ශ්‍රී ලංකා ආන්ඩුව නව කප්පාදු පියවරයන් ගැනීමට සැරසේ

Sri Lankan government to unleash new austerity measures

සමන් ගුනදාස විසිනි, 2013 සැප්තැම්බර් 5

පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ශ්‍රී ලාංකික ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කල ප්‍රකාශයෙන් සංඥා කර ඇත්තේ වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරය උග්‍ර කිරීමට ආන්ඩුව සුදානම් වන බවයි.

ආසියාවේ අනෙකුත් “නැගී එන ආර්ථිකයන්“ සේ ම ශ්‍රී ලංකාව ද, යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ජපානයේ දිගටම පවතින කඩා වැටීමෙන් පහර කෑමට ලක්ව සිටින අතර එම තත්වය ලෝකයේ මහ බැංකු ඔවුන්ගේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ක්‍රියා මාර්ගය හකුලා ගැනීම නිසා පැන නැගෙන ලිහිල් නය අවසන් වීමෙන් ජනිත කෙරෙන මූල්‍ය අර්බුදයෙන් තව දුරටත් උග්‍ර කෙරී ඇත.

නිර්නාමික නිලධාරියා අනතුරු ඇඟවූයේ “අය වැය පරතරය පියවා ගැනීමේ දරුනු අර්බුදයකට මුහුන දී ඇති ආන්ඩුව ජීවන මට්ටම් කප්පාදු කිරීම ගැඹුරු කරන අතර නැගෙන වියදම් පාලනය කිරීමට, සහනාධාර කැපීමේ හා බදු ඉහල දැමීමේ ද්වි ක්‍රියාමාර්ගයන්ට එලඹීම පලමු වරට සලකා බලමින් සිටින බවයි.

ආන්ඩුවේ ප්‍රකාශක සුවිශේෂ වශයෙන් සමාජ සේවාවන් එල්ල කරමින් පැවසූයේ “දේශපාලනිකව දුෂ්කර වුවත් නොමිලේ කෙරෙන සුබ සාදන සේවාවන් කප්පාදු කිරීමට පියවර ගන්නා බවයි.“ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියමයන් ක්‍රියාවට දැමීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ එක වටයකින් පසු ඒ මත තවත් වටයකට මෙම පියවරයන් යොදා ගනියි. සුභ සාදන ක්‍රියා මාර්ග හා මිල සහනාධාරයන් දැනටම කප්පාදු කරමින් දුප්පත් ජනයාගේ ජීවිතය ඉසිලිය නොහැකි තත්වයට පත් කර ඇත.

ආන්ඩුව මෙම පියවරයන් ගනිමින් සූදානම් වන්නේ එහි නය ආපසු ගෙවීමේ ගාස්තු ආන්ඩුවේ ආදායම සියයට 3න් ඉක්මවා ඇති නිසා යැයි නිලධාරියා පැහැදිලි කලේය. කප්පාදු නොකලහොත් ආන්ඩුවේ භාන්ඩාගාරයට නව නය ගැනීමට සිදුවන අතර එමගින් අය වැය අර්බුදය තව දුරටත් දරුනු වන බව ඔහු පැවසී ය.

මෙම වසර මුලදී ආන්ඩුව ඉල්ලා සිටි නව නය මුදල සලකා බැලීම ප්‍රතික්ෂේප කල ජාමූඅ මහජන වියදම් කපා හරිමින් අය වැය පරතරය අඩු කරන ලෙසට ආන්ඩුවට උපදෙස් දුන්නේය. ඉන්ධන, විදුලිය හා පොහොර සඳහා වූ සහනාධාර කපා හරිමින් ආන්ඩුව දැනටමත් වැඩ කරන ජනයාගේ ප්‍රතිරෝධය අවුස්සා ඇත.

ජූලි මස අගදී භාන්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර ප්‍රකාශයට පත් කලේ රාජපක්ෂ ආන්ඩුවේ මූලෝපායෙහි ප්‍රධානම සංරචකය වන්නේ ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 2න් ඉහල දමමින් අය වැය පරතරය දදේනි න් සියයට 4 දක්වා පහත දැමීම බවයි.

එතැන් පටන් ශ්‍රී ලාංකික ආර්ථිකය වඩාත් තදින් ඛාදනය වී තිබේ. පසුගිය වසරේ එම කාලය හා සන්සන්දනය කරන විට මෙම වසරේ පලමු අර්ධය තුල අපනයන සියයට 4.5න් ද ආනයන සියයට 5.8න් පහත වැටී තිබේ. පාරිභෝගික භාන්ඩ ද ඇතුලුව ආනයනයන් ගේ දැවැන්ත කඩා වැටීම නිසා වෙලඳ හිඟය සියයට 7 බවට පත්වූවද එය තවමත් ඇ.ඩො. බිලියන 4.5 ට වඩා අධිකය.

සියලු ආනයනික භාන්ඩ වල මිල ඉහල දමමින් මෙම වසර තුල ශ්‍රී ලංකා රුපියල සියයට 7න් එනම් එක්සත් ජනපද ඩොලරයක වටිනාකම රුපියල් 126 සිට පසුගිය සතිය වනවිට 136 දක්වා අවප්‍රමානය කෙරිනි.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය සතියේ යලි යලිත් අවධාරනය කරනු ලැබුවේ රුපියලේ අගය පහත වැටීම හුදු “විකෘතියක්“ බවයි. එය කෙසේ වුවද ඉන්දියාව, බ්‍රසීලය හා ගිනිකොන දිග ආසියානු රටවල් වැනි “නැගී එන ආර්ථිකයන්ගේ“ මූල්‍ය වටිනාකම් කඩා වැටීම සමග එක පෙලට සිටියි.

ඉන්දියානු රුපියල සහ ජපාන යෙන් මුදල දුර්වල වීම හේතුවෙන් වාහන ආනයනය ඉහල යා හැකිය යන බියෙන්, මහ බැංකුව මෝටර් රථ සහ වෑන් ආනයනයට අවශ්‍ය නයවර ලිපි නිකුතුව මත තැන්පතුව සියයට 100 ක ආසන්නයට ගෙන එමින් අතුල් පහරක් එල්ල කලේය. එජ ඩොලරයේ අගය ඉහල යෑමේ වාසිය ගනිමින් ශ්‍රී ලංකාවෙන් බැහැරට ප්‍රාග්ධනය ගලායාමක් ගැනද ආන්ඩුව බියට පත්ව සිටී.

එක්සත් ජනපද (එජ) බැඳුම්කර මත ඉහල ඵල නෙලාගැනීමේ බලාපොරොත්තු ඉහලයාමෙන්, තම ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රමයෙන් අඩු කරන බවට එජ ෆෙඩරල් රිසර්ව් ඉඟි කිරීම ජූලි මාසයේ මුලදී ශ්‍රී ලංකා රුපියල ඇදවැටීමට හේතුවිය.

සමපේක්ෂන ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවෙන් පිටතට යමින් එක්සත් ජනපදයේ ආයෝජනය වනවා නම්, එය ගෙවුම් ශේෂ අර්බුදයකට ද මග පාදනු ඇත. ශ්‍රී ලාංකීය විදේශ සංචිතවලින් වැඩි කොටසක් එනම් ඩොලර් බිලියන 3.5 ක් පමන විදේශීය ආයෝජකයන් විසින් මිලට ගත් බැඳුම් කර වල ඇති බව සන්ඩේ ටයිම්ස් පෙන්වා දුන්නේය.

ජාමූඅ නය ලබාගත නොහැකිව, මූල්‍ය සිඳී ඇති ආන්ඩුව ගෝලීය වෙලඳපොලෙන් ඉහල පොලී අනුපාත වලට මුදල් නයට ගනිමින් සිටී. වසරේ මුල් මාස හය තුලදී ආන්ඩුවේ දිගු කාලීන නය ඩොලර් මිලියන 918 කරා ලඟා විය. ගිය වසර අගදී රුපියල් ට්‍රිලියන 6 ක් වූ එහි විදේශීය සහ දේශීය නය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් ට්‍රිලියන 6.35 ක් දක්වා ඉහල ගියේය.

නයට ආදායමේ අනුපාතය එනම් රටෙහි නය දරාගැනීමේ හැකියාව 2012 දී සියයට 600 කට ආසන්න වූ බව, අන්තර්ජාතික නය වර්ගීකරන ඒජන්සියක් වන මූඩීස් පෙන්වා දුන්නේය. “මූඩිස් විසින් වර්ගීකරනය කරන සියලු නැගීඑන වෙලඳපොල රටවල් අතරින් ශ්‍රී ලංකා අනුපාතය ඉහලම අගයක් ගනී“ යැයි ඒජන්සිය පැවසීය.

ශ්‍රී ලාංකීය වර්ගීකරනයේ බාහිර පැතිකඩ පිලිබඳව අන්තර්ජාතික ඒජන්සි මෑතක දී අනතුරු ඇඟවූහ. වියහැකි අනාගත පහතහෙලීමක පෙරනිමිති දක්වමින්, මූඩීස් තම පැතිකඩ “ධනාත්මක“ සිට “ස්ථිර“ දක්වා වෙනස් කලේය. ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාවේ නය සඳහා තම නය වර්ගීකරනය එලෙසම තැබූ නමුත් මෙලෙස ප්‍රකාශ කලේය. “දුර්වල බාහිර ද්‍රවශීලත්වය, මධ්‍යස්ථ ඉහල අගයක් දරන සහ වැඩි වෙමින් තිබෙන බාහිර නය, සහ උසුලා ගත නොහෙන රාජ්‍ය නය හා පොලී බර ශ්‍රී ලංකාව පිලිබඳ අපගේ අදහස පෙන්වන වර්ගීකරනය ලෙස අපි සහතික කරමු.“

තම කප්පාදු වැඩසටහනේ කොටස් ලෙස රජය බදු ඉහල දැමීම් දැනටමත් ආරම්භ කර තිබේ. අගෝස්තු 23 වනදා, ලූනු සහ අර්තාපල් මිල සියයට 15 කින් හෝ ආසන්නව සියයට 20 කින් ඉහල දැම්මේ එය දේශීය නිෂ්පාදනය රුකුල් දේය යන ව්‍යාජ හේතුව ඉදිරිපත් කරමිනි. ඊට පෙරාතුව, රජය දුම්කොල, සිගරට්, මත්පැන් සහ ඊතයිල් මධ්‍යසාර මත බදු වැඩි කලේය.

ශ්‍රී ලංකාව, වැට්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවා මත ආනයන සහ එක්සයිස් බදු වැනි ප්‍රත්‍යාවර්තන වක්රැ බදු හරහා, කම්කරු ජනතාවගෙන් සියයට 80 ක් වන රටෙහි බදු ආදායම උපයා ගනී.

වැඩකරන ජනතාව සඳහා බදු වැඩිවීම් සිදුවෙද්දී ආන්ඩුව ආයතනික බදු සියයට 28 දක්වා ද අපනයන කර්මාන්ත සඳහා බදු සියයට 12 දක්වා ද අඩු කලේය. ඒ සමානව ම, දැවැන්ත ව්‍යාපාර ව්‍යාපෘති සඳහා නිර්ලෝභී බදු විරාම පිරිනැමේ. උදාහරනයක් ලෙස, අන්තර්ජාතික ධනකුවේරයෙකුට සම්බන්ධ කැසිනෝ සහ විනෝද ක්‍රීඩා ව්‍යාපාරයකට වසර 10 ක බදු විරාමයක් සහ තවත් වසර 6 කට සොච්චම් සියයට 6 ක බදු සහනයක් රජයෙන් ලබා දී තිබේ.

නව කප්පාදු පියවරයන් මගින් පුලුල් විරුද්ධත්වයක් ජනිත කරතැයි පාලක කව බියවී සිටිති. ආන්ඩුව දැනටමත් වෘත්තීය සමිති වල සහය සහිතව 2006 සිට වැටුප් කැටි කිරීමක් පවත්වා ගෙන යයි.

මෑතදී “ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සඳහා ආන්ඩුවේ ප්‍රතිපත්ති“ යන මැයෙන් මහා ව්යා පාරිකයන්ට කල දේශනයකදී භාන්ඩාගාර ලේකම් ජයසුන්දර සිය අවධානය යොමු කරමින් අනතුරු ඇඟවූයේ දිග් ගැසුනු සිවිල් යුද්ධයෙන් පසු දිවයින මුහුන දෙන අභියෝගයන් වන්නේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් හා කම්කරුවන්ගේ නොසන්සුන්තාව වන බවයි.

කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීම සමග ම වැඩ කරන ජනයාගේ ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා ආන්ඩුව පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන් යොදා ගනු ඇත. යන්තම් මසකට ඉහතදී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරියේ ජනයාට එරෙහිව ආන්ඩුව හමුදා මෙහෙයුමක් දියත් කල අතර සොල්දාදුවන් විසින් එහිදී තරුනයන් තිදෙනෙක් අමු අමුවේ ඝාතනය කෙරිනි.

Share this article: