චීන කොමියුනිස්ට් පක්ෂය වෙලඳපොල ගැති "ප්‍රතිසංස්කරන 2.0” එලි දක්ව යි

Chinese Communist Party unveils pro-market “Reform 2.0”

ජෝන් චෑන් විසිනි, 2013 නොවැම්බර් 13

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය නොවැම්බර්12දා නිමාවට පත්වුනේ, "ප්‍රතිසංස්කරන 2.0” යනුවෙන් නම් කල වෙලඳපොල ‍ගැති ප්‍රතිව්‍යූහකරනයේ නව රැල්ලක් නිවේදනය කරමිනි.

පෙර දින රාත්‍රියේ නිකුත් කෙරුනු පුන්සැසියේ ප්‍රකාශනය පැවසුවේ, මධ්‍යම කාරක සභාව "ප්‍රතිසංස්කරන පුලුල් කල” බව යි. "සම්පත් වෙන්කිරීමේ දී වෙලඳපොලට තීරනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ , ආන්ඩුව හා වෙලඳපොල අතර සම්බන්ධය හැසිරවීම ප්‍රධාන කාරනය” බව එය අවධාරනය කලේ ය. "මෙම ප්‍රතිඵල” 2020 වන විට අත්පත් කර ගත යුතු ය.

දශක තුනකට පෙර ධනවාදී පුනස්ථාපන වැඩසටහන ආරම්භ කල හිටපු චීන කොප නායක ඩෙන්ග් ෂියාඕපින්ග් වරක් පාවිච්චි කල ක්‍රමවේදය පැහදිලිව ම අනුකරනය කරමින්, ක්‍රියාකාරී කන්ඩායමක් ප්‍රතිසංස්කරන න්‍යායපත්‍රය අධීක්ෂනය කරනු ඇත.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයට සමාන්තරව යන ජාතික ආරක්ෂක කමිටුවක් ද ස්ථාපිත කරනු ඇත. ඒ පිලිබඳව සැපයුනේ විස්තර බිඳක් වුව ද, මෙය නිසැකව ම වෙලඳපොල ගැති පුලුල් පියවරයන්ගේ විනාසකාරී බලපෑමට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය පූර්වාපේක්ෂා කරමින්, පොලිස් රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීමේ පියවරකි. ඒ අතර ම එය රාජ්‍යතාන්ත්‍රිකව හා මිලිටරිමය වශයෙන් චීනය පිටුදැකීමට උත්සාහ කරන එක්සත් ජනපදයේ “ ආසියාවට හැරීමේ” වැඩෙන තර්ජනයට පල වන ප්‍රතිචාරයේ කොටසක් ද වේ.

"සමාජවාදී වෙලඳපොල ආර්ථිකය” යන යෙදුම— 1993 චීකොපයේ 14වැනි මධ්‍යම කාරක සභාවේ තැන්වැනි පුන්සැසියේ දී පලමුවරට යොදා ගැනුනි― බොහෝ අවස්ථාවල දී ප්‍රකාශනය තුල දිස්වුන නමුත් මෙය පසු ගිය දශකය තුල පසෙකට ලා තිබුනි. මෙම වාක්‍ය ඛන්ඩය, 1991දී පැරනි සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු චීනය තුල පූර්න වශයෙන් ධනවාදය නැවත ස්ථාපිත කිරීමට යොමුවූ ඩෙන්ගේ තීරනාත්මක හැරීම පිලිබඳ සාංකල්පික සංකේතයකි. එය පුළුල් ව යොදා ගැනුනේ 1990 ගනන් හා 2000 මුල් වසරවල දීය. එනම් රැකියා මිලියන ගනනක් විනාස කරමින් සාමූහික අයිතිය යටතේ පැවති ව්‍යාපාරයන්හි හා දෙවැනි-පෙල රාජ්‍ය ව්‍යාපාරයන්ගේ අති විශාල බහුතරය පුද්ගලීකරනය කල හෝ ඒකාබද්ධ කොටස් සමාගම් බවට පරිවර්තනය කල අවස්ථාවේ දී ය.

"ඒකාකාර ඉඩම් වෙලඳපොලක්” ස්ථාපිත කරුනු පිනිස වානීජ අරමුනු සඳහා තම ඉඩම් බදු දීමට කම්කරුවන් දිරි ගන්වන නව ඉඩම් ප්‍රතිසංස්කරන ව්‍යාපාරයක් වෙතට ප්‍රකාශනය ඇඟිල්ල දිගු කර යි. මෙම ක්‍රියාදාමය ගමන් කරනු ඇත්තේ සුලු ගොවීන්ගේ වියදමින් ලාභ උපදවන කෘෂි ව්‍යාපාර පිහිටුවීමට ය. මෙය ඔවුන්ගෙන් මිලියන ගනනාවක් නගරවලට තල්ලු කරනු ඇත. ඒ අතර ම, සමාජ සේවාවන් යමෙකුගේ ගමට හෝ නගරයට ඈඳන ඊනියා කුටුම්භ ලියාපදිංචි කිරීමේ ක්‍රම අහෝසි කරනු ඇත. විය හැකි ලෙස එය මිලියන ගනනාවක් සංක්‍රමනික කම්කරුවන් පූර්න නාගරික පදිංචිකරුවන් බවට පරිවර්තනය කරනු ඇත. යතාර්ථයේ දී, නාගරික ප්‍රදේශ උතුරා යනු ඇත්තේ පහත වැටෙන වැටුප්වලට වැඩ කරන නව ලාභ ශ්‍රම මූලයන්ගෙනි.

පුන්සැසියට පෙර, මාධ්‍ය සමපෙක්ෂනය කලේ, බලශක්ති හා මූල්‍ය වැනි තවමත් චීන ආර්ථිකයේ "කැපීපෙනෙන මුදුන් ” සමන්විත වන රජයට අයත් ප්‍රධාන ව්‍යාපාර ප්‍රතිව්‍යූහකරනයට විශේෂිත පියවර කීපයක් එලි කරනු ඇති බව යි. කෙසේ නමුත්, රාජ්‍ය වත්කම් පරිපාලන කොමිසම පැවසුවේ රාජ්‍ය සමාගම් පිලිබඳ පියවර පසු අවස්ථාවක නිවේදනය කරන බව යි.

ජනාධිපති ෂී ජින්පින්ග් හා අගමැති ලී කෙකින්ග් විසින් ඉදිරිපත් කල න්‍යායපත්‍රයට පාලක නිලධරය අතර බලගතු කන්ඩායම් විරුද්ධ වූ බවට සංඥා පවතී. ප්‍රකාශනය රාජ්‍ය අංශය "ආර්ථිකයේ ප්‍රධාන අත්තිවාරම” ලෙස තවමත් විස්තර කරන්නේ, "රාජ්‍ය නොවන අංශයේ සංවර්ධනය දිරිමත් කිරීමට, ශක්තිමත් කිරීමට හා මග පෙන්වීමට” සහ "රාජ්‍ය නොවන අංශයේ ශක්තිය හා නිර්මානශීලිත්වය මුදාහැරීමට” පොරොන්දු වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය කවයන් තුල, මෙම ප්‍රතිඵල සලකනු ලබන්නේ විශාල බලාපොරොත්තු සුන්වීමක් ලෙස ය. ලන්ඩනයේ කැපිටල් ඉකොනොමික්ස් හි අර්ථශාස්ත්‍රඥ මාක් විලියම් පැවසුවේ "රට ගමන් කරන්නේ කොයි අත ද යන්න සඳහා පැහදිලි දැක්මක් සකස් කිරීමට පක්ෂය සඳහා මෙය අවස්ථාවක් විය. එය සාර්ථකව කිරීමට ඔවුන්ට හැකිව තිබුනේ නම් එය නිලධාරීන්ගේ චර්යාව මත විශාල බලපෑමක් කිරීමට තිබුන බව මා සිතන නමුත් ඔවුන්ට පැහිදිලි මග පෙන්වීමක් ලබා දී නැතැ යි මම සිතමි” යනුවෙනි.

පුන්සැසියට මොහොතකට පෙර ලී ප්‍රකාශ කලේ, ප්‍රතිපත්තියක් වශයෙන් පලාත් පාලන ආයතන තවදුරටත් "ඍජුව ව්‍යාපාරවල ආයෝජනය නොකල යුතු අතර ඒවා පවත්වාගෙන නොයා” යුතුය. ඒවා "ඒකාබද්ධ හා විවෘත ජාතික වෙලඳපොල” සැකසීමට එරෙහිව "දේශීය ආරක්ෂනවාදයේ” මූලයක් වී ඇත. මෙය සංඥා කරන්නේ තවදුරටත් පුද්ගලීකරනය හා තවත් මිලියන ගනනාවක් රැකියා අහිමිවීම ය. දැනට පවතින රජයට අයත් ව්‍යාපාර 144,000 බහුතරය, පලාත් පාලන ආයතවලට අයිති ඒකක ය.

ඉහල නායකත්වය තුල ප්‍රධාන බෙදීම පවතින්නේ, මේ වන විටත් බීජීනය පාලනය කරන විශාලත ම රාජ්‍ය සමාගම් 100 හෝ ඒ සමාන ගනන මත ය. ඒවා අතර විශාලත ම සමාගම් තුන, එනම් සිනෝපෙක්, චයිනා නැෂනල් පෙට්‍රෝලියම් හා ස්ටේට් ග්‍රිඩ් රටේ විශාලත ම පුද්ගලික සමාගම් 500 ඒකාබද්ධව ඉපයූවාට වඩා පසු ගිය වසර තුනේ දී ආදායම් ඉපයී ය. චීන කොප නිලධරයන්ගේ දැවන්ත ධනස්කන්ධය මෙම සමාගම් සමග බැඳී ඇතුවා පමනක් නො ව, ඒවා සමග ඉදිරියට යන්නේ කෙසේ ද යන්න මත මූලෝපායාත්මක වෙනස්කම් පවතී.

බිස්නස් ස්පෙක්ටේටර් නම් වෙබ් අඩවිය තුල සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ලී සඳහන් කලේ, මෙම "ජාතික ශූර” සමාගම් රඳවා ගැනීම 1999 අග භාගයේ ප්‍රතිපත්ති සමග පෙල ගැසෙන බව යි. ඔහු හිටපු උප අගමැතිවරයෙකු වන වූ බැන්ගුආ උපුටා දැක්වූයේ, ජෙනරල් මෝටර්ස් හා බෝයිං වැනි සංගත අතලොස්සක් මත එක්සත් ජනපදය, ජපානය හා දකුනු කොරියාවේ විශ්වාසය සඳහන් කරමිනි. වූ මෙසේ ප්‍රකාශ කලේ ය: "එක ම ආකාරයකින් වර්තමානයේ දී හා ඊලඟ සියවසේ දී ද ජාත්‍යන්තර ආර්ථික පර්යායේ අපගේ ජාතියේ තත්වය බොහෝ දුරකට නීර්නය වනු ඇත්තේ අපගේ ජාතියේ විශාලත ම ව්‍යාපාර හා ව්‍යාපාර සමූහයන්ගේ තත්වය මගිනි.”

ලීට අනුව 1970 ගනන්වල සිට බටහිර සංගත ගෝලීය පරිමාන සෑම ප්‍රධාන කර්මාන්තයක ම ආධිපත්‍යය දැරීමත් සමග "දැවන්ත ජාතික ශූරයන් වර්ධනය කිරීමේ අභිලාෂය මතුවන්නේ, දියුනු ආර්ථික තරඟකරුවන් සමග ලංවීමට ඇති අතිමහත් අනාරක්ෂිත බව හා මංමුලාව මගිනි.” ඔහු මෙසේ ද පැවසී ය: "එහි ආර්ථිකයේ ප්‍රමුඛ අංශ බාහිර තරඟකරුවන්ට අවංකව ම විවෘත කිරීම බීජීනය ප්‍රතිකෂේප කිරීමට හේතුව එය ම ය. වඩා කාර්යක්ෂම හා තාක්ෂනිකව දියුනු විදේශීය සමාගම් දියුනුවන අනෙකුත් රටවල ඔවුන් කර ඇති ආකාරයට ප්‍රධාන අංශවල ආධිපත්‍යය ගනු ඇතැ යි බියක් පවතී.

කෙසේ නමුත්, පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ සම්පූර්න ස්ථරය හා විදේශීය ආයෝජකයින් නියෝජනය කරන අගමැති ලී වරප්‍රසාදිත "රාජ්‍ය ඒකාධිකාරයන්” දකින්නේ "විවෘත හා ඒකාබද්ධ” වෙලඳපොලක් පිහිටුවීමට ප්‍රධාන බාධකයන් ලෙස ය. ඔහුගේ න්‍යායපත්‍රය විස්තාරනය කෙරුනේ චීනය 2030 නම් ලෝක බැංකුව සමග ඒකාබද්ධ වාර්තාව සමගිනි. මෙය පිලිබිඹු කරන්නේ චීන ආර්ථිකයේ සම්පූර්න ආධිපත්‍ය ගැනීමේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ හා ප්‍රධාන අන්තර් ජාතික සමාගම්වල තල්ලුව යි.

විශාලත ම රාජ්‍ය සමාගම්වල අනාගතය පිලිබඳ නොවිසඳුනු වෙනස්කම් නොතකා චීන කොප සම්පූර්න නායකත්වය ම නියෝජනය කරන්නේ, ධනවාදය පුනස්ථාපනය කිරීමේ තන්ත්‍රයෙහි පිලිවෙත මගින් නිර්මානය කෙරුනු නව ධනේශ්වරයේ නොයෙකුත් තට්ටු ය. ඔවුන්ගේ අභිලාෂය මෙම සතියේ දී සාරාංශ කරන ලද්දේ පුද්ගලික අයිතිය යටතේ ඇති චීන අන්තර් ජාතික සමාගම් කීපයෙන් එකක් වන, ලෙනෙවෝ පරිඝනක සමාගමේ නිර්මාතෘ ලියූචූආන්ෂි විසිනි. බදාදා සතිපතා ප්‍රවෘත්ති සඟරාවකට ඔහු පැවසුවේ පුද්ගලික ව්‍යාපාරිකයන්ට කාරනා තුනක් අවශ්‍ය බව ය.

පලමුවැන්න, "සමාජ ධනයේ නිර්මාපකයා ලෙස කොමියුනිස්ට් පක්ෂයට හා සමාජවාදී මාවතට සහාය දක්වන කන්ඩායමක් පැහදිලි දේශපාලන අනන්‍යතාවකි”. දෙවැන්න, මෑත වසරවල ප්‍රාග්ධනයේ වැඩෙන පිටාර ගැලීම හා ව්‍යාපාරිකයන් අනෙකුත් රටවලට සංක්‍රමනයවීම නැවත්වීමට "පුද්ගලික දේපල ආරක්ෂා කිරීම”ය. තුන්වැන්න "සාධාරනත්වයේ හා විවෘතභාවයේ ප්‍රතිපත්තිවලට අනුව පවත්වා ගෙන යාමට ව්‍යාපාරවලට මුලුමනින් ම ඉඩ දෙමින්” ආන්ඩුවේ "අනුමත කිරීමේ පටිපාටි” ලිහිල් කිරීම ය.

ඒ අතර ම මෙම ධනේශ්වර කන්ඩායම, පුන්සැසියෙන් පසු වඩ වඩාත් අසාධාරනයට ලක්වන චීන කම්කරුවන්ගේ බහුතරයේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ ගැඹරු විරෝධය පිලිබඳව හොඳින්ම දැනුවත් ය. පුද්ගලික වයාපාරිකයින්ට "ස්වයං විනයක්” තිබිය යුතු ම යයි ලී අනතුරු ඇඟවූයේ "සමාජ ධනය පිලිබඳ ඕනෑවට වැඩි ජනප්‍රියකරනයක් වුවහොත් එය සමාජ අස්ථාරත්වයක් ඇති කරනු ඇති අතර මෙය ව්‍යාපාරිකයන්ට සුදුසු නැති” නිසා ය.

Share this article: