ජනාධිපති මුර්සි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවේ කප්පාදු ප්‍රතිපත්ති සූදානම් කරති

President Mursi, IMF prepare austerity policies in Egypt

By Johannes Stern , 9 January 2013

ඩොලර් බිලියන 4.8ක නයක් සඳහා කොන්දේසි සාකච්ඡා කිරීමට සඳුදා කයිරෝවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිලධාරීන්ව ඊජිප්තුවේ ඉස්ලාමික රජය සාදරයෙන් පිලිගත්තාය. ජනාධිපති මොහමඩ් මුර්සි, අගමැති හිෂාම් කන්දිල් සහ නව ඊජිප්තු මුදල් ඇමති අල් මුර්සි එල්-සයෙඩ් හෙගසි ජාමූඅ හි මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ මෂූඩ් අහමඩ් හමුවුනහ.

එලඹෙන සති කීපයේදී ගනුදෙනුව අවසන් කරන්නට තම කැපවීම දෙපාර්ශවයම ප්‍රකාශ කල අතර ජාමූඅ තාක්ෂන කන්ඩායම එලඹෙන දිනවල කයිරෝවට පැමිනෙනු ඇත. ඉරිදාවේ සිදුකල කැබිනට් වෙනසේදී මුර්සි විසින් මුදල් ඇමති ලෙස පත්කල එක්සත් ජනපදයේ පුහුනුව ලද ආර්ථික විශේෂඥයෙක් වන හෙගසි තමන් "ජාමූඅ සමග සාකච්ඡා අවසන් කරන්නට සම්පූර්නයෙන්ම සූදානම්“ බව ප්‍රකාශ කලේය.

"ඊජිප්තුවේ වැඩිවන ආර්ථික අභියෝග ගැන යොමුවීමේදී ජාමූඅ ඊජිප්තුවට සහාය වීමට කැපවන අතර ආර්ථික වර්ධනයේ වඩාත් අන්තර්ගත කරගත් මොඩලයක් වෙත ගමන්කරන" බව අහමඩ් පැවසුවේය.

ජාමූඅ සහ ඊජිප්තුව අතර පොරොත්තු ගිවිසුමක් නොවැම්බරයේදී දැනටමත් ඇතිකරගෙන තිබුනි. කෙසේවුවද, දෙසැම්බරයේදී ව්‍යවස්ථාපිත ජනමත විචාරනයට පෙර මුර්සිට සහ පාලක ඉස්ලාමීය මුස්ලිම් සහෝදරත්වයට (මුස) එරෙහිව පැවති මහජන විරෝධතා මැද ඊජිප්තු ආන්ඩුව ගනුදෙනුවේ අවසාන නිගමනය කල් දැමීමට යෝජනාකලේය.

මුර්සි සහ පාලක මුස්ලිම් සහෝදරත්වයේ බිඳවැටීම ඉල්ලාසිටි කම්කරුවන් සහ තරුනයන් සිය දහස් ගනනක් සමග ගැටී, ඊජිප්තු ආන්ඩුව ගනුදෙනුව සහ ජාමූඅ විසින් ඉල්ලා සිටි ගැඹුරු කප්පාදු පිලිවෙත් තීන්දු කිරීමෙන් වැලකී යිටියේය.

ඊජිප්තුවට නැවත ජාමූඅ ගෙන ඒමෙන් පැන නගින සමාජ සහ දේශපාලන විපාක ගැන ඊජිප්තු ධනපති පන්තිය දැනුවත්ය. දශක තුනකට වඩා කාලයක් පුරා ජාමූඅ සහ ඊජිප්තු පාලක ප්‍රභූව අතරේ ක්‍රියාත්මක වුනු නිදහස් වෙලඳපල ප්‍රතිසංස්කරන, ආර්ථිකය විවෘතකිරීම, සහ පුද්ගලීකරන වැඩසටහන් 2011 පෙබරවාරියේදී හිටපු ඒකාධිපති හොස්නි මුබාරක් ඉවත් කෙරුනු විප්ලවවාදී මහජන අරගලයන් පැනනැගීමට පදනම වැටුනි.

මුබාරක්ගේ ඇදවැටීමෙන් මෙපිට, ඊජිප්තුවේ සමාජ අසමානතාව ගැඹුරු වී තිබේ. ආහාර මිල ගනන් ඉහල නගිමින් පවතින අතරේදී 1991 දී ඊජිප්තුව සහ ජාමූඅ අතරේ අවසන් ගනුදෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයකට පසු, තුනී, සුපිරි ධනවත් තට්ටුවක් සමාජයේ මුදුනෙහි තම වස්තුව වැඩිකරගන්නා අතර, ජනගහනයෙන් සියයට 40 කට වඩා පිරිසක් දිනකට ඩොලර් 2 ට අඩුවෙන් ජීවිත ගත කරති.

කෙසේවුවද, මුබාරක්ගේ ඇදවැටීමෙන් වසර දෙකකට ආසන්න වෙද්දී සහ මිලිටරි ඒකාධිපතිත්වය සුරක්ෂිත කරන හා රාජ්‍යය ඉස්ලාමීයකරනය සඳහා පදනම සපයන නව ව්‍යවස්ථාව පසුගිය මාසයේදී සම්මත කර ගැනීමෙන් පසු ඊජිප්තු ධනපති පන්තිය කම්කරු පන්තිය මතට මෙවැනි ප්‍රහාර එල්ල කරමින් සහ උග්‍ර කරමින් සිටිති.

ජාමූඅ සමග නව ගනුදෙනුව සාධාරනීකරනය කිරීමට, ජාමූඅහි සහයෝගයෙන් පමනක් විසඳුම් ලබාගත හැකි ගැඹුරුවන මූල්‍යමය සහ ආර්ථික අර්බුදයක බලාපොරොත්තු විරහිත පින්තූරයක් මවන්නට ඊජිප්තු ධනපති පන්තිය උත්සාහ දරති.

ඇස්තමේන්තුගත ඩො බිලියන 20 ක් සමග පසුගිය වසර දෙකෙහි දී ඇපයට තබා ආධාර කිරීමෙන් පසු ඊජිප්තු මහ බැංකුව පවුම දුර්වල වන්නට ඉඩ හලේය. ඊජිප්තු පවුම වසර අටකදී තම අවම අගයට වැටී තිබේ.

රොයිටර් වාර්තාවට අනුව, මුබාරක් නෙරපාහැරීමේ සිට, ඊජිප්තු පවුමේ තුන්වන අවප්‍රමාන කිරීම පසුගිය සති කීපයේ සිදුවිනි. මෙම වර්ධනය තුලින් පවුම් බිලියන 600 (ඩො. බිලියන 93) කට වඩා හිමි පොහොසත් නිවැසියන් වෙනත් රටවලට මුදල් යැවීමකට හදිසියේ ක්‍රියාත්මක වී ඇති අතර දැන් පවුම අතහැර තම ධනය ඩොලර් වෙත මාරුකරමින් සිටින බවට වාර්තාව යෝජනා කලේය. "මෙලෙස පවුම් මගින් විශාල ලෙස නිවැසි මුදල් යැවීම" නැවත්විය හැකි එකම ක්‍රමය "බාහිර ආධාර, විශේෂිතව ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, බලාපොරොත්තුවීම" බව රොයිටර් ලිවීය.

එනම්, සුපිරි ධනවතුන් ඊජිප්තුවෙන් තම මුදල් ඉවත් කරගනිමින් මූල්‍ය අර්බුදයකට ගිනි අවුලන්නේ කම්කරු පන්තියට එරෙහිව දැවැන්ත කප්පාදු ප්‍රතිපත්ති පනවන්නට දේශපාලන ආක්‍රමනයක් සඳහා ව්‍යාජ හේතුවක් ලෙසට පාවිච්චි කරන්නටය.

මේ වනතෙක්, ඊජිප්තු රජය සහ ජාමූඅ අතර සාකච්ඡාවල නිශ්චිත විස්තරයක් අනාවරනය වී නැත. කෙසේවුව ද, මුර්සි සහ ජාමූඅ කම්කරුවන් මතට ඓතිහාසික ප්‍රහාර සූදානම් කරමින් පවතින බව පැහැදිලිය.

නොවැම්බරයේදී සැලසුම්කල කප්පාදු පිලිවෙත් සමහරක් ජාමූඅ හෙලිදරව් කලේය. "වැඩසටහන යටතේ මූල්‍යමය ප්‍රතිසංස්කරන ප්‍රධාන ස්ථම්භයක් වේ.... බලශක්ති සහනාධාර ප්‍රතිසංස්කරන ඇතුලත් නාස්තිකාර වියදම් අඩුකරන්නට සහ ඒවා අතිශයින්ම දරිද්‍ර කන්ඩායම් වෙත හොඳින් ඉලක්ක කරන්නට බලධාරීහු සැලසුම් කරති."

තෙල් හෝ පාන් වැනි දුගීබවේ ගිලුන ඊජිප්තු වැසියන් බහුතරයක් රඳා සිටින සහනාධාර කපාහැරීම ව්‍යසනකාරී සමාජ විපාක ඇති කරනු ඇත.

"මූල්‍යමය ප්‍රතිසංස්කරන" යනු රජයේ වියදම් කපාහැරීම සඳහා සංකේත වචනයකි. නොවැම්බර් ප්‍රකාශනයෙහි, ඊජිප්තුව තම "විශාල අයවැය හිඟය", පසුගිය මූල්‍ය වර්ෂයේදී දදේනියෙන් සියයට 11 සිට 2014 අවසානය තෙක් සියයට 8.5 දක්වා අඩුකල යුතු බවට ජාමුඅ ඉල්ලා සිටියේය.

මුබාරක් ආන්ඩුව සේම, මුස්ලිම් සහෝදරත්වය ද ජමූඅ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම පසුබට නොවනු ඇත. "රජය මෙම පිලිවෙත් ගත යුතුයි. ඒවා පක්ෂය මත සෘනාත්මක බලපෑමක් එල්ල කලත්, ඒවා කල්දැමීමට නුපුලුවන." මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන හස්තය වන නිදහස් සහ සාධාරන පක්ෂයෙහි (නිසාප) ආර්ථික විශේෂඥයෙක් වන මොහමඩ් ගවුඩා පැවසීය. "මට මේවායේ විපාක සමග ගනුදෙනු කරන්නට සිදු වනු ඇතැ"යි ඔහු ඊට එකතු කලේය.

කම්කරු පන්තියට එරෙහිව ඓතිහාසික ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට තම තනතුරු අතහැර නව කැබිනට් මංඩලයට සහයෝගය දෙන ලෙස මුස ඊජිප්තු ධනපති පන්තියෙහි නොයෙකුත් කොටස්වලට ආයාචනා කලේය. "ආර්ථික අභියෝගයන්ට නිශ්චිත උත්සාහයන් අවශ්‍යකරන අතර තමන්ගේ වෙනස්කම් පසෙක තබා එකම එක අරමුනක් - එනම් පමා නොවී වත්මන් මූල්‍ය අර්බුදය තරනය කිරීම - සඳහා නව රජය සමග ගනුදෙනු කරන ලෙස මම සියලු දේශපාලන බලයන් වෙත ආයාචනා කරමි." මාධ්‍ය ප්‍රකාශනයකින් නිසාප සභාපති සාඩ් අල් කටානි ඉල්ලා සිටියේය.

ලිබරල් මොහමඩ් එල් බරාඩි, නසර්වාදී හම්ඩීන් සබාහි සහ හිටපු මුබාරක් නිලධාරියෙක් වන අමර් මූසා විසින් මෙහෙයවන පැතිරුනු කන්ඩායමක් වන ජාතික ගැලවීමේ පෙරමුන (ජාගැපෙ) තුල බොහෝවිට එකතුවන නිල අනාගමික සහ ව්‍යාජ-වාම විරුද්ධපක්ෂය කම්කරු පන්තියට එරෙහිව ඊජිප්තු ධනේශ්වරයේ කප්පාදු මෙහෙයුමේ අඛන්ඩ කොටසකි. මෙම බලයයන් මුලදී ඊජිප්තුවන් හට ව්‍යවස්ථා ජනමත විචාරනයට සහය දෙන ලෙස ප්‍රකාශ කල අතර දැන් මුර්සිගේ කප්පාදු මෙහෙයුම් වලට සිය සහය සංඥා කරමින් සිටියි.

බහු බිලියනපතියෙක් හා ධන කුවේරයෙක් වන නගියුබ් සවිරිස් සහ ජාගැපෙ හි කොටසක් විසින් මෙහෙයවන නිදහස් ඊජිප්තුවන්ගේ පක්ෂයයෙහි ප්‍රධාන සාමාජිකයෙක් වන මොහමඩ් නසීර් අහ්රාම් ඔන්ලයින් වෙත කල මෑතකාලීන ප්‍රකාශයක, "ඊජිප්තු වැසියන්.... ජනාධිපති මුර්සිගේ නීත්‍යානුකූලභාවය සම්පූර්නයෙන්ම පිලිගතයුතු අතර සම්පූර්න වසර 4 ක් සඳහා ජනාධිපති ලෙසට කටයුතු කිරීම සත්‍ය කාරනාවක් ලෙස බාරගත යුතුයැ"යි දැක්වීය.

ජනවාරි 25 දා එලඹෙන ඊජිප්තු විප්ලවයේ ඇරඹුමේ දෙවන සංවත්සරයට සති දෙකක කාලයක් පමනක් ඇති තතු තුල කම්කරු පන්තිය විසින් මහජන විප්ලවවාදී අරගල නැවත පැන නංවනු ඇතැයි ඊජිප්තු ධනේශ්වරයේ සියලු කන්ඩායම් බියෙන් පසුවෙති.

රට පුරා ඇති තම සහ නිසාප කාර්යාල ආරක්ෂා කරදෙන මෙන් මුස්ලිම් සහෝදරත්වය අඟහරුවාදා දින දේශීය කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කලේය. සිය පෙරගමන්කරුවාට වඩා අපගේ දේපලවලට ප්‍රහාර එල්ල කිරීම ගැන දේශීය අමාත්‍යාවරයා නොනැමෙනසුලු වනු ඇතැයි තම අපේක්ෂාව බව නිසාපයේ ජාතික කමිටුවේ සාමාජිකයෙක් වන කරෙම් රඩ්වාන් මුස්ලිම් සහෝදරත්වයේ බලාපොරොත්තුව ගැන පැහැදිලි කලේය.

Share this article: