වොෂින්ටනයේ ලිබියානු රූකඩ තන්ත්‍රය කඩාවැටීමේ අද්දර වැනෙ යි

Washington’s puppet regime in Libya teeters on the brink

ජීන් ෂෝල් විසිනි, 2013 නොවැම්බර් 18

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර 17දා සැබවින්ම ඇනහිට පැවතුනි. ට්‍රිපොලියේ ව්‍යාපාර, පාසල් හා රාජ්‍ය අංශයේ කම්කරුවන් බොහොමයක් වැඩවර්ජනය කලේ මිලීෂියා හමුදා නගරයෙන් පිටවිය යුතු යයි බලකරමිනි.

15දා පැය 48ක හදිසි නීතිය ප්‍රකාශ කරන ලදී. 2011දී කර්නල් මුවම්මර් ගඩාපි නෙරපා හැරීමෙන් පසු පලමු වරට ට්‍රිපොලිය දරුනු ම ලේවැකි සටන් කීපයක් අත්දුටුවේ ය. 15 හා 17දා පැවති පෙලපාලිවල දී අඩුවශයෙන් පුද්ගලයන් 45කු ඝාතනය කෙරුනි. සිය වාසස්ථාන ආරක්ෂා කර ගැනීමට නිවසියෝ මුර කපොලු, ලෝහ, දැව හා ටයර් බාධක ඉදිකලහ.

ගඩාපි තන්ත්‍රය පෙරලා දැමීමට එක්සත් ජනපදය යොදා ගත් ඉස්ලාම්වාදී රූකඩ බලයන් හා අගමැති අලි ෂෙයිඩැන්ගේ නව යටත් විජිත ආන්ඩුව යන දෙගොල්ලන්ට ම එරෙහිව වෛරය වැඩෙමින් පවතී. ගඩාපි තන්ත්‍රය තමන් පමනක් ආඪ්‍ය වීමට බලහත්කාරී පැහර ගැනීම්, ඝාතන, හිර ගත කිරීම් හා වධ බන්ධන යොදා ගත්තේය.

15දා මිස්රාටා මිලීෂියාවෝ කාන්තාවන් හා ලමුන් ඇතුලු දහස් ගනනක් පෙලපාලිකරුවන්ට වෙඩි තබමින් 34කු ඝාතනය කල අතර 500ට තුවාල සිදු කලහ. ගාර්ගොර් හි මිස්රාටා සේනාංකයේ මූලස්ථානයට පා ගමනේ යන අතර පෙලපාලිකරුවෝ මිලීෂියාවන් පාලනය කරන ලෙස ආන්ඩුවට බල කලහ. මධ්‍යම ආන්ඩුවේ බෙලහින හමුදා පැමිනියේ ප්‍රචන්ඩත්වය පුපුරා ගොස් බොහෝ වෙලාවකට පසුව ය.

සාක්ෂිකරුවන් පැවසුවේ යුද-ගුවන් යනා ප්‍රහාරක ආයුද යොදාගෙන වෙඩි තැබුවේ සුදු කොඩි හා පුවරු ගෙනයමින් සිටි පෙලපාලිකරුවන්ට බව යි. විරෝධතාව කැඳවන ලද ට්‍රිපොලි නගර කවුන්සිලයේ සභාපති සදාත් අල්-බද්රි පැවසුවේ පෙලපාලිකරුවන් නිරායුධව සිටි අතර මිලීෂියා මූලස්ථානය අතුලතින් ඔවුන්ට වෙඩි තැබූ බව යි.

ගාර්ගොර් හි මිස්රාටා සේනාංකයේ ප්‍රධානී තහෙර් බෂා අඝා පිලිතුරු වශයෙන් කියා සිටියේ, පෙලපාලිකරුවන් සන්නද්ධ ව සිටි අතර වහලවල් මත සැඟවී සිට වෙඩික්කාරයින් පලමුව වෙඩි තැබු බවයි. ඉන් අදහස් කලේ ප්‍රකෝපකාරී ඒජන්තයින් ක්‍රියාත්මකව සිටි බවය. ජාතික මහා සභාව (ජීඑන්සී) නව ව්‍යවස්ථාවක් යටතේ නව ආන්ඩුවක් ස්ථාපිත කරන තෙක් නඟරයෙන් පිටවීම ඔහු ප්‍රතික්ෂේප කලේ ය.

සන්නද්ධ පෙලපාලිකරුවන් ගැටුම්වලට මැදිහත් වුන බව හා "තත්වය අවුල් නොකිරීමට” ආරක්ෂක හමුදා මැදිහත් නො වූ බව පැවසු ෂෙයිඩන් කෙරෙහි බලගතු කෝපයක් පල විය. විරෝධතා පෙලපාලිය “සාමකාමී“ එකක් වූ බව පවසමින් ඔහු පසුව එය ඉල්ලා අස් කර ගත්තේය.

ඊට පසු ලිබියාවේ පලිහ යයි කියාගන්නා මිලීෂියාවන් ඇතුලු සන්නද්ධ පුද්ගලයෝ පැමින, මිස්රාටා සේනාංකයේ මූලස්ථානයට හා පරිශ්‍රයට ගිනි තබා, ඔවුන් දොට්ට දැමූහ.

16දා, මිසරාටාවේ සිට පැමිනි සන්නද්ධ අතිරේක සේනාවන් නැගෙනහිර දෙසින් නගරයට ඇතුල්වීමට උත්සාහ කල අවස්ථාවේ, ප්‍රාදේශීය මිලීෂියා හමුදා හා මිස්රාටා සේනාංකය අතර ට්‍රිපොලි ප්‍රත්‍යන්තයක් වක ටජෝරා හි ගැටුම් හටගත්තේය. එක් පුද්ගලයෙකු ඝාතනය කරමින් හා අටදෙනෙකුට තුවාල සිදු කරමින් මිස්රාටා සටන්කරුවෝ හමුදා බැරක්කයකට පහර දුන්හ.

මෙම සිදුවීම් පසුපසින්, පසු ගිය සතියේ ට්‍රිපොලියේ විරුද්ධවාදී මිලීෂියා හමුදා අතර ගැටුම් හටගත් අතර පුද්ගලයන් තිදෙනෙකු මියගොස් 20කට තුවාල සිදු විය.

මෙම සිදුවීම් අවධාරනය කරන්නේ, වොෂින්ටනය ඇට වූ ආන්ඩුවේ දේශපාලනික හුදකලාව, සිය ගනනක් සන්නද්ධ මිලීෂියා හමුදා පාලනය කිරීමට නොහැකියාව හා සියලු ම පෙරමුනු වලින් නැඟී එන දේශපාලනික හා ආර්ථික ගැටලු ය.

ගඩාෆි තන්ත්‍රය පෙරලීමට සෞදි අරාබිය, ගල්ෆ් ආන්ඩු, හා නේටෝව ඉස්ලාම්වාදීන්ට නොමසුරුව අරමුදල් සැපයීම මගින් දැඩි සේ සන්නද්ධ වූ මිලීෂියාවන් ලිබියාව පුරා පැතිර ගොස් ඇති අතර රට කලාපීය ත්‍රස්තවාදී කන්ඩායම්වල කඳවුරක් සහ සිරියාවට ආයුධ හා "ජිහාඩිස්ට් භටයන් ” යවන අපනයනකරුවෙකු බවට රට පත් කර තිබේ.

ඉඩම් හා සම්පත් සඳහා සටන් වැදීම හේතුකොටගෙන ප්‍රතිවාදී ජනවර්ග හා ගෝත්‍ර මත පදනම් මිලීෂියාවන් අතර අනවරත ගැටුම් හටගෙන තිබේ.ගෝත්‍රවල සමහර සාමාජිකයන් දකුනු දේශසීමාවට ඔබ්බේ නයිජීරියාව හා චැඩ් හි ජීවත් වන බැවින් ප්‍රචන්ඩකම් ලිබියාවේ අසල්වැසි රටවලට ද ව්‍යාප්ත වී ඇත.

ජාතික හමුදාවක් නොමතිව අපරාධකාරී කල්ලි, මත්ද්‍රව්‍ය, ආයුධ හා යුරෝපයේ පිලිසරන සොයන මංමුලා සහගත අප්‍රිකානුවන් බේරී පලායන සිය දේශසීමා ආන්ඩුවට පාලනය කරගත නො හැක. ලිබියාවේ විශාල කාන්තාර, මාලි රාජ්‍යයේ වාඩිලාගෙන සිටින ප්‍රන්ස හමුදා මග හැර යන අල්කයිඩාවට සම්බන්ධ කල්ලි සඳහා අභයභූමියක් වී ඇත.

තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 1.6 සිට දිනකට බැරල් 150,000 දක්වා ද, අපනයනය දිනකට යන්තම් බැරල් 80,000 දක්වා ද ක්ෂනිකව ඇද වැටී ඇත. ප්‍රචන්ඩත්වය, රැකියා හා ඉහල වැටුප් ඉල්ලන වැඩවර්ජන හා මිලීෂීයාවන් විසින් තෙල් වරායන් අවහිර කිරීම නිසා ආදායම ඩොලර් බිලියන 6.43ට වඩා අහිමි වී ඇත. යුරෝපයේ බලශක්ති සැපයුමේ ආරක්ෂාවට මෙය තර්ජනයක් වී ඇත. ලිබියාව යුරෝපයේ විශාලත ම තනි තෙල් සැපයුම්කරුවා ය.

තෙල් නිෂ්පාදනයේ කේන්ද්‍රය වන නැගෙනහිර බෙන්ගාසි නගරය, 2012 සැප්තැම්බරයේ දී එක්සත් ජනපද තානාපති ක්‍රිස් ස්ටීවන්ස් ඝාතනය කිරීමෙන් පසු ඇමරිකානුවන්ට, බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ජාතිකයන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. ලිබියානු මිලිටරි චෝදනා ඉදිරිපත් කරන්නා වූ කර්නල් යුසෙප් අලි අල්-අසෙයිෆර් පසු ගිය අගෝස්තුවේ දී කාර් බෝම්බයකින් ඝාතනය කරන ලදී. බෙන්ගාසි දැන් ස්වතන්ත්‍ර කලාපීය ආන්ඩුවක් පිහිටුවා ඇති අතර ට්‍රිපොලිය මග හරිමින් ලිබියානු තෙල් හා ගෑස් සංස්ථාව නමින් තමන්ගේ ම ඛනිජ තෙල් අලෙවි හා විකුනුම් සමාගමක් පිහිටුවා ඇත.

ලිබියාවේ එකම තෙල් ගැනුම්කරුවා වන ඉතාලියට ගෑස් අපනයනය කරන නල මාර්ගය විරෝධතාකරුවන් විසින් සති දෙකක් තිස්සේ වසා දැමූ අතර මේ නිසා ට්‍රිපොලි නගරයෙන් කිලෝ මීටර් 100ක් බටහිරට වන මෙලිටා සංකීර්නයේ තෙල් අපනයනය ද අවහිර විය. විදුලිබල ජාලයට පහර දෙමින් ඔවුහු ගෑස් සැපයුම කපා දැමූහ.

ෆෙබරවාරී 7වැනිදා පලමු වාරය අවසන් වීමට පෙර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වගකීම ආන්ඩුවට පැවරී ඇති අතර එය පස මිතුරු පොදු ජාතික කවුන්සිලයකට මුහුනදී සිටියි. ව්‍යවස්ථාව පිලිබඳ නොඑකඟත්වය උඩ බේර්බේර්ස්, ටෝරෙග් හා ටුබූ වැනි සුලුතර ගෝත්‍රවල ව්‍යවස්ථා සම්පාදකයින් කීප දෙනෙකු කර ඇති ආකාරයට මුස්ලිම් සහෝදරත්වය අධිකාරය දරන විරුද්ධ පක්ෂය ද ආන්ඩුව වැට්ටවීම සඳහා ජාතික කවුන්සිලය වර්ජනය කර ඇත.

ආන්ඩුවට අයවැය සම්මත කර ගැනීමට මෙය බාධාවක් වී ඇත. වසර අවසාන වන විට පාලනය කල නො හැකි මිලීෂියාවන් සිය ගනනකගේ 250,000ක් සටන් කරුවන්ට වැටුප් හා දීමනා ගෙවීමට ආන්ඩුවට මුදල් නැති වනු ඇත.

අත්‍යවශය සේවාවන් සැපයීමට ආන්ඩුව අපොහොසත් ය. අඩු වශයෙන් ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් රැකියා විරහිත ය. ගඩාෆිගේ ආධාරකරුවන් මිලියනයක් අභ්‍යන්තර ව අවතැන් වී ඇති අතර සිය දහස් ගනනක් විදේශවල සරන පතති.

නොවැම්බර් 9වැනිදා ව්‍යාපාරයේ ධජය යටතේ පුද්ගලයින් සිය ගනනක් පසු ගිය සතියේ දී ෆෙබරවාරී 7වැනිදායින් එහාට ජාතික කවුන්සලයේ බලය දීර්ග නොකල යුතු යයි ඉල්ලමින් හා වේලාසන මැතිවරනයක් සඳහා බලකරමින් ට්‍රිපොලි හා වෙනත් නගර කීපයක දී විරෝධතා දැක්වූහ.

එක්සත් ජතීන්ගේ ප්‍රඥප්තියේ 7වැනි පරිච්ඡේදය යටතේ මහජනයා ආරක්ෂා කිරීමට "වාඩිලාගෙන සිටින විදේශීය හමුදාවන් මැදිහත්වීමේ” හැකියාව පිලිබඳව ෂෙයිඩන් අනතුරු ඇඟවීය. ප්‍රචන්ඩත්වය, ත්‍රස්තවාදය හා මිනීමැරුම්වල මූලාශ්‍රයක් වන ආන්ඩුවක් මධ්‍යදරනිය මධ්‍යයේ පැවතීම ජාත්‍යන්තර ප්‍රජාවට ඉවසිය නො හැකි නිසා එම අනතුර මතුවී ඇති බව ෂෙයිඩන් පවසයි. අර්බුදය පලමුව නිර්මානය කල නේටෝවේ මැදිහත්වීම සඳහා කඩතුරාව වූයේ ද මෙය ම ය.

ෂෙයිඩන්ගේ අනතුරු ඇඟවීමෙන් පෙර ඇඟවුම් කරන්නේ නේටෝ හමුදා ලිබියාවට යලි පැමිනිය හැකි බව යි. ෂෙයිඩන්ගේ රූකඩ ආන්ඩුවේ වේගවත් වන වැටීම, ලිබියාවේ තන්ත්‍ර වෙනස සඳහා වූ 2011 යුද්ධය ප්‍රගතිශීලී යයි පෙන්වන ඔබාමා පාලනාධිකාරයේ සෑම උත්සාහක් ම නිෂ්ප්‍රභා කර යි. යුද්ධය විප්ලවයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටනක් නො වේ. එහෙත් එය, ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම සඳහා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය දක්ෂිනාංශික ගෝත්‍රික නායකයන්, අපරාධකරුවන් හා ඉස්ලාමීය මැරයින් සමග හවුලේ ගෙන ගිය ලේ වැකි අධිරජ්‍යවාදී මදාවියකි.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය, හා ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය වැනි ව්‍යාජ වාම කල්ලි විසින් මෙම හමුදා "විප්ලවවාදීන්” යැයි ප්‍රශංසා කරනු ලැබූ නමුත් ඔවුන් එම ව්‍යාපාරය ගෙන ගියේ එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් සමග ලිබියාව කොල්ලකෑමට හා එහි සම්පත් බෙදා ගැනීමට ය. ලිබියාවේ හා කලාපයේ විප්ලවය වර්ධනය කල හැක්කේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට හා එහි ව්‍යාජ වාම ආරක්ෂකයින්ට එරෙහිව කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ එක්සත් අරගලයකින් පමනි.

2011 සරත් කාලයේ සිට ජර්මනිය පමනක් ලිබියාව තුල යුරෝ මිලියන 25ක් (එජ ඩොලර් මිලියන 34ක්) වියදම් කර ඇත. මින් වැඩි කොටස ආයුධ හා බෝම්බ විනාස කිරීමට යොදවන ලද අතර "ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් සමාජය නඟා සිටුවීමට” රාජ්‍ය නොවන සංවිධානවලට යුරෝ මිලියන 3.2ක් ලබාදි තිබේ.

බොහෝ කොටම ප්‍රන්සය මැදිහත්වීමට ඉඩ ඇත. පසු ගිය සතියේ විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් මොරොක්කෝ අගනුවර වන රබාත් හි කලාපීය දේශසීමා ආරක්ෂක සමුළුවක් අතරතුර දී පැවසුවේ, පොලීසිය පුහුනු කිරීම ඇතුලු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලිබියාවට තව ආධාර ලබා දීම ගැන සලකා බලමින් සිටින බවයි. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම සඳහා ලිබියානු පොලිස් භටයන් 1,000ක් පුහුනු කිරීමට ප්‍රන්සය මේ වන විටත් එකඟ වී ඇති අතර තවත් 1,500ක් පුහුනු කිරීමට සැලැසුම් කර යි.

ෆේබියස් මෙසේ පැවසී ය, "මාලි හි අපගේ ක්‍රියා බොහෝ ආකර්ෂනීය වන නමුත් මාලි ජාතිකයන්, ලිබියානුවන් හා සමස්ත කලාපය වෙනුවෙන් අප දිගට ම එහි සිටීම අවශ්‍ය ය.”

Share this article: