හවුලා සංහාරයෙන් පසුව එක්සත් ජනපදය සිරියාවට මිලිටරිමය ලෙස මැදිහත්වන බවට තර්ජනය කරයි

US threatens military intervention in Syria following Houla massacre

By Chris Marsden, 29 May 2012

සිරියාවේ හවුලාහි දී පුද්ගලයන් 100කට වැඩි ගනනක් සංහාරයට ලක්කිරීම එක්සත් ජනපදය, අනෙකුත් බටහිර බලයන් හා ගල්ෆ් රාජ්‍ය්‍යන් විසින් පැහැරගනු ලබන්නේ සිරියාව තුල තම ඉලක්කය වන තන්ත්‍ර මාරුවක් සඳහා ධාවනය වේගවත් කිරීමට යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා ඇති ලෙස සිකුරාදා ඝාතනය වූවන් අතරට ලමුන් තිස් දෙදෙනෙක් හා කාන්තාවන් 34දෙනෙක් අයත් වෙති.

ඊයේ ෆොක්ස් නිව්ස් වෙත අදහස් දැක්වූ එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාටින් ඩෙම්සි මෙසේ කීවේ ය: “සත්‍ය වසයෙන් ම මිලිටරිමය විකල්පයක් සෑමවිට ම තිබෙනවා. මෙම සංහාරයන් හේතුවෙන් එම විකල්පය සිරියාවට අදාල වන මොහොත පැමිනිය හැකි ය.”

ඔහුගේ අදහස් දැක්වීම්වලින් පසුව වොෂින්ටනයෙන් යුදකාමී ප්‍රකාශ මාලාවක් පැමිනියේ ය. “මිනීමැරීම හා බියගැන්වීම මගින් පාලනය ගෙන යන -ඒ නිසා ම එම පාලනය අවසන් විය යුතු -(සිරියානු ජනාධිපති බසාර්) අසාද් හා ඔවුන්ගේ සහචරයන් මත පීඩනය තීව්‍ර කිරීමට එක්සත් ජනපදය ජා‍ත්‍යන්තර ප්‍රජාව සමග වැඩ කරනවා” එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියා සිටියා ය. හවුලා ප්‍රහාරය වනාහි “නීති-විරෝධී තන්ත්‍රයක් පිලිබඳ නින්දිත සාක්ෂියක්” යයි ධවල මන්දිරය කීවේ ය.

සවුදි අරාබිය හා කටාරය නාකත්වය දෙන ගල්ෆ් ‍ සහ‍යෝගිතා කවුන්සිලය යලි වතාවක් ඍජු මිලිටරි මැදහත් වීමක් සඳහා උනන්දු කරමින් සිටී. "සිරියානු ජනතාවට එරෙහිව සිද්ධ කරන මර්දනී භාවිතයන් අවසන් කිරීම සඳහා පියවර ගැනීමට‍” අමාත්‍ය රැස්වීමක් කැඳවීමට තමන් ආයාචනා කරන බව අරාබි ලීගයේ වත්මන් නාකත්වය දරන කුවේටය නිවේදනය කලේ ය.

තුර්කියේ පදනම් වන හා වොෂින්ටනය හා එහි සගයන් විසින් අරමුදල් සැපයෙන හා සංවිධානය කරනු ලබන නිදහස් සිරියානු හමුදාව (එෆ්එස්ඒ) තමන් තවදුරටත් එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කො‍ෆි අනන් කපුකම් කල සටන් විරාමයට කැප නො වන බව ප්‍රකාශ කලේ ය. "සිවිල් වැසින් ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල්‍ය ක්ෂනික පිවර නො ගතහොත් අනන්ගේ සැලැස්ම නරකාදිට යාමට නිමිත” යි කින ප්‍රකාශයක් එය නිකුත් ක‍ලේය .

බලය පාවිච්චි කිරීම බලාත්මක කරන 7වන පරිච්ඡේදය යොදාගැනීම මගින් "සිරියානු ජනතාව ආරක්ෂා කරගැනීමට” හදිසි සමුලුවක් කැඳවා දැඩි පියවර ගන්නා ලෙස බටහිර පි‍ටුබලය ලබන සිරියානු ජාතික කවුන්සිලය (එස්එන්සී) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට කැඳවුම් කර ඇත.

ඔබාමා පරිපාලනය මේ දක්වා සිය උත්සාහයන් එෆ්එස්ඒ හා එස්එන්සී වැනි සුන්නිවරුන් මත පදනම් වන ආදේශක බලයන්ට සහ රැලි කරගැනීම සඳහා අසාද් තන්ත්‍රය අස්ථාවර කිරීමට සීමා කර ඇත. එහෙත් එ ඍජු මැදිහත් වීමක් සඳහා අවශ්‍ය දේශපාලන පිටුබල්‍ය තහවුරු කරගැනීමට හවුලාහි ඛේද ජනක සිද්ධි මත වාරුවීමට මාන බලමින් සිටී. මෙහි අර්ථය වන්නේ රුසියාවේ සහාය රැලි කරගැනීම හෝ අසාද් පහකිරීමට ගන්නා කිසිදු පිවරකට මොස්කෝව දක්වන විරුද්ධත්වය අකර්මන්‍ය කිරීම යි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හවුලා ඝාතනවල දී "නේවාසික අසල්වාසයක් මත ආන්ඩුවේ කාලතුවක්කු හා යුද ටැංකිවලින් කල ප්‍රහාර මාලාවක්” හෙලාදකිමින් කල නො බැඳි ප්‍රතාශයක් ඉරිදා ඒකමතිකව සම්මත කලේ ය. "සමීප සීමාවේ සිට කල වෙඩිතැබීම් හා බරපතල ශාරීරික වධ බන්ධන මගින් සිවිල් වැසින් මැරීම” හෙලා දැකීම දක්වා ප්‍රකාශය ඉදිරියට ගියේ ය.

එහෙත් පැහැදිලි නො එකඟතාවන් තිබේ. තන්ත්‍ර මාරුවක් මැද පෙරදිග තුල තමන්ගේ ප්‍රමුඛ පදනම තමන්ට අහිමි කොට වොෂින්ටන් හිතවාදී සුන්නි තන්ත්‍ර වලල්ලක් මගින් ෂියා ඉරානය වටකොට කලාපයේ තෙල් සම්පත් මත එක්සත් ජනපදයට අනභියෝගී ආධිපත්‍යයක් තහවුරු කරදෙති යි මොස්කෝව බියට පත් වේ.

"විදෙස් මැදිහත්වීමකින් තොරව” දමස්කසය සිය ගැටලු විසඳා ගැනීම තමන්ට අවශ්‍ය බව ඊයේ එක්සත් රාජධානියේ විදේශ ලේකම් විලියම් හේග් සමගින් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් කීවේ ය. "කාන්තාවන් හා ලමුන් දුසිම් ගනනක් ඇතුලුව අහිංසක මිනිසුන්ගේ මරනවලට දෙපාර්ශ්වය ම පැහැදිලි ලෙස වගකිව යුතු යි, මේ ප්‍රදේශය පාලනය කරන්නේ කැරලිකරුවන්. ඒ වගේ ම මේ ප්‍රදේශය ආන්ඩුවේ හමුදා විසින් වට කරලයි තියෙන්නේ” යයි ඔහු කියාගෙන ගියේ ය. හවුලා වෙත ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩුවේ හමුදා කාලතුවක්කු හා යුද ටැංකි පාව්ච්චි කල බවට සැකයක් නැතත් මැරුනු බොහෝ අය ආසන්නයේ සිට වෙඩි තබනු ලැබ හෝ වධ බන්ධන්‍යන්ට ලක්කොට තිබුනේ යයි ඔහු කීවේ ය.

"සිදු‍වෙමින් පවතින දෙයට ප්‍රධාන වගකීම” අසාද්ගේ ආන්ඩුව දැරුවත් "පැහැදිලිව ම අල් කයිඩා මුද්‍රාව” ඇති බෝම්බ දමන ත්‍රස්තවාදීන්ට එය මුහුන දෙමින් සිටී යයි ඔහු කියාගෙන ගියේ ය.

ඔබාමා පරිපාලනය ප්‍රසිද්ධියේ අවධානය යොමු කරමින් සිටින්නේ යේමනයේ බලය මාරුවීම ආදර්ශ කල ආකාරයට අසාද් අදියර කීපයකින් බලයෙන් ඉවත්වීම සඳහා රුසියාවේ සහාය රැලිකර ගැනීමට යි. රුසියාව සමග සාකච්ඡා පැවැත්වීම මගින් ඔබාමා “දුර්වල” විදෙස් පිලිවෙතක් වැලඳගෙන ඇතැ’යි රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් මැකේන් ඔහුව හෙලා දකිද්දී ජනාධිපතිවරනයේ ඔබාමාගේ රිපබ්ලිකානු ප්‍රතිවාදියා වන මිට් රොම්නි, “සිරියානු විරුද්ධ පාක්ෂික කන්ඩායම්වලට තමන්ව ම ආරක්ෂා කරගත හැති වන පරිදි ඔවුන්ව සංවිධානය කොට සන්නද්ධ කිරීමට” එක්සත් ජනපද්‍ය "තම පාර්ශවකරුවන් සමග වැඩකල යුතු” යයි අවධාරනය කලේ ය.

පසුගිය වසරේ ලිබියාවේ දියත් කල පන්නයේ ඍජු නැටෝ-නියාමක ප්‍රහාරයක් දියත් කිරීමට ඔබාමා මැලි වී තිබේ. ඇමරිකාව වෙනුවෙන් තුර්කිය හා ගල්ෆ් තන්ත්‍රයන් විසින් දියත් කරනු ඇත්තා වූ පූර්න පරිමාන ආදේශක යුද්ධයක් බවට ක්ෂනිකව පත්වන දෙයක් සඳහා ධවල මන්දිරය දැනටමත් වටරවුමෙන් කරමින් සිටින දෙය ඔබාමාගේ රිපබ්ලිකානු විවේචකයෝ විවෘතව ප්‍රකාශ කිරීම පමනක් කරති.

හවුලා හා සිරියාවේ සිවිල් යුද්ධය පිලිබඳව ප්‍රධාන බලයන් හා මාධ්‍ය විසින් කියනු ලබන කිසිවක් මතුපිට වටිනාකමින් ගත නො හැක. අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් සඳහා සාධාරනීකරනයක් සම්පාදනය කිරීමේ දී පැරනි යුගෝස්ලාවියාව හා වෙනත් තැන්වල අපරාධ ඉටුකල දේශපාලනික භූමිකාව ට ම සේවය කිරීමට හවුලා පිටුපස ඔවුහු ගාල් වෙති.

ප්‍රථමයෙන් කිවයුත්තේ තවමත් නීර්නය නො වී පවතින මෙම සිද්ධි පිලිබඳ පූර්න තක්සේරුවක් නැති බවයි.

පැය නවක් පුරා පැවතුනු ගැටුම් ආරම්භ වූයේ "මැෂින් තුවක්කු, මෝටාර් හා යුද ටැංකි-නාශක මිසයිලවලින් දැඩි ලෙස සන්නද්ධ වූ භටයන් සිය ගනනක්” සිරියානු හමුදා කඳවුරු පහකට ප්‍රහාරයක් දියත් කිරිමෙන් පසුව යයි සිරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ජිහාඩ් මැක්දිස්සි කීවේ ය. ප්‍රදේශයේ හමුදා ස්ථාන පහක් ප්‍රහාරයට ලක් වී යුද භටයන් තිදෙනෙක් මැරී 16ක් තුවලා ලදැ’යි ඔහු කීවේ ය. ගැටුම තුල දී "ලමුන්, ගැහැනුන් හා අනෙකුත් අහිංසක ජනයා ඔවුන්ගේ නිවෙස්වල දී ම ඝාතන්‍ය කෙරුනා, එය සිරියානු හමුදාව කරන දෙයක් නෙවෙයි. මරා දැමුනු ක්‍රම කෲරයි” යනුවෙන් ඔහු කීවේ සිදු වූ මරන පිලිබඳව ත්‍රස්තවාදීන්ව හෙලා දකිමිනි.

හමුදා හා කැරලිකරුවන් අතර ගැටුම් පැවති බව පිලිගත් විරුද්ධ පාක්ෂික ක්‍රියාධරයෝ මරන පිලිබඳ වගකීම ආන්ඩුවට හිතවාදී "ෂාහිබා” අතිරේක හමුදාවට පැවරූහ.

මරනවලට ප්‍රධාන හේතූන් වන්නේ කෙටිදුර තුවක්කුවලින් කල වෙඩිතැබීම් නිසා සිදු වූ තුවාල, පිහියෙන් ඇනීම් හා "දැඩි ශාරීරික වධ බන්ධන” බව පිලිගන්නා අතරේ "කාලතුවක්කු හා යුද ටැංකි ප්‍රහාර දියත් කරන‍‍‍ ලද්දේ නේවාසික නිවහන් ප්‍රදේශයක සිට” බව ප්‍රකාශ කරමින් සිරියාවේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරේ ප්‍රධානී මේජර් ජෙනරාල් රොබට් මූඩ් වාර්තාවක් නිකුත් කලේ ය.

"සිරියානු බිමේ දී මා කුමක් දැනගත්තත්... මා තීරනවලට හැල්මේ පැනගත යුතු නැහැ” යනුවෙන් කී බවට මූඩ්ව උපුටා දක්වනු ලැබ තිබේ.

මැයි 10දා 55 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ කාර් බෝම්බ ප්‍රහාර වැනි මීට කලින් සිදු වූ අපරාධවල දී, බෙදාහදාගෙන දොස් පැවරීම අවශ්‍ය වූ විට දී, මාධ්‍ය හා බටහිර දේශපාලකයන් ප්‍රතිචාර දැක්වූයේ වඩා අඩු කෝපයකින් හා වඩා ප්‍රවේසම් සහගතව බව යලි මතකයට ගත යුතු ය. එහි දී මේ හා ඒ සමාන ත්‍රස්ත ප්‍රහාර අල් කයිඩාවේ ක්‍රියා ලෙස අනුමාන කල යුතු නැතැයි කී ඔවුහු ඒවා අසාද් තන්ත්‍රයේ ප්‍රකෝපකරනයන් ය යනුවෙන් විරුද්ධ පාර්ශව කල චෝදනා අවිවේචනාත්මකව උපුටා දැක්වූහ. එහෙත් මැයි 18 දා, එක්සත් ජාතීන්ගේ මහලේකම් බං කී-මුන් කුඩා මාධ්‍ය අදහස් දැක්වීමකට පුසිද්ධියේ ප්‍රකාශ කල පරිදි: “මගේ විශ්වාසය වන්නේ ප්‍රහාරය පිටුපස අල්-කයිඩාව සිටින බවයි. මෙය නැවතත් ගැඹුරු ගැටලු මතුකොට තිබෙනවා.”

එක්සත් ජනපදයත් එහි යුරෝපා හා මැද පෙරදිග සහකරුවෝත් හවුලාහි සැබෑවට ම සිදු වූ දෙය සිරියානු ජනයාගේ පොදු වධවේදනා කෙරෙහි තරම්ම නො තකන සුලු වෙති. "අවංකව කියතොත් මෙම අපරාධයට හේතු වූ සැබෑ සිද්ධි ගැන තැකීම අනවශ්‍ය ය. සත්‍ය කාරනය වන්නේ මෙය අපරාධයක් බව හා එය සිරියානු ආන්ඩුව විසින් කරන ලද අපරාධයක් බව” යි යනුවෙන් බ්‍රිතාන්‍ය තානාපති මාක් ලියාල් ග්‍රාන්ට් ප්‍රකාශ කලේ ය.

හවුලා සිදුවීම් පිලිබඳ අවසාන වගකීම දරන්නේ අසාද් තන්ත්‍රය බලයෙන් පහකර දමා එහි තැනට එක්සත් ජනපදය ආධිපත්‍යය දරන මූලෝපායික මැද පෙරදිග සංධානයකට මුලුමනින් ම යටත් ආන්ඩුවක් ගෙන ඒමට කැපවුනු කන්ඩායමික සුන්නි කැරලිකාරීත්වයක් වර්ධනය කොට සන්නද්ධ කල වොෂින්ටනය හා එහි සහචරයෝ ය.

හවුලා සංහාරයට දැක්විය යුතු එකම නීත්‍යානුකූල ප්‍රතිචාරය වන්නේ වොෂින්ටනය හා එහි ආධාරකරුවන් සිරියාවට එරෙහිව කරන කුමන්ත්‍රන හා එය පහකිරීමට දරන ආයාසයන් අවසන් කරන ලෙස කරන බලකිරීම් දෙගුන කිරීම යි. තමන්ගේ ම අනාගතය නීර්න්‍ය කිරිම ද ධනේශ්වර අසාද් තන්ත්‍රය සමග මෙන් ම සිය ජාත්‍යන්තර ආධාරකරුවන්ට‍ ස්තුති වන්නට විපාර්ශවට මත වර්තමානයේ ආධිපත්‍යය දරන ධනේශ්වර හා කන්ඩායමික බලයන් සමග ගනුදෙනු බේරාගැනීම සිරියානු කම්කරුවන්ට හා ගොවීන්ට බාර ය.

Share this article: