එඩ්වඩ් ස්නෝඩන් ආරක්ෂා කරනු!

Defend Edeard Snowden!

2013 ජුනි 13

(ස්නෝඩන් ට එරෙහි නඩු පැවරීම ගැන ලොසවෙඅ ලිපිය කියවන්නමෙතන ක්ලික් කරන්න. සම්පුර්න තොරතුරු කියවා මෙම ව්‍යායාමයට සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න.)

එඩ්වඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද සමාජවාදී ද සමනතා පක්ෂය ද ඇමරිකා එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව ම ද සියලු කම්කරුවන්, ශිෂ්‍යයන්, සහ තරුනයන් ගෙන් ඉල්ලා සිටි.

ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද මිලියන සංඛ්‍යාත ජනකායක් ඉලක්ක කරගත් රහසිගත වූ ද නීති විරෝධී වූ ද දැවැන්ත ඔත්තු වැඩ පිලිවෙලක් නිර්භීතව එලිදරව් කල ස්නෝඩන් ඇමරිකානු ආන්ඩුව සංවිධානය කරන දඩයමකට ලක්ව සිටියි. ඔහුව ආරක්ෂා කිරීම සාතිශය හදිසි භාවයෙන් යුතු කරුනකි.

නැෂනල් සිකියුරිටි ඒජන්සියේ කොන්ත‍්‍රාත් සේවකයෙකුව සිටි මෙම 29 හැවිරිදි තරුනයා ට විරුද්ධව නඩු පවරන බව ඔබාමා පාලනය දැනටම ප‍්‍රකාශ කොට තිබේ. රාජ්‍යද්‍රෝහියෙකු ලෙස ඔහුව හෙලා දුටු කොන්ග‍්‍රස් සභිකයෝ ද සෙනෙට් සභිකයෝ ද ඔහුව ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතු යයි ද නැතහොත් මරන දඬුවමට පත් කල යුතු යයි ද ඉල්ලා සිටිති.

රාජ්‍යද්‍රෝහී චෝදනාව වනාහි දුෂ්ට ලිඛිතාපහාසයකි. ඇමරිකාවේ මූලික අයිතිවාසිකම් පනතේ (බිල් ඔෆ් රයිට්ස්) අන්තර්ගත ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කරන්නේ ස්නෝඩන් නො වේ. එම අයිතිවාසිකම් වලට එරෙහි කුමන්ත‍්‍රනය එලිදරව් කිරීම මගින් තමාගේ ජීවනචර්යාව පමනක් නොව මුලු ජීවිතයම පවා පරදුවට තබමින්, ඔහු කර ඇත්තේ එම අයිතීන් ආරක්ෂා කිරීම ය.

තමාගේ ජීවිතය අනතුරට පත්ව ඇතැයි ස්නෝඩන් කරන ප‍්‍රකාශය කිසිසේත්ම අතිශයෝක්තියක් නො වේ. ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කිරීමට ඔහු ගත් තීන්දුව ට එක්තරා දුරකට හේතු වූ යේ තම ආරක්ෂාව තතු දත් පොදු ජනතාවක් මත රැඳී පවතින බව ඔහු විසින් වටහා ගන්නා ලද හෙයිනි. එසේ නොවීනම් ඔබාමා පාලනයේ මී ලඟ ඝාතන ඉලක්කය බවට තමා පත් වීමට ඉඩ තිබුනු බව ඔහු දැන සිටියේ ය.

අත්‍යසාමාන්‍ය ලෙස පුදුම එලවන කරුන නම් කොන්ග‍්‍රස් මන්ඩලයේ සහ පුවත් මාධ්‍යයන්හි පූර්න කෝපයට සහ රෝෂයට ලක් ව ඇත්තේ ඇමරිකානු ව්‍යවස්ථාව උග‍්‍ර ලෙස උල්ලංඝනය කල එවුන් නොව, ඔවුන්ව එලිදරව් කල පුද්ගලයා වීමය. මීට සති කිහිපයකට පෙර ජාතික බුද්ධි අධ්‍යක්ෂක ජේම්ස් ක්ලපර් සෙනෙට් මන්ඩල කමිටුවක් ඉදිරියේ දී, ආන්ඩුව වැඩපිලිවෙලක් මගින් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ තොරතුරු එක්රැස් කරගන්නේ දැයි විමසන ලදුව බොරු කී වේ ය. එහෙත් අසත්‍ය සාක්ෂ්‍ය දීමේ වරදට ඔහුට නඩු පැවරිය යුතු යයි කියන එකද පුවත් මාධ්‍යයක් හෝ නිලධාරියෙක් හෝ ඇත්තේ නැත.

ඔබාමා ට විරුද්ධව දෝෂාභියෝගී චෝදනා ඇරඹිය යුතුය යයි කෙරෙන ඉල්ලීම් මතු කරන කෙනෙක් නැත. වසර හතලිහකට පෙර රිචඩ් නික්සන් දෝෂාභියෝගයකට මුහුන පෑවේ වත්මන් ජනාධිපතිවරයා විසින් කරනු ලබන ව්‍යවස්ථා උල්ලංඝනයන්ට කිට්ටු කරන තරම් වත් බරපතල නුවූ ව්‍යවස්ථා උල්ලංඝනයන් හේතු කොට ගෙනය.

ස්නෝඩන් ගේ එලිදරව්වට දේශපාලන සංස්ථාපිතය දක්වා ඇති උමතු, දුෂ්ට ප‍්‍රතිචාරය විසින් පෙන්නුම් කෙරෙන්නේ ඇමරිකාවේ රාජ්‍යයේ සහ මාධ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආධිපත්‍යවාදී, සහ ෆැසිස්ට්වාදී පවා වන සංකල්ප කොතරම් දුරට මුල්බැස ඇතිදැයි යන්න ය. මෙම ස්ථර තුල, මුලික අයිතිවාසිකම් පනතට එරෙහිව එන්නෙන්නම උමතු විරෝධයක් පැනනගිමින් පවතී. ඊට පිටුපසින් පවත්නේ උන් ඇමරිකානු ජනතාව කෙරේ උග‍්‍රවන උමතු විරෝධයයි.

ස්නෝඩන්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනා කරන, බ‍්‍රැඩ්ලි මැනිං සහ ජුලියන් අසාන්ජ් ට නඩු පවරා ඇතිවුන් ම ය, ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ද්‍රෝහීන් වන්නේ: ඔවුහු ඒකාධිපතිත්වය ඇටවූ කුමන්ත‍්‍රනයක අපායසහායක යෝ ය.

ඔබාමා පාලනය පිටුපසින් පෙලගැසී සිටින්නේ එන්.එස්.ඒ, සීඅයිඒ, එෆ්බීඅයි සහ පෙන්ටගනයයි. ස්නෝඩන්ට එරෙහිව මහජන මතය විෂ ගැන්වීම සඳහා දැරෙන වියරු ප‍්‍රයත්නයක් උදෙසා අමරිකානු මාධ්‍ය වල අති මහත් යාන්ත‍්‍රනය බලමුලුගැන්වෙමින් පවතී. මීට ප‍්‍රමුඛ උදාහරනයක් නම් නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ ලේඛක ඬේවිඞ් බෲක්ස් ය.

ස්නෝඩන්ගේ බාල වයස පෙන්නුම් කර සිටින ලේඛකයන්ගෙන් එකෙකු වන බෲක්ස් මෙසේ ලියයි. ස්නෝඩන් වනාහි "වයස විසි ගනන් වල තරුනයින් අතුරෙන් ප‍්‍රගාමී ව වැඩිවන පංගුවක් නියෝජනය කරන්නෙකි.” බ්රූක්ස් ගේ ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය බියට පත්ව ඇති තරම යි. ස්නෝඩන් සරලවම තනි පුද්ගලයෙකු නොව, නිල සංස්ථාවන් කෙරේ තරයේම විරසකව සිටින ඔහු අයත් පරපුර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා හැටියට ඒවා කෙරේ විශ්වාසය මුලුමනින්ම අහෝසි කර ගෙන සිටිති.

"හුදෙකලා හෙලි දරව් කරු” යන නමින් පසුගිය අඟහරුවාදා පලකරන ලද ලිපියක බෲක්ස් ස්නෝඩන් ද දේශපාලන පද්ධතිය කෙරේ ඔහු දරන අවිශ්වාසයට හවුල්කරු වන තවත් මිලියන සංඛ්‍යාත තරුනයින් ද හෙලාදුටුවේ 1930ස් ගනන් වලදී ෆ‍්‍රැන්කෝ, මුසෝලිනි, සහ හිට්ලර් ගේ ෆැසිස්ට් ඒකාධිපතිත්වයන් ආරක්ෂා කිරීමට යොදා ගත්තාවූ වර්ගයේ තර්කයන් ම යොදා ගනිමිනි.

ඔහු "සාධිකාර ව්‍යුහයන්ගේ: එනම් පවුල, අසල්වැසියා, ආගමික කන්ඩායම රාජ්‍යය, ජාතිය සහ ලෝකයේ ගුන වර්නන කරයි.” "සංස්ථා කෙරේ ගරුසරු බව,” සහ "පොදු පටිපාටීන්ට ගරු කිරීම” හුවා දක්වන ඔහු, ස්නෝඩන්ගේ "ධුරාවලින් සහ සංවිධාන සැකකටයුතුය යන දැඩි විශ්වාසය සහ පාරදෘශ්‍යතාව කෙරේ කැපවීම හෙලාදුටුවේ ය.”

ස්නෝඩන් "ව්‍යවස්ථාව පාවාදී ඇතැයි” යන විකාර චෝදනාව කිරීමේ දී බෲක්ස් පෙන්නුම් කරන්නේ සතුරු කමක් පමනක් නොව ඇමරිකානු සමූහාන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්තිවාරම් පිලිබඳ පරිපූර්න නොදැනුවත් කමකි. ඔහු මෙසේ ලියයි: "සමාරම්භකයන් එක්සත් ජනපදය නිර්මානය කලේ යම්කිසි හුදෙකලා 29 හැවිරිද්දෙකු ට එලිදරව් කලයුතු කුමක් ද යන්න ගැන තනි මතයට තීන්දු ගත හැකි කිරීමට නොවේ.”

වයස අවුරුදු 20 ගනන් වල අග හෝ තිස් ගනන්වල මුල සිටි එක්සත් ජනපදයේ සමාරම්භක යෝ විප්ලවයක් කොට, මර්දක පාලනයක් පෙරලා දැමීමට මහජනයාට පවත්නා අයිතිය ආරක්ෂා කලෝය. ආන්ඩුව නව වර්ගයේ ඒකාධිපතිත්වයක් නොවනු වස්, එය විශ්වාසය මත නොව, "සංවිධිත අවිශ්වාසය” මත පදනම් කෙරෙන ආස්ථානයකට අනුකුලව ඔවුහු ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම සකස් කලෝය. එහෙයිනි ඔවුන් පුද්ගලයන් විසින් කරනු ලබන ආන්ඩුවක් නොව නීතිය උඩ කෙරෙන ආන්ඩුවක්, එහි ආන්ඩු සහ තුන අතර බාධන සහ තුලන සහිත තහවුරු කරන ලද්දේ.

ස්නෝඩන් දත්ත සෑරීමේ "ග‍්‍රස්තියට” හසු වූ ස්නෝඞ්න් ඔහු විසින් එමගින් "සමාජ පටිපාටියට සහ ඒවා එකට තබාගන්නා අදිසි බැමි වලට කරනලද විනාශය” ගැන අන්ධය යි චෝදනා කරමින් බෲක්ස් තම ලිපිය හමාරකරයි.

ස්නෝඩන් ඔහුගේ පරම්පරාවේ අත්දැකීම් වල නිෂ්පාදනයකි. එම අත්දැකීම් මිලියන ගනනක් දේශපාලනිකරනය කොට රැඩිකලිකරනය කොට ඇත. ඔහු වැදුනේ උග‍්‍රවන සමාජ අසමානතාවේ ද වෘත්තීය සමිති සමාජ විරෝධතාවේ සංවිධාන හැටියට බිඳ වැටීම ද සමග ය.

ස්නෝඩන් වැඩිවියට ලං වත්ම හැඩගැසුනු දේශපාලන අත්දැකීම් වූ යේ 9/11 සහ ඊනියා "ත‍්‍රස්තවාදයට එරෙහි” යුද්ධය ය. දේශපාලන අත්දැකීමෙන් තොර වූ ඔහුගේ ආරම්භක ප‍්‍රතිචාරය වුයේ විඥානවාදයේ ද දේශපේ‍්‍රමයේ ද මිශ‍්‍රනයකි. ඔහු ප‍්‍රථමයෙන් ඇමරිකානු ආන්ඩුව විශ්වාස කලේ ය. ඉක්බිති දස අවුරුද්ද ඔහුගේ මිත්‍යා බිඳිනු ඇත.

ඔහු කී පරිදි තමා හමුදාවට බැඳුනේ, "මනුෂ්‍යයෙකු හැටියට සෙසු මිනිසුන් පීඩනයෙන් ගලවාගැනීමට තමාට වගකීමක් තිබුනු බව හැඟුනු හෙයිනි.” එහෙත් ඔහු ඉක්මනින්ම කලකිරීමට පත් විය. මන්ද යත්, "අප පුහුනු කල බොහෝ මිනිසුන් උනන්දුව සිටියේ කාටවත් උදව්කිරීමට නොව, අරාබින් මරා දැමීමට බව පෙනී ගියේය.” තවත් මිලියනක් දෙනා මෙන් ඔහු ද ඉරාක යුද්ධය බැග්ඩෑඩ් පාලනය අත මහා විනාශකාරී අවි තිබේ ය යන බොරුව උඩ පදනම් වූ බව” සොයාගති.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ ඔහුට දකින්නට ලැබුනේ ඉරාකයේ අබු ග‍්‍රයිබ්හි සහ ගුවන්තනාමෝ හි එක්සත් ජනපද සිර කඳවුරුවල රැඳවියන්, ට එක්සත් ජනපදය විසින් වධ බන්ධනයට ලක් කරන සැටි ද ෆලූජා නම් ඉරාක නගරය වනසන හැටි ද ඉරාකයේ සහ ඇෆ්ඝනිස්තානයේ සිදු කරන ලද ගනන් නැති යුද අපරාධ ද නඩු විභාගයකින් තොර අසීමිත සිරගත කිරීම ද, වධ දීම සඳහා රැඳවියන් පිටරටවලට මාරු කිරීම ද (රෙන්ඩිශන්) මහාපරිමානයෙන් සිය රට තුල ඔත්තු බැලීම ද ඔහු අත් දුටුවේ ය. බරක් ඔබාමා ගේ මැතිවරන පොරොන්දු සහ ඉරක යුද්ධයට ද බුෂ් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට විරුද්ධ බව ට ඔබාමා කල ප‍්‍රකාශ ද ඔහුට බලපෑවේය. එහෙත් කලු ජනාධිපතිවරුන්ට තනතුරු අල්ලා ගැනීම සඳහා බොරු මැතිවරන පොරොන්දු දියහැකි බව ද ඉක්බිති ඒවා ප‍්‍රතිවිපාකයකින් තොරව බිඳ දැමීම ද ඔවුන්ට කලහැකි බව ද අනුක‍්‍රමයෙන් වැටහී යාම ”යනුවෙන් ඔහු විස්තර කල දෙය නිසා ඔහු දේශපාලන පද්ධතියෙන් තව දුරටත් විරසක විය.

එන්.එස්.ඒ වැඩපිලිවෙල පිලිබඳ තොරතුරු පිටකිරීමේ දී ද වග කීම භාර ගැනීමට ඉදිරි පත් වීමේ දී ද තමාගේ අධ්‍යාසයන් ව්‍යක්තව සාරාංශ කල ස්නෝඩන් අඟහරුවාදා රාත‍්‍රී සවුත් චයිනා මොර්නීන්ග් පොස්ට් පුවත් පතට මෙසේ ප‍්‍රකාශ කලේ ය. "මා මෙහි පැමින සිටින්නේ යුක්තියෙන් සැඟවීමට නො වේ. අපරාධකාරිත්වය හෙලිදරව් කිරීමට ය.”

ස්නෝඩන්ගේ පරිනාමය පාලක ප‍්‍රභූව භීතියට පත් කරයි. ජනගහනයේ පුලුල් ස්ථරවල විශ්වාසය ද අනුමැතිය ද නැති කර ගනිමින් සිටිති. සිත් දිනාගැනීම තුලින් මහජන සහයෝගය ආපසු අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි හෙයින්, ඔවුහු භීෂනය සහ තර්ජනය ට හැරෙති. සෙස්සන් භීතියට පත් කිරීමට ස්නෝඩන් උදාහරනයක් කොට ගැනීමට ඔවුන්ට උවමනා ය.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද වැඩකරන ජනතාව එඩ්වඩ් ස්නෝඩන් පමනක් නොව බ‍්‍රැඩ්ලි මැනීං සහ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතු ය. වැඩපලවල ද, "කම්කරු අසල්වැසි තුල ද, විද්‍යාල සහ පාසල්වල ද සහයෝගය ගොඩ නැගිය යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මහා ජන ව්‍යාපාරයක හී මුන බවට පත්විය යුතු ය.

ඇමරිකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටීම ප‍්‍රධාන සාධක දෙකක් යටතේ සිදුවෙයි: එනම්, යුදවාදයේ වර්ධනය හා යුද්ධයෙන් වඩ වඩා ගැඹුරු වන සමාජ අසමානතාවයන් ය. ජනගහනයෙන් සියයට එකක් ධනයෙන් සියයට 40ක් පාලනය කරන සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංතතියක් පවත්වාගෙන යා නොහැකිය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අරගලය යුද්ධයේ, සමාජ අසමානතාවයේ සහ ඒකාධිපතිත්වය සඳහා ධාවනයේ මූලය වන ධනේශ්වර ක‍්‍රමයට ද එරෙහිව ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් වෙන්කල නොහැකිය.

නාස්ති කිරීමට කාලයක් නැත. සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳෙන ලෙස මෙම අරගලයට උර දීමට කැමති සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිමු. සසපය ඇමතීමට හෝ බැඳීමට මෙතැනින් ක්ලික් කරන්න.

බැරි ගේ‍්‍ර සහ ඬේවිඞ් නොර්ත්

Share this article: