ඇමෙරිකාව පාලනය කරන්නේ කවුද?

Who rules America?

2013 ජූනි 10

ඇමරිකානු පුරවැසියන් ගැන පමනක් නොව ලොව පුරා දසලක්ෂ ගනන් ජනතාවන් ගැන ද ආන්ඩුවේ රහසිගත ඔත්තු බැලීම් යුක්ති සහගත යයි ජනාධිපති බැරක් ඔබාමා විසින් තහවුරු කරනු ලැබීමෙන් පසුව මහා පරිමානයේ ඔත්තු බැලීම ගැන තොරතුරු හෙලිදරව් කරන අයට නඩු පවරන බවට ජාතික ඔත්තු සේවා අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් තර්ජනය කරයි.

පෙන්ටගනය මත පදනම් වූ ජාතික ආරක්ෂක ඒජන්සියේ වැඩ සටහන් "ඉවක් බවක් නැතිව එලිදරව් කිරීම” ගැන බි‍්‍රතාන්‍යයේ ගාඩියන් පුවත් පත සහ එක්සත් ජනපද වොෂිංන්ටන් පෝස්ට් පුවත් පත් හෙලා දකින්නා වූ ප‍්‍රකාශනයක් ක්ලැපර් 8 දා නිකුත් කලේ ය. මෙම වැඩ සටහන් යටතේ ඇමරිකානු සහ ලෝක පුරවැසියන් ගැන දවස් පතා ඔත්තු බලන අතර ඊමේල් පනිවුඩ” සාකච්ඡා ඡායාරූප සහ ක්‍රෙඩිට් කාඩ්වල රිසිට් පත් ඇතුලු අන්තර්ජාල පනිවුඩ හුවමාරු කිරීම් සිය කෝටි ගනනක් පිටපත් කර ගනියි.

මෙම ඔත්තු බැලීම් හෙලිදරව් කිරීම් ගැන අපරාධ පරීක්ෂනයක් ඇරඹීමට ආන්ඩුව බලාපොරොත්තු වන බවට අධිකරන දෙපාර්තමේන්තුවේ සහ එෆ්බීඅයි සංවිධානයේ නිලධාරීන් කල ප‍්‍රකාශ රොයිටර් පුවත් සේවය උපුටා දැක් වීය. ඔබාමා පාලනයේ මතයට අනුව අපරාධකාරී වන්නේ ඇමරිකන් ජනතාවගේ පුද්ගලික අයිතීන් ව්‍යවස්ථා විරෝධී ලෙස අමු අමුවේම උල්ලංඝනය කිරීම නොව මහජනතාව ඉදිරියේ ඒවා හෙලිදරව් කිරීමයි.

පසු ගිය සිකුරාදා ඔබාමා කල ප‍්‍රකාශ තුල දී ඔහු ජාතික ආරක්ෂක ඒජන්සියේ වැඩසටහන් ආරක්ෂා කල අතර මාධ්‍ය වාර්තා "උන්මාදයක්” ලෙස හඳුන්වමින් ජනතාව පිලිබද රාජ්‍ය සුපරීක්ෂක ජාලය අයිතීන් පිලිබද ප‍්‍රඥප්තියේ "නව්‍ය විනිවිදීමක්’’ බව කියා සිටියේය. මෙය පෙන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ කුමන හෝ සංකල්පයක් මුලුමනින් ම අතහැර දැමීමකි. කලින් ආංඩුක‍්‍රම පිලිබද කථිකාචාර්වරයෙකු ව සිටි මොහු ප‍්‍රකාශයට පත් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය පදනම් වී ඇති ආන්ඩුක‍්‍රම රාමුව සමග පවතින බැරෑරුම් සම්බන්ධතා සහමුලින්ම කඩා ගත්තා වූ පාලක පන්තියක දැක්මයි.

ඔබාමා මුල් පුටුවෙහි වැජඹෙන්නේ ඇමරිකන් පුරවැසියන් ද ඇතුලු ලෝකය පුරා ජනතාව දන්ඩ මුක්තික හා තනි තීන්දු මත ඝාතනය කිරීමට හැකිවූ ද එසේ ඝාතනය කරන්නාවූ ද බොස්ටන් නුවරට මෑතදී කලාක් මෙන් සමස්ත නගර ම යුද්ධ නීතියට යටත් කිරීමට හැකියාවක් පවතින්නා වූ ද පරීක්ෂක මාධ්‍යවේදීන් ගේ දුරකතන පනිවුඩ වාර්තා සහ ඊ මේල් පනිවුඩ ආන්ඩුවේ අත්අඩංගුවට ගනු ලබන්නා වූ ද හමුදා සොල්දාදුවෙක් වන බ‍්‍රැඩ්ලි මැනිං වැනි ඇමරිකාවේ යුද්ධ අපරාධ හෙලිදරව් කරන්නන්ට වධ දෙමින් ඔවුන් රාජ ද්‍රෝහි වීම ගැන නඩු පවරන්නා වු ද ත‍්‍රස්තවාදීන් යැයි චෝදනා කරනු ලැබුවන් නඩු නොමැති ව සහ අවිනිශ්චිත ව සිරකඳවුරුවල සිර කර තැබීමට ජනාධිපතිට බලය ඇත්තාවූ ද රටක ය.

මෙම වර්ධනයන් තුලින් මතු කෙරී ඇති ප‍්‍රශ්නය නම් ඇමරිකාව පාලනය කරන්නේ කවුද? යන්න යි.

ආරක්ෂා කිරීමට තමා දිවුරා පොරොන්දු වී ඇති ආන්ඩුක‍්‍රමය උල්ලංඝනය කිරීම යුක්ති සහගත කරමින් ඔබාමා අවධාරනය කරන්නේ ඒවාට කොන්ග‍්‍රසයෙන් උපදෙස් ලබා ගෙන ඇති බවත් එහි අනුමැතිය ලැබී ඇති බවත් ය. එය සත්‍යයකි. ඒ සමගම ඔහු උසාවිවලින් ඒවාට දී ඇති අනුමැතියට ද නිවැරදිව ඇඟිල්ල දිගු කර පෙන්වයි.

එහෙත් කවුරුත් දන්නා කරුනක් නම් තමන් ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇමරිකන් ජනතාවගේ කැමැත්ත විමසා බලා නැති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට බොරු කියා ඇති බවත් ඔවුන් අඳුරේ තබා ඇති බවත් ය. එදිනෙදා දේශපාලන ජීවිතය සමග ජනතා පරමාධිපත්‍යය ගැටගැසී ඇති තුනී සබඳතා බරපතල ලෙස උල්ලංඝනය කෙරී ඇති දේශපාලන ක‍්‍රමයක් හැඳින් වීම සඳහා "ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය” යන්න වැරදි යෙදුමකි.

ඇමරිකන් ජනතාව ක‍්‍රමානුකූලව හා නීති විරෝධී ව පරීක්ෂනයට ලක් කිරීමට මිලිටරි රහස් ඔත්තු සේවා ද ජාතික ආරක්ෂක ආයතනය ද මහා සංගතයන් ද රහසේ සහයෝගී වීම හෙලිදරව් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සැබෑ බලය දරන්නේ කවුරුන් ද යන්න යි.

ඒටීඇන්ඩ්ටී වෙරිසන් හා ස්ප‍්‍රින්ට් වැනි ටෙලිකොම් ආයතන ද ගූගල් මයික්‍රෝසොෆ්ට් ෆේස්බුක් සහ ට්විටර් වැනි අන්තර්ජාල කොම්පැනි ද මිලියන දහස් ගනනක් ජනයා ගැන දත්ත එෆ්බීඅයි සහ සීඅයිඒ වැනි සංවිධානවලට ලබා දෙන්නේ එම රාජ්‍ය ආයතනවලට ඒවා අයිති කර ගැනීමට අයිතියක් නැති බව නොතකමිනි.

ඇත්ත වශයෙන් ම රට පාලනය කරන සන්ධානය වන මිලිටරියේ, රහස් ඔත්තු සේවාවන්හි හා වෝල් වීදිය ගනු ලබන පියවරයන්ට තබන රබර් මුද‍්‍රාවක් ලෙස කොන්ග‍්‍රසය හා ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක කි‍්‍රයා කරති. ඊනියා හතර වැනි පන්තිය හෙවත් ජන මාධ්‍ය මෙම පාලක ති‍්‍රත්වයේ අන්ඩක් ලෙස නිර්ලජ්ජිතව කි‍්‍රයාත්මක වෙයි. කොන්ග‍්‍රසයේ සියල්ලටත් වඩා ඩිමොක‍්‍රැටික් පක්ෂයේ බියගුලුකම සහ සහචරකම ද ජාතික ඔත්තු බැලීමේ වැඩසටහන් හෙලිදරව් කිරීමට ජනමාධ්‍ය දැක් වූ ප‍්‍රතිචාරය මගින් ප‍්‍රදර්ශනය කෙරුනු යටහත් භාවය ද ඒකාධිපතිත්වය කරා යන ගමනේ තවත් ඉදිරියට යෑමට මිලිටරිය සහ ඔත්තු සේවාවන් උනන්දු කරවයි. ඔත්තු බැලීමේ වැඩ සටහන්වල "බලවත් ම” විවේචකයා ලෙස ඉදිරියට දමා ඇති ඩිමොක‍්‍රැටික් පක්ෂ සෙනෙට් සභික මාක් උදාල් සීඑන්එන් රූපවාහිනී සේවයේ "රටේ තත්ත්වය” වැඩ සටහනකට පසු ගිය ඉරිදා දුන් සම්මුඛ සාකච්ඡාව පටන් ගත්තේ "ත‍්‍රස්තයට එරෙහි යුද්ධයට” ඔහුගේ සහාය පල කරමින් හා රහස් යැයි වර්ග කරනු ලැබූ තොරතුරු හෙලිදරව් කිරීම හෙලා දකිමිනි.

ප‍්‍රධාන පුවත් පත්වලින් එකක් වත් ඔත්තු බැලීම අවසන් කිරීමට හෝ එන්එස්ඒ ආයතනය වසා දැමීමට හෝ නීති විරෝධී ඔත්තු බැලීමේ යෙදෙන නිලධාරීන්ට එරෙහි ව නඩු පැවරීමට හෝ ජනාධිපති නික්සන් කරන ලද නීති විරෝධී කි‍්‍රයාවන් සියල්ල ම ඉක්මවා ගිය ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය ඇතුලූ මහා අපරාධ සහ වැරදි කි‍්‍රයා කර ඇත්තා වූ ඔබාමාට විරුද්ධ ව දෝෂාභියෝග විභාගයක් පැවැත් වීමට හෝ ඉල්ලා නැත. නිව්යෝක් ටයිම්ස් පුවත් පත "දත්ත හාරා ඇවිස්සීම ත‍්‍රස්තයට එරෙහි සටනේ දී තීරනාත්මක අවශ්‍යතාවයකි” යන මැයෙන් ලිපියක් 08දා පල කලේ ය. ඔත්තු බැලීමේ වැඩ සටහන ලැජ්ජා විරහිත ව ආරක්ෂා කිරීම සඳහා ලිපිය තුල හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු ගේ ප‍්‍රකාශයක් උපුටා දැක් වීය.

ඔබාමා පාලනය පූර්වයෙන් පැවති කිසිදු පාලනයකට වඩා බලය තහවුරු කර ගැනීම සඳහා මූල්‍ය ප‍්‍රභූ ව සමග සන්ධානගත මිලිටරිය සහ සීඅයිඒ ඔත්තු සේවය සමග අත්වැල් බැඳගෙන ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති අයිසන්හවර් 1961 දී "මිලිටරි- කාර්මික සංකීර්නය” ලෙස හඳුන්වනු ලැබූ දෙයෙහි නිතිපතා වර්ධනය වන බලය ඔබාමා යටතේ විධායක අංශය සහ ජාතික ආරක්ෂක යන්ත‍්‍රනය ඒකාබද්ධ කිරීම මගින් එක්තරා පූර්නත්වයන් ලබා ඇත.

ඔබාමා ගේ පුද්ගලික පසුබිම මගින් ඔහු මෙම කි‍්‍රයාදාමයට සුදුසු ම වාහකය බවට පත්ව ඇති බව පෙනේ.

ඔබාමා ඔහු ගේ උපාධිය ලබා ගැනීමෙන් පසු ව රටවල් ගනනාවක සීඅයිඒ වැඩ කටයුතුවලට තමන් ආරක්ෂාව ලබා දුන්නේ යයි එහි ආරම්භකයා විසින්ම පිලි ගනු ලැබුවාවූ "බිස්නස් ඉන්ටර්නැෂනල්” නම් ආයතනයේ වසරක් රැකියාව කල බව කවුරුත් දන්නා කරුනකි.

එසේ වෙතත් එක්සත් ජනපදය තුල පාලනයේ ඒකාධිපති ක‍්‍රම මතුවීමේ දී කි‍්‍රයාත්මක වන මූලික සමාජ බලවේග වෙතින් අවධානය අන් අතකට යොමු කර ගැනීමේ හේතුවක් බවට ඔබාමා ගේ පුද්ගලික ජීවිත කථාව පත් නොවිය යුතු ය. අද කිසිවකුට නැතැයි කිව නොහැකි කරුනක් වන්නේ "ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” ඇමරිකන් ජනතාවට එරෙහි යුද්ධයක් එනම් ජාත්‍යන්තර වශයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයට කවරයක් සහ එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි නොනවත්වා කෙරෙන ප‍්‍රහාරයක්” ඇති බව ය.

රටේ ජීවත් වන සෑම මිනිසෙක් ම සෑම ගැහැනියක් ම සහ සෑම දරුවෙක් ම එල්ල කර ගත්තා වු ඔත්තු බැලීමේ අති දැවැන්ත පරිමාව එක් ප‍්‍රශ්නයක් මතු කරයි: පාලකයින් බිය වී ඇත්තේ කාට ද?

තමන් සමාජීය මෙන් ම දේශපාලන වශයෙන් ද හුදකලා වී ඇතැ යි ද තමා කි‍්‍රයාත්මක කරන්නා වූ පිලිවෙත්වලට බැරෑරුම් සහයෝගිතා පදනමක් නැතැයි ද යන හැඟීමේ අවතාරය පාලක පන්තිය තුල හොල්මන් කරයි. ධනේශ්වර පද්ධතියේ අර්බුදය මගින් අනවනු ලැබ ජනතාව ගෙන් අති විශාල බහුතරයක ගේ ජීවන තත්ත්වයන්ට පහර දෙන අතර සංගත-මූල්‍ය ප‍්‍රභූවට හැඟී යන්නේ අර්බුදයේ ප‍්‍රතිඵලවලින් තමා තර්ජනයට ලක් වී ඇති බවයි. තමා ගොඩ නගා ඇති මූල්‍යමය අට්ටාලය ඕනෑම මොහොතක දී කඩා වැටී විප්ලවවාදී සමාජ නැගිටීම් පුපුරා යෑමට ඉඩ ඇති බව ඔවුහු දනිති.

එහෙත් පාලක පන්තියට මේ උභතෝකෝටියට ඇත්තේ එක් විසඳුමක් පමනකි. එය නම් ප‍්‍රචන්ඩ මර්දනය පමනකි. රාජ්‍යයේ පොලිස් බලතල නොනවත්වා වැඩි කරන්නේ මේ නිසා ය. ඒවා එල්ල වී ඇත්තේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව නොව කම්කරු පන්තියට එරෙහිව ය.

දේශපාලන සංස්ථාපිතයට අයත් වන්නා වූ කිසිම කොටසක් හෝ කිසිම නිල සංස්ථාවක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයට විරුද්ධව සටන් නොකරනු ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂයත් ඊනියා "ලිබරල්” සංස්ථාපිතයත් නැවත වරක් හෙලිදරව් කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් බැරෑරුම් කැප වීමක් ඔවුන්ට නැති බවයි. ඉතාමත් මෑත දී හෙලිදරව් වූ ගැඹුරින් ම අනාගාමී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වූ ඔබාමා ගේ පිලිවෙත් ගැන සම්පූර්නයෙන් ම වාගේ නිශ්ශබ්දතාවය රකින නේෂන් සඟරාවත් ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයත් මගින් නියෝජනය කෙරෙන වාම ලිබරල්වාදී සහ ව්‍යාජ-වාම බලවේගවල කල්ලිත් ඔවුන්ට එකතු වී ඇත.

"වාමාංශික” වෙස් ගෙන සිටින නමුත් සත්තකින් ම දක්ෂිනාංශික වන්නා වු මෙම කන්ඩායම් ඔබාමාට ලබා දෙන්නා වූ සහයෝගය නොමැති ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව මෙ වැනි දුර දිග යන ප‍්‍රහාර එල්ල කිරීමට රාජ්‍යයට නොහැකි වනු ඇත.

එහෙත් මෙම අයිතීන් කම්කරු පන්තිය තුල ගැඹුරින් දෝංකාර දෙන්නා වූ ඒවා ය. ප‍්‍රථම කොටම ඒවා විප්ලවවාදී අරගල තුලින් අත්පත් කර ගත් ඒවා ය. පාලක පන්තිය අද ඒවා විනාශ කිරීමට අධිෂ්ඨාන කර ගෙන සිටීම ඇමරිකානු සහ ලෝක ධනවාදයේ ඓතිහාසික බංකොලොත් බවේ ප‍්‍රකාශනයකි. මෙම අයිතීන් ආරක්ෂා කිරීම දැන් පැවරෙන්නේ කම්කරු පන්තිය මතට ය.

දැන් වර්ධනය කල යුත්තේ වැඩ කරන ජනතාව ගේ සහ තරුනයින් ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම ධනවාදයට සහ ධනපති රාජ්‍යයට එරෙහි අරගලයකින් වෙන් කිරීමට නොහැක. මෙම අරගලය මෙහෙය වීමේ යතුර නම් කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමයි.

බැරී ගේ‍්‍ර

අසාමාන්‍ය දේශපාලන කැලඹීම හමුවේ, දේශපාලන හා මාධ්‍යය සංස්ථාපිතය විසින් දේශපාලන හා සමාජ ස්ථාවරත්වයේ අට්ටාලය ලෙස වෙහෙස නොබලා ගොඩනගන ලද ඕස්ටේ‍්‍රලියානු ධනවාදයේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය සුනු විසුනු විය. ඕස්ටේ‍්‍රලියානු ධනේශ්වරය වෙනුවෙන් සියවසකට අධික කාලයක් පාර්ලිමේන්තු පරිශ්තිතයේ හා ද්විපක්ෂ ක‍්‍රමයේ කඩඇනය ලෙස සේවය කර ඇති කම්කරු පක්ෂය දැන් ආන්තික අර්බුදයක් හමුවේ කුඩු පට්ටම්ව ගොසිනි.

ඕස්ටේ‍්‍රලියානු මහජනතාවට හොරෙන් වසර තුනකට පෙර, 2010දී කුමන්ත‍්‍රනය සිදුවූයේ විදේශීය හා දේශීය වශයෙන් දුර දිග යන ප‍්‍රතිපත්තිමය වෙනසක් වාත්තුකර ගැනීමේ මාවතක් ලෙසිනි. මූල්‍ය අර්බුදයෙන් පසුකාලීනව, රඩ්ගේ පාලන කාලය තුල ක‍්‍රියාවට නැගුනු උත්තේජක වැඩසටහන අවසන් කර, කම්කරු පන්තියේ ජීවන තත්වයන් කපා හෙලීම අරමුනු කරගත් කප්පාදු පියවර ක‍්‍රියාත්මක කිරීමට, සංගත ප‍්‍රභූව උද්ඝෝෂනයක් ගෙන ගියේය. ඒ අතර ම, ආසියා-ශාන්තිකර කලාපය තුල එක්සත් ජනපදයේ ඇතැම් මූලෝපායික බලපෑම් චීනයට පවරා දීම සඳහා බලපෑම් යෙදීමට යොමු වූ රඩ්ගේ රාජ්‍යත‍්‍රාන්තික ආරම්භකත්වයන්ට තිත තැබීමට, වොෂින්ටනය අධිෂ්ඨාන සහගත වූයේ ය. අනෙක් අතට, ඔබාමා පාලනාධිකාරය ගිලාඩ් දැකගත්තේ, චීනය වට කිරීමට හා ඊට එරෙහිව යුද්ධය සූදානම් කිරීම සඳහා වන සිය ආක‍්‍රමනකාරී ආසියාවට "හැරීම” සමග, ඕස්ටේ‍්‍රලියාව පූර්වයෙන් තිබූ තත්වයට පත් කිරීම සඳහා නමාගතහැකි යටත් වන අනුචරයෙකු ලෙස ය.

අවුරුදු තුනකට පසුව ද සිදුව ඇත්තේ කුමන්ත‍්‍රනයට පෙලඹ වූ ගැටුම් හා අර්බුද තීව‍්‍ර වීම පමනි. දැන් යථාර්ථයක් වී ඇති, එවකදී මූලෝපායක් ලෙස සාරාංශ කෙරුනු ඔබාමාගේ හැරීම සමග, කලාපය තුල ප‍්‍රධාන එක්සත් ජනපද මිලිටරි වර්ධනයක් හා අසියානු කලාපය පුරා භයානක ගිනි පුපුරු අවුලුවාලන, චීනයට එරෙහි අඛන්ඩ ප‍්‍රකෝපකිරීම් මතුපිටට ගෙනැවිත් තිබේ.

එසේම ලෝක ආර්ථික අර්බුදය තීව‍්‍රවන තතු තුල දැන් වඩ වඩාත් එහි ඍජු ප‍්‍රකාශන ඕස්ටේ‍්‍රලියාව තුල දැකිය හැක. ගෝලීය මූල්‍ය කඩාවැටීමේ ක්ෂනික ව්‍යසනය තුල දී ඕස්ටේ‍්‍රලියානු ධනවාදය සඳහා එක්තරා ආරක්ෂාවක් සපයමින් චීනය මුල්කරගෙන ක‍්‍රියාත්මකවූ පතල් (නිෂ්පාදන) අපනයන උත්පාතය දැන් අවසන්ව ඇත.

27දා ප‍්‍රසිද්ධ කල බ්ලූම්බර්ග් ලිපියක, 2008 මූල්‍ය කඩාවැටීමේ කොකා ගැස්සූ "දූෂිත වත්කම්” වර්ගයක් වන ඇප තැබූ නය වගකීම්වලට (සීඩී ඕ) ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය සසඳා තිබේ. ලන්ඩනය පාදක කරගත් ගෝලීය මූලෝපායඥයෙකු වන සොසයිටි ජෙනරල් එස්ඒ හි ඇල්බට් එඩ්වඩ් ප‍්‍රකාශ කලේ, " ඕස්ටේ‍්‍රලියාව පිපිරීමට පොරොත්තුව සිටින ඇපකර කාල බෝම්බයකි” යනුවෙනි. "එය නිකම් ම සීඞී ඕ නො වේ, සීඞී ඕ විසින් කොටු කරන ලද්දකි. සරලවම ගත හොත් ඕස්ටේ‍්‍රලියාව තුල අප සතු සියල්ල, චීනය තුල ඊටත් වඩා විශාල නය බුබුලක් මත යැපෙන, භාන්ඩ උත්පාතයක් මත ගොඩනැගුන නය බුබුලකි.”

මේ වන විටත් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත කීපයක පවතින්නේ ආර්ථික අවපාතයකි. ආර්ථිකය පුරා දැවන්ත දොට්ට දැමීම් වේගවත්ව සිදුවෙයි. පසු ගිය මාස දොලහ තුල, ඩොලර් බිලියන 150ක වටිනාකමින් යුත් පතල් කැනීම් හා බලශක්ති ව්‍යාපෘති අතහැර දමා හෝ කල් දමනු ලැබ ඇත. පතල් කැනීම් හා ඉදිකිරීම් පහත වැටීමෙන්, මැයි මාසයේ මැද සිට ප‍්‍රමුඛ කොටස් දර්ශකය සියයට 9කින් හෝ ඩොලර් බිලියන 135කින් පහල යාමත් සමග, දේපල හා කොටස් වෙලඳපොල බුබුලු පුපුරා යාමේ තර්ජනය මතු කරයි. අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ඕස්ටේ‍්‍රලියානු ඩොලරය කිඳා බසින්නේ, වැඩකරන ජනතාව යැපෙන්නාවූ ඉන්ධන හා අනෙකුත් ආනයන භාන්ඩවල මිල ඉහලට තල්ලු කිරීම සමගිනි.

රඩ් නැවතත් නිලයට පැමින සිටින්නේ පුපුරුන සුලු සමාජ නැගිටීම් හා පන්ති අරගලයේ නව කාල පරිච්ඡේ දයක සෙවනැල්ල තුල ය.

ක්ෂනික එල්ලය වී ඇත්තේ කම්කරු පක්ෂයේ සම්පූර්න වැටීම වැලක්වීම යි. මෙම වසර අග මහ මැතිවරනයේ දී ජූලියා ගිලාඩ්ගේ නායකත්වය යටතේ පක්ෂය පෙර නොවූ විරූ පරාජයක් අත්විඳිනු ඇතැ යි පුරෝකතනය කර තිබුනි. ගිලාඩ්ට එරෙහිව මහජන විරෝධය එතරම් උග‍්‍ර හා පුලුල් ලෙස පැතිරී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව රඩ් පලවා හැරීමේදී ඇය ඉටුකල කාර්යභාරය හේතුවෙනි. එය කුමන්ත‍්‍රන සැලැසුම්කරුවන් මුලුමනින් ම පෙරදැකීමට අසමත් වූ ප‍්‍රතිගාමිත්වයකි. කම්කරු පක්ෂය සුලු හා තදින් ම බෙදුනු පාර්ලිමේන්තු පසු පෙලට හෑල්ලු කෙරෙමින් පවතින තත්වයක අද්දර දී ය.

ඕස්ටේ‍්‍රලියානු සංගත ප‍්‍රභූව පැත්තෙන් ගත් කල ඔවුන් තුල, පන්ති අරගලය හික්මවීමේ සහ සිය කප්පාදු පියවරයන්ට එරෙහි කම්කරු පන්තියේ ක්‍රෝධය හා විරුද්ධත්වය වැලැක්වීමේ ඉතාමත් තීරනාත්මක යාන්ත‍්‍රනයෙන් ඉවත්ව එය අන්තරායකාරී ලෙස පාර්ලිමේන්තුවෙන් පරිබාහිර රූපාකාරයක් ගැනීමේ අන්තරාය කම්කරු පක්ෂයේ පිපිරීම මගින් මතුකරනු ඇත යන උත්සුකය පවතියි. තනි දෙමව්පියන්, රැකියා විරහිතයන් හා ශුභසාධන ප‍්‍රතිලාභීන් ඉලක්ක කරමින් දැඩි වියදම් කප්පාදු පිලිබඳ දීර්ග කාලීන අයවැය වැඩසටහන් තහවුරු කරමින් ගිලාඩ් කප්පාදු වැඩසටහනේ වෙනස්කම් ඇරඹුවාය. එහෙත් පාලක ප‍්‍රභූව ඉල්ලන්නේ පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ශුභසාධන, අනෙකුත් මූලික සේවාවන් හා සමාජ පොදුකාර්යවල ස්ථීර, දැවන්ත කප්පාදු සමග යුරෝපීය ක‍්‍රමයට අඩු නො වන සමාජ ප‍්‍රති-විප්ලවයකි.

මොන යම් හෝ මහජන සහයෝගයක් පවත්වාගෙන යන එක ම කම්කරු පක්ෂ දේශපාලනඥයා රඩ් ය, ඒ තනිකර ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රනයේ ගොදුරක් ලෙස පවතින ඔහුගේ තත්වය නිසා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සංගත හා මූල්‍ය ප‍්‍රභූව ඔහුට සලකන්නේ, කම්කරු පක්ෂයේ ඇද වැටීම මගහරිමින් හා කම්කරු පන්තියේ සමාජ තත්වයට එරෙහිව තමන් දැඩි කල ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කරමින්, කම්කරු පක්ෂ දේශපාලනඥයින් දුසිම් ගනනාවකගේ ජීවන වෘත්තීන් ගලවා ගත හැකි එක ම මාධ්‍යය ඔහු ලෙස ය.

යලි බලයේ තැබීමෙන් පසු ඔහුගේ පලමු කතාවේ දී රඩ් විවේචනශීලීව විශේෂ අවධානය තැබුවේ සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම ගැන කලකිරුනු තරුනයන් ආපසු කම්කරු පක්ෂය වෙත දිනා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි ය. ඕස්ටේ‍්‍රලියාව තුල සමාජ ස්ථාවරත්වයේ මතුපිට පෙනුමට යටින් පන්ති ආතතීන් වේගයෙන් තීරනාත්මක අවස්ථාවකට ලඟාවෙමින් ඇති බව ඔහු හොඳට ම දනී. 2011දී ඊජිප්තුවේ හා ටියුනීසියාවේ සහ මෙම වසරේ තුර්කිය හා බ‍්‍රසීලිය තුල මෙන්, අනපේක්ෂිතව හදිසියේ ම ජනතා අසහනය පුපුරනු ඇත. රඩ් යලි හිටවා ඇත්තේ එලඹෙන සමාජ පිපිරීම් පාර්ලිමේන්තු රාමුව තුලට හැරවීමේ මංමුලා සහගත උත්සාහයක් තුල ය.

වොෂින්ටනයට ද, ඕස්ටේ‍්‍රලියාවේ ද්විපක්ෂ ක‍්‍රමය පවත්වා ගෙන යාම ඒ ආකාරයෙන් ම මූලෝපායික ව වැදගත් ය. 1941දී, කම්කරු පක්ෂ අගමැති ජෝන් කර්ටින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් වොෂින්ටනය වෙතට මූලෝපායික හැරීමක් ක‍්‍රියාත්මක කල අවස්ථාවේ සිට, පසු ගිය වසර 70 තුල එක්සත් ජනපදය කම්කරු පක්ෂය තුල සැලකිය යුතු සම්පත් ආයෝජනය කර ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලය හා සීඅයිඒ ඒජන්තයින් දශක ගනනාවක් තිස්සේ කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය තුල පුලුල් සම්පත් ජාලයක් වගා දිගා කර ඇත. රඩ් පිලිබඳ උත්සුකයන් නො සලකා ඔබාමා පාලනාධිකාරය සැකයකින් තොර ව වටහා ගන්නේ, කම්කරු පක්ෂයේ ඇදවැටීම, එක්සත් ජනපද- ඕස්ටේ‍්‍රලියා සම්බන්ධය නුහුරු ලොවක අතරමං කරනු ඇති බව යි.

සැබවින්ම, 2010 කුමන්ත‍්‍රනය මෙහෙයෙ වූ කම්කරු පක්ෂය තුල සිටින එක්සත් ජනපද "අනුචර කන්ඩායමේ” ම සමහරෙක් මෙම සතියේ රඩ් නැවත තෝරාගැනීම පිටුපස වූහ.

කෙසේ නමුත්, කම්කරු පක්ෂය හා විරුද්ධ පක්ෂයේ ලිබරල් නැෂනල් කෝලීෂන් යන පක්ෂ දෙක තුල ම ගැඹුරු බෙදීම් පවතී. ඔබාමාගේ "හැරීමට” විරුද්ධ වන සහ බීජීනය වෙත වඩා සහනදායි ප‍්‍රවේශයක් ඉල්ලා සිටින ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතයේ සැලකියයුතු කොටසකගේ සහාය රඩ්ට ලැබේ. හිටපු ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කීසින්ගර් මෙම කන්ඩායම තුල ප‍්‍රමුඛ පුද්ගලයෙකු වන අතර ඔහු රඩ් සමග කිට්ටු සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත. මේ දෙදෙනා අද බීජීනයේ දී ආන්ඩුවේ අනුග‍්‍රහය ලත් විදේශ ප‍්‍රතිපත්ති සමුලුවක කතා කිරීමට නියමිතව තිබේ. චීනය සම්බන්ධ ඔබාමාගේ අපරීක්ෂාකාරී හා ප‍්‍රකෝකාරී ආස්ථානයන් මගින් තැති ගන්වනු ලැබ ඇති ඕස්ටේ‍්‍රලියානු පාලක ප‍්‍රභූව තුල සමහර ස්ථරයන්ගේ සහාය ද රඩ් භුක්ති විඳි යි. ඔබාමාගේ ආස්ථානය, බීජීනය සමග ඕස්ටේ‍්‍රලියානු ධනවාදයේ තීරනාත්මක ආර්ථික බැඳීම්වලට බාධා කරනු ඇතැ යි ඔවුහු බිය වෙති.

කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන හදිසි කර්තව්‍යය වන්නේ යුද්ධයට හා මිලිටරිවාදයට, කප්පාදු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත තීව‍්‍රවන ප‍්‍රහාරයන්ට එරෙහිව තමන්ගේ ම ස්වාධීන පන්ති අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත්වීම යි. මෙය ඉල්ලා සිටින්නේ ලේබර් පක්ෂය හා මුලු පාර්ලිමේන්තු පද්ධතිය සමග දැන් කැකෑරෙමින් පවතින දුරස්ථභාවය හා පිලිකුල, ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව දේශපාලනිකව දැනුවත් ව්‍යාපාරයක් තුලට වර්ධනය කල හැකි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම යි.

එම පක්ෂය නම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඕස්ටේ‍්‍රලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි. කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසප සමග සම්බන්ධවන ලෙස හා අපගේ 2013 මහ මැතිවරන ව්‍යාපාරයට මැදිහත් වන ලෙස යි.

පැටි‍්‍රක් ඕකොනර්

Share this article: