ව්‍යාජ වාම නසසපය දක්ෂිනාංශික යූඑන්පීය සමග ගිවිසුමක් අත්සන් කරයි

By Sarath Kumara and Vilani Peiris, 7 March 2013

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ නසසපය දක්ෂිනාංශික යූඑන්පී ය සමග සන්ධානගතව ඇත. ධනේශ්වර දේපොල ආරක්ෂා කිරීම සඳහා වූ මෙම සන්ධානය නසසපය තවදුරටත් දකුනට හැරීම පෙන්නුම් කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ ධනපති පාලනය ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟා ඇති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) නායකත්වය දෙන විපක්ෂයේ විරෝධය (විවි) පෙරමුන සමග, ව්‍යජ වාම නසසප ය කුනු ගිවිසුමක් අත්සන් කර ඇත. විවි ගිය වසරේ දී පිහිට වූ නමුත් එකඟතාවයක් අත්සන් කරන ලද්දේ පසුගිය පෙබරවාරි 11 දා ය.

මෙම පෙරමුනට, දෙමල හා මුස්ලිම් වාර්ගික සංවිධාන දෙකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන, දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ) සහ සිංහල ස්වෝත්තමවාදී සංවිධාන වන මව්බිම ජනතා පෙරමුන හා නව සිහල උරුමය ඇතුලත් ය. ප‍්‍රධාන දෙමල ධනපති සංවිධානය වන ටීඑන්ඒ ය, තම නායකයා විදේශ සංචාරයක නිරතව ඇතැ යි පවසා ගිවිසුම අත්සන් කිරීමෙන් වැලකී සිටියේ ය. නමුත් ඇත්ත හේතුව නම්, ඔවුහු විරුද්ධ පාර්ශ්වය සමග සහෙයා්ගී වන අතර ම ආන්ඩුව සමග ද ගනුදෙනුවකට මාන බලති.

විවි යේ කොටස්කරුවකු වූ තවත් ව්‍යජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායකයකු සඳහන් කලේ පෙරමුනට සම්බන්ධ වීම සඳහා තමන් සාකච්ඡාවල නිරත ව ඇති බව ය.

සන්ධානයේ සහකරුවන් අතර විනය පවත්වාගැනීම සඳහා මෙම පක්ෂ කරුනු හතක පිලිවෙතකට හා කරුනු හතරක "අවබෝධයක ට” අත්සන් කරන ලදි. මෙ මගින්, නසසපය හා අනෙකුත් පක්ෂ ලංකාවේ සම්ප‍්‍රදායික ධනපති පක්ෂය වන යූඑන්පී යේ අධිකාරයට යටත් කර ඇත. විවි යේ ඝෝෂාකාරීම උද්ඝෝෂකයා වන නසසපයේ තවත් දකුනට යාමක් මෙමගින් පෙන්නුම් කෙරේ.

ලෝක ධනවාදයේ කඩා වැටීමේ කොටසක් ලෙස ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් තියුනු වෙමින් පවතී. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව නිරන්තරෙයන් ජීවන තත්වයන් ට හා සමාජ අයිතීන්ට එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් මගින් මෙම තත්වය වඩා ත් වැඩි දියුනු කරන අතර සමාජ පිපිරීමක තත්වයක් ගොඩ නැගෙමින් පවතී. නසසපය වැනි ව්‍යජ වම්මුන් ගනන් බලන්නේ යූඑන්පී ය ධනපති විකල්පය ලෙස දැනුවත් ව ගොඩ නැගීම කම්කරු පන්තිය උගුලක හිර කර ධනපති පාලනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බව යි.

එකඟතාවය ට අනුව විවි ”ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව” ආරක්ෂා කිරීමටත් එහි සඳහන් ”මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම හා අදහස් ප‍්‍රකාශ කිරීමට හා භාෂනයේ නිදහස තහවුරු කිරීම” ට ත් බැඳී සිටියි. ඒ සමග ම එය "අධිකරනය, විධායකය හා ව්‍යවස්ථාදායකය එකිනෙකට ගරු කරමින් කි‍්‍රයා කල යුතුය” ස්ථාවරයත් පිලි ගනියි.

කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමත් සමඟ මෙම පූච්චානම්වලට මොනම සම්බන්ධයක් වත් නැත. මොවුන් ආයාචනය කරන්නේ රාජපක්ෂ තන්ත‍්‍රය විසින් පැත්තකට කර ඇති පාලක පන්තියේ කන්ඩායම්වලට හා ඉහල මධ්‍යම පන්තියේ ස්ථරයන්ට ය. රාජපක්ෂ විසින් ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම කම්කරු පන්තියේ ඇස් ඉදිරියේ ධනපති පාලනය තව දුරටත් අවමන් වේ යයි මොවුන් භීතිය ට පත් ව ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව, පක්ෂ අතර සාකච්ඡාවේ දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීමට යූඑන්පීය කැමැත්තක් දක්වා නැත. යූඑන්පීය සඳහන් කර ඇත්තේ එය හෙමිහිට කල යුතු දෙයක් බව ය. නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න උජාරුවෙන් සඳහන් කර ඇත්තේ 1978 පාර්ලිමේන්තුවේ දී විධායක ජනාධිපති ක‍්‍රමය අත්සන් කල විට, තමා "කලු කොඩි එස වූ බව ය.” මෙය බංකොලොත් විරෝධතාවය කි.

යූඑන්පී ආන්ඩුව යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය තහවුරු කිරීමට වික‍්‍රමසිංහ දායක විය. තමන් බලයට එන යම් දිනෙක, කම්කරු පන්තියට එරෙහිව පාවිච්චි කිරීම සඳහා රාජපක්ෂ ද ඇතුලු ව අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ශක්තිමත් කරන ලද දැඩි ඒකාධිපති බලතල සහිතව ම මෙය තබා ගැනීමට වික‍්‍රමසිංහට අවශ්‍ය ය. කරුනාරත්න විසින් යූඑන්පීය හා එහි නායකයා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදියකු ලෙස ආ වැඩූවත්, කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහරදීමේ දිගු වාර්තාවක් වික‍්‍රමසිංහ සතු ය. කරුනාරත්න වැලඳගන්නා ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ධුරය අඩංගුකරගන්නවා පමනක් නොව සිංහල භාෂාවට නිල තත්වය ද බුද්ධාගමට ප‍්‍රමුඛ තත්වය ද දීම මගින් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයෙන් ද දූෂිත ව ඇත.

"ජාතික ප‍්‍රශ්නය සඳහා කල්පවත්නා වූත් සියලු ජාතීන් පිලිගන්නා වුත් දේශපාලන විසඳුමක් උදෙසා ක‍්‍රියා කිරීම හා උගත් පාඩම් කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාවට නැංවීම” සඳහා විවි එකඟ ව ඇත. දේශපාලන විසඳුම නැමැති මෙම නූල් පෑදුනු මන්තරය මහජනයා රැවටීම සඳහා, යූඑන්පී ය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද පාවිච්චි කරන ප්‍රෝඩාවකි. මොවුන් ගේ ඇත්ත වාර්තාව නම් කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය උසි ගැන්වීමයි. ඊනියා නිදහසේ සිට යූඑන්පී ය මෙම පිලිවෙත පවත්වා ගනිමින් 1983 දී යුද්ධය ආරම්භ කලේ ය. රාජපක්ෂ එය ලේ වැකි අවසානයක ට ගෙන ආවේ ය.

පැරාමිලිටරි කන්ඩායම් නිරායුධ කිරීම, නීති විරෝධී ඝාතනයන් හා අතුරුදහන්වූවන් සම්බන්ධව පරීක්ෂන පැවැත්වීම හා උතුර හා නැගෙනහිර පලාත් හි පරිපාලනය සඳහා දෙමල ධනපතීන්ට යම් බලතල විමධ්‍යගත කිරීම වැනි සීමිත යෝජනා ඉදිරිපත් කලත්, එල්එල්ආර්සීය පත් කෙරුනේ යුද අපරාධ වසන් කිරීමට ය. එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාත්මක කිරීම එක්සත් ජනපදය ද ඇතුලු මහා බලවතුන්ගේ ඉල්ලීම යි. එක්සත් ජනපදය, චීනය කොටු කිරීමට යන තත්වය තුල දී, මානුෂික අයිතීන් පිලිබඳ චෝදනා ඉදිරිපත් කරන්නේ බීජීනයෙන් දුරස්ත වන ලෙසට රාජපක්ෂ ආන්ඩුවට පීඩනය ගෙන ඒමට ය.

එල්එල්ආර්සී ය ගැන මෙම පෙරමුනේ ඉල්ලීම, තමන් එක්සත් ජනපද අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බව ට කෙරෙන දැනුම් දීමකි. යෝජනාව අත්සන් කිරීමෙන් පසුව යාපනයේදී පැවැත්වූ පලමු විරෝධතා රැස්වීමේ දී ප‍්‍රධාන ඉල්ලීම ලෙස මෙය ඉදිරිපත් කෙරුනි. එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාත්මක කරල ලෙසත් මානුෂික අයිතීන් ආරක්ෂා කරන ලෙසත් කොලඹ ආන්ඩුවට පීඩනය දමන ලෙස ඔවුහු "ජාත්‍යන්තර ප‍්‍රජාව” ගෙන් ඉල්ලා සිටි ය හ. කොලඹ ආන්ඩුව සමග සම්මුතියක ට ඒම සඳහා වොෂිංටනෙයන් උදවු ඉල්ලා සිටින ටීඑන්ඒ ට, නසසප ය අනුග‍්‍රහ දක්වයි.

යූඑන්පී පෙරමුනේ විනය යටතේ වැඩ කිරීමට නසසප ය සිය කැමැත්තෙන් ම ඉදිරියට පැමින ඇත. පක්ෂ නායකයන් විසින් අත්සන් කල "අවෙබා්ධය ට” අනුව, තමන්ගේ පක්ෂ හා සාමාජිකයන් එකඟතාවයෙන් එපිට හෝ නොතැකීමකින් වැඩ කිරීම වලක්වනු ලබයි. එසේ වුවෙහාත්, ඔවුන් විවි යෙ න් නෙරපන බවට අනතුරු අඟවා ඇත.

විවි පක්ෂ එහි අනෙකුත් පක්ෂ හා ප‍්‍රතිපත්තිවලට ගරු කරයි. කිසිම පක්ෂ නායකයෙක් හෝ සාමාජිකයෙක් පෙරමුනේ අනෙකුත් පක්ෂ අතර ගැටුම් ඇතිවන ආකාරයට විවේචනය කිරීම හෝ නායකයන්ට චෝදනා කිරීම නොකල යුතු ය. සියලුදෙනාම "ස්වයං පාලනයක්” හා "ස්වයං වාරනයක්” පවත්වා ගත යුතු ය.

එකඟතාවයට අත්සන් කිරීමෙන් පසුව, වික‍්‍රමසිංහ ප‍්‍රීතියෙන් කුල්මත්ව ප‍්‍රකාශ කලේ "අද රටේ පවතින එකම විරුද්ධ පක්ෂය විපක්ෂයේ විරෝධය” යන්න යි. සෑමකෙනෙක්ට ම රාජපක්ෂගේ ඒකාධිපතිත්වය හෝ එසේ නොමැති නම් විපක්ෂය තෝරා ගත යයි ද, "දේශපාලන පක්ෂ යූඑන්පීය නායකත්වය දෙන විවි එකඟතාවය අත්සන් කල මොහොත විප්ලවයේ ආරම්භය ය යි” ද ඔහු කියා සිටියේ ය.

වික‍්‍රමසිංහගේ විප්ලවය යනු අන් කිසිවක් නොව, අනෙකුත් පක්ෂවල සහායෙන් බලයට ඒම ය. ඔහු විශේෂයෙන්ම බලාපොරොත්තුවන්නේ, තමන් ශ්‍රේෂ්ඨ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් ය යන නසසපයේ වාචාල කතා මගින් ආවරනයක් සාදා ගැනීමට ය. කෙසේ හෝ, දේශපාලන අර්බුදයේ තියුනුකම උඩ වික‍්‍රමසිංහ යම් ලෙසක බලයට පැමිනිය හොත් කම්කරු පන්තියට, දුගීන්ට, හා දේශපාලන විරුද්ධවාදීන්ට පහර එල්ල කිරීම මගින් තියුනු කර ඇති පොලිස් රාජ්‍ය සැලසුම් ඔහු විසින් ක්ෂනිකව ම ක‍්‍රියාත්මක කරනු ඇත.

ප‍්‍රහාරයන් එල්ල කිරීමට රාජපක්ෂට ඉඩ සැලසෙන පරදි, එසපයේ හා වෘත්තීය සමිතිවල සහාය ලත් නසසපය හා කරුනාරත්න, කම්කරු පන්තිය යූඑන්පීයට ගැට ගැසීමට දැඩි වෙහෙසක් දරයි. මොවුන්, රාජපක්ෂ ආන්ඩුව ඇද වැටුනොත්, අනාගත යුඑන්පී ආන්ඩුවක පෙරගමන්කරුවන් වනු ඇත.

ලංකාවේ සමාජවාදී විප්ලවයට සම්පූර්නෙයන් ම හතුරුව සිටින කරුනාරත්න, එය වැලැක්වීම සඳහා හැකි සියල්ලම සිදු කරයි. ලංකාව තුල "සමාජ පරිවර්තනයක්” විය යුතු යයි බොරු ප‍්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති නායකයෙකු ට පිලිතුරු දෙමින් ඬේලි මිරර් හි කොලමක කරුනාරත්න තර්ක කලේ, "දෙමල ජාතික ප‍්‍රශ්නය, ආඥාදායකත්වය ඉවත් කිරීම, ගොවි ජන ප‍්‍රතිසංස්කරන, ලෝක මුල්‍ය අරමුදලේ තීන්දුවලට එරෙහිවීම වැනි අධර්මිෂ්ඨ නායකයන් විසින් ඉතිරි කර ගොස් ඇති ප‍්‍රජාතාන්ත‍්‍රික කර්තව්‍යයන් සම්පූර්න කිරීමෙන් පසුව පමනක් සමාජ පරිවර්තනය” සිදු කල හැකි බව යි.

සමාජවාදය හා මොනම සම්බන්ධයක්වත් ජවිපෙ ට නොමැති අතර එය දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය ව ඇත. දේශපාලන සංස්ථාපිතයේම කොටසක් වන නසසපය යූඑන්පීය සමග මෙම සන්ධානය ගොඩ නගා ඇත්තේ සමාජවාදී විප්ලවයට එරෙහිව ය. මෙම පක්ෂය ඉහල මධ්‍යම පන්තිය හා ධනපති පන්තිය නියෝජනය කරයි.

Share this article: