ඊස්රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසාවේ මරන සංඛ්‍යාව ඉහල යයි

Death toll mounts from Israeli air strikes in Gaza

By Patrick Martin , 19 November 2012

ජනාකීර්න ප්‍රදේශයකට දින පහක් තිස්සේ එල්ල කල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 75ක් දක්වා ඉහල නංවමින් ඊස්රායල් යුද අහස්යානා හා නාවික කාලතුවක්කු මගින් සති අන්තයේ දී ගාසා තීරය පුරා පලස්තීන නිවාස හා ආයතන මත තම ප්‍රහාර තීව්‍ර කර ඇත.

18දා අඩු වශයෙන් පුද්ගලයන් 29කු ඝාතනය කෙරුනු අතර ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් හා ලමුන් ය. මියගිය තව බොහෝ අය සිටින බවට සැකයක් නැති අතර ඔවුන් දුසිම් ගනනාවක් නිවාස හා ගොඩනැගිලි සුන්බුන්වල වැලලී ඇත.

ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු 18දා පැවසුවේ ඊස්රායල් යුද ගුවන් යානා ගාසාහි ඉලක්කවලට ප්‍රහාර 1000කට වඩා එල්ලකර ඇති බව යි. පලස්තීන රතු චන්ද්‍රවංකය වෙනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ අඩු වශයෙන් පුද්ගලයන් 660 දෙනෙකු තුවාල ලබා හෝ සුන්බුන් තුල අතුරුදහන් ව ඇති බව යි. අවම වශයෙන් ලමුන් 137කු තුවාල ලබා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අනතුරට ලක්වූවන්ගෙන් හා අත්‍යාවශ්‍ය සැපයුම්වල හිඟයෙන් ගාසාහි රෝහල් මිරිකී ඇත. ‘ලමුන් ආරක්ෂා කරනු’ නම් පුන්‍යාතනයට අනුව බොහෝ දෙනා ඔවුන්ගේ නිවෙස්වල කොටුවීම හා දිනකට පැය 18 දක්වා වන අඛන්ඪ විදුලි කප්පාදුව සමග පවුල්වල ආහාර හා ජලය අවසන් වෙමින් තිබේ.

18දා එක් කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවක දී ඊස්රායල් බෝම්බ මගින් හමාස් නිලධාරියෙකු වන මොහමඩ් ඩලූ ගේ නිවස විනාශවූ අවස්ථාවේ දී ඔහුගේ පවුලේ සාමාජිකයන් නවදෙනෙකු මිය ගියේය. මලවුන් අතර ඔහුගේ කුඩා දරුවන් හතරදෙනා වන සේරා, ජමාල්, යූසුෆ් හා ඊබ්‍රාහිම් ද වූහ. පිපිරීම ඉතා බලගතු වූ අතර එය නිවස පසුකර යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දැමී ය.

තවත් සිදුවීමක දී උතුරු ගාසාහි ජබාල්යා කඳවුර තුල නිදා සිටින අතර බෝම්බයක් වැටී නිවස ඔවුන් මත ඇදවැටුනු අවස්ථාවේ පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු දෙක හා තුන වන කුඩා ලමුන් දෙදෙනෙකු මරුමුවට පත් විය.

ඊස්රායල් ආන්ඩුවේ ප්‍රකාශකයෙකුට සුවිශේෂී නරුමත්වයකින් මූලෝපායික කටයුතු පිලිබඳ ඇමති මෝෂේ යාලොන්, කාන්තාවන් හා ලමුන්ගේ ඝාතනය ගැන පලස්තීනුවන්ට ම දොස් පැවරී ය. “ඔවුන් සිවිල් වැසියන් පලිහක් හැටියට යොදා ගන්නේ නම් අපගේ තේරීම කුමක් දැයි ” යි ඔහු ජෙරුසෙලමේ මාධ්‍ය සමුළුවක දී ඇසී ය. ඔහු සඳහන් කලේ ඊස්රායල් බෝම්බ හා මිසයිල් මගින් ඉලක්ක කෙරෙන්නේ, සිය පවුල් සමග නිවස්වල වෙසෙන හමාස් නිලධාරීන් බවය.

යාලොන්ගේ සඳහන ඊස්රායල් ආක්‍රමනයේ කුරිරු බව අවධාරනය කර යි. “අපි හෙමින් ක්‍රියාකරමු, ඉලක්කය හඳුනා ගෙන ඒ අවට ප්‍ර‍ෙද්ශය ශුද්ධ කරමු” යි ඔහු පැවසුවේ මිනිසුන් නොව පනුවන් වැනසීම ගැන සඳහන් කරන්නාක් මෙනි.

“පල්ලි හා විදුහල් අංගන වැනි විශාල වශයෙන් මිනිසුන් ගැව‍සෙන ප්‍ර‍ෙද්ශ තුල රොකට් ස්ථාන ගත කරන්නේ නම් ප්‍රතිඵල ගැන අපට දොස් නො පැවරිය යුතු ය” යි ඔහු තව දුරටත් පැවසී ය. සත්‍යය නම්, මෙම සති අන්තයේ දී හමාස් අගමැති ඉස්මයිල් හනියේගේ මූලස්ථානය හා ගාසාව තුල බොහෝ වාර්තාකරුවන් විසින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ලෙස පාචිච්චි කරනු ලබන ගොඩනැගිල්ල ඇතුලත් ඊශ්‍රායලයේ ඉලක්ක අසල රොකට් නොවීමයි.

අනෙකුත් මාධ්‍ය ජාලයන්ට අමතරව, බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් හා ඩුබායිහි ඇරබියා නම් අරාබි විකාශන ජාලයේ කාර්යාලවලට නවාතැන් සපයන්නේ මෙම මාධ්‍ය මධ්‍යස්ථානයේය. ඊස්රායලය විසින් නැවත නැවතත් උල්ලංගනය කර ඇති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් සඳහන් කරමින් ඊස්රායලය තුල පිහිටි විදේශ මාධ්‍ය සංවිධානය, සිවිල් හා හමුදා ගැටුම් ආවරනය කිරීමේ නියලී වාර්තාකරුවන්ගේ ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් සිය කනස්සල්ල පල කරන ප්‍රකාශයක් නිකුත් කලේ ය.

හනියේගේ කාර්යාලයට ප්‍රහාරය එල්ල වුනේ ඊජිප්තු අගමති ඔහු බැහදැකීමට පැමින දිනකට පසුවය. එය ගාසාවට එල්ල කරන ප්‍රහාර ගැන වාචික විරුද්ධත්වය පල කරන නොයෙකුත් අරාබි ධනේශ්වර තන්ත්‍රයන්ට කල ඍජු අනතුරු ඇඟවීමකට සමාන වෙයි: මැදිහත්වීමට උත්සාහ ගන්නේ නම් ඔවුන් ද ඊස්රායල් බෝම්බවල හා මිසයිලවල ඉලක්ක විය හැක.

තවත් ඊස්රායල් නිලධාරියෙක් ගුවන් ප්‍රහාරයේ අරමුන පලිස්තීන රොකට්වලට එරෙහි ආත්මාරක්ෂාව ය යන ව්‍යාජය බැහැර කලේ ය. “මෙහෙයුමේ අරමුන ගාසාව නැවතත් මධ්‍යතන යුගයට යැවීම” යයි ඊස්රායල් අභ්‍යන්තර අමාත්‍ය එලී යිෂායි ප්‍රකාශ කල බව ඊස්රායෙල් හාරෙට්ස් පුවත්පත වාර්තා කලේ ය.

පලස්තීන වැයික්කියේ පොදු යටිතල පහසුකම් බොහොමයක් විනාශ කිරීමට උත්සාහ කරන ඊස්රායල් ප්‍රහාර පිලිබදව කඳුගැසෙන ජාත්‍යන්තර විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් යිෂායි කතා කලේ ය. එය පාලනය කරන්නේ මුස්ලිම් සහෝදරත්වයේ පලස්තීන ශාඛාව වන හමාස් සංවිධානය විසිනි.

හමාස් යනු ත්‍රස්තවාදී කන්ඩායමක්ය යන තම නිල ප්‍රකාශය මත පදනම් ව, ආන්ඩුවේ කාර්යාල, ආරෝග්‍යශාලා, පාසල් හා ශිෂ්ටාචාර ජීවිතයකට අවශ්‍ය අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම් ඇතුළු රජයේ ගොඩනැගිලි විනාශ කිරීම ඊස්රායල් ආන්ඩුව කල් තියාම යුක්ති සහගත කලේ ය.

පුළුල්ව පැතිරුනු ප්‍රචන්ඪත්වය පිලිබද සාක්ෂි ගොඩ ගැසෙද්දී එක්සත් ජනපද ආන්ඩුව ඊස්රායල් ප්‍රහාරයට තම ප්‍රසිද්ධ හා කොන්දේසි විරහිත අනුමැතිය ලබා දුන්නේ ය. ගිනිකොන දිග ආසියාවේ රටවල් තුනක සංචාරය ආරම්භයේ දී ජනාධිපති ඔබාමා තායිලන්තයේ මාධ්‍ය සමුළුවක දී කතා කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය. “ආත්මාරක්ෂාව සඳහා ඊස්රායලයට ඇති අයිතියට අපි මුළුමනින් ම සහයෝගය දෙමු. සිය භූමිභාගයන් මතට මිසයිල් එල්ල නොකරන බවට වගබලාගැනිම සඳහා එරටට සෑම අයිතියක් ම ඇත.”

පසුගිය බදාදා හමාස් ආරක්ෂක ප්‍රධානී අහමඩ් අල්-ජබාරී ඝාතනයත් සමග ඊස්රායලය හිතාමතා ම අර්බුදය ඇවිලවීය යන ප්‍රකාශය, ඔබාමා සමග සංචාරය කරන ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියෙක් ප්‍රතික්ෂේප කලේ ය. කිසි දු ඊස්රායල් ජාතිකයෙකු මරනයට පත් නොවුන, මීට පෙර එල්ලවූ පලස්තීන රොකට් ප්‍රහාරයන්ට නීත්‍යානුකූල ප්‍රතිචාරයක් ලෙස ඊස්රායලය අල්-ජබාරි ඝාතනය කිරීම ඔහු විසින් ආරක්ෂා කල අතර හමාස් සංවිධානය එයට විරුද්ධ වී තිබුන ද, ඉස්ලාමීය ජිහාඩ් වැනි පසමිතුරු පලස්තීන කන්ඩායම්වල බලපෑම යට ගැසිමට ඔහු උත්සාහ කලේය.

ගාසා ප්‍රහාරයෙන් ඇවිල වූ රාජ්‍යතාන්ත්‍රික කටයුතු බොහෝකොටම කයිරෝව වෙත සංකේන්ද්‍රනයවී ඉදිරියට යන අතර හමාස්හි මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරන ඊජිප්තු නිලධාරීන් සමග සටන් විරාම සාකච්ඡා සඳහා ඊස්රායල් තානාපතියෙකු පැමිනි ඇතැ යි වාර්තා විය. ප්‍රතිවාදී හමාස් නායකයන් සමග සාකච්ඡා සඳහා පලස්තීන ජනාධිපති මහමුඩ් අබ්බාස් ‍ෙජ්‍යෂ්ඨ ෆාටා නිලධාරියෙකු වන නබීල් ෂාත් ගාසාවට යවන ලදී.

තුර්කි අගමැති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් හා කටාර්හි එමීර්වරයා වන ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානී මුලින් සැලසුම් කල සංචාරයක් සඳහා කයිරෝවට පැමිනි අතර අරාබි ලීගයේ හදිසි රැස්වීමක් ද පැවත් වුනි. බෂාර් අල්-අසාද්ගේ සිරියානු තන්ත්‍රය යටපත් කිරීමේ හා පෙරලා දැමීමේ එක්සත් ජනපද සහාය ලත් ව්‍යාපාරය තුල අර්ඩෝගන් හා කටාර් එමීර් වරයා ඔබාමා පාලනය සමග කිට්ටුවෙන් වැඩ කරමින් සිටින නමුත් ගාසාහි පලස්තීනුවන් සංහාරයේදී මෙම ගැතිකම වෙනුවෙන් ඔවුන් දිනා ගන්නා වරමක් නැත.

ගාසාහි ම්ලේච්ඡත්වයට ප්‍රතිචාර දැක්විම සඳහා යෙදෙන මහජන පීඩනය හමුවේම ඊජිප්තු ජනාධිපති හා හමුදා සහාය ලත් ඔහුගේ තන්ත්‍රය, 1978 අන්වර් සදාත් අත්සන් කල ඊජිප්තුව හා ඊස්රායලය අතර කෑම්ප් ඩේවිඩ් ගිවිසුම කෙරෙහි සිය කැපවීම පුනුරුච්චාරනය කර ඇත. ඊජිප්තු හමුදාවේ වියදම් පාලනය කරන එක්සත් ජනපද නිලධාරීන් ඊස්රායලය සම්බන්ධයෙන් ඊජිප්තු ප්‍රතිපත්ති පිලිබඳ කිසිදු වෙනසකට වොෂින්ටනය ඉඩ දෙන්නේ නැති බව පැහදිලි කර ඇත.

මෝසි සටන් විරාමය හමාස් සංවිධානය පිලිගැන්වීම සදහා පීඩනය යෙදිය යුතු යයි ඔබාමා පාලනය බලකර ඇත. මෙය ඊස්රායල් ආක්‍රමනයට ගොදුරුවූවන් පෙරලා සටන් නොකර අනාගතයේදී තමන් විසින් ම ඝාතනය වීමට ඉඩ හැරීමකට සමාන වුවකි.

ප්‍රධානකොටම පසුගිය වසරේ මුබාරක්ගේ ඒකාධිපතිත්වයට එරෙහිව පැනනැඟි විප්ලවවාදී නැඟිටීමට තුඩුදුන් දැවෙන සමාජ ප්‍රශ්න කිසිවක් විසඳීමට අපොහොසත් වී ඇති නව ආන්ඩුව කෙරෙහි පලවන මහජන අසන්තෘප්තිය තුලින් ඊජිප්තුව තුල මතුවෙන සමාජ පිපිරීමේ අන්තරායට ඊජිප්තු ධනේශ්වරයේ කන්ඩායමක් නියෝජනය කරන මෝසි හා ඔහුගේ මුස්ලිම් සහෝදරත්ව තන්ත්‍රය මුහුනපා සිටියි.

18දා ඊස්රායල් යුද ගුවන්යානා ගාසා තීරයට බෝම්බ හෙලන අතර ඊජිප්තු හමුදා ඒකක කයිරෝවේ දකුනු කොටසේ නයිල් ගංගාවේ දූපතක වාඩිලාගත් ජනතාවට එරෙහිව පෙරමුන ගත් අතර එහි දී ප්‍රවේශ මාර්ගයක් අවහිර කිරීමට ගල් හා දැවෙන ටයර් පාවිච්චි කරමින් සිටි විරෝධතා කරුවන් තිදෙනෙකු මරා දැමූහ. ප්‍රචන්ඩ කඩාවැදීමේදී දුසිම් ගනනාවක් අත්අඩංගුවට ගැනුනි. මෙය ජූනියේ දී මෝසි තනතුර භාරගත්තාට පසු හමුදාව හා ඊජිප්තු ජනතාව අතර ඇතිවූ පලමු වීදි සටන යි.

Share this article: