එක්සත් ජනපද මිලිටරිය හා ෆිලිපීනය

The US military and the Philippines

2013 නොවැම්බර් 21

ෆිලිපීනයට කඩා වැදුනු හෙයියාන් කුනාටුවේ බලපෑම ගැන පසුගිය සතියේ කල කෙටි ප්‍රකාශයක් තුල ජනාධිපති ඔබාමා, “ජීවිතය කෙතරම් අනිස්ථිර ද යන්න සිහිපත් කරවන හද කම්පාකරවන" සිදුවීමක් ලෙස එය හැඳින්වීය.

ඉරාකයේ සිට ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, ලිබියාව, යේමනය හා සිරියාව දක්වා දුගී ජනතාවට විනාශය කටින ලද ආන්ඩුවේ නායකයා ලෙස එජ ජනාධිපතිට, ෆිලිපීන ජනතාව පිලිබඳව එවන් සිහිපත් කිරීමකට ස්වභාවධර්මයේ කෝපාවිෂ්ඨ ප්‍රහාරය එන තෙක් බලා සිටීමට කිසිසේත්ම අවශ්‍ය නො වේ. වොෂින්ටනය විසින් පසුගිය වසර දුසිම තුල ගෙනගිය ආක්‍රමනකාරී යුද්ධයන්ගෙන්, හෙයියාන් කුනාටුව සිදුකරන ලද ජීවිත හානි සංඛ්‍යාව සිය ගුනයකින් ඉක්මවා ගිය ව්‍යසනයන් සිදුකරන ලද මූලික උපකරනය වන එජ මිලිටරිය, ෆිලිපීනය තුලට අහසින් පාත්වූ දේවදූතයෙකු ලෙසින් මෙහෙයවා ඇත.

සහන කටයුතු සඳහා එජ යුද නැව් හා මිලිටරි ගුවන් යානා 50ක් පමන ද නාවිකයින්, ගුවන් හා මැරීන් භටයින් 13,000ක් දෙනා ද යොදවා ඇති අතර තුන්වන මැරීන් ගවේෂනාත්මක බ්‍රිගේඩය ද සමග න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සුපුරි යුද නැව වන යූඑස්එස් ජොර්ජ් වොෂින්ටන් නාවික සංග්‍රාම සේනාංකය සමග එහි ගොස් තිබේ.

"අප කොතෙක් කාලයකට අවශ්‍ය කෙරෙන්නේ ද, එපමන කාලයක්, අවශ්‍යවාට වැඩි කාලයක් නොව, අපි මෙහි සිටිනනෙමු." යයි ෆිලිපීනයේ එජ මිලිටරි මෙහෙයුම් බාර ආඥාපති, මැරීන් සේනාංක ලුතිනන් ජෙනරාල් ජෝන් විස්ලර් 21දා පැවසීය.

එවන් පොරොන්දු වලට උපරිම පිලිකුලෙන් යුක්තව සැලකීමට ෆිලිපීන ජනතාවට , සිය රටේ ඛේදජනක ඉතිහාසයත්, එරට වත්මන් භූ-මූලෝපායික තත්වයත්, තුල මුල් බැස ඇති ප්‍රබල හේතු පවතින්නේය.

සාදරයෙන් පිලිගත් එජ මිලිටරිය පමන ඉක්මවා රැඳී සිටීම ගැන ෆිලිපීනය තුල තරම් වෙනත් බැරෑරුම් උදාහරනයක් නැති තරම්ය. මිලිටරි දිග් විජයේත් ම්ලේච්ඡ මර්දනයේත් අර්ථයෙන් යටත් විජිත බලවතෙකු බවට පත්වූ එජ අධිරාජ්‍යවාදය 19වන සියවස අවසන් කාලය තුල සිය නිය ගසාගත්තේ එහිය.

ෆිලිපීනයේ සහන කටයුතු පිලිබඳව එජ සෙනේට් සභාව ඉදිරියේ 19දා සාක්ෂි දුන් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක්, සියවස් දෙකක් අතරතුර "සමීප ඓතිහාසික බැඳීම්" ගැන පැවසීය. කෙසේ වෙතත් ආන්ඩුවේ නිලධාරීන් හෝ මාධ්‍ය, මෙම "බැඳීම්" විස්තර වශයෙන් විමසා බැලීමට කැමැත්තක් නොදැක්වූයේ, එය ඓතිහාසික අපරාධයක් හෙලිදරව් කිරීමට පමනක් උපකාරී වන බව හොඳින්ම දන්නා නිසාය.

ෆිලිපීනය තුල එක්සත් ජනපදය පලමුවෙන්ම ප්‍රාදූර්භූත වූයේ, 1898 මැයි 01දා මැනිලා වරායට සේන්දුවූ කොමදෝරු ජෝන් ඩිවේගේ අනසක යටතේ පැවති නාවික බල ඇනියක් සමගය. ඊට පෙර වසර 300ක් යටත් විජිතයක් වශයෙන් එම ප්‍රදේශ පාලනය කල ස්පාඤ්ඤයේ සමස්ත පැසිෆික් සේනාංකයම පැය ගනනාවක් ඇතුලත ඔවුහු ගිල්වා දැමූහ.

එක්සත් ජනපද නාවික බල ඇනි පැමිනීමට පෙර වසර තුනක් තිස්සේ ස්පාඤ්ඤ යටත්විජිතවාදය අවසන් කිරීම පිනිස සටනේ නිරතව සිටි ජාතිකවාදී ව්‍යාපාරයේ විදේශයක රැකවරනය ලබා සිටි නායකයා, ඩිවේගේ යුද නැවෙන් ආපසු සිය රට බලා පැමිනියේය. මෙම ස්වාධීනතා ව්‍යාපාරයේ සටන්කරුවන් භූමිය වටලාගෙන සිටි බැවින් පමනක් එජ හමුදාවන්ට මැනිලාව එතරම් පහසුවෙන් අල්ලාගැනීමට හැකිවිය. වෙලඳපොලක්, ලාභ ශ්‍රමය හා නව අමුද්‍රව්‍ය මූලාශ්‍රයක් ලෙස මෙන්ම, විශේෂයෙන්ම චීනය වෙත යොමුවූ එජ බල මධ්‍යස්ථානයක් සඳහා කඳවුරක් ලෙස ඔවුන් ගිජුකම් දැක්වූ භූමිභාගයක පාලනය තහවුරු කර ගැනීමට හැකිවූ තාක් දුරට වොෂින්ටනය ෆිලිපීනයේ විමුක්ති දායකයා හා සහචරයා ලෙස පෙනී සිටියේය.

ඉන්පසු ඔවුන්, තවදුරටත් ස්පාඤ්ඤයට කිසිදු පාලනයක් නොතිබූ බිම් කඩක් වෙනුවෙන් එරටට ඩොලර් මිලියන 20ක් ගෙවීමේ ගිවිසුමක් අත්සන් කලේ ෆිලිපීනුවන්ට සතුරු හැරීමක් ගනිමින්ය. යටත් විජිත විරෝධී කැරැල්ලේ ප්‍රතිපල වශයෙන් ෆිලිපීනුවෝ ආසියාව තුල ඇතිකල පලමු ස්වාධීන සමූහාන්ඬුව ප්‍රකාශයට පත්කල නමුත් ඉහත ගනුදෙනුවලදී ඔවුන් සම්බන්ධ කර ගැනුනේ නැත.

ඉන් පසුව එජ, ෆිලිපීනුවන් ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් දශකයක් තිස්සේ ගෙනගිය ලේවැකි මර්දනකාරී මෙහෙයුමක් සමග එජ යටත් විජිත තන්ත්‍රයක් අටවන ලදී. මැනිලාව ද දල වශයෙන් රටේ ජනගහනයෙන් අඩක් ද ඇතුලත් ලුසෙන් නමැති දිවයින් සමූහය භාර එජ හමුදා ආඥාපති ජෙනරාල් ෆ්‍රෑන්ක්ලීන් බෙල්, 1901දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතට පැවසුවේ, මිලිටරි මෙහෙයුම් හෝ වසංගත නිසා 600,000ක් පමන දෙනා මියගිය බවය.

තවත් ඇමරිකානු ජෙනරාල් වරයෙකු මෙසේ පැවසීය. "ෆිලිපීනුවනගෙන් ඉතිරි භාගය දැන් ජීවත් වන ම්ලේච්ඡ තත්වයෙන් වඩා ඉහල තැනකට ඔසවා තැබීම සඳහා මුලු ජනගහනයෙන් භාගයක් මරා දැමීම අවශ්‍ය විය හැකිය."

ෆිලිපීනයේ එජ යුද්ධයෙහි වඩාත් කැපී පෙනුන හා උද්යෝගිමත් විරුද්ධවාදියා වූ මාක් ට්වේන්, "අපගේ හමුදාවන්ට සහාය දෙනු" යන දිනයේ වාචාල සටන් පාඨයට විරුද්ධව "සිය මියගිය මව වෙනුවෙන් හඬා වැලපීමට බිලිඳෙක් හෝ" ඉතිරි නොකර එජ මිලිටරිය ගෙන ගිය සංහාරය හෙලා දුටුවේය. එම ජනප්‍රිය ඇමරිකානු කතුවරයා, වාඩිලාගත් එජ හමුදාවන් හැඳින්වූයේ, "ක්‍රිස්තියානු අලුගෝසුවන්"ලෙස හා "නිල ඇඳුම් ලාගත් බුචේරුවන්" ලෙසය.

ෆිලිපීන මැදිහත්වීම එජ මිලිටරිය විසින් ගෙන ගිය පලමු ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලින් එකක් විය. එහිදී යොදාගත් සියලු ප්‍රචන්ඩ ක්‍රියා පසුව වියට්නාමයටත්, ඇෆ්ගනිස්ථානයටත්, ඉරාකයටත් ගෙන ගියේය. ඒවා අතර ඝාතන, වධදීම් හා වධකාගාර ඇතුලු දේ විය.

දෙවන ලෝක යුද්ධය නිමාවීම දක්වාම එජ යටත් විජිත පාලනය ක්‍රියාත්මක විය. ඉන් පසුව වොෂින්ටනය, දශක දෙකක් රට පාලනය කල වෛරයට පාත්‍රවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ මාර්ෂල් තන්ත්‍රය ද ඇතුලු නව යටත් විජිත ආන්ඩු මාලාවකට පිටුබලය දුන්නේය. කොරියානු හා වියට්නාම් යුද්ධවලදී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කල දැවැන්ත සුබික් බේ නාවික කඳවුර ද ක්ලාක්සන් ගුවන් හමුදා කඳවුර ද 1991 දක්වාම පෙන්ටගනයේ පාලනය යටතේ පැවතුනි.

හෙයියාන් කුනාටුවේ බලපෑම හමුවේ ෆිලිපීනුවන් මුහුනපෑ පීඩාවන් සලකන කල මෙය හුදෙක් පැරනි ඉතිහාසයක් සහිපත් කිරීම පමනක් නො වේ. පුලුල්ව පැතිරුනු දරිද්‍රතාවය, සමාජ අසමානතාවය, නිවාස හිඟය හා ආන්ඩුවේ දූෂන වැනි යටත් විජිත හා නව යටත් විජිත මර්දනයේ උරුමය, ඒසා ජීවිත හානි හා විනාශයක් සිදු කල ස්වභාව ධර්මයේ අන්ධ බලවේග හා සමාන දැවැන්ත ක්‍රියා කලාපයක් ඉටුකලා නිසැකය.

එජ, ෆිලිපීනය තුල නව යුගයක් උදාකිරීමට සැලසුම් කරනවා ද නො වේ. රොයිටර් ප්‍රවෘති සේවාව 20දා සඳහන් කල පරිදි, "එක්සත් ජනපද නැව් ආහාර, ජලය හා ඖෂධ බෙදාහරින අතර ආසියාවේ වඩාත්ම මූලෝපායිකව වැදගත් රටවලින් එකකදී එක්සත් ජනපදයට, නිරන්තර අර්බුදකාරී මිලිටරි රැඳවුම් ශක්තිමත් කර ගැනීමට පහසු මාවතක් සකසන හොඳහිත වර්ධනය කිරීමක් ද සිදුවේ.“

එජ මිලිටරිය ෆිලිපීනයට පලමුවෙන් පැමිනියේ, ආසියාව තුල නව වෙලඳපොලවල් තහවුරු කර ගැනීමේ උත්සුකය සහිත නැඟී එන අධිරාජ්‍යවාදී බලවතෙකුගේ උපකරනයක් ලෙස නම්, දැන් එය යලි පැමිනෙන්නේ, චීනය නමැති නැඟී එන කලාපීය හා ගෝලීය එදිරිවාදියා වට කර මෙල්ල කර ගැනීමට අදිටන් කරගෙන සිටින, වියැකෙන පර්යායක හී තුඩ ලෙසය.

ඔබාමා පාලනාධිකාරයේ ඊනියා ආසියාවට "හැරීම" සඳහා ෆිලිපීනය මූ‍ලෝපායිකව තීරනාත්මකය. දැවැන්ත එජ මිලිටරි කඳවුරු 1992දී වසා දමන ලද එරට ආන්ඩු, එතැන් පටන්, එජ විශේෂ කාර්ය බලකායන් පුහුනුව හා ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීමට එරටට යවා තිබේ. මේ වර්ෂයේ පලමු මාස හය තුල පමනක් සුබික්බේ වෙත එජ යුද නැව් හා සබ්මැරීන් 72ක් එවා ඇත. මේ අතර, නැව්, ගුවන් යානා, සැපයුම් හා හමුදා භටයින් සඳහා කඳවුරු එක්සත් ජනපදයට හිමිකර ගැනීමේ සාකච්ඡා දැන් පැවැත්වෙයි.

පැලවාන් යන දිවයිනේ ප්‍රදේශයක පිහිටා තිබෙන ඔයිස්ටර් බේහි නාවික කඳවුරක් ඉදිකෙරෙමින් තිබේ. නිලධාරීන් එම පහසුකම් හඳුන්වන්නේ, "කුඩා සුබික්" ලෙසය. එසේම එහි එජ යුද නැව් හා මැරීන් සෙබලු ස්ථානගත කිරීමේ සැලසුම් ඇති බව වාර්තා වේ. රටේ වඩාත්ම බටහිරට වන්නට පිහිටි දිවයින, එජ විසින් උසිගන්වනු ලබන චීනය හා මැනිලාව අතර බිම්කොටස් මුල්කරගත් ගැටුම් කලාපය තුල පිහිටි ස්ප්‍රැට්ලි දිවයින් වලට සමීපව පිහිටියේය.

එබැවින්, ෆිලිපීනය තුල එජ මිලිටරියේ "මානවවාදී" මෙහෙයුම්, ගෝලීය ගිනි ජාලාවක් තුලට එරට ඇද දැමිය හැකි යුද සැලසුම් සමග අනිවාර්යයෙන්ම බැඳී තිබේ.

එජ පාලක පන්තියේ කොල්ලකාරී ගනන් බැලීම් පසෙකින්, ෆිලිපීනයේ කම්කරුවන් සමග සහෝදරාත්මක අනුකම්පාවක් බෙදාගන්නා හැඟීමක් ද ඇමරිකානු වැඩකරන ජන සමූහය අතර පවතියි. ගැඹුරු බැඳීම් වඩාත් සංයුක්තව ප්‍රකාශ කෙරෙන ආකාරයට එජ තුල ෆිලිපිනෝ-ඇමරිකානුවන් මිලියන 4ක් ජීවත් වෙති.

හෙයියාන් කුනාටුව ගෙන ආ විනාශය, ඒවා නිර්මානය කර තිබෙන ධනපති ලාභ පද්ධතිය ද සමග දෙරටේම දුප්පත්කම හා අසමානතාවයේ කොන්දේසි පසෙකට අතුගා දමන ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය සලකුනු කරනවා පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: