සිටි බව 21 වෙනි දින ප්‍රන්ස මුදල් ඇමැති පියරේ මොස්කොවිසි මාධ්‍යකරුවන්ට ප්‍රකාශ කලේ ය.

බර්ලිනයේ ප්‍රතිචාරය එදිනම පැමිනි අතර එය රලුපරලු එකක් විය. ජර්මානු මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් කතා කරමින් ‍ස්ටෙෆාන් කැම්පීටර් ජර්මානු රාජ්‍ය ගුවන් විදුලියට මෙසේ කීවේය: "යුරෝපයේ මූල්‍ය පිලිවෙත ඒකාබද්ධ නොකරන තාක් කල් යුරෝ බැඳුම්කර හරහා පොදු මූදල් යෙදවීමකට යාම අප එකහෙලා ප්‍රතික්ෂේප කරන බව අපි හැමවිටම පැහැදිලි කර තිබෙනවා."

ජර්මානු ව්‍යාපාර ක්ෂේත්‍රයේ බලගතු කන්ඩායම් ජර්මානු ආන්ඩුවේ හා මුදල් අමාත්‍යාංශයේ ස්ථාවරය සඳහා තමන්ගේ සහය පල කලෝ ය. හැන්ඩ්ල්ස්බ්ලාට් පුවත්පතේ 22 වෙනිදා කලාපය, ගිලන් වෙමින් පවත්නා යුරෝපීය ආර්ථිකයන්ට ඇප බැඳීමට ජර්මනිය මොනයම්ම හෝ ආකාරයෙන් ප්‍රධාන ගනයේ අලුතින් මුදල් එන්නත් කිරීමකට හෝ යුරෝ බැඳුම්කරවලට එකහෙලාම විරුද්ධව බව තර්ක කරන ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන්ගේ හා ආර්ථික විද්‍යාඥයින්ගේඅදහස් පලකිරීම්වලින් පිරී තිබුනි.

මෙම සමලුවට පූර්ව-විවාදයට සම්බන්ධ වූ තවත් වැදගත් පුද්ගලයෙක් වූයේ වර්තමානයේ යුරෝපා මහ බැංකු (ඊසීබී) නිලධාරී මන්ඩලය තුල ජර්මනිය නියෝජනය කරන ජෝග් ඇස්මුසෙන් ය. 21 වෙනි දින ඊසීබියේ ආසනය වන ෆ්‍රැන්ක්ෆර්ට් ඇම් මෙයින්හිදී පැවැත් වූ කතාවක දී ඇස්මුසෙන් යුරෝ කලාපය සඳහා ශක්තිමත් මූල්‍යමය පාලනයක් සඳහා කැඳවුම් කල අතර පවත්නා මූල්‍ය පනත පිලිබඳ යලි සාකච්ඡා කිරීමක් සිදු නොවනු ඇති බව අවධාරනය කලේ ය. "වර්ධන සංරචකයක" කේන්ද්‍රයේ ම ශ්‍රම වෙලඳපොල "ප්‍රතිසංස්කරන" පැවතිය යුතු බැව් හෙතෙම අවධාරනය කලේ ය.

ඇස්මුසෙන් යුරෝ බැඳුම්කර විසඳුමකට යාම ද ඉවත දැම්මේ ය. යුරෝපීය අයවැයෙන් හා මූල්‍යමය ගනුදෙනුවකින්, නො‍එසේනම් ටොබින්, බද්දකින් මුදල් යෙදවීම හරහා අරමුදල් සම්පාදනය කරන ද්වි-ආකාර යුරෝපයක් සඳහා වන ඔහුගේ සැලැස්ම ද ඔහු යෝජනා කලේ ය. යුරෝපා සංගමය බෝල්කන් හා තුර්කිය කරා ව්‍යාප්ත කිරීම සඳහා වන යෝජනාව පෙරදැකිය හැකි අනාගතයක් තෙක් ඉවත දැමීමට ද ඇස්මුසෙන් තර්ක කලේ ය.

වර්ධන සංරචකයක් සමන්විත විය යුත්තේ කුමකින් ද, ඒ සඳහා ගෙවන්නේ කවුරුන් ද යන්න පිලිබඳ යුරෝපයේ සැලකිය යුතු බෙදීම් පවතින අතරේ, ජර්මන් මොඩලය මත පදනම් වූ අඩුවෙන් ගෙවන පද්ධතියක් සෑම රටකම ස්ථාපිත කිරීම සඳහා ශ්‍රම වෙලඳපොල "ප්‍රතිසංස්කරන" හඳුන්වා දෙමින් කප්පාදු පිලිවෙත් අඛන්ඩව ම ගෙන යා යුතුයි යන්න ගැන සෑම යුරෝපීය රටකම ද, එක්සත් ජනපදය හා ඕඊසීඩි පාර්ශවවල පුලුල් එකඟතාවක් පවතී.

Share this article: