ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතා වර්ජනයක යෙදෙති

By Kapila Fernando, 10 May 2012

ශ‍්‍රී ලංකාවේ සියලුම සරසවිවල ආචාර්යවරු අපේ‍්‍රල් 26 වන දින වැටුප් වැඩි කිරීම හා තවත් ඉල්ලීම් මත එක් දින සංකේත වර්ජනයක නිරත වූහ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට මෙම සංකේත විරෝධතාවය කැඳවීමට සිදු වූයේ පසුගිය වසරේ මාස තුනක් ඇදී ගිය වර්ජනය ආන්ඩුවේ හිස් පොරොන්දු මත පාවාදීමෙන් පසු, තමන්ගේ මූලික ඉල්ලීම් දිනා ගැනීම සඳහා අරගලය කිරීමේ වුවමනාව ආචාර්යවරුන් අතර යලිත් වර්ධනය වන තතු තුල ය.

එදින කොලඹට රැස්වූ දහසකට අධික ආචාර්යවරු කොලඹ සරසවියේ විද්‍යා පීඨයේ සිට කිලෝ මීටර් දෙකක් පමන පාගමනකින් ගොස් මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ රැස්වීමක් පැවැත්වූහ. වර්ජනයේ යෙදුනු රුහුනු සරසවියේ ආචාර්යවරුන් කොලඹ පැවැති විරෝධතාවට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා පොලීසිය මැදිහත් කෙරින. ඔවුන් පැමිනි බස් රථ කොලඹට ආසන්නයේ පිහිටි අඟුලාන පොලිස් මාර්ග බාධකයේ දී නවතා ප‍්‍රශ්න කිරීමටත්, හැඳුනුම්පත් පරීක්ෂා කර නම් සටහන් කර ගැනීමටත් ආන්ඩුව විසින් පොලීසිය මෙහෙයවා තිබුනි.

පොලිස් ප‍්‍රශ්න කිරීම සිදු වූයේ ආන්ඩුවේ ඉහලින් ලැබුනු අනදීමක් මත බව එහි සිටි උසස් පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර තිබේ. ශිෂ්‍ය හා කම්කරු අරගල රජයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක කොටසක් ලෙස හෙලා දකින අයුරින්, ගිය වසරේ ආචාර්යවරුන්ගේ වර්ජනයට ද ආන්ඩුව පහර දුන්නේ ය. ආන්ඩු හිතවාදී ශිෂ්‍යයන් කීපදෙනක් යොදවා වර්ජනය තහනම් කිරීම සඳහා උසාවි නියෝග ද ලබා ගත්තේ ය.

ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 57,000 සිට 168,000ක් දක්වා හා කනිෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 20,750 සිට 70,000 දක්වා වැඩි කිරීම ඇතුලූ වැටුප් ඉල්ලීම් ද, අධ්‍යාපනයේ වර්ධනය සඳහා අවශ්‍යවන පර්යේෂන දීමනා, නේවාසික පහසුකම් හා රටේ අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරලීම, පුද්ගලික සරසවි ඉදිකිරීම වෙනුවට රජයේ සරසවිවල භෞතික හා මානව සම්පත් නංවාලීම ද ඔවුනගේ ඉල්ලීම් අතර විය.

ආසියාවේ පහලම වැටුප් ලබන ශී‍්‍ර ලංකාවේ සරසවි ආචාර්යවරුන්ට 2006 සිට වැටුප් වැඩි වීමක් ලබා දී නොමැත. පසුගිය වසරේ ගෙන ගිය අරගලයෙන් ඔවුනගේ මූලික වැටුපේ කිසිදු වැඩි වීමක් සිදු නොවුනු අතර සේවක අර්ථසාධක අරමුදලට හෝ විශ‍්‍රාම යෑමේ දී ලැබෙන පාරිතෝෂිකයට බල නොපාන දීමනාවන්හි වැඩි වීමක් පමනක් සිදු කෙරින. ඒ යටතේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙකුට රුපියල් 15,000 ද පරිවාස කථිකාචාර්යවරයෙකුට රුපියල් 1,500 ද සොච්චම් දීමනා වැඩිවීමක් සිදු වූ අතර එය පිලි ගනිමින් සමිති නායකත්වය විසින් වර්ජනය නවතා දැමුවේ වෘත්තීය සමිතියක් වශයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ප‍්‍රකාශ කරමිනි.

පසුගිය ජූලි මාසයේ දී අරගලය අවසන් කිරීමේ දී ආන්ඩුව හා සමිති නායකත්වය අතර වූ සම්මුතිය වූයේ වසර තුනක් ඇතුලත වු අය-වැය මගින් වැටුප් වැඩි වීම සිදු කෙරෙන බවටයි. නමුත් මෙවර අයවැයේ දී (2012) වැඩි කර ඇත්තේ රුපියල් 300 ක් තරම් මුදලකි. රාජ්‍ය භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර සමග පැවති සාකච්ජාවල දී ඔහු සමිති නායකයන් වෙත පවසා ඇත්තේ තවදුරටත් වැටුප් වැඩි කිරීමක් පිලිබඳව සලකා බැලිය නො හැකි බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා සමාජ වියදම් දිගින් දිගටම කප්පාදු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝගයන් ලංකාව තුල ද වේගවත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගෙන ඇති අතර පැන නගින කම්කරු හා තරුන සටන් මැඩලීම සඳහා පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී.

2006 සිට සමස්ත රාජ්‍ය අංශයේ ම වැටුප් වැඩි කිරීමක් සිදු කොට නොමැති තත්වය තුල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් උද්ඝෝෂන පැන නැංවනු ඇතැයි යන භීතිය රාජපක්ෂ පසු ගිය උද්ඝෝෂනය මැද දී මතු කලේ ය. "මට කියන්නේ මුදල් අච්චු ගසා ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන්න ද?” යි ඔහු ප‍්‍රශ්න කලේ ය.

ආචාර්යවරුන්ගේ අරගලයට සමගාමීව, අධ්‍යාපන පුද්ගලීකරනයට හා අඩු පහසුකම්වලට මුහුන දී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ද, සරසවි අනධ්‍යන සේවකයන් ඇතුලූ අවශේෂ කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ද අරගල පසුගිය කාලපරිච්ජේදය පුරාම වර්ධනය වූයේ ජාමුඅ කප්පාදු පියවරවලට එරෙහිව ය.

කොලඹ දී පැවති රැස්වීම ඇමතූ සමිති නායකයෝ මේ ප‍්‍රශ්න ගැන කිසිවක් කථා නො කරමින් රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව හා පුද්ගලීකරනය ලංකාවේත් ලෝකය පුරාමත් ධනවාදයේ අර්බූදයේ කොටසක් ය යන්න දැනුවත්ව යටපත් කලේ ය. ආන්ඩුවේ "නාස්තිකාර වියදම්” කපා හැරිය හොත් අධ්‍යාපනය සඳහා තව දුර වියදම් කල හැකි බව ද ඔවුහු කීහ.

සමිති සම්මේලනය රැස්වීමේ දී බෙදා හැරි පත‍්‍රිකාවේ "සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල් තමන්ගේ ධනවත් බව කෙසේ වෙතත් මෙම නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටී” යනුවෙන් සඳහන් සඳහන් කර ඇත. මෙය එකී රටවල අධ්‍යාපනය ඇතුලු සුබසාධනවලට එල්ල කෙරෙන බලගතු ප‍්‍රහාරයන් දැනුවත්ව ම වසන් කිරීමකි. අධ්‍යාපනයට එල්ල වන ප‍්‍රහාරය ජාත්‍යන්තරව ම සිදු වන්නකි.

ආචාර්ය සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි රැස්වීමේ දී ප‍්‍රකාශ කලේ: "අධ්‍යාපන පුද්ගලීකරනය ඇතුලූ වානිජ පරමාර්ථ මුල් කරගත් වෙලඳපල අවශ්‍යතා සඳහා ශ‍්‍රමිකයන් බිහි කිරීමේ ආකල්පය හා අධ්‍යාපනය ශිෂ්ඨාචාරයේ ඓන්ද්‍රීය කොටසක් ය යන අපගේ ආකල්පය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය තුල දී ගැටී ඇති බවයි. ඒ හුස්මට ම, දේවසිරි කියා සිටින්නේ ශිෂ්ඨාචාරමය වශයෙන් වැදගත් වූ අධ්‍යාපනය දිනා ගත හැක්කේ මේ දෙපාර්ශවය සමග සාකච්ඡාවකින් බවයි.

පසුගිය දීර්ඝ විරෝධතා ව්‍යාපාරයේ දී, දේවසිරි ඔජවඩවන මේ සාකච්ඡාවල පල්ල ගියේ ඉල්ලීම් එකක් වත් නො දීමටත් නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරනය මගින් ලාභ ගරන ව්‍යවසායක් බවට පත් කිරීමටත් ආන්ඩුව තීන්දු කර ඇති නිසා ය.

සිය කථාව අවසානයේ දී දේවසිරි ප‍්‍රකාශ කරන්නේ මෙම ඉල්ලීම් ආන්ඩුවට ඉදිරිපත් නො කරන බවත් එය මහජනයාට ඉදිරිපත් කරන බවත් ය. "මහජනයාගේ ආන්ඩුව අධ්‍යාපනයට කරන දේ පිලිබඳව අපි මහජනයාට පෙන්වා දිය යුතුයි. එය සෑම ආචාර්යවරයෙකුගේ ම වගකීම යි.” මෙම ප‍්‍රකාශය ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයෙන් අත සෝදා ගැනීමක් මෙන් ම නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල පිලිබඳ වගකීම මහජනයා මත පැටවීමේ ද නරුම උත්සාහයකි.

පසුගිය වසරේ අරගලය නතර කර දමා මාස නවයකට පසුව ආචාර්ය සමිති සම්මේලනය මෙවර විරෝධතා වර්ජනය සංවිධානය කලේ සරසවි ආචාර්යවරුන් අතර වැඩෙන විරෝධය වාෂ්ප කර දැමීම සඳහා ය. එදාටත් වඩා අද ආර්ථික අර්බූදය ගැඹුරු වී ඇති තතු යටතේ ආන්ඩුවේ ප‍්‍රහාර ද උත්සන්න වී ඇතත් ආචාර්ය සංගමයේ නායකයෝ මෙවර ද මතු වී ඇති දේශපාලන ප‍්‍රශ්න යට ගැසූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් එය විස්ථාපනය කර සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් තොරව ආචාර්යවරුන් ඉදිරිපත් කර ඇති මූලික ඉල්ලීම් දිනා ගත නො හැකි ය. මෙම දේශපාලන අරගලය කල හැක්කේ කම්කරු පන්තිය සමග එකාබද්ධ වීමෙන් පමනකි.

රාජ්‍ය මර්දනය ඉදිරියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන ලෙස ශිෂ්‍යයන්, කම්කරුවන් හා අවශේෂ පීඩිතයන්ට කැඳවුම් කරමින් ඉහත කී ඉදිරිදර්ශනය සඳහා ආචාර්යවරුන්ගේ පසුගිය අරගලය මධ්‍යයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සටන් වැදුනි.

එහි දී දේවසිරි කියා සිටියේ "දේශපාලන වැඩපිලිවෙලක් මත සටන් කිරීම දේශපාලන පක්ෂයක වැඩක්. ආචාර්ය සමිති සම්මේලනය වැඩ කරන්නේ වෘත්තීය සමිතියක් වශයෙන්” බවයි. දේශපාලන වැඩපිලිවෙලක් එනම් සසප ඉදිරිපත් කරන ආකාරයේ වැඩපිලිවෙලක් මත වැඩ කිරීමට ආචාර්යවරුන් නම්මා ගැනීම අසීරු බව ද දේවසිරි එහිදී වැඩි දුරටත් පැවසීය.

සසප හා සසජාශි ඉදිරිපත් කල වැඩපිලිවෙල බලගතු ලෙස සනාථ වී ඇත. වෘත්තීය සමිතියේ විලංගුවෙන් බිඳී මෙම වැඩපිලිවෙලට එක්වන ලෙස සරසවි ආචාර්යවරුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: