ඕඊසීඩී ලෝක පරිමාන අසමානතාවයේ වර්ධනය සලකුනු කරයි

OECD reports growing inequality worldwide

ස්ටීවන් ස්ටෙයින්බර්ග් විසිනි, 2013 මැයි 17

සංවර්ධිත රටවල් 34ක් නියෝජනය කරන්නා වූ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානය හෙවත් ඕඊසීඩී එහි නවතම වාර්තාව පසුගිය 15 දා එලි දැක්විය. 2007-8 දී ලෝක ආර්ථික අර්බුදය පිපිරී ඒමේ තැන් පටන් කාර්මික රටවල් තුල සමාජ අසමානතාව සැලකිය යුතු තරමින් වැඩී ඇති බව එය තහවුරු කරයි.

"අපි බෙදී සිටිමු” නම් 2011 වසරේ එහි වාර්තාව, 2008ට පෙරාතු දශක තුනේදී පොහොසතුන් සහ දුප්පතුන් අතර පරතරය අනවරතව පුලුල් වූ බව ප‍්‍රකාශ කර තිබුනි. මෙම ක‍්‍රියාවලිය, 2007 සහ 2010 අතරතුර දී සීඝ‍්‍ර වී ඇති බව එහි නවතම වාර්තාව සනාථ කරයි.

පිටු අටකින් සමන්විත වාර්තාවේ අවසන් නිගමනය තුල මෙසේ කියැවෙයි: "ආර්ථික අර්බුදය දැනටමත් වාර්තා රැස් කිරීමට පටන්ගත් කාලයේ පටන් ආදායම් අසමානතාවයේ ඉහලම මට්ටම් මුනගස්වා තිබේ” වර්ධනය වූ විරැකියාවේ මට්ටම සහ සාමාන්‍ය ගෘහස්ත ආදායමේ අඩුවීම සනිටුහන් කරන ලද්දේ "අර්බුදයේ මුල් අවුරුදු තුන තුලදී ශ‍්‍රමයේ හා ප‍්‍රාග්ධනයේ ආදායම් අතර අසමානතාව වැඩිවීම පෙර අවුරුදු දොලහ තුල අසමානතාවේ වර්ධනය තරම් වැඩිවීම තුලය.

මෙම වාර්තාව එලිදරව් කරන පරිදි, බදු අඩු කිරීමෙන් පසුව, 2007 දී වඩාත් ධනවත් සියයට 10ට තම ධනය වඩාත් දුප්පත්ම සියයට 10ට වඩා 9.5 ගුනයකින් වැඩි කරගැනීමට හැකිව ඇති අතර එය 2010 දී පැවතියේ 9ගුනයක් ලෙසය.

දත්ත සැපයූ රටවල් 33 අතරින්, "රටවල් 21ක මුදුනේ සිටින සියයට 10ට දුප්පත්ම සියයට 10ට වඩා හොඳින් කරල පැහී ඇත.” දුප්පතුන් සහ පොහොසතුන් අතර වඩාත් ම පලල් හිදැස වාර්තා වී ඇති රටවල් නම් චිලී, මෙක්සිකෝ, තුර්කිය සහ එක්සත් ජනපදයයි.

"වේදනාව සමසේ බෙදාගෙන නැත” යන ශීර්ෂය යටතේ පලවූ වාර්තාවේ එක් කොටසක් විස්තර කරන පරිදි, ආදායම් තත්වයන්ගේ කැපීපෙනෙන වෙනස ඇති වී ඇත්තේ වඩාත්ම දුප්පත් සියයට 10 අතරේ ය. ඔවුන්ගේ ආදායම 2007 හා 2010 අතර කාලයේදී වසරකට සියයට 2ක රේට්ටුවකින් පහල වැටී ඇත.

අසමානතාවයේ නාටකාකාර වැඩිවීම් වාර්තාකර ඇති රටවල් බොහෝමයක් යුරෝපීය සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දන්ඩන කප්පාදු වැඩසටහනට යටත් කරන ලද රටවල්ය. ස්පාඤ්ඤය හා ඉතාලිය ගැන එහි විශේෂයෙන් සඳහන් කරයි. ඒවායේ "2010 දී දුප්පත්ම සියයට 10 ආදායම 2007 දී ලැබුනු ආදායමට වඩා ඉතා පහල මට්ටමක” පවතී.

ග‍්‍රීසිය, අයර්ලන්තය, එස්තෝනියාව සහ අයිස්ලන්තයේ දුප්පත්ම සියයට 10යේ වාර්ෂික ආදායම (වර්ෂයකට) සියයට 5 බැගින් කඩා වැටී ඇති බවට වාර්තා වී ඇත. ඒ හා සමාන මට්ටමේ ආදායම් කඩාවැටීමක් සිදුවී ඇති එක ම යුරෝපීය නොවන රට වන්නේ මෙක්සිකෝවයි.

වාර්තාව තව දුරටත් පෙන්වා දෙන්නේ එම කාල පරාසය ඇතුලත එක්සත් ජනපදයේ, ඉතාලියේ, ප‍්‍රන්සයේ, ඔස්ටි‍්‍රයාවේ සහ ස්වීඩනයේ වෙසෙන දුප්පත් පවුල්වල ආදායම් කඩාවැටීම ඕඊසීඩීහි සාමාන්‍යයට වඩා වැඩි අගයක් සනිටුහන් කරන බව යි.

එක් එක් ජාතීන් අතර වෙන වෙන ම පවතින අසමානතාවය වර්ධනය වීමේ දිශාවට වූ ප‍්‍රවනතාව පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව වර්ධනය වන දරිද්‍රතාවයෙන් වඩාත් ම පහර වැදී ඇත්තේ ලමුන්ට හා තරුනයින්ට බව අනාවරනය කරයි. ”අර්බුදයේ මධ්‍යයේ වඩාත් ම පහර වැදුනේ ලමුන් සහිත පවුල්වලට යි. 2007 සිට ඕඊසීඩී රටවල් 16ක ලමා දරිද්‍රතාවය ඉහල ගොස් ඇති අතර තුර්කිය, ස්පාඤ්ඤය, බෙලජියම, ස්ලෝවීනියව සහ හංගේරියාව තුල මෙය ඊට වඩා ඒකක 2ක් වැඩිය.”

තරුන දරිද්‍රතාව සලකා බැලූ කල ද දර්ශනය ඊට සමාන ය. ඔඊසීඩී රටවල් 19කට නො අඩු ප‍්‍රමානයක එය "සැලකිය යුතු ලෙස වැඩිවී” ඇත. ස්පාඤ්ඤය, තුර්කිය, එස්තෝනියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ නෙදර්ලන්තය තරුන දරිද්‍රතාව ඉමහත් ලෙස වැඩිවූ රටවල් අතර වේ.

වාර්තාවේ අවසන් නිගමනයන් ලෙස ඕඊසීඩී අනතුරු අඟවන්නේ එහි ආසන්නතම දත්තයන් 2010 වසර අවසානය තෙක් පමනක් වන නිසා ”කතාවේ ආරම්භය පමනක් පවසන” බවයි. සමාජ අසමානතාවේ වඩාත් නාටකාකාර මට්ටම් වලක්වා ගත හැකි වූයේ බොහෝ රටවල, විශේෂයෙන් ම යුරෝපයේ පවතින සමාජ ආරක්ෂන වැඩසටහන් නිසා පමනක් බව වාර්තාව පවසයි.

සත්‍යවශයෙන්, විරැකියා සහනාධාර, සෞඛ්‍ය ආරක්ෂන සහ විශ‍්‍රාම වැටුප් වැනි මෙම සමාජ ආරක්ෂන වැඩසටහන්, 2010 වසර සිට නිරන්තර ප‍්‍රහාරයට ලක්ව ඇති අතර ඒ බැංකු විසින් ඉල්ලා සිටිනු ලැබූ, එකක් පසුපස එකක් පැමිනි, සමාජ ආරක්ෂන කපාදැමීමේ හා කප්පාදු පියවරයන් මාලාවක් යුරෝපීය ආන්ඩු විසින් ක‍්‍රියාවට දැමූ බැවිනි. 2010ට පසු පැමිනි වසර තුන තුල සමාජ අසමානතා පරතරය, ඇත්ත වශයෙන් ම වඩා දැවැන්ත ලෙස පුලුල්වී ඇති බව වාර්තාව විදහා දක්වයි.

පසුගිය පස් වසර තුල ජාතික ධනයේ සිය පංගුව සාමාන්‍යයට වඩා ඉහල අගයකින් වැඩි කරගත් ප‍්‍රභූ පැලැන්තියක් වෙසෙන බි‍්‍රතාන්‍ය තුල අති දැවැන්ත ලෙස සමාජ අසමානතාවයේ නැගීම ගැන අදහස් දක්වන ඕඊසීඩී ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක මයිකල් ෆ්‍රොස්ටර් අනතුරු අඟවන්නේ "අවධානය යොමුවී ඇති කරුන නම් මහජන සුබසාධන වියදම් කප්පාදුවේ මුලු බර දැනුනු පසු මෙම අසමානතාව තවත් ඉහල යනු ඇති” බව ය.

2007-8 ජාත්‍යන්තර ආර්ථික අර්බුදය, ලෝක ගෝලය පුරා ආර්ථික හා පන්ති සම්බන්ධතා අති මූලික ලෙස යලි හැඩගැස්වීම සපුරාලීම සඳහා ඉතා සැලසුම් සහගත අන්දමින් යොදාගෙන ඇති බව ඕඊසීඩී වාර්තාව සනාථ කරයි.

ධනවත්ම සියයට 10 තුල වෙසෙන ඉතා කුඩා කොටසකට තම ධනස්කන්ධය විශාල වශයෙන් කඳුගසා ගැනීමට පසුගිය වසර පහ තුල හැකියාව ලැබී ඇත. ලෝකයේ ප‍්‍රධානතම මහ බැංකුවලින් අති දැවැන්ත ප‍්‍රමානයෙන් පොම්ප කරන කඩදාසි මුදල් මගින්, වෝල් වීදිය ද ඇතුලත් ප‍්‍රධාන කොටස් වෙලඳ පොලවල් හා ප‍්‍රමුඛ යුරෝපීය කොටස් වෙලඳ පොලවල් වාර්තාගත ඉහල අගයන් පෙන්වයි. 2008දී ලෝකය ව්‍යසනයේ මුවවිටටම ඇද දැමූ මෙම මුල්‍ය වංශාධිපතීන් අත ඔවුන්ගේ විවිධාකාර අත්‍යවශ්‍යයෙන්ම සාපරාධී අකාරයේ සමපේක්ෂනයන් සඳහා වඩා විශාල ධනස්කන්ධයන් දැන් ගොඩගැසී ඇත.

මේ සමගම, දශක ගනනක අරගල තුලින් දිනාගනු ලැබූ කම්කරු පන්තියේ සමාජ තත්වයන් අතුගා දැමීමට ලෝව පුරා ආන්ඩු මැනවින් සැලසුම් කරන ලද සටනකට අවතීර්නව සිටී. ආසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ අඩු වියදම් ආර්ථිකයන් සමග තරග කිරීම සඳහා වැටුප් කපා දමා හිඟමනට ඇද දමන ලද කම්කරු සමූහයක් දියුනු කාර්මික රටවල සමාජයේ අඩිතාලමේ නිර්මානය කරමින් පවතී.

එක්සත් ජනපදයේ මෑතම රැකියා වාර්තාව මේ මහා පරිමානයේ ව්‍යුහගත දුප්පත්කම නිර්මානය කිරීමේ කි‍්‍රයාවලිය තහවුරු කරයි. එම වාර්තාව පෙන්වා දෙන්නේ මෑතම ඇතිවූ රැකියා ඇබෑර්තු පවතින්නේ සමාජ හා සෞඛ්‍ය රක්ෂනයන් එක්කෝ කොහොමවත් නැති, නැතහොත් අවම මට්ටමේ පවතින අඩු පඩි සහිත ව්‍යාපාර වල යි.

කප්පාදු පියවර විස්තාරනය කර ක‍්‍රියාත්මක කිරීමේ මූලික වගකීම් භාරය ඉටු කරන වෘත්තීය සමිති මෙම ප‍්‍රයත්නයේ දුෂ්ට හවුල්කරුවන් වෙති. සමාජ අසමානතාවයේ පැතිරීම පිලිබඳ සිය මතය ඉදිරිපත් කරන ඕඊසීඩී විශ්ලේෂක ෆොස්ටර්, ”ඉතා සොච්චම් වැටුප් වැඩිකිරීම් ඉල්ලමින් වෘත්තීය සමිති සැමකල්හිම සාකච්ඡා මේසයේ රැඳී සිටීමේ සමාජ සහයෝගීතාවයේ ජර්මානු ආකෘතිය” ගැන විශේෂයෙන් වර්නනා කරයි.

වැඩට ගැනීම හා දොට්ට දැමීම, හිඟන වැටුප් සහ සේවක අයිතිවාසිකම් විනාශ කිරීම වැනි මූල්‍ය වංශක්කාරයන් ඉල්ලා සිටින ජාත්‍යන්තර ශ‍්‍රම සම්බන්ධතා වල බොහෝමයක් ආකෘතිමය වෙනස්කම් ඇතිකිරීමේ මූලිකත්වය ගනු ලැබුවේ ජර්මානු වෘත්තීය සමිති විසින් දශකයකට පමන පෙරාතුවය.

ප‍්‍රතිඵලය වී ඇත්තේ එක් පසක අති මහත් ධනස්කන්ධයක් හා අනෙක් පස, පලල් තට්ටුවක් වන සමාජයේ ඉතුරු කොටස් වල අනාථ බවයි. නූතන ධනවාදයේ ”නව සාමාන්‍යය” මෙය යි.

Share this article: