ඩෙට්‍රොයිට් හි සමාජ ප‍්‍රතිවිප්ලවය

Social counterrevolution in Detroit

2013 ජුනි 17

ආසන්න වසයෙන් 20,000 පමන විශ‍්‍රාමිකයන් සහ ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයට හා අයහපත් සෞඛ්‍ය කොන්දේසිවලට ඇද දමමින් දැනට සේවයේ නියුක්ත සහ විශ‍්‍රාමික සියලු කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් සහ සෞඛ්‍ය ප‍්‍රතිලාබ අතුගා දැමීමේ සැලැස්මක් ඩෙට්‍රොයිට් නගරයේ අත්‍යවශ්‍ය සේවා කලමනාකරු කෙවින් ඕර් සිකුරාදා නිවේදනය කලේ ය. කම්කරුවන්ගේ ප‍්‍රතිලාබ සඳහා වූ ප‍්‍රතිපාදන ඩොලර් බිලියන 9ක් එක පැහැර කපා දමන ලෙස ඩෙට්‍රොයිට් නගරයේ බලධාරී ආඥාදායකයා ඉල්ලා සිටියි.

ඕර් නුතන ඉතිහාසය තුල පෙර නොවුවිරූ ප‍්‍රහාරයක් කම්කරු පන්තිය මතට එල්ල කිරීමට සැලසුම් කලේ ය. යුරෝපා සංගමයේ සහ බැංකුවල උපකරනය ලෙස ක‍්‍රියාකරන ග‍්‍රීක ආන්ඩුව පවා රුදුරු කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ දී මූලික සෞඛ්‍ය සහ විශ‍්‍රාමික ප‍්‍රතිලාබ මත එවැනි දරුනු ප‍්‍රහාරයක් එල්ල කර නැත.

කම්කරු පන්තිය විසින් ශතවර්ෂයක අරගල තුලින් දිනා ගත් සියලුම ජයග‍්‍රහනයන් විනාශ කිරීම සඳහා ඇමරිකානු පාලක ප‍්‍රභූව විසින් 2008 පුපුරා ගිය ආර්ථික අර්බුදය සහ විරැකියාව උපයෝගී කර ගැනීමේ නව අවධියක් මින් සලකුනු කෙරෙයි. මෙය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අවධාරනය කර ඇති පරිදි සමාජ ප‍්‍රතිවිප්ලවයක් මිස අන් කිසිවක් නොවේ. ඩෙට්‍රොයිටය, එක්සත් ජනපදය පුරා හැම නගරයකම සහ ජාත්‍යන්තරව ඒ හා සමාන ප‍්‍රහාර සඳහා පුර්වාදර්ශයක් සපයා ඇත.

සිය තනතුරට තේරී පත් වූ නොව, පත්කල බංකොලොත් නීතිඥයකු වන ඕර්, නය හිමියන්ට සිකුරාදා ඉදිරිපත් කල සැලැස්මක දී විශ‍්‍රාමික ප‍්‍රතිලාබ සඳහා ඩොලරයකට ශත දහයකට අඩුවෙන් ගෙවීමේ යෝජනාවක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ ව්‍යාපෘතිය යටතේ, මධ්‍යම සෞඛ්‍ය සේවා වැඩපිලිවෙලවල් වලට මුදල් ගෙවා ඇතුලත්වීමට හෝ ඔබාමාගේ සෞඛ්‍ය සහන "ප‍්‍රතිසංස්කරනය” යටතේ පිහිටුවීමට නියමිත පුද්ගලික සෞඛ්‍ය සේවා මගින් කෙරෙන ආවරනයන් මිල දී ගැනීමට ඔවුන්ට බල කෙරෙමින් ඩෙට්‍රොයිට් නගරයේ වර්තමානයේ සේවා නියුක්ත හා විශ‍්‍රාමික කම්කරුවන් සඳහා වන සෞඛ්‍ය සේවාවන් කප්පාදු කෙරෙනු ඇත.

එහි තේරුම කම්කරුවන්, විශ‍්‍රාමිකයන් හා ඔවුන්ගේ පවුල් සඳහා වන සෞඛ්‍ය සහන සේවාවන්ගේ දරුනු කප්පාදුවක් හා ඒ සඳහා ඔවුන් විසින් දැරිය යුතු වියදම්වල දැවැන්ත ඉහල යාමකි. විශ‍්‍රාමික ප‍්‍රතිලාබ ද කප්පාදු කෙරෙනු ඇත.

කම්කරුවන්ගේ ප‍්‍රතිලාබ කැපීමට අමතරව නගරයේ කසල එකතු කිරීම පුද්ගලීකරනය කරනු ලබන අතර රජයේ විදුලි දෙපාර්තමේන්තුව, නිවාස ගිනි ගැනීම්වලින් දුසිම් ගනනක් මරනයට පත්වීමට සහ වෙනත් විනාශයන් ඇතිකිරීමට තුඩු දුන් හා ඩෙට්‍රොයිට් හි දහස් ගනන් පදිංචි කරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් වසා දැමීමට වගකිවයුතු උපයෝගිතා සේවාවන් සැපයීමේ දැවැන්තයෙක් වන ඩිටිඉ සමාගමට පැවරීමට නියමිතය. දලවසයෙන් නගරයේ විදුලි ලාම්පුවලින් අඩක් පමන ඉවත් කරනු ඇත.

නගරයට සැලකිය යුතු ආදයමක් උත්පාදනය කරන ජල සහ අපවහන දෙපාර්තමේන්තුව ප‍්‍රාදේශීය අධිකාරියකට භාරදෙනු ලබන අතර එහි වර්තමාන සමස්ත ශ‍්‍රම බලකායම දොට්ට දමා වඩා අඩු වැටුප් සහිත කම්කරුවන් බඳවා ගැනේ.

මෙම රුදුරු කප්පාදු කිරීම්වලින් නොනැවතී, ඩෙට්‍රොයිට් කලා ආයතනය සහ සත්ව උද්‍යානයේ සතුන් ද විකිනීමට බලාපොරොත්තු වන බව ඕර් කීවේය. ඔහුගේ මෙම යෝජනාවලට නගරයේ නය හිමියන් එකඟ නොවුනොත් බංකොලොත් බව ප‍්‍රකාශ කිරීමේ විනිශ්චයකරුට පෙර නගරයේ බලධාරි නියෝජිතයා වන තමන් විසින් ම නගරය බන්කොලොත්කමට ඇද දමන බවට ඕර් තර්ජනය කරයි.

මිචිගන් ප‍්‍රාන්ත ආන්ඩුවේ ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් ආරක්ෂා කරන නමුත් එය අදාල නැති බව ඕර් අවධාරනය කරයි. නගරයේ බැංකු හා රැකවරන අරමුදල් සමාගම්වලට නගරයේ භාන්ඩාගාරය කොල්ල කැමේ සහ එහි මිල කම්කරුවන්ට ගෙවීමට සැලැස්වීමේ දී ඊට එරෙහිව පිහිටීමට ව්‍යවස්ථාවට හෝ නෛතික අයිතීන්ට ඉඩක් නොලැබෙනු ඇත.

නගරයේ නය හිමියන්ගේ හා කම්කරුවන්ගේ "සම පරිත්‍යාගයක්” ඉල්ලා සිටින්නාක් ලෙස ඔහුගේ යෝජනාව ඉදිරිපත් කිරීමට ඕර් උත්සාහ කලේ ය. මෙය මුසාවකි. දස දහස් ගනන් කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් දුපත්කමට ඇද දමන හා මුලු ජීවිත කාලය පුරා වැඩකර උපයා ගත් ප‍්‍රතිලාබ කොල්ල කනු ලබන අතර රක්ෂනය කරනු ලබන විශාලතම නය ආයතන ලබනු ඇත්තේ අවම පාඩුවක් පමනි.

ඩෙට්‍රොයිට් හි සමස්ත දේශපාලන සංස්ථාපිතයම - ඩිමොක‍්‍රටික් පක්ෂය, මාධ්‍ය, වෘත්තීය සමිති "සිවිල් අයිතීන්” ආරක්ෂා කිරීමේ නායකයන් - ඕර් ගේ යෝජනා පිටුපස පෙල ගැසී ඇත. ප‍්‍රාදේශීය පත‍්‍ර හා ගුවන්විදුලි මාධ්‍ය නගරය "උඩු යටිකුරු” කිරීමේ ඔහුගේ "දැඩි” ප‍්‍රවිෂ්ටය වගවර්නනා කරති. අනභියෝගී උපකල්පනය බවට පත්ව ඇත්තේ, කම්කරුවන් ගෙවිය යුතුය, එවිට ආර්ථික අර්බුදය නිර්මානය කල මූල්‍ය අපරාධකරුවන්ට ම තව තවත් පොහොසත් විය හැකිය යන්නයි.

වෘත්තීය සමිති කිසිසේත් විරුද්ධ නොවන බව දන්නා නිසා එවන් දුෂ්ට යෝජනා ඉදිරිපත් කල හැකි බව ඕර්ට හැෙඟයි. ඕර් යෝජනා කරන ඕනම දෙයක් මෙම සංවිධාන විසින් පිලිගනු ඇති අතර එකතු කරන ආදායම් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ ආයතනමය උත්සුකතාවයන් හා හැකියාවන් සම්පාදනය කරනු ඇත.

"දීමට දෙයක් ඉතිරිවී නැති වෘත්තීය සමිතිවලින් පමනක් නොව, හැම කෙනෙකුගෙන් ම ඔහු උපකාර ඉල්ලන” බව ජල හා අපවහන දෙපාර්තමේන්තුවේ කම්කරුවන් නියෝජනය කරන ඇමරිකාවේ උපයෝගිතා කම්කරු වෘත්තීය සමිතියේ ලෝකල් 488ටේ සභාපති කාර්ල් ඇන්ඩර්සන් ඩෙට්‍රොයිට් ෆී‍්‍ර ප්‍රෙස් පත‍්‍රයට කීවේය. පත‍්‍රය ඇන්ඩර්සන්ගෙන් මෙසේ උපුටා දැක්වීය: "ඕර් ඒක සෘජුවම කි‍්‍රයාවට දමන අතර කප්පාදු කිරීම් එකවර සහ අවසානය දක්වා ම ක‍්‍රියාවට දමනු ඇත.”

අවසාන වසයෙන් 1930 ගනන්වල දී දකින ලද කොන්දේසි කරා ඩෙට්‍රොයිට් කම්කරුවන් ආපසු යායුතු යයි ඉල්ලා සිටින මිනිසුන් කව් ද?

වෝල් වීදියේ ධනවත් නීතිඥයෙකු වන ඕර් ඩිමොක‍්‍රටික් පක්ෂයට හා ඔබාමා ආන්ඩුවට ඉතා සමීප අයෙකි. ඔබාමා විසින් 2009 දී රථවාහන කර්මාන්තය ප‍්‍රතිව්‍යුහ ගත කරන ලද අවස්ථාවේ බංකොලොත්කම ප‍්‍රකාශ කිරීමේ උසාවියේ දී ක‍්‍රිස්ලර් සමාගම නියෝජනය කරමින් රථවාහන කම්කරුවන්ගේ වැටුප් හා ප‍්‍රතිලාබ විනාශ කිරීමේ මූලික භූමිකාවක් ඔහු ඉටු කලේ ය.

ඩෙට්‍රොයිට් නගරය කොල්ල කෑම ඔබාමා ආන්ඩුව ජාතික පරිමානව කම්කරුවන්ට එල්ල කරන ප‍්‍රහාරවල කොටසකි. ඔබාමාගේ අඩු මිල සෞඛ්‍ය සේවාවන් මිල දී ගැනීමේ සැලැස්ම තුලට නගරයේ කම්කරුවන් තල්ලු කිරීමේ ඕර්ගේ ව්‍යායාමය සිය සෞඛ්‍ය රක්ෂන වැඩ පිලිවලවල් අහෝසිකරන හාම්පුතුන්ට දිරි දීමනා දීම ඇතුලු ඔහුගේ සෞඛ්‍ය සේවා ප‍්‍රතිසංස්කරනයේ ප‍්‍රතිගාමී සහ කම්කරු විරෝධී ස්වභාවය පෙන්නුම් කරයි.

කම්කරුවන්ගේ ප‍්‍රතිලාබවලට එරෙහි ඕර්ගේ ප‍්‍රහාරය එක්සත් ජනපදයේ මුල්‍ය කතිපයාධිපතියන් විසින් ජීවිතයේ සැම පාර්ශවයක් කෙරෙහි ම පවත්වාගෙන යනු ලබන ආඥාදායකත්වය පිලිබිඹු කරයි. සමාජයේ උවමනාවන්, ජනතාවගේ අදහස් හෝ නීතිය පොහොසත්වීම සඳහා වූ සිය ධාවනයේ දී ඔවුන් මත බල නොපාන්නේය.

තමන් සතු සියල්ල කොල්ල කන තුරු පසෙකට වී බලා සිටීමට කම්කරුවන්ට පුලූවන්කමක් නැත! රැකියා සහ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ පුලුල් ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ එහි නගරාධිපති අපේක්ෂක ඩා’ටර්ගන් කොලියර් සටන් කරයි.

ඕර් බලයෙන් පහ කිරීමට සහ බැංකුකරුවන්ගේ ආඥාදායකත්වය අවසන් කිරීම සදහා පෙරට එන ලෙස කොලියර් කම්කරුවන්ට කැඳවුම් කරයි. එමෙන් ම දුෂිත, සංගත විසින් පාලිත නගර කවුන්සිලය කම්කරුවන්ගේ කවුන්සිලයකින් විස්ථාපනය කරන ලෙස ද කොලියර් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය සහන, විශ‍්‍රාමික ප‍්‍රතිලාබ හෝ හොඳ වැටුප් සඳහා මුදල් නැතැයි කීම මුසාවකි. වෝල් වීදියේ මංකොල්ලකරුවන්ගේ අයුක්ති සහගත ලෙස උපයන ලද සියලූ ධනය අත්පත් කර ගනිමින් ඩෙට්‍රොයිට් සහ රටපුරා සෙසු නගර යලි ගොඩ නැගීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනන් වෙන් කරන ලෙස සසප ඉල්ලා සිටියි.

බැංකු සහ සංගත ජනසතු කරන ලෙසත් ඒවා මහජනයාට අයත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය කරන ආයතන බවට පරිවර්තනය කිරීමත් කොලියර්ගේ සමාජවාදී වැඩපිලිවෙලට අතුලත් වෙයි. හැම කෙනෙකුටම නිවාස, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, ආරක්ෂිත විශ‍්‍රාම දිවියක් හා සංස්කෘතියක් ඇතුලු යහපත් ජීවිතයක් හැම කෙනෙකුටම සහතික කල හැක්කේ මේ ආකාරයට පමනි.

සමාජවාදී සමානතා පක්ෂය අමතන ලෙසත් ඩා’ටගන් කොලියර්ගේ නගරාධිපති උද්ඝෝෂනයට ක‍්‍රියාත්මකව සහභාගී වන ලෙසත් මෙම සටනට සහයෝගය දෙන හැම කෙනෙකුගෙන් ම අපි ඉල්ලා සිටිමු.

ඇන්ඩ්රි ඩෙමොන්

Share this article: